• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් ‘ගාලු කතිකාව’ අමතයි! PHOTOS I Sri Lanka Latest News

October 12, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
රනිල් ‘ගාලු කතිකාව’ අමතයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අතීතයේ සිට සුවිශේෂ කේන්ද්‍රස්ථානයක් වූ ඉන්දියන් සාගර කලාපයේ රටවලට නැඟී එන ලෝක ආර්ථිකය තුළ පුළුල් භූමිකාවක් පැවරී ඇති බවත්, ගෝලීය භූ දේශපාලනය තුළ ගනු ලබන ස්ථාවරත්වය සමඟ එහි ඉදිරි ගමන් මඟ තීරණය වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.Sri Lanka Latest News

අපටම ආවේණික සංස්කෘතික, වෙළෙඳ හා එකිනෙකට බැඳුනු ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ඉන්දියන් සාගරයේ සහයෝගීතාව කිසිවෙකුට විනාශ කළ නොහැකි අතරම එය කිසිවෙකුටත් අතුගා දැමිය නොහැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, ගාල්ල ජෙට් වින් හෝටලයේ අද (12) පැවති “ගාලු කතිකාව 2023 – ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව ” අමතමිනි.

“ඉන්දියානු සාගරයේ මතුවන නව පිළිවෙල” කේන්ද්‍රීය තේමාව යටතේ ජාත්‍යන්තර සංවිධාන 11ක සහ රටවල් 44ක සමුද්‍රීය නියෝජිතයින්ගේ හා නාවික හමුදා ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සමුළුව අද සහ හෙට (13) පැවැත්වෙයි.

දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූ පසුව එයින් ලබාගත් අත්දැකීම් ලෝකය සමඟ බෙදා ගැනීම සඳහා 2010 වසරේ ආරම්භ කෙරුණු “ගාලු කතිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව” මෙම වසරේ දී පවත්වනු ලබන්නේ එකොළොස් වන වතාවටය.
කලාපීය සහ ගෝලීය නායකයින් එකම වේදිකාවකට සහභාගී කරගෙන නාවික, පාරිසරික , සමුද්‍රීය සහ දේශපාලනික කතිකාවතක් ඇති කිරීම හා කලාපීය සහ ගෝලීය ගැටලු සාකච්ඡා කිරීම සහ ඊට විසදුම් සොයාගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.
මෙම ජාත්‍යන්තර සමුළුව 2020 වසරේ සිට වසර දෙකකට වරක් පැවැත්වීමට සැලසුම්කර තිබුණත් පසුගිය සමයේ පැවති කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ එය පැවැත්වීමට නොහැකි විය.
ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලැබීමෙන් පසුව පවත්වනු ලබන පළමු සමුළුව ද මෙය වේ.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය
මෙම ගාලු කතිකාවේදී අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සහභාගී වන ඔබ සියලුදෙනාගේ අදහස් ලබා ගැනීමට අප කැමැත්තෙන් සිටිනවා.

ඒවගේම ඉන්දීය සාගර සමුළුවේ පුරෝගාමියා වූ ආචාර්ය රාම් මහාදේව මහතා ද අද මෙහි සිටිනවා. ඒ නිසා අපට ඉන්දීය පදනම සමඟ සාකච්ඡා කිරීමට සිදු වන්නේ තරගයක කොටසක් ලෙස නොව සහයෝගීතාවයේ කොටසක් ලෙසයි. මෙහිදී බොහෝ දේ සාකච්ඡා කිරීමට තිබෙනවා.
මේ මොහොත අප ඉන්දියන් සාගරයේ නව නැඟී එන පිළිවෙළ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින අවස්ථාවක්. විශේෂයෙන්ම මම ආචාර්ය මහාදේව මහතාගේ දේශනයට සවන් දීමෙන් පසුව ඉන්දියන් සාගරය යනු කුමක්ද සහ ඊට ආසියා-පැසිෆික්, ඉන්දු-පැසිෆික් සහ එක් තීරයක්-එක් මාවතක් සමඟ ඇති සම්බන්ධය කුමක්ද කියා ප්‍රශ්න කිරීමට මම සිතුවා.
ආසියා-පැසිෆික් යනු නිර්මාණයක්. එය ආරම්භ වූයේ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු පැසිෆික් කලාපය තුළ බලය තහවුරු කර ගැනීම සඳහා එක්සත් ජනපදයේ කේන්ද්‍රස්ථානය හා සංවාද පද්ධතිය ගොඩනැගීම සහ චීනය ඇතුළු අනෙකුත් රටවල් එක් වූ “ආසියා-පැසිෆික් ආර්ථිකය ගොඩනැගීම” මගිනුයි. එය ඇත්ත වශයෙන්ම ආර්ථිකමය ගොඩනැගීමක් බව කිවහැකියි.
“එක් තීරයක්-එක් මාවතක්” යනු කුමක්ද? එය ආරක්‍ෂාමය ගොඩනැගීමක් ලෙස ඇතැම් අය දකින නමුත් අප බොහෝ දෙනා එය දකින්නේ, යුරෝපය හා අප්‍රිකාව සමඟ ඇති ඓතිහාසික වෙළෙඳ සබඳතා මත ගොඩනැඟෙන චීනය කේන්ද්‍ර කරගත් වෙළෙඳ ව්‍යාපෘතියක් ලෙසයි.
එසේම ඉන්දු පැසිෆික් යනු පසුකාලීනව ඇතිවූ ආරක්ෂක ගොඩනැගීමක්. එය කුමක්ද කියා මම ඔබට පැවසිය යුතු නැහැ. ඔබ සියලුදෙනා ඒ පිළිබඳ දැනුවත්.
ඒ වගේම ඉන්දියන් සාගරය යනු කුමක්ද? එය ගොඩනැගීමක් නොවෙයි. එය ශිෂ්ටාචාරයක්. එයයි වෙනස. මෙවැනි ගොඩනැගීම් සිදු වෙනවා. ඒ වගේම ඒවා නැතිවී යාමට ද පුළුවන්.
කාලයක් සෝවියට් සංගමය තිබුණා වගේම ඊට අදාළ යුරෝපීය ගොඩනැගීම වන බටහිර කඳවුරුද තිබුණා. දැන් ඒ සියල්ල අතුරුදහන් වී තිබෙනවා. දැන් යුරෝපා සංගමය තිබෙනවා වගේම යුක්‍රේන යුද්ධයකුත් තිබෙනවා. ඉතින් මේවා කාලයක් පැවත නැතිවී යන ගොඩනැඟීම්. ඔවුන්ගේ ගොඩනැගීම් ආරක්‍ෂාව සහ ආර්ථික විද්‍යාව මත පදනම් වී තිබෙනවා .
නමුත් ඉන්දියන් සාගරය ශිෂ්ටාචාරයක්. ලෝක ශිෂ්ටාචාරය බිහිවුයේ මෙතැනින්. මොහාන්දාස්ගේ සිට පාරාවෝවරුන් දක්වා අද අප සතුව ඇති සියල්ල මේ ශිෂ්ටාචාරයේ කොටසක්. ඒ වගේම එය ලෝකයේ හොඳම ආගම් බිහි කර ඇති ශිෂ්ටාචාරයක් බවද කිව යුතුයි.
හින්දු ආගමේ උපත, බුද්ධාගමේ උපත, සීක් ආගමේ උපත, ජෛන ආගම පැමිණියේ ශිෂ්ටාචාරයෙන්. ඉස්ලාම් ආගම පවා පැමිණියේ අරාබි අර්ධද්වීපයෙන්. එබැවින් මේ සියල්ල අපගේ චින්තනයේ ආධිපත්‍යය දරනවා.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් ආක්‍රමණය කරන ලද සංස්කෘතීන් පවතින, ඒ වගේම අප එකිනෙකා සමඟ වෙළඳාම් කර ඇති, එකිනෙකා සමඟ සටන් කර ඇති, එකිනෙකා සමඟ සංස්කෘතික සම්බන්ධතා ඇති ශිෂ්ටාචාරයකට අප උරුමකම් කියනවා. එම ශිෂ්ටාචාරය විනාශ කළ නොහැකියි. එසේම එය කිසිවෙකුට අතුගා දැමිය නොහැකියි.
ඒ වගේම බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය යනු කුමක්ද? එහි සාමාජිකයන්ගෙන් බහුතරයක් මේ කලාපයට අයත් වෙනවා. මේ එකිනෙකට ඉදිරියට යන සම්බන්ධතාවයන් තිබෙනවා. ඒ නිසා අපට ආවේණික ශිෂ්ටාචාරයක් ඇති අතර විවිධාකාරයේ ගොඩනැගීම් තිබෙනවා. ඉතින් අප මේ ගොඩනැගීම් වලට ගැලපෙන ලෙස කටයුතු කරන්නේ කෙසේද කියා විමසා බැලිය යුතුයි.

ඉන්දියන් සාගරය යනු ආසියා-පැසිෆික්, ඉන්දු-පැසිෆික් සහ එක් තීරයක්-එක් මාවතක් කියන මේ කිසිවකට අයත් නොවන දේශපාලනමය සංවිධානයක්. බොහෝ ශිෂ්ටාචාර ආරම්භ වූයේ මෙතැනින්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සහ බටහිර අධිරාජ්‍යයන්ගේ බිඳවැටීම සිදුවූයේ ද ඉන්දියන් සාගරයේ යි.
කොළඹ සම්මන්ත‍්‍රණය, කොළඹ බලවතුන්ගේ සමුළුව, බැන්ඩුන් සමුළුව, අප්‍රිකානු-ආසියාතිකත්වය මතු කළේ ද මෙතැන සිටයි.නොබැඳි ජාතීන්ගේ සමුළුව ආරම්භ වූයේ ද මෙතැනින් බව කිවයුතුයි. එසේම දකුණ යන සංකල්පය ගොඩනැගුනේද මෙම ස්ථානයෙන්.ඒ නිසා අප මූලික ලෙසම දේශපාලන සංවිධානයක්.
යටත් විජිතවාදය බිඳ වැටෙද්දී ලෝකයේ යුරෝපීය නොවන අංශවලට පිළිගැනීමක් ලබා දුන්නේ අපියි. ඔබ අප සියල්ලන්ම පිළිගත් ඉන්දියානු සාගර කලාපීය සාම යෝජනාව අප සතුව තිබෙනවා. ඒ වගේම දිවංගත ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ සමාජ-ආර්ථික සහ අනෙකුත් සාමකාමී භාවිතයන් සඳහා ඉන්දියන් සාගරය පිළිබඳ සංකල්පය මෙන්ම ජකර්තා ගිවිසුම ද අප සතුයි.
මෙලෙස අපට ඉන්දියන් සාගරය පිළිබඳ බොහෝ නිර්වචන තිබෙනවා. ඒ නිසා දේශපාලනික වශයෙන් අප ආසියා පැසිෆික් හෝ අනෙකුත් සංවිධානවලට වඩා වෙනස්. අප දේශපාලනිකයි. අප දේශපාලනිකව සිතනවා. යුක්‍රේන යුද්ධය පිළිබඳ අප සියලුදෙනාට විවිධ අදහස් තිබෙනවා.‍
මේ පිළිබඳ දූපත් රාජ්‍යයන් සිතන්නේ කුමක්ද? සීෂෙල්ස් රාජ්‍යය සිතන්නේ කුමක්ද? එය ඉතා කුඩා නමුත් ඉතා වැදගත් රාජ්‍යයක්. මාලදිවයින සිතන්නේ කුමක්ද? ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ඒනිසා මේවා බොහෝ ආරක්ෂක සැලසුම්කරුවන් විසින් ක්‍රියාත්මක නොකරන සලකා බැලීම් වෙනවා. නමුත් මේවා වැදගත් දේවල්.
දෙවැන්න ආර්ථික අංශයයි. ආචාර්ය මහාදේව ප්‍රකාශ කළ පරිදි නැගෙනහිර ආසියාවේ සහ ආසියා පැසිෆික් කලාපයේ ඇති වූ සංවර්ධනය නැතිවන්නේ නැහැ.
ඉන්දියන් සාගරයට අයත් ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවල් පිළිබඳ අවධානය යොමු කළහොත් ඒ හා සමානව, අනෙක් අතට, අපිට ගල්ෆ් කලාපයේ රාජ්‍යයන් ද හමුවෙනවා. ඒ නිසා ඉන්දියන් සාගරය තුළ විශාල ආර්ථික මධ්‍යස්ථාන දෙකක් ඇතිවෙමින් තිබෙනවා.
2050 පමණ වන විට අප්‍රිකාව වේගයෙන් වර්ධනය වනු ඇතියි. ඒ පිළිබඳ නොදන්නා අය 2063 අප්‍රිකානු න්‍යාය පත්‍රය කියවා බැලිය යුතුයි. ඒ අනුව එය තවත් විශාල ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇතියි. ආසියා පැසිෆික් කලාපය නැතිවන බව ඉන් අදහස් වන්නේ නැහැ. නමුත් බටහිර, ආසියා පැසිෆික් සහ ඉන්දියාව යන ප්‍රධාන මධ්‍යස්ථාන තුන ඇතිවිය හැකියි.
එවිට වෙළඳාමේදී අපේම අනන්‍යතාවයක් තිබෙනවා. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවට තිබෙන්නේ උපායමාර්ගික පිහිටීමක්. අප කොළඹ වරාය දියුණු කරනවා නම් එය විශාල කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් වෙනවා.
අප ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ නිසා නැගෙනහිර ඉන්දියන් සාගරය දියුණු වන විට එහි ප්‍රතිලාභ අපටත් ලැබෙනවා.‍
ඒ වගේම අප හම්බන්තොට වරාය අප්‍රිකාව සමඟ සම්බන්ධ කළහොත්, එය තවත් වාණිජ වරායක් බවට පත්වෙනවා.

ශිෂ්ටාචාරය සහ වෙළඳාම පිළිබඳව ඇති දැනුම සමග අප එදෙස බැලිය යුතුයි. එසේ අවබෝධයක් නොමැති අය මේ පිළිබඳව විවිධ විවේචන එල්ල කරනවා. ඒ නිසා මෙම තත්ත්වයන් පිළිබඳ අප අබෝධයෙන් කටයුතු කළයුතුයි.
අපට වරායන් වැදගත්. අද ලෝකයේ ප්‍රධාන වරායන් අතරට ඩුබායි වරායත් එක්වෙමින් තිබෙනවා. ඒ සමඟ තවත් විශාල වරායන් ප්‍රමාණයක් එක්වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාවට තවත් වරායන් ඉදිකළ හැකිනම් අප එය සිදු කරනවා. මෙම තරගය තුළ අප සිටිය යුතුයි.
ගුවන් සමාගම් පිළිබඳ කථා කරන විට මූලික වශයෙන් අද එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යය ගුවන් සමාගමවල ආධිපත්‍යය දරනවා. ඒ වගේම කටාර් රාජ්‍ය අද ගුවන් තොටුපළ ක්ෂේත්‍රයටත් ඇතුල් වෙමින් සිටිනවා. එබැවින් ඔබට මෙම ක්ෂේත්‍රය තුළත් වර්ධනය වන නව ප්‍රවණතාවයන් දැකගැනීමේ හැකියාව තිබෙනවා.
ඉන්දියාව සහ පාකිස්ථානය දැනටමත් ක්‍රිකට් ක්‍රීඩාව භාරගෙන අවසන්. විශේෂයෙන්ම අයි.පී.එල් තරගාවලියත් සමග ඉන්දියාව එය සිදු කළා. මෙරිලෙබෝන් ක්‍රිකට් සමාජය තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිවහන වන්නෙ නැහැ. ඒ පිළිබඳ දැනගන්න නම් අයි.පී.එල් තරගාවලිය නරඹන්න. ඒ වගේම සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යය යුරෝපයේ පාපන්දු සමාජ අත්පත් කර ගැනීමට උත්සාහ කරන බව ඔබට පෙනේවි. ඉතින් මෙය දැන් සිදුවන නව තත්ත්වයයි.
ආසියාවේ අප අද සෑම ස්ථානයකටම ගමන් කරමින් සිටිනවා. එම රාමුව තුළ අප ඉන්දු පැසිෆික් ප්‍රතික්ෂේප කරන බව ඉන් කියවෙන්නේ නැහැ, ඉන්දියන් සාගරය සහ පැසිෆික් සාගරය අතර අන්තර් සම්බන්ධතාවයක් තිබෙනවා.
ඉස්ලාම් ආගම දෙස බලන්න. එය මැද පෙරදිග සිට පැමිණ අද පිලිපීනය දක්වා විහිද තිබෙනවා. මම හිතන්නේ මේ කලාපයේ ඉස්ලාම් නොවන රටවල් තිබෙන්නේ හතරක් පමණයි.ඒ නේපාලය, භූතානය, ඉන්දියාව, සහ ශ්‍රී ලංකාව පමණයි.
ශ්‍රී ලංකාවේ ථෙරවාදී බුදුදහම පිළිබඳ අවධානය යොමු කළහොත් එය මියන්මාරයට, තායිලන්තයට, ලාඕසයට, කාම්බෝජයට, දකුණු වියට්නාමයට පැතිරී ගියා.
ඒ වගේම චීනය, ඉන්දියාව අතර සේද මාවතේ විශාල සම්බන්ධතාවයන් තිබෙනවා. ඉන්දියාව බුද්ධාගම රට පුරා ප්‍රචලිත කරා. චීනය මේ පැත්තට ආවා. ඒ නිසා මේ සෑම දෙයක් තුළම අන්තර් සම්බන්ධතාවක් තිබෙනවා.
ශ්‍රී ලංකාවේ අපි ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් දැක්මට අනුව එය වෙනස් සාගර දෙකක් ලෙස පිළිගන්නවා. රාම් මහතා ප්‍රකාශ කළා එය වෙනම සාගරයක් කියලා. මෙය සුවිශේෂී සාගරයක්.
ගෝලීය භූ දේශපාලනය තුළ අප ගනු ලබන ස්ථාවරය අපේ ගමන් මග තීරණය කරනු ඇතියි.නමුත් ඉන්දියන් සාගරයේ නාවික නිදහස සහ මුහුද යට කේබල්වල නිදහස පවතින බව අප සහතික කළයුතුයි. දැන් ඉදිරියට යාමට අප මූලිකත්වය ගත යුත්තේ ඒ නිසයි.

නව නැගී එන පිළිවෙල කුමක්ද? පසුගිය සතියේ මම විවේකීව සිටි අවස්ථාවක මෙම නව නැගී එන පිළිවෙල ගැන කතා කිරීමට කරුණු කිහිපයක් සටහන් කරගත්තා. නමුත් ඊයේ මම එය ඉරා දැමුවා. ඔය අතර සිදු වූ දේ මම අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් ඊශ්‍රායලයේ සිදුවූ හමාස් ප්‍රහාරයෙන් පසුව දැන් සිදුවීමට යන දෙයට මෙය බලපානවා
දේශපාලනය එතැනට පැමිණ තිබෙන බව ඔබට පෙනෙනවා. ඊශ්‍රායලය දැනටමත් එක්සත් රජයක් පිහිටුවා තිබෙනවා. හමාස් සංවිධානය විනාශ කිරීම එක කරුණක්. ඔවුන්ට ඊට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගත හැකියි. නමුත් ගාසා තීරය විනාශ කළහොත් ලැබෙන ප්‍රතිචාරය මොකද්ද? පැය 24න් මුළු තත්ත්වයම වෙනස් වෙනවා.
මෙහි ආණ්ඩුවලට පාලනය කළහැකි කිසිවක් නැහැ. මෙතැන් සිට ඉන්දුනීසියාව දක්වා, හෝ වෙනත් ස්ථානවල වේවා, ආණ්ඩුවලට තත්වය පාලනය කිරීමේ හැකියාව අහිමි වෙනවා.
මෙම සාකච්ඡාවලට සම්බන්ධ වුවාට මම කිසිවක් කියන්නේ නැහැ. නමුත් අපට කළහැක්කේ කුමක්ද, එක අතකින් නැවත පහර දීමට අවශ්‍ය එක්සත් රජයක් ඊශ්‍රායලයට තිබෙනවා.
ගාසා තීරය පිළිබඳ අවධානය යොමු කළහොත් මුළු මැදපෙරදිගම ගිනි ගන්නා නිසා එය මෙහි සිටින අප සැමට බලපානවා.
එක් කෙළවරක තුර්කිය දක්වාත්, අනෙක් පැත්තෙන් පිලිපීනය දක්වාත් සිංජියෑන් ද ඇතුළු මධ්‍යම ආසියාවටත් එය බලපානවා.
අද මෙම අවස්ථාවට එක් වූ ඔබ සියලුදෙනාට මම ස්තූතිවන්ත වන අතර ඔබ සැමට සුබ පතනවා.
මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය රාම් මහාදේව මහතා
වසංගතයෙන් පසු ලෝකය තුළ නව පිළිවෙලක් හැඩගැසෙමින් තිබෙනවා. එය බහු ධ්‍රැවීය පමණක් නොව විෂම ධ්‍රැවීය ද වනු ඇතියි. එයින් මා අදහස් කරන්නේ තාක්‍ෂණ දැවැන්තයින්, ගෝලීය බහු ජාතික සහයෝගීතාවයන්, ගෝලීය රාජ්‍ය නොවන සංවිධාන, අන්තර්ජාතික ත්‍රස්තවාදී කණ්ඩායම්, අන්තවාදී අධ්‍යාත්මික සහ ආගමික ව්‍යාපාර වැනි රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්, ඔවුන් සියල්ලන්ම ජනතාව කෙරෙහි වැඩි පීඩනයක් ඇත කරනු ලබන බවයි.
මිත්‍රවරුනි, පරිවර්තනයන් සැමවිටම සාමකාමී වන්නේ නැහැ. නැඟෙනහිර යුරෝපය සහ බටහිර ආසියාව තුළ අප දකින ආකාරයේ යුද්ධ සහ ප්‍රචණ්ඩත්වය ද ඒවාට ඇතුළත් වනවා. මෙහිදී මා ඊශ්‍රායලයේ හමාස් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ එම කලාපවල ඇති වූ යුද්ධවලින් ජීවිත අහිමි වූ සියලු දෙනාගේ පවුල්වලට මගේ ශෝකය ප්‍රකාශ කරනවා.
මිත්‍රවරුනි, ශ්‍රී ලංකාව ඊයේ ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ අමාත්‍ය මණ්ඩලයේ 23 වැනි රැස්වීමට සත්කාරකත්වය ලබා දුන් අතර ඉදිරි වසර දෙක සඳහා මෙම වැදගත් කලාපීය සංගමයේ සභාපතිත්වය භාර ගත්තා.
ගරු ජනාධිපතිතුමනි, මම ඔබට සුබ පතනවා. අහඹු ලෙස, ඉන්දියාව ද මෙම සංගමයේ උප සභාපති ධූරය ද භාර ගත්තා.
කලාපයේ තිරසාර සංවර්ධනය, ආර්ථික වර්ධනය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සහ නැගී එන ලෝක අනුපිළිවෙල තුල සියුම්ව සැරිසැරීමට උපකාර කිරීම සඳහා වේදිකාවක් ලෙස ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය සංවර්ධනය කිරීම සඳහා අපගේ රටවල් දෙකට එක්ව කටයුතු කළ හැකි බව අපට විශ්වාසයි.

මෙම කලාපය සියලු ජාතීන්ගේ ක්‍රියාවන් සඳහා නීතියේ ආධිපත්‍යය පිළිබඳ මඟ පෙන්වන නිදහස්, විවෘත සහ සියල්ලන්ම ඇතුළත් කලාපයක් ලෙස ගොඩනැගීමට අප කැපවිය යුතු අතර මුහුදු සීමාවන් මුහුදු කොල්ලකෑම්, අධික සූරාකෑම සහ ත්‍රස්තවාදය සඳහා යොදා ගැනීමට ඉඩ නොතැබිය යුතුයි.
මිත්‍රවරුනි, ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයට වයස වසර 25ක් වෙනවා. එය මේ දක්වා පැමිණි ගමන් මගේ දී, බොහෝ සන්ධිස්ථාන පසුකර තිබෙනවා. නමුත් ඉන්දු-පැසිෆික් ලෙස අලුත් නමකින් හැඳින්වීම වසර කිහිපයකට පෙර සිදු වූ අතර එය ගෝලීය වශයෙන් ඉතා ඉක්මනින් අවධානය සහ ආකර්ෂණයක් ලබා ගත්තා.
වසර 25 ක කාලය තුළ, ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය සඳහා ඉන්දියානු සාගර කලාපීය උපාය මාර්ගික සැලැස්මක් ප්‍රකාශයට පත් කරන කිසිදු රටක් හමු වී නැහැ.
කෙසේ වෙතත්, අද වන විට කැනඩාවේ සිට දකුණු කොරියාව දක්වා රටවල් විශාල ප්‍රමාණයක් ඉන්දු -පැසිෆික් උපාය මාර්ගය ලෙස ඔවුන් හඳුන්වන දේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉන්දු පැසිෆික් කලාපය වන ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල්, මේ සියවසේ වැදගත්ම බල කොරිඩෝව ලෙස ඉස්මතු වී ඇති බව ද ප්‍රතික්ෂේප කළ නොහැකියි.
ගාල්ලේදී අදින් ඇරඹෙන මේ දෙදින සංවාදයේදී මෙවැනි කලාපීය ගැටළු සහ තවත් බොහෝ කරුණු සාකච්ඡා කෙරෙනු ඇතැයි මට විශ්වාසයි.
ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වැනි නායකයින්ගේ දරන මේ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස, නැගී එන ලෝකය තුළ ඉන්දියන් සාගරයේ සුවිශේෂී අනන්‍යතාවය සහ භූමිකාව තහවුරු වනු ඇතැයි ද මම බලාපොරොත්තු වෙනවා.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් , දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ,ජතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ,හිටපු නාවික හමුදාපතිවරුන් ඇතුළු නාවික හමුදාවේ උසස් නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-10-12

SendShareShare
Previous Post

ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතනයක් සිදුවී තිබෙනවාද? I Sri Lanka Latest News

Next Post

ලංකාවේ දූෂණය ඉහ වහා ගිහින් I Sri Lanka Latest News

MORE NEWS

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

Load More
2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

‘ජේ.වී.පී. එකත් එක්ක ආණ්ඩු හදන්න යන්න එපා මැඩම්. ආණ්ඩුවයි රටයි දෙකම ස්වභාවික ව්‍යසනයකට යනවා…’Sri Lanka Latest News මේ, 2004 එවක...

Read more
වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.