වෙළෙඳපොලේ පවතින අධික මිල හේතුවෙන් වැලිමඩ දික්කාපිටිය හා කහටපිටිය ගොවි බිම්වලින් එළවළු සොරා ගත් බව කියන එකම පවුලේ හත් දෙනකු අල්ලා පොලිසියට බාර දුන් බව වැලිමඩ පොලිසිය කියයි.
මෙම පිරිස සංවිධානාත්මකව රාත්‍රී කාලයේ ගොවි බිම්වලට ඇතුළු වී එසේ අස්වැන්න සොරාගෙන ගොස් ඇති අතර සැකකරුවන් අතර මව,පියා සහ පුතා ද සිටින බව පොලිසිය කියයි.
කරවිල,වම්බටු,තක්කාලි හා වට්ටක්කා ඇතුළු එළවළු වර්ග රැසක් මොවුන් විසින් මෙම පිරිස විසින් සොරාගෙන ඇත.










