• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවන් කානුවල එලොව යද්දි පේන්නෙ නෑ බඩගින්නට ඉඳුල් කද්දී දඬුවම් කරනවා එක රටක් නීති දෙකක්…

September 11, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
දරුවන් කානුවල එලොව යද්දි පේන්නෙ නෑ බඩගින්නට ඉඳුල් කද්දී දඬුවම් කරනවා එක රටක් නීති දෙකක්…
Share on WhatsAppShare on Facebook

පසුගිය 05 වැනිදා මුළු කුරුණෑගල ප්‍රදේශයම මහා මූසල පෙනුමක් ගෙන තිබුණා. ඒ, ප්‍රදේශයට බලපා තිබූ අධික වර්ෂා තත්ත්වයත් සමගයි. ඇළ මාර්ග කානු වැහි වතුරෙන් පිරී උතුරා යමින් පැවැතියා. එලෙස පිරීගිය දිය අගලකට ඇදවැටුණු අහිංසක පාසල් දරුවෙක් අවාසනාවන්ත ලෙස මියයෑමේ සිදුවීමක් පසුගියදා වාර්තා වුණේ කුරුණෑගල ජයන්තිපුරයෙන්. මේ සිදුවීම නිසා රටේ සියලු දෙනාම පාහේ ඉමහත් කම්පනයකට පත්වුණා.

කුරුණෑගල මලියදේව ප්‍රාථමික ආදර්ශ විද්‍යාලයේ 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි සජිත ගිහාන් ගුණරත්න නමැති දරුවා තමයි මේ විපතට පත්වුණේ. ඔහු පාසල නිමවී නිවෙසට යමින් සිටියදී කුරුණෑගල වැහැර ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී සවස 2ට පමණ මෙම අනතුරට මුහුණ දුන්නා. අනතුර සිදුව තිබුණේ මලියදේව ආදර්ශ විද්‍යාලයේ සිට මීටර 500ක් පමණ දුරකින්. සජිත පාසල ඇරී එන විට පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථයක් පැමිණ ඇති අතර ඊට ඉඩදී ඇති ඔහු මාර්ගය පසෙකට වී ඇති බවත්, එහිදී ඔහු ජලය පිරුණු අනාරක්ෂිත කානුවකට වැටී ඇති බවටයි අනුමාන කරන්නේ. ඒ මාර්ගය ඉතා පටු එකක් වීමද මෙම අනතුරට බලපා තිබූ තවත් කරුණක් සේ සලකනවා.

වෙනත් දිනවලදී සජිත රැගෙන යෑමට ඔහුගේ මිත්තණිය පාසල අසලට පැමිණෙන නමුත් එදින පැවැති අධික වර්ෂාව හේතුවෙන් මිත්තණියට හෝ සජිතගේ මවුපියන්ට එලෙස පැමිණීමට නොහැකි වී තිබෙනවා. කෙසේ වෙතත් මහා වර්ෂාව මධ්‍යයේ මාර්ගය අසල කානුවට ඇද වැටුණු සජිත බෝක්කුව තුළට ගසාගෙන ගොස් ඇති අතර ඔහුගේ පාසල් බෑගය දිය මතුපිට පාවෙමින් තිබියදී අසල්වැසි පුද්ගලයකු විසින් දැක තිබෙනවා. ඔහුට ඇතිවූ සැකය මත කළ දැනුම්දීම අනුව සජිත සොයා මෙහෙයුමක් දියත් කරන්නට ප්‍රදේශවාසීන් පියවර ගත්තා.

සැඩ පහරට හසුවී කානුව දිගේ ගසාගෙන ගොස් තිබූ සජිත බෝක්කුවක් තුළ සිරවී සිට ඇති අතර, කුරුණෑගල මහනගර සභාවේ සේවකයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් එක්ව සජිත බේරාගැනීමට පැය 4ක් පුරා අඛණ්ඩව වෙහෙසුණා. බැකෝ යන්ත්‍රයක් යොදාගෙන කානුවේ කොන්ක්‍රීට් තට්ටුව ඉවත් කර අවසානයේ සජිතව සොයොගන්නට ඔවුන්ට හැකියාව ලැබුණා. එසේ වුවත් ඒ වන විටත් සජිත සිටියේ බරපතළ තත්ත්වයකයි. ඉක්මනින්ම ඔහුව කුරුණෑගල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට ඔවුන් කටයුතු කළත් එදින සවස් කාලයේදී සජිත ජීවිත ගමනට සමුදුන්නේ සියලු දෙනා හඬවමින්.

මෙම කනගාටුදායක සිදුවීමෙන් පසු සජිතගේ මිත්තණිය මෙලෙස අදහස් පළකර තිබුණා.

‘වෙල ළඟට යනකොට වතුර. ඒ නිසා එතැනින් එහාට යන්න බැහැ. ඊට පස්සේ මම එතැනට යනකොට තුන් හතර දෙනෙක් එතැන හිටියා. පස්සේ මම කෑගැහුවා නෑ මගේ පුතාමයි කියලා. කවුරුත් දැකලා නැහැ…’

සජිතගේ පියා මෙලෙස සිය අදහස් දක්වා තිබුණා.

‘වතුර පාරත් එක්ක මගේ පුතා වළට වැටිලා තියෙනවා. කවුරුත් දැකලා නැහැ. එක්කෝ වෑන්කාරයා දකින්න ඕනේ….’

තම ආදරණීය පුතණුවන් වූ සජිතගේ අකල් මරණය ගැන මව පවසා සිටියේ මෙවැන්නක්.

‘මගේ අනිත් පුතාලා දකිද්දී මම දැන් කොහොමද යන්නේ. දැන් තුන්දෙනයි ඉන්නේ. මම කොහොමද බලන්නේ ඒ දිහා? මගේ වස්තුව මෙහෙට ඇවිල්ලා කතාකරන්න වස්තුව… මේ වැලහින්නක් වගේ අඬන අම්මාට ඇවිත් කතාකරන්න… අම්මා පිස්සෙක් කරලා ගියාද මගේ පුතේ….?’

සජිත කියන්නේ පවුලේ බාලම දරුවා. සජිතගේ අම්මා, තාත්තා, ආච්චී පසුවන්නේ දැඩි කම්පනයකින් හා වේදනාවකින්. ඔවුන්ගේ හදවතේ නැඟෙන කම්පාව ඔවුන්ට දරාගන්නට බැහැ.

සජිතගේ අසල්වාසියෙක් පවසා සිටියේ මෙවැන්නක්.

‘අවුරුදු 25ක් 30ක් තිස්සේ අපි මේ ගැන කියන්නේ. මේ අක්‍රමවත් කානු ගැන බලධාරීන්ට කොච්චර කිව්වත් ඔවුන් ඒවා හදන්නේ නැහැ. මීට කලිනුත් වයසක මනුස්සයෙක් ඇවිත් මෙතැන වැටුණා. එදා කොල්ලෝ හතර පස්දෙනෙක් ඉඳලා ඒ මනුස්සයාව බේරගත්තා. නැත්නම් එදත් මරණයක්. බණ්ඩාරනායක ඉස්කෝලේ ළඟත් වළක් තිබෙනවා. එතැනටත් කානුවක් දාන්නේ නැහැ. කොච්චර කිව්වත් කවුරුත් මේක තේරුම් ගන්නේ නැහැ. බට දාලා මේවා පිළිසකර කරලා දෙන්න කියලා අපි ඉල්ලන්නේ කාලයක් තිස්සේ. පොඩි පොඩි බට දාලා යනවා. ඒවා වැඩක් වෙන්නේ නැහැ….’

දිය පාරට ඇද වැටුණු මේ පුංචි දරුවා තම ජීවිතය බේරාගන්න කොයි තරම් නම් සටනක් කරන්නට ඇතිද? දරුවාව අවසානයට රැඳිලා තිබුණේ බෝක්කුව යට යකඩ කණුවක. ඒ ජල කඳත් එක්ක පොරබදන එක පුංචි සජිතට ලේසි පහසු කාර්යයක් නොවන්නට ඇති. ඔහු වේදනාවෙන් කෑගසන්න ඇති. ඒත් කාටවත් ඇසුණේ නැහැ.

සජිතගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තීරණය කළේ මෙය දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් බවයි. ඔහුගේ දේහය පසුගිය 06 වැනිදා සවස් යාමයේ පවුලේ ඥාතීන්ගේ, පාසල් සිසුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සෝ සුසුම් මධ්‍යයේ නිවෙසට රැගෙන ආවා.

මේ කනගාටුදායක සිදුවීමේදී බොහෝ දෙනෙක් හිතට ගතයුතු විශේෂ කරුණක් ඇත. ඒ,් මවුපියන් තම දරුවන් කෙරෙහි මීට වඩා අවධානයෙන් කටයුතු කළ යුතු බවයි. කුඩා දරුවෙක් පාරේ යනවා නම් වාහනයක් ධාවනය කරන රියැදුරන් විශේෂ සැලකිල්ලක් ඒ ගැන දැක්විය යුතුයි. විශේෂයෙන්ම අධික වර්ෂාව පවතින අවස්ථාවල මාර්ගය පුරා ජලය ගලාගෙන යන විට පදිකයන් කෙරෙහි රියැදුරන්ගේ අවධානය වැඩි වශයෙන් යොමුවිය යුතුයි. සජිත අනතුරට ලක්වීමට පෙර ඔහු ඉදිරියට පැමිණ වෑන් රථයේ රියැදුරාද සැලකිලිමත් වූවා නම් මෙම මරණයද වළක්වා ගන්නට බොහෝ ඉඩ තිබූ බව අපේ අදහසයි.

අක්‍රමවත් මාර්ග පද්ධති ඇති අපේ රටේ තවත් මෙවැනි අනතුරු සිදු නොවීමට මවුපියන් සේම සියලු වැඩිහිටියන්ද වගබලාගත යුතුයි.

සජිතගේ ඉරණම මෙසේ විසඳෙද්දී තවත් සංවේදී පුවතක් ගැන තොරතුරු වාර්තා වුණේ වැලිගම නගර සභාවෙන්. පසුගිය 07 වැනිදා පාසල් දරුවන් පස්දෙනෙක් වැලිගම නගර සභා ශාලාවේ පැවැති විවාහ මංගල උත්සවයකට අනාරාධිතව ගොස් තිබුණේ ඉවසිය නොහැකි කුසගින්න නිවාගැනීමේ අදහසින්. මේ පාසල් දරුවන් අවුරුදු 12, 13, 16, 17 යන වයස්වල පසුවූවන් බවයි වාර්තා වුණේ. මෙලෙස අනාරාධිතව විවාහ උත්සවයට ඇතුළු වී ආහාර ගැනීමට උත්සාහ දරන අවස්ථාවේ ඔවුන් නගර සභා සේවකයන්ට හසුවී සිසුන්ව දණගැස්වීමට එම සේවකයන් කටයුතු කර තිබෙනවා. පසුව වැලිගම නගරාධිපතිනි යමුනා කාන්ති මහත්මියගේ දැනුම්දීම මත වැලිගම පොලිසිය පැමිණ මේ දරුවන් රැගෙන ගොස් තිබුණා.

මෙලෙස පොලිසියට රැගෙන ගිය දරුවන්ගෙන් එක් අයකු මෙලෙස අහස් දක්වා සිටියා.
‘ඒ විවාහ මංගල උත්සවයට විශාල පිරිසකට කෑම උයනවා. එතැන ඉතිරි වන කෑම කන්න අපි මීට පෙරත් ගිහින් තියෙනවා. කෑම උයන අංකල් කෙනෙක් තමයි අපිට කාලා යන්න එන්න කිව්වේ. ඒ අනුව අපි පස්දෙනා ගියාම එතැන හිටපු කෙනෙක් පොඩ්ඩක් ඉන්න කිව්වා. ඒ අතරතුර නගරාධිපතිතුමිය හා තවත් කිහිප දෙනකු ඇවිත් අපිට බැණලා පඩිපෙළ ළඟ දණ ගහගෙන ඉන්න කිව්වා. විශාල පිරිසක් හිටපු නිසා අපිට ලොකු ලැජ්ජාවක් ඇතිවුණා. ටික වේලාවකට පසුව පොලිසිය ඇවිත් අපිව රැගෙන ගියා. පොලිසියේදී අපට බැණලා පැය තුනකට පසුව අපිව අම්මලා තාත්තලාට භාරදුන්නා…’

මේ සිදුවීම සම්බන්ධයෙන් වැලිගම නගර සභාවේ සභාපතිනි යමුනා කාන්ති මහත්මියගෙන් විමසූ විට ඇය පවසා තිබුණේ අදාළ පිරිස මංකොල්ලකෑමට පැමිණි පිරිසක් බවයි. කෙසේ වෙතත් මීට හාත්පසින්ම වෙනස් ආකාරයකට එම දරුවන්ට සලකන්නට නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා කටයුතු කර තිබුණා. ඔහු මේ දරුවන්ට ප්‍රණීත ආහාර වේලක් ඔහුගේ මුදලින් ලබාදීමටයි පියවර ගෙන තිබුණේ.

එදා අපේ රට හැඳින්වූයේ පෙරදිග ධාන්‍යාගාරය නමින්. ඒත් අද වන විට ආහාර අර්බුදයෙන් බැටකන රටවල් අතර ඉහළටම අපේ රට පැමිණ තිබීම කනගාටුවට කරුණක්. එසේම ළමා මන්දපෝෂණය අතින්ද ලංකාව ඉදිරියටම පැමිණ තිබෙනවා.

මෙවන් වටපිටාවක් තුළ අද වන විට අපේ රටේ දරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශයතයකට පෝෂණීය ආහාර වේලක් ලැබෙන්නේ නැහැ. බොහෝ නිවෙස්වල එක් ආහාර වේලකින් මුළු දවසම ගතකරන තත්ත්වයට පත්ව තිබෙනවා.

එවන් තත්ත්වයක දුප්පත්කම නිසාම බත් කටක් කන්නට පැමිණි මේ අසරණ දරුවන් පස්දෙනා දණගැස්වූයේ මොන හිතකින්ද?

කුරුණෑගල නගර සභාවේ අක්‍රමවත් මාර්ග පද්ධතිය නිසා දිය අගල් පිරිලා පිටාර ගලලා දරුවන් බෝකු අස්සේ මැරෙනකොට ඒ මාර්ග, බෝක්කු හදන්න නගරසභාවල වගකිව යුත්තන් හිටියේ නැහැ. නමුත් බඩගින්නට බත් කටක් කෑවයි කියලා දරුවන් දණගස්වන්න වැලිගම නගර සභාවේ සභාපතිනිය ක්ෂණිකව ක්‍රියාත්මක වුණා. රටේ සෑම තැනකම අපට දකින්නට අහන්නට ලැබෙන්නේ අක්‍රමවත් පරිපාලනය ගැන තොරතුරුයි. ඒ අක්‍රමවත් පරිපාලනය හේතුවෙන් අහිංසක දරුවන් ඇතුළු කී දෙනකු නම් දුකට පත්වෙනවා ඇද්ද? දරුවන්ගේ පැත්තෙන් ගත් කල ඔවුන්ටද යම් වගකීමක් පවතින බව සඳහන් කළ යුතුයි. හරි වැරැද්ද නොසොයා හොර රහසේ විවාහ මංගල්‍යයකට ඇතුළු වී ආහාර ගැනීම වැරැදි ක්‍රියාවක් බව අප කවුරුත් පිළිගන්නා කරුණකි. නමුත් මෙතැනදී ඔවුන් ගැන මානුෂිකව සිතා බලා මීට වඩා සංවේදීව ඊට ප්‍රතිචාර දක්වන්නට වැලිගම නගරසභාවේ නිලධාරීන්ට ඕනෑ තරම් අවස්ථාව තිබූ බවද සඳහන් කළ යුතුය.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

කාසියේ වාසිය පාකිස්තානයට! ලංකාවට මුලින්ම බැට් කරන්න කියයි!

Next Post

වැරැද්ද විපක්ෂයේ නෙමෙයි ජනාධිපතිගේ ඩීල්! සුමන්තිරන් තියපු ට්විටර් පණිවුඩය!

MORE NEWS

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

Load More
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර...

Read more
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.