• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සැප්තැම්බර් වෙද්දි ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද? I Sri Lanka Latest News

June 2, 2023
in Exclusive, News
Reading Time: 11 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බැරිවුණොත් මොකද වෙන්නෙ…

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම ලබන සැප්තැම්බර් මාසය වනවිට අවසන් කළයුතු බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායම මෙරට සංචාරය නිමාකරමින් සඳහන් කළේය.(Sri Lanka Latest News)

මෙම නියෝජිත කණ්ඩායම මෙරටට පැමිණියේ, ශ්‍රී ලංකාව ලබන සැප්තැම්බර් මාසයේදී සිය ණය වැඩසටහන පිළිබඳ පළමු සමාලෝචනයට සූදානම් වෙමින් සිටියදී, සිය නිත්‍ය උපදේශනවල කොටසක් ලෙස මැයි 11-23 අතරතුර කාලයේ නිරීක්ෂණ සංචාරයක් සඳහාය. ශ්‍රී ලංකාවට වැඩි ජාතික ආදායමක් අවශ්‍ය වන අතර, සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ඔස්සේ රටේ ණය තිරසාර බව තහවුරු කරගැනීම අත්‍යවශ්‍ය බව ඔවුහු අවධාරණය කළහ.

(මැයි 23 වැනිදා ) සිය සංචාරය අවසන් කළ IMF නියෝජිත කණ්ඩායම, ශ්‍රී ලංකාවේදී නිරීක්ෂණය කරන ලද, සිය විස්තීරණ ණය පහසුකමට අදාළව, ශ්‍රී ලංකාව සැපිරීමට සමත්ව සිටින නිර්දේශයන් සහ රටේ කැපවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ දූත මණ්ඩල සාමාජික මසාහිරෝ නොසාකි මෙම නිවේදනය නිකුත් කර තිබිණි. කෙසේවෙතත් IMF නියෝජිත කණ්ඩායම නිකුත් කළ මෙම නිවේදනයේ ප්‍රකාශිත අදහස් IMF කාර්ය මණ්ඩලයේ අදහස් පමණක් වන අතර IMF විධායක මණ්ඩලයේ අදහස් එමගින් නියෝජනය නොවේ.

IMF හි විධායක මණ්ඩලයේ අදහස් ශ්‍රී ලංකාවට දැනගත හැකි වන්නේ 2023 සැප්තැම්බරයේ පැවැත්වෙන ණය වැඩසටහනට අදාළ පළමු සමාලෝචනයේදීය. මෙහිදී IMF විසින් සැප්තැම්බර් මාසයේදී සිය පළමු සමාලෝචනය සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ, 2023 ජූනි මාසය වන විට ශ්‍රී ලංකාව සිය වැඩසටහන සම්බන්ධයෙන් ලබා සිටින ප්‍රගතිය පිළිබඳ දත්ත සැලකිල්ලට ගනිමිනි.

IMF නියෝජිත කණ්ඩායමේ නිරීක්ෂණ මොනවාද?

‘මෙම සංචාරයේදී අපි මෑතකාලීන සාර්ව ආර්ථික සහ මූල්‍ය අංශයේ වර්ධනයන් පිළිබඳ සාකච්ඡා කළෙමු. ශක්තිමත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ උත්සාහයන්ගෙන් පසුව, උද්ධමනය මධ්‍යස්ථ වීම, විනිමය අනුපාතිකය ස්ථාවර වීම සහ මහ බැංකුවේ සංචිත නැවත ගොඩනැගීම යන වර්ධනයන් සමග ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වය වැඩිදියුණු වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, සමස්ත සාර්ව ආර්ථික සහ ප්‍රතිපත්තිමය පරිසරය තවමත් පවතින්නේ අභියෝගාත්මක මට්ටමකය.’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේය.

එම අරමුදල සඳහන් කළේ, IMF විසින් අරමුදල් සැපයීමේ වැඩසටහන (විස්තීරණ ණය පහසුකම) යටතේ නිර්දේශ කරනු ලැබූ ප්‍රධාන කැපවීම් සපුරාලීම සඳහා බලධාරීන්ගේ අඛණ්ඩ උත්සාහයන් පිළිගන්නා බවය. 2023 සැප්තැම්බරයේදී සිදුකිරීමට බලාපොරොත්තු වන විස්තීරණ අරමුදල් පහසුකම යටතේ එහි පළමු සමාලෝචනයේදී, ණය වැඩසටහන යටතේ කාර්ය සාධනය විධිමත් ලෙස පවතිනවාද නැද්ද යන්න තක්සේරු කරනු ලබන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේය.

‘සාර්ථක ලෙස ආදායම් රැස්කිරීම සහතික කිරීම සඳහා තීරණාත්මකව බලපානු ලබන අතිරේක රාජ්‍ය මූල්‍ය වැඩසටහන් පිළිබඳ තම නියෝජිත කණ්ඩායම සාකච්ඡා කළේය’ යැයි IMF නියෝජිත කණ්ඩායම සිය නිවේදනයේ සඳහන් කර ඇත.

විදේශීය සහ දේශීය ණය හිමියන් සමග සිදුවෙමින් පවතින සාකච්ඡා සැලකිල්ලට ගනිමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද අපි සාකච්ඡා කළෙමු. පළමු සමාලෝචනය වන විට වැඩසටහන් ඉලක්කවලට අනුකූලව ණයහිමියන් සමග කාලානුරූපී ප්‍රතිව්‍යුහගත ගිවිසුම් සාක්ෂාත් කර ගැනීම, ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අත්‍යාවශ්‍ය වේ. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මහ බැංකුවේ ස්වාධීනත්වය සහතික කිරීම, පාලනය වැඩිදියුණු කිරීම සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම ඇතුළුව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බව සහතික කළ යුතුය.

‘ණය ප්‍රතිව්‍යුහගතකරණය සැප්තැම්බර් අවසන් කළ යුතුයි’

සිය සංචාරය අවසන් කරමින් IMF නියෝජිත කණ්ඩායම අවධාරණය කර ඇති ප්‍රධාන කරුණ වන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම ලබන සැප්තැම්බර් මාසය වනවිට අවසන් කළයුතු බවය.

ඒ අනුව සිය විදේශීය ද්විපාර්ශ්වීය ණය හිමියන් සමග පමණක් නොව වාණිජ ණය හිමියන් සමගද සාකච්ඡා කර, ශ්‍රී ලංකාව සැප්තැම්බර් මාසයට පෙර, මාස තුනක පමණ කෙටි කාලයක් ඇතුළත සාර්ථක ලෙස ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සැලැස්මක් සකස් කරගත යුතුය.
එපමණක්ද නොව රජය විසින් සිය ණය බර අඩු කර ගැනීම සඳහා සිය ණය හිමියන් සමග කටයුතු කර, ඔවුන්ගේ ණයද ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සූදානම් විය යුතුය. මෙම අභියෝගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වනු ඇද්ද යන්න මේ වන විට රජය හමුවේ පවතින ප්‍රධාන ගැටලුවයි.

ජාත්‍යන්තර සහය ලැබෙයිද?

විදේශීය ද්විපාර්ශ්වික ණය සම්බන්ධයෙන් ගත්කල, ශ්‍රී ලංකාව එහි පාර්ශ්වකරුවන් සැලකිය යුතු සංඛ්‍යාවකගේ සහයෝගය ලබාගනිමින් සිටින බව පෙනෙන්නට තිබේ. ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල සමසභාපතිත්වයෙන් පසුගිය මැයි 09 වැනිදා පැවැති ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ කමිටුවේ පළමු රැස්වීමේදී අනාවරණය වූ තොරතුරුවලට අනුව දැනටමත් චීනය හැර අනෙකුත් සියලු ණය හිමියන් පොදු රාමුවක් යටතේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට කැමැත්ත පළකර ඇත. මැයි 09 රැස්වීමෙන් අනතුරුව G20 කණ්ඩායමේ සභාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ, ශ්‍රී ලංකාවට සහන ලබාදීම වෙනුවෙන් සියලු ණය හිමියන්ගේ කැපවීම එකසේ අවශ්‍ය වන බවයි.

‘අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ නිර්දේශයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ විදේශ ණය අවදානම් සඳහා සුදුසු විසඳුමක් සෙවීම වෙනුවෙන් කැපවෙමින් කමිටුව සිය කාර්යය කරගෙන යනු ඇත. ණය සහන ලබාදීමේ මූලධර්මවල සංසන්දනාත්මකභාවයට අනුකූලව, මෙම ණයහිමි කමිටුව විසින් එකඟ වූ පරිදි, අවම වශයෙන් හිතකර කොන්දේසි මත, ණය සහන ලබාදීමේ වැදගත්කම ශ්‍රී ලංකාවේ පෞද්ගලික ණයහිමියන්ට සහ අනෙකුත් නිල ද්විපාර්ශ්වික ණයහිමියන්ට මෙම කමිටුව විසින් අවධාරණය කරයි. ණයහිමි කමිටුවට විධිමත් ලෙස සම්බන්ධ වන ලෙස අනෙකුත් ද්විපාර්ශ්වික නිල ණයහිමියන්ට කමිටුව නැවත ආරාධනය කර තිබේ….’ යැයි එහි සඳහන් විය.

කෙසේ වෙතත් සුපුරුදු පරිදි චීනය මෙතෙක් සිය සැලැස්ම කුමක්ද යන්න පිළිබඳව කිසිදු සංඥාවක් ලබාදී නැත. අනෙකුත් සියලු ණය හිමියන්ගේ දැඩි ඉල්ලීම හේතුවෙන් මැයි 09 වැනිදා පැවැති ඒකාබද්ධ ණය හිමි වේදිකාවට පවා චීනය සහභාගී වූයේ සෞදි අරාබිය සහ ඉරානය මෙන් නිරීක්ෂණ මට්ටමින් පමණකි. චීන එක්සිම් බැංකුවෙන් ලබාගත් ඩොලර් බිලියන 02ක ණය වෙනුවෙන් වසර 02ක ආපසු ගෙවීම් ප්‍රමාද කිරීම පමණක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීනය එකඟතාව පළකරන පොදු ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රමවේදයට ඇතුළු වීමට මෙතෙක් කැමැත්ත පළකර නැත. කෙසේ වෙතත් ජපානය සහ ඉන්දියාව ඇතුළු අනෙකුත් පාර්ශ්ව විසින් චීනයෙන් ඉල්ලා ඇත්තේ, ලොව පුරා අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් රැසකට ණය ලබාදී ඇති චීනය, එම රටවල ප්‍රතිපත්ති සම්පාදකයන්ට යම් බලාපොරොත්තුවක් ලබාදෙන පියවරක් ලෙස, අදාළ බහුතරයක් රටවල ණය අර්බුද විසඳීම වෙනුවෙන් පොදු සාකච්ඡා මේසයේ අසුන්ගන්නා ලෙසයි.

විශ්‍රාමිකයන්ගේ ඉතුරුම්වලට අහිතකර බලපෑමක් කරයිද?

දේශීය ණය සම්බන්ධයෙන් සලකා බලන විට, මහ බැංකුවට අනුව, ශ්‍රී ලංකාවේ දේශීය ණය රුපියල් ටි්‍රලියන 15 (ඩොලර් බිලියන 47) පමණ වන අතර, විදේශ මුළු ණය ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 12.5කි. රජයට ප්‍රධාන දේශීය ණය දෙන්නන් වන්නේ පෞද්ගලික සහ රාජ්‍ය බැංකු (රුපියල් ටි්‍රලියන 8.5) වන අතර ඉතිරිය බැංකු නොවන මූලාශ්‍රවලින් වේ.

මෙම බැංකු නොවන මූලාශ්‍රවලින් එකක් වන සේවක අර්ථසාධක අරමුදල (EPF), රටේ ප්‍රධාන විශ්‍රාමික අරමුදල වේ. එය සිය රුපියල් ටි්‍රලියන 3.5 අරමුදලෙන් සියයට 95ක් පමණ රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇත. කෙසේවෙතත්, මෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම රටේ වැඩකරන ප්‍රජාවගේ ඉතුරුම් කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරනු ඇතැයි විවිධ පාර්ශ්ව වෙතින් විවේචන එල්ලවී ඇත.

විශ්‍රාමික රජයේ සේවකයන්ට අමතරව මාසික විශ්‍රාම වැටුපක් සඳහා සුදුසුකම් ඇති විශ්‍රාමිකයන්ගෙන් බහුතරයක් තම විශ්‍රාම වැටුප් අරමුදල් වාණිජ බැංකුවල තැන්පත් කර පොලී ලැබීමෙන් ජීවත් වෙති. පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය ව්‍යවසාය සේවකයෝ, සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ ව්‍යවස්ථාපිත දායකත්වයන් සමග සේවක අර්ථසාධක අරමුදලේ විශ්‍රාම වැටුප් රැස්කර ගනිති.

ශ්‍රී ලංකා රජයට ප්‍රධාන දේශීය ණයදෙන්නන් වන්නේ රාජ්‍ය බැංකු වන අතර, ඒවා වඩාත් විශ්වාසදායක සහ ස්ථාවර මූල්‍ය ආයතන ලෙස රටේ වැඩකරන ජනතාව සලකනු ලැබේ.

ජනතා මුදල් බහුලව පවතින, ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇතුළු මෙම බැංකු භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට ණය දී ඇත.

ඒ අනුව මෙම ආයතනවල පවතින ජනතා අරමුදල් ප්‍රතිව්‍යුහගතකරණය, ජනතාවට පැහැදිලි කරදීම රජයට සැබෑ අභියෝගයක් වනු ඇත.

IMF ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පසුගිය සතියේ හොංකොං මාධ්‍ය හමුවකදී පැවසුවේ, ඩොලර් බිලියන 03ක ණය අනුමත කිරීමට පෙර, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා වූ IMF ඉල්ලීම් ආණ්ඩුව පිළිගෙන ඇති බවයි.

ඒ අනුව ඉදිරි කාලසීමාව ශ්‍රී ලංකා රජයට ඉතාම තීරණාත්මක වනු ඇත. හේතුව එහි දේශීය සහ විදේශීය යන දෙඅංශයේම ණය ප්‍රතිව්‍යුහගතකරණය තීරණාත්මක ගැටලුවලට මුහුණදී සිටින බැවිනි.

ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍යයි

ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පැවසීය.

ඔහු ඒ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ (මැයි 15 වැනිදා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රීනිවාසන් පැවැසුවේ ‘ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ වේගය දිගටම පවත්වාගෙන යාම දැන් අත්‍යවශ්‍යයි’ යනුවෙනි.

මෙම වසර අගදී පැවැත්වෙන පළමු සමාලෝචන මෙහෙයුමට පෙර නිත්‍ය උපදේශනවල කොටසක් ලෙස IMF නියෝජිත කණ්ඩායමක් මැයි 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවිය.

මොවුහු මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වූහ.

ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාව සඳහා IMF ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රවර් පැවසුවේ රජයේ සාර්ව ආර්ථික රාමුව සුදුසුද නැතහොත් එයට සංශෝධන අවශ්‍යද යන්න පිළිබඳ සොයාබලන බවයි.

අභියෝගාත්මක ගෝලීය පරිසරය ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද?

ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව අතීතයේ ගත් වැරදි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ එකක් පසුපස එකක් වශයෙන් පැමිණි ආර්ථික කම්පන හේතුවෙන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණය සඳහා සහය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධායක මණ්ඩලය මාර්තු 20වැනිදා ඩොලර් බිලියන 3ක් පමණ වන මාස 48ක විස්තීරණ ණය පහසුකමක් අනුමත කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ මෙය අර්බුදය නිරාකරණය කිරීම කරා වැදගත් පියවරක් සනිටුහන් කළ බවයි.

ශ්‍රී ලංකා ආර්ථිකය 2024 වසරේදී සියයට 1.5ක සාමාන්‍ය වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරයි.

ශ්‍රීනිවාසන් පැවැසුවේ 2023 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 3%කින් සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මෙම අපේක්ෂාවන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම මත බෙහෙවින් තීරණාත්මක ලෙස රඳාපවතිනු ඇතැයි ශ්‍රීනිවාසන් අවධාරණය කළේය. පාවෙන පොලී අනුපාතිකයක් මත ශ්‍රී ලංකාවට මෙම ණය පහසුකම ලබාදී ඇති බවත්, ගෙවා නිමවන විට මෙම ණය මුදලේ පොලී අනුපාතය 5%ක් පමණ වනු ඇති බවත් පීටර් බ්‍රවර් මෙහිදී අනාවරණය කළේය.

ප්‍රධාන කරුණු 5ක් ගැන IMF ප්‍රමුඛතාව

විස්තීරණ අරමුදල් පහසුකම යටතේ සහාය ලද මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන ශක්තිමත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මත ගොඩනගා ඇති අතර ප්‍රධාන ආධාරක පහක් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කළේය.

” සමාජ ආරක්ෂණ ජාල, රාජ්‍ය මූල්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ සහ පිරිවැය ආපසු අයකර ගැනීම පදනම් කරගත් බලශක්ති මිලකරණයෙන් සමන්විත රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව.
” ණය ප්‍රතිව්‍යුකරණය ඔස්සේ රජයේ මෙහෙයුම් කටයුතුවල ස්ථාවර මූලයනයක් තහවුරු කරගැනීම ඇතුළු රාජ්‍ය ණය තිරසර බව යළි පිහිටුවීම.
” මිල ස්ථායීතාව යළි පිහිටුවීමට සහ සංචිත යළි ගොඩනැගීමට බහුපාර්ශ්වික උපායමාර්ගයක් යෙදීම.
” මූල්‍ය අංශය ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වන ප්‍රතිපත්ති.
” දූෂණ අවදානම් සඳහා පිළියම් යෙදීමට සහ වර්ධනය ඉහළ නැංවීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකිරීම.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත සර්වත් ජහන් පැවසුවේ අර්බුදය සමග ලාංකිකයින් ලක්ෂ 3ක් පමණ රට හැර ගොස් ඇති බවය. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමත් සමග ඔවුන්ට යළි දිවයිනට පැමිණීමට විශ්වාසයක් ගොඩනැගෙනු ඇතැයිද ඇය පැවසුවාය.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

දේශගුණික විපර්යාස හොයන්න ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් හදන්න රනිල්ගෙන් සැලසුමක්! PHOTOS I Sri Lanka Latest News

Next Post

යාපනයේ සිංහල පාසලක් තිබුණා
ඒකෙ හිටපු අන්තිම විදුහල්පති හමුවුණා
නම නඩේෂන්
මේක ලස්සන කතාවක් I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.