• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාපනයේ සිංහල පාසලක් තිබුණා
ඒකෙ හිටපු අන්තිම විදුහල්පති හමුවුණා
නම නඩේෂන්
මේක ලස්සන කතාවක් I Sri Lanka Latest News

June 2, 2023
in Exclusive, Mahawanshaya, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘යාපනේ සිංහල ඉස්කෝලේ…..’ මේ වචන ඇහෙද්දී දකුණේ අපි හදිසියේම ඔළුව කරකවන්නේ ඇස් නළලට අරන් පුදුමයට පත්වෙන්නේ මොන හැඟීමක් නිසාද කියල ඉන්තේරුවටම තේරුම් ගන්න අපිට බැරි වුණාට එතැන අපි අපේ ජාතියට වගේම දෙමළ ජාතියටත් ස්තුතිපූර්වක ආදරයක් පුදන හැඟීමක් මිශ්‍රවෙලා තියෙනවා කියල මට හැඟෙනවා. මේ කියන්න යන්නේ ඒ යාපනේ සිංහල ඉස්කෝලේ ගැනම කතාවක්. ඒක අපිව ආයෙමත් දුක්බර මතකයකට අරගෙන යන්නක්. පසුතැවීමේ මහා කන්ද මුදුනට ගොඩකිරීමක්.(Sri Lanka Latest News)

පහුගියදා මම වවුනියාවට ගිය ගමනේදී ත්‍රිකුණාමලයේ ප්‍රාදේශීය මාධ්‍යවේදී මංගලනාත් ලියනආරච්චි අයියා මුණගැසුණා. මගේ යාපන පිස්සුව ගැන දැනගත්ත ඔහු මට මගේ ඇස් උඩ ඉන්දවන තොරතුරක් කිව්වා. ඒ, යාපනයේ සිංහල මහා විද්‍යාලයේ අවසන් විදුහල්පතිවරයා ගැන කතාවයි. මට ඔහු සොයා එවෙලේම යාපනයට දිව යන්නට සිතුණි. ඊට සති කීපයකට පසු වෙසක් මාසයේ මැද දිනෙක මම මගේ ආදරයේ පාරාදීසයට යන්නට සිතා වැල්ලවත්තෙන් වෙරළ පාරේ හතළිස් දෙවැනි පටුමග අසලින් ගමන් ඇරඹීමි. යාපනයට පය තැබූ දිනට පසුදා දහවල් මම මංගලනාත් අයියා දුන් අදාළ විදුහල්පතිවරයාගේ දුරකතන අංකයට අමතන්නට වීමි.

එහා පසින් මට පිළිතුරු දුන්නේ වයසක කාන්තාවකි. එහෙත් ඇගේ ඉංග්‍රීසි බස, කටහඬ ඉතා පැහැදිලි සේම කරුණාවන්ත නිවුණු බවකින් යුක්ත වුණා. ‘ඔහු ගියා ටිකක් දුර කෝවිලකට. එන්න ටිකක් රෑ වෙයි. රෑ අටට විතර එන්න….’

ඒ අනුව මමත් මගේ සහෝදර මධුක මල්ලිත්, නිවේකා නංගිගේ බයිසිකලයේ නැග නල්ලූර් කෝවිල අසලට ගොස් දුරකතන ඇමතුමක් දුන් අතර, ඒ අඳුරු පටුමග ඔස්සේ ඔහු අපි කැඳවාගෙන යන්නට තම බිරිඳ එවා ඇති වග කීවේය. කී විගසම වාගේ නිල් පැහැති බතික් ගවුමකින් ගතද අවිහිංසක ආදරණීය සිනහවකින් මුවද සරසාගෙන කුඩා වංගුවෙන් ඔහුගේ බිරිඳ මතුවිය. සමන් පිච්ච ඉද්ද සුවඳ අතරින් අපි ඒ නිවෙසට ගොඩවුණෙමු. අපි එනතෙක් ඔහු දොරකඩට පැමිණ බලා උන්නේය. ඒ මූණෙන් ආදරණීය සුදු සීයා කෙනෙක් මතුවී පෙනිණි. ඔහුගේ චාම් නිවෙසේ ඔහු උන්නේ රජකු පරිද්දෙන් ඔහුගේ ආදරණීය තරුණ මුණුබුරන් මැද විරාජමානවය.

ඉතින් ඔහු සතුටිනි. අපි ලංකාවේ කොහේ කොහේදැයි ඇසුවේය. තව බොහෝ ආගිය තොරතුරුවලට පසු අපි අපේ ප්‍රශ්න පත්‍රය දිග හැරියෙමු. ඒ කුතුහලය නම් ළිඳට පැන අපි පවස නිවාගන්නට වූවෙමු.

යාපනයේ අච්චුවේලි ප්‍රදේශයේ මෙලොව එළිය දුටු ඔහු කන්දයියා නඩේෂන්ය. ඔහු උපත ලබන්නේ ඒ බිමේ වුවද, ඔහු අධ්‍යාපනය ලබන්නේ දංකොටුව ප්‍රදේශයේ සඳලංකා මහා විද්‍යාලයෙන්ය. නඩේෂන් මහතා 1970 දිනෙක යාපනයේ සිංහල විද්‍යාලයට පා තබන්නේ උපගුරුවරයකු ලෙසය. ඒ වනවිට සිංහල, දෙමළ, ජා, මුස්ලිම්, බර්ගර් ඇතුළු බොහෝ වර්ගවල දරුවන් මෙහි ඉගනගනිමින් සිටි බව නඩේෂන් මහතා කියයි.

‘ඒ කාලේ මේ ඉස්කෝලෙට විවිධ ජන වර්ගවල ළමයි ආවා. ඒක හරිම සතුටු කාලයක්. ඒ බොහොමයක් ළමයි තමන්ගේ මවුපියන්ගේ රැකියාව නිසා මෙහෙ ආපු අය. දෙමළ ළමයි ඒ ඉස්කෝලෙට ගියේ ඒ කාලේ සිංහල රාජ්‍ය භාෂාව වීමත් සමග දිගින් දිගට සිංහල නොමැතිව කිසිදු වැඩක් කරගන්න බැරි වෙන නිසා. ඔවුන් සිංහල ඉගනගන්න එක වටිනවා කියල හිතපු මවුපියන්ගේ ළමයි සහ සිංහල දෙමළ මිශ්‍ර විවාහයන්ගෙන් බිහිවුණු දරුවෝ.

ඒ කාලේ මැතිවරණයක් තියපු ගමන් දඬුවම් මාරු, පලිගැනීම් ආදී සිදුවීම් අනුව යාපනේට ස්ථාන මාරු දීලා එවනවා. ඒ කාලේ ඉස්කෝලේ ගුරුවරු හතළිස්පහක් විතර හිටියා. නාග විහාරේ හාමුදුරුවරු දෙනමකුත් හිටියා. ළමයි අටසීයක් විතර හිටියා…’ ඒ වදන් ඔහුගේ මුව ඒකාලෝක කරමින් ගලා එයි. කිසිදු තැනක කැඩුණු සිංහල වචන ඇසෙන්නේ නැත.

Sri Lanka Latest News

‘ඒ කාලේ ඉස්කෝලේ හිටිය විදුහල්පතිවරු අතරේ ගුණවර්ධන මහත්තයා, ෆාරුක් මහත්තයා, එදිරිමාන්න මහත්තයා මට මතකයි. මම මුලින් උපගුරුවරයෙක් වශයෙන් ඉස්කෝලෙට ගියාට මම විශ්‍රාම ගියේ ඒ පාසලේ අවසන් විදුහල්පති විදියට. රටේ විවිධ කලබල ඇතිවෙද්දී ළමයි ඉස්කෝලෙන් අයින් වෙන්න ගත්තා. පොඩි පන්තිවලට ළමයි බැඳෙන එක අඩු වුණා. ඔය කාලේදී තමයි ඉස්කෝලේ ඉස්සරහ තිබුණු බෝක්කුව යට කවුද බෝම්බයක් අටවල තිබිලා හමුදාවේ ලොරියක් අනතුරට පත්වුණා.

ඒ වෙලාවේ ආරංචි වුණා ඒ බෝම්බේ තියන්න කරන්ට් එක අරන් තිබුණේ එහා පැත්තේ පල්ලියෙන් කියලා. හමුදාවෙන් ඒ ගැන මේ පළාතම සෝදිසි කරලා තිබුණා. පල්ලියේ අල්තාරේට හමුදාවෙන් වෙඩි තියලා තිබුණා ආරංචි වුණා. කොහොම හරි ඒ අතරේ දවසක තමයි කවුරු හරි වෙනත් කණ්ඩායමක් ඒ තරහට ඉස්කෝලෙට ගිනි තිබ්බා. ගොඩනැගිලි විනාශ වුණා.

මේ සිද්ධියට කලිනුත් වැරදිලා ඉස්කෝලෙට බෝම්බ වැටුණා. ඒ නිසා මගේ පෞද්ගලික සහතික පවා මට නැතිවුණා. ඊට ටික කාලෙකට පස්සේ තමයි මේ ගිනිතැබීම වුණේ.’

‘ඉස්කෝලෙට ගිනි තිබ්බට පස්සේ අපිට ඉස්කෝලේ කරගෙන යන්න වුණේ ඕ.එල්.ආර්. ක්‍රිස්තියානි විද්‍යාලයේ ගොඩනැගිල්ලක. ඒ වෙද්දී 1985 වසරේ සාමන්‍ය පෙළ විභාගය ලියන කණ්ඩායම නිසා අපි කොහොම හරි ඉස්කෝලේ පැවැත්වුවා. අන්තිමට අධ්‍යාපන නිලධාරීන් කිව්වා ඉස්කෝලේ වහලා දාන්න කියල. එතකොට මම කිව්වා එහෙම වැහුවොත් ඉගනගත්තු ළමයින්ගේ අස්වීම් සහතික, විභාග ප්‍රතිඵල සහතික දෙන්නේ කොහොමද කියලා. ඒවාට උත්තර තිබුණේ නෑ.

හිටපු ගුරුවරු දෙතුන් දෙනා වෙන ඉස්කෝලවලට මාරු කළා. මට කරන්න තිබුණේ ඉස්කෝලේ අවසන් කරලා ලියකියවිලි අධ්‍යාපන කාර්යාලයට භාරදෙන්න. මගේ ඇස්වලින් කඳුළු වැටුණා. ඉස්කෝලේ ලොග් සටහන් පොත, නිල මුද්‍රාව ඇතුළු ලියකියවිලි හොඳට ඔතලා ගිහින් භාරදුන්නා. ආයේ කවදා හරි මේ ඉස්කෝලේ අරින දවසක් ආවොත් එදාට මේවා ගන්න ඕනේ වෙයි කියල’ ඔහුගේ හඬ නැවත බිඳවැටී ඇති වගක් දැනෙන්නට විය.

‘අපි බුදුමැඳුරක් හදන්න සැලසුම් කරන් හිටියා. ඒ කාලේ ළමයි පෝයට සිංහල දෙමළ මුස්ලිම් භේද නැතිව භක්ති ගීත කිව්වා. පාසලෙන් අස්වෙලා අවුරුදු ගානක් ගිහිල්ලත් තාමත් සිංහල ළමයි යාපනේ ඇවිත් මාව බලලා යනවා. මෑතක ආදිශිෂ්‍ය කණ්ඩායමක් එකතුවෙලා මේ ඉස්කෝලේ නැවත ගොඩනගන්න කටයුතු කරමින් ඉන්නවා. ඒක සතුටක්. දැන් ටවුමේ හමුදා කඳවුර තියෙන්නේ සිංහල මාධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ…’

මේ නඩේෂන් විදුහල්පතිවරයා ඇතුළු පිරිස එක යුගයක ආදරයේ සාමයේ දම්වැල් පුරුක් වී ඉන්නට ඇත.

‘අපි ඒ කාලේ හරි බයෙන් ජීවත් වුණේ. මේ ගෙදරට දෙතුන් පාරක් ෂෙල් වෙඩි වැදුණා. තුන් වතාවක් මට ගේ පිළිසකර කරන්න සිද්ධ වුණා. අපි ඒ කාලේ සන්ලයිට් කැටයක් රුපියල් එකසිය හැත්තෑපහට සල්ලිවලට ගත්තේ. ඒක හරිම අමාරු කාලයක්. තාමත් මෙහෙ සමහර මිනිස්සු සිංහල ලියුම් කියවගන්න මා ගාවට එනවා….’

ඒ රාත්‍රියේ අපි ඔහුට කරදර කරන්නට ගියද, ඔහු අපිට ආදරයෙන් සලකා සංග්‍රහ කරන්නට වූවේය. ශල්‍යකර්මයක් කොට නිවෙස තුළ වූ දියණියටද කතාකොට අපිව පෙන්වන්නට තරම් ඔහු සතුටින් මුසපත්ව උන්නේය. පාසල වසා දැමුවේ 1985 වසරේදීය. දැන් වනවිට දශක තුන හමාරක් ගෙවී ගොස් ඇත. එහෙත් අදටත් ඔහුට තමන්ගේ දකුණේ මිතුරන්ගේ වාසගම් සමග නම් මතකය.

ඔහුගෙන් ඔහුගේ ගුරු ජීවිතයේ ඉපැරැණි මතක පිරි සේයා රූ ගැන අසන්නට කිහිප විටක්ම හිතුණද ඒ හැම විටම මට මගේ හිත තරවටු කළේය.

‘උඹට පිස්සුද? නව වතාවක් අවතැන් වෙච්ච මිනිහෙක්ගෙන් පින්තූර තියේද අහන්න? උඹ මහා හිතක් පපුවක් නැති එකියක්ද? ඊට හොඳයි අහපන් ඔයගොල්ලෝ තාමත් හුස්ම ගන්නවද කියල?’ මම මගේ හිතට කීකරු වුණෙමි. අවසානයේ මම ඔහු හා බිරිය සමග පමණක් ඡායාරූපයක් ගත්තෙමි.

ජීවිතයේ අසූපස් වැනි සැතපුම් කණුවේ පසුවන ඔහු තවම මිනිස්කමට ගරු කරන්නේය. අපි ඔහුගේ නිවෙසින් සමුගන්නා විටද අපි සමග මිදුලට බැස ‘ආයේ වෙලාවක එන්න…’ යැයි කියා ආදරයෙන් සමුදුන්නේය. නැවත හමුවීම කෙසේ වුවද ඔහු වැනි මිනිසකු දැකීමද වාසනාවක් විය.

පහුගිය කාලයේ ආදිශිෂ්‍ය පිරිසක් එක්වී මෙම පාසල නැවත විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු බලධාරීන්ගෙන් කළ ඉල්ලීම් ඉටුවන්නේ නම්, එදා මේ විදුහල්පතිවරයා විසින් පිරුවටයේ ඔතා භාරදුන් සිංහල මහා විද්‍යාලයේ ලොග් සටහන් පොත ඔහු ජීවතුන් අතර සිටිද්දීම නැවත විවෘත වනු දකින්නට හැකි වනු ඇත. මේ වනවිට ඒ පොත්පත් විනාශ වී තිබිය හැකිය. එහෙත් ඒ මිනිස් මතකයේ තැන්පත් ලොග් සටහන් අලුත් ලොග් සටහන් වෙත පණපොවනු ඇත.

අදටද ‘යාපනය සිංහල මහා විද්‍යාලය’ ලෙස අන්තර්ජාලයේ නම සඳහන් කළ විට ගූගල් සිතියම අපූරුවට යාපනය කොටුව ආශ්‍රිත භූමියේ වූ පාසල පෙනුම් කරන අතර, දුක්ඛදායක සිදුවීම නම් ඒ සමගම වරහන් යට CLOSED යන ඉංග්‍රීසි වචනයද සඳහන් වීමය.

මේ සිංහල මධ්‍යමහා විද්‍යාලය ආරම්භ වන්නේ තරුණ බෞද්ධ සමිතියේ හා යාපනයේ පුරවැසියන්ගේ එකමුතුවෙන් 1937 වසරේදීය. එවක ළමුන් 17 දෙනකුගෙන් ආරම්භ කළ පාසල ‘යාපනය රජයේ පෝෂිත සිංහල මිශ්‍ර පාසල’ ලෙස හැදින්විණි. එහි මුල්ම විදුහල්පතිනිය එච්.පී.එම්.වයි. විජේසිංහ මහත්මියයි. 1958 වසරේදී මෙය සිංහල මාධ්‍ය මහා විද්‍යාලය බවට පත්විය. සහජීවනයේ සංකේතයක් බවට පත්විය.

මා දන්නා හඳුනන විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වූ යාපනය සමග අතීත සබඳකම් ඇති ආචාර්ය සජීව සෝමරත්න මහතා පැවැසුවේ, ‘ඒ කාලේ යාපනේ ක්‍රිකට් මැච් තියෙද්දී හින්දු විද්‍යාලයේ ළමයි සපෝට් කරන්නේ සිංහල මහා විද්‍යාලේ ළමයින්ට. ඒ තරම් බැඳීමක් ආදරයක් ඒ ළමයි අතර තිබුණා. මේ කාලකණ්ණි යුද්දේ ඒ ඔක්කොම ඉවර කරලා දම්මා’ යනුවෙනි.

Sri Lanka Latest News

සහජීවනයේ, ආදරයේ බැඳීම් පිරුණු එක යුගයක් එදා හමාර විය.

ඒ සියල්ල අවසන් වී තිබියදීත් ‘ඔව් මට හීනයක් දකින්න ආසයි. අයෙමත් සිංහල මහා විද්‍යාලයක් එහෙ පටන් ගන්න දවසක්… දකුණෙන් යන රජයේ හෝ අනෙකුත් සේවකයන්ගේ දරුවෝ දෙමළ දරුවෝ එක්ක ආයේ අත්වැල් බැඳන් ඇවිදින දවසක්, සහජීවනයට කැමැති දකුණේ අනෙකුත් මවුපියනුත් කැමැති නම් යාපනේ සිංහල විද්‍යාලයට තමන්ගේ දරුවා යවන දවසක්, ආයෙමත් එකට කෝවිලේ පූජාවට යන සිංහල දරුවන්, පොසොන් පෝයට භක්ති ගී කියන දෙමළ දරුවන් දකින්නට ලැබෙන හීනයක්…. මෙබිම අපේ විතරයි නොකියන මුළු ලංකාවම අපෙයි කියා අභිමානයෙන් කියන අනාගත පරපුරක්. උතුරේත් දකුණේත් ඉන්නේ මිනිස්සුම යැයි හිතන දරු පරපුරක්. සුළු ජාතිය මහා ජාතිය යන වචන නොඇසෙන රටක්. ඒ හීනයේ පාට පිරුණු කොටස්ය….’

එහෙත් සැකය නම් තිස් අවුරුදු යුද්ධයකිනුත් පාඩම් නූගත් මිනිසුන් තවමත් ජාතිවාදය වපුරමින් සිටිනු මිස නැවත මෙවන් සහජීවනයකට පාසල් දොරටු හරීද යන්නයි. යමක් කරන්නට හිතක් ඇති අධ්‍යාපන ඇමැතිවරයකු වේ නම් මේ හොඳම නැකැතයි. සාමයට මුල්ගල් තබන්නට අනාගත පරපුරට හිනාවක් පුදන්නට.

(ස්තුතිය – මාධ්‍යවේදී මංගලනාත් ලියනආරච්චි මහතාට)

සඳරැසී සුදුසිංහ

SendShareShare
Previous Post

සැප්තැම්බර් වෙද්දි ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද? I Sri Lanka Latest News

Next Post

අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.