• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගස් බැඳීම, දණ ගැස්සවීමේ සිට ගැස්සවීම දක්වා, ඇමැතිලාගේ චණ්ඩි පාට් I Sri Lanka Latest News

July 23, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2010 අගෝස්තු මස 03 වැනි දින ඩෙංගු මර්දන වැඩසටහනකට සහභාගී නොවූවේයැයි කියමින් එවක රජයේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වූ මර්වින් සිල්වා විසින් සමෘද්ධි නිලධාරියකු ගසකට තබා බැඳදැමීය. කැලණිය ප්‍රදේශයේ පැවති ඩෙංගු මර්දන සමාලෝචන රැස්වීමක දී සිදු කළ මෙම ක්‍රියාවට මුහුණ දී ඇත්තේ සමෘද්ධි නිලධාරි මොහොමඩ් ඊෂාඩ් මහතාය.(Sri Lanka Latest News)

තමන්ගේ අනුගාමිකයන්ගේ චෝදනා පිළිගත් මර්වින් සිල්වා කිසිදු සොයාබැලීමකින් තොරව මේ රාජ්‍ය නිලධාරියා ගසකට තබා බැඳ දමන ලදී. ඒ දෙනෝදාහක් ඉදිරිපිට සහෝදර රාජ්‍ය නිලධාරීන්ගේ ඇස් මානයේ ප්‍රසිද්ධ රූපවාහිනී සහ පුවත්පත් මාධ්‍යවේදීන් රැසකගේ කැමරා කාචයටද හසුවන ලෙසය. එදින සහ ඊට පසු දින පුවත්පත් සහ රූපවාහිනීවල ප්‍රමුඛ පුවත මෙය විය.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, උත්තරීතර නීතියෙන්, දණ්ඩ නීති සංග්‍රහයෙන්, සිවිල් නඩු විධාන සංග්‍රහයෙන්, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මගින්, පොදු නීතිය සඳහන් ආයතන සංග්‍රහයට අනුව හා විනය නීතිරීති සංග්‍රහයට අනුව රාජ්‍ය නිලධාරියකු කිසියම් අනීතික ක්‍රියාවක් හෝ වරැද්දක් සිදුකර ඇත්නම් හෝ රාජකාරී පැහැරහැර ඇත්නම් දඩුවම් ලබාදීමට නිශ්චිත ක්‍රමවේදයක් සකස් කර තිබේ.

එය සමස්ත පුරවැසියන්ටම අඩු වැඩි වශයෙන් අදාළ වන ලෙස නීති සකස් කර තිබේ. එවැනි නීති තිබියදී කැලෑ නීතිය රජ කරවන්න මර්වින් සිල්වලා කටයුතු කරන විට උත්තරීතර නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිසියේ ඉහළ නිලයක් දරන නිලධාරියා සිය මුනිවත රකිමින් මර්වින් පසුපස සිනහ වෙමින් සිටින අයුරු එවක විද්‍යුත් මාධ්‍ය සියල්ලක්ම පාහේ වාර්තා කළේය. එදා මර්වින් සිල්වලා නීතිය මේ විදියට අතට ගත්තේ පොලිසියට කොකා පෙන්වමිනි.

මේ, මහින්දලාගේ දේශපාලනයේ එක් පුරුකකි. අනික් පුරුක එළිබසින්නේ බදුල්ලෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි චාමර සම්පත් දසනායක නම් මන්ත්‍රීවරයා විසින් බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ භවානි රඝුනාදන් මහත්මියව සිය නිවෙසට කැඳවා දඩුවම් පැමිණවීමේ සිදුවීමක් 2018 වසරේ දී වාර්තා විය.

ඒ සුදුසුකම් තිබූ සිසුවියක් සිය පාසලට ඇතුළත් කර නොගැනීමේ වරදට ලබාදුන් දඬුවමයි. ඒ වන විට චාමර සම්පත් ඌව පළාතේ මහ ඇමැතිවරයාය. මේ සිදුවීම වන විට චාමරගේ නිවෙසේ ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ද සිටි බවට එවක මාධ්‍ය වාර්තා කළේය. කෙසේ හෝ වසර කිහිපයකට පසු එම නඩුව දෙපාර්ශ්වය විසින් සමථයකට පත්වීමට කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසු අවසන් කර දැමීය.

අවසානයේ චාමර සම්පත් 2020 මහමැතිවරණයේ දී බදුල්ලේ වැඩිම මනාපයෙන් පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට බදුල්ලේ ජනතාව තෝරා පත්කර එවන ලදී. ඒ ජයග්‍රහණයෙන් පසු චාමර උදම් අනමින් කියා සිටියේ මොන පක්ෂේ දිනුවත් මායි නිමලූයි (නිමල් සිරිපාල ද සිල්වා) ඇමතිකමක් ගන්නවා යනුවෙනි.

චාමරගේ වැඩ ඉන් නැවතුණේ නැත. නැවතත් චාමර කරළියට එන්නේ පසුගිය ජූලි 17 වැනිදා එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට ගොස් සිටිය දී ඇති වූ උණුසුම් තත්ත්වයත් සමගය. විෂය භාර අමාත්‍යවරයා ලෙස තමා වැඩබලන අමාත්‍යාංශයට අයත් ආයතනයක් වන එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙන අතරතුර එම සමාගමේ යන්ත්‍රවලට නොගැළපෙන අමතර කොටස් ගෙන්වීමෙන් රුපියල් ලක්ෂ 50කට අධික පාඩුවක් සිදුව ඇතැයි සේවකයන් විසින් අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදී.

එහිදී ඊට අදාළ නිලධාරියාගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේ දී ඔහු පැවැසුවේ ගෙන්වා ඇති අමතර කොටස් යන්ත්‍රවලට සවිකිරීමට නොහැකිය යන්න සත්‍යයක් වන නමුත් එහි වගකීම තමන්ට භාරගැනීමට නොහැකි බවත් තමා සිදුකළේ ඉහළ නිලධාරීන් විසින් ප්‍රසම්පාදනය කළ භාණ්ඩ ගෙන්වීම බවත් මෙහිදී තමන් කිසිදු වංචාවක් කර නොමැති බවත්ය.

මෙහි දී චාමර සම්පත් ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සිය ෂෝ එකක් දමමින් අදාළ නිලධාරියාට ඍජුවම චෝදනා එල්ල කර සිටියේ අවට සිටි සිය සහචරයන්ගේ කීමට මිස නිසි විධිමත් පරීක්ෂණයකින් පසුව නොවන බව පෙනෙන්නට තිබිණි. ඒ අවස්ථාවේ ඇමතිවරයා ඉදිරියේ ම එහි සුළු සේවයන් විසින් මෙම ඉහළ නිලධාරියාට පහර දීමක් ද සිදුකරනු ලැබිණි.

චාමර සම්පත් එප්පාවල පොස්පේට් සමාගමට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීමට එහි සේවය කරන ආරක්ෂක ඛණ්ඩය විසින් විශේෂ පෙරට්ටුවක් ද සූදානම් කර ආරක්ෂක අංශයේ වැඩ පෙන්වූ නමුත් මෙම ගැටුම වැළැක්වීමට ඔවුන් ද ඉදිරිපත් නොවීය. එසේම අමාත්‍යවරයා විසින් දිගින් දිගටම අදාළ රාජ්‍ය නිලධාරියාට චෝදනා කරමින් අවට සිටි පිරිස වක්‍රව උසිගැන්වීමක් සිදුකර මෙවන් නින්දිත පහර දීමකට මුලපිරීම දෙස සිනහමුසු මුහුණින් ජ්‍යෙෂ්ඨම පොලිස් නිලධාරීන් කිහිප දෙනකු බලා සිටින අයුරු විද්‍යුත් මාධ්‍ය වාර්තා කළේය.

අවසානයේ විධිමත් පරීක්ෂණයකින් වගවිභාගයකින් තොරව රාජ්‍ය නිලධාරියකු ඇමැතිවරයකුගේ වචනයට වැඩ තහනම් කිරීමට පොස්පේට් සමාගමේ සභාපතිවරිය වූ සන්ධ්‍යා අඹන්වල මහත්මිය කටයුතු කළේය. මෙහි ඇති පුදුමසහගත කරුණ නම් මෙම සන්ධ්‍යා අඹන්වල මහත්මිය 2018 වසරේ දී චාමර සම්පත් දසනායක ඌව පළාත් මහඇමැතිව සිටි අවධියේ විදුහල්පතිනියක් දණගැස්වූ සිදුවීම අවස්ථාවේ චාමරගේ නිවසේ එකත්පසව බලා සිටි එවක ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය වීමයි. එදා සිදුවූවා යැයි කියන්නේද බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිය බියවද්දවා නඩුව සමථයකට පත්කර ගත් බවකි. අද සිදුවූයේ ද එහි අනෙක් පැත්තය.

මෙම සිදුවීමට අදාළ එප්පාවල පොස්පේට් සමාගමේ සැපයුම් නිලධාරිවරයා සැබවින්ම වරදක් සිදුකර ඇද්ද යන්න තවමත් ඔප්පු වී නොමැත. දූෂණ, වංචා සෙවීමට විධිමත් නීති පද්ධතියක් මෙරට තුළ ස්ථාපිත කොට ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවක්, විගණකාධිපති දෙපාර්තමේන්තුවක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක්, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයක් මෙරට තුළ ස්ථාපිතය.

දණ්ඩ නීති සංග්‍රහය, සිවිල් නඩු විධාන සංග්‍රහය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආදී සුවිශේෂ නෛතික ප්‍රතිපාදන රැසක් ද ක්‍රියාත්මකව පවතී. මෙවැනි නෛතික තත්ත්වයක් තිබිය දී ඇමතිවරයකුගේ ඍජු විධානයකට රාජ්‍ය සේවකයකු සේවයෙන් පහකිරීමට හැකියාවක් පවතින්නේද? යන්න ගැටලුවකි. නීතියට අනුව කිසියම් පුද්ගලයකු වරදක් කර ඇති බවට සාක්ෂි සහිතව ඔප්පු වන තුරු ඔහු හෝ ඇය නිවැරැදිකරුවෙකි. නමුත් මෙහිදී තවමත් පරීක්ෂණයක් ආරම්භ කර නොමැත. එහෙත් මේ වන විට අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර තිබේ. ගැටලුව ඇත්තේ මෙහිය.

ඇමැතිවරයකුට සිය බලතල භාවිත කර රාජ්‍ය නිලධාරීන්ට අයුතු බලපෑම් සිදුකිරීමට හැකියාවක් ඇත්තේද යන්නද ගැටලුවකි. ඕනෑම පුද්ගලයකුට ආත්ම ගෞරවයක් ආත්ම අභිමානයක් පවතී. ප්‍රසිද්ධියේ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ තමා නොකරපු වරදකට හෝ නොකරපු දෙයකට විධිමත් පරීක්ෂණයකින් තොරව චෝදනා එල්ල කරන්නේ නම් ඒ වෙනුවෙන් පෙනී සිටීමට ඔහුට හෝ ඇයට හිමිකම් පවතී.

නමුත් ඒ හිමිකම එදා මර්වින් ගස් බැන්ද සමෘද්ධි නිලධාරියාට, මේ සැපයුම් නිලධාරියාට නැද්ද? ප්‍රශ්නය බරපතළය. උත්තරය සරල නැත. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින රටක මෙවැනි සීදුවීම් හා පැවතුම් සිදු නොවීය යුතු අතර, මෙම සිදුවීම හා මෙයට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳ ගන්නා තීරණය කුමක්දැයි අප වගකිව යුත්තන්ගෙන් ප්‍රශ්න කරන්නෙමු.

SendShareShare
Previous Post

අද තියෙන්නේ තොරතුරු දැනගැනීමේ නීතිය නෙමෙයි තොරතුරු සැඟවීමේ නීතිය! ‌‌තොරතුරු සඟවන සියලු නිලධාරීන් නීතිය හමුවට ගේනවා! මාදූවේ උපනන්ද හිමියන්ට අක්තපත ප්‍රදානය කරමින් විපක්ෂනායක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අනුරාධපුර ඓතිහාසික උරුමය රකින්න නව නීති පද්ධතියක්! මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන්න විශේෂ කමිටුවක්! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.