මේ වන විට රජයේ අනුග්‍රහය යටතේ බාල ඖෂධ ලක්ෂ 220ක් වූ ජනතාවට ලබා දෙන බවත් පක්ෂ පාට ආගම් ජාති භේද අමතක කොට මෙය හරිද වැරදිද කියා තීරණය කිරීම සිදු කල යුතු බවත් ගිලන් වී රෝහලට ගිය පසු ජාති ආගම්භේද නොසලකා මේ ඖෂධ මාෆියාවට හසුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මේ වන විට පරීක්ෂණවලින් අසමත් ඖෂධ පවා වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් අනාවරණය කරන සත්‍ය හෙළිදරව් කරන නිලධාරීන්ට චක්‍ර ලේඛ නිකුත් කර තහංචි පනවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙරට තුළ ඇත්තේ තොරතුරු සැගවීමේ නීතිය නොව තොරතුරු දැන ගැනීමේ නීතිය බවත් මෙසේ තොරතුරු සැගවීම කරන පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
සෞභාග්‍යයක් කරා යනවා කියපු අපේ රට අද අභාග්‍යයේ පතුලටම වැටී අවසන් බවත් මෙවන් තත්ත්වයක් තුළ රටේ අනාගත පාලනයක් සිදු විය යුත්තේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට දසරාජ ධර්මය කේන්ද්‍ර කරගෙන බවත් තමා එයා දැඩි ලෙස විශ්වාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද මාදූවේ උපනන්ද ස්වාමීන් වහන්සේට අක්තපත ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ධම්ම පදයෙ සදහන් ආකාරයට සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් දැකීමටඅප පුරුදු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.