2024 ජුනි 05 දා සිට 2024 ජුනි 19 දා දක්වා කාලය තුළ (දින 14 තුළ) රජය විසින් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවලින් රුපියල් බිලියන දහසකට වඩා දේශීය වෙළෙඳපොළෙන් ණය ලෙස ලබාගෙන ඇති බව මහබැංකු වාර්තා හෙළිකර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
මෙහිදී අදාළ කාලසීමාව තුළ භාණ්ඩාගාර බිල්පත්වලින් රුපියල් බිලියන 685ක ණය ලබාගෙන ඇති අතර, භාණ්ඩාගාර බැඳුම්කරවලින් රුපියල් බිලියන 315කට වඩා ණය ලබාගෙන ඇති බව හෙළිව තිබේ.
මේ වසරේ ජනවාරි සිට රජයේ දේශීය ණය ගැනීම පිළිබඳ විශ්ලේෂණය කොට බලන විට කෙටි කාලයක් තුළදී වැඩිම ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ ජුනි මාසයේදී බව හෙළිව තිබේ.
මේ අනුව දිනකට මෙසේ දේශීය වශයෙන් ලබාගන්නා ණය ප්‍රමාණය සාමාන්‍යයෙන් රුපියල් බිලියන 70 ඉක්මවා ඇති බවයි පෙන්නුම් කරන්නේ.
රජය මෙසේ ලබාගන්නා ණයවලින් වැඩි කොටසක් පෙර ලබාගත් ණය නැවත ගෙවීම සඳහා භාවිත කළද මේ ආකාරයට ක්‍රියා කිරීම මත දේශීය ණයවල අස්ථාවරත්වය ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ප්‍රේමලාල් විජේරත්න