• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යෝග, ප්‍රයෝග සහ සම්‍යක්ප්‍රයෝග I Sri Lanka Latest News

June 27, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යෝග සහ ප්‍රයෝග කියන වචන දෙක අතර තියෙන්නේ එක අකුරක පරතරයක්. එහෙම කිව්වේ ඇයි කියලා මේ ලිපිය කියවනකොට ඔබට තේරේවි. හැබැයි අපි කියන්නේ නෑ යෝග සහ ප්‍රයෝග අතර ඇත්තටම සම්බන්ධයක් තියෙනවා කියලා. අපි කියන්නේ අකුරක වෙනසක් තියෙනවා කියලා විතරයි.(Sri Lanka Latest News)

පහුගිය දවස්වල අපි දැක්කා අපේ රටේ ඉන්න මැති ඇමැතිවරු පිරිසක් එක්තරා තැනක ඉඳගෙන යෝග කරනවා. ඒවට කියන්න ඕනෙ වචනය යෝග කරනවාය කියන එකද කියන්න අපි හරියටම දන්නේ නෑ. ඒ වගේ දෙයක් කරනවා අපි දැක්කා. මේක හරි ලස්සනයි. කොහොමත් මිනිස්සු වයසට යනකොට ඒ වගේ දේවල් කරන්න පටන් අරගන්න ඕනේ. එහෙම නැත්නම් ශරීර සෞඛ්‍යය පිරිහෙනවා.

ශරීර සෞඛ්‍යය පිරිහුණාම කිසිම වැඩක් කරගන්න බැරිව යනවා. ඇත්තටම ඉතින් වයසට ගියාට පස්සේ විවේක සුවයෙන් ඉන්න අතරතුරේ අපට මොකටද බං ඔය ඇඟේ හයිය හත්තිය කියන වයසක උන්දැලා අපට ඕනෙ තරම් මුණගැහිලා තියෙනවා. හැබැයි ඉතින් මේ උද්දැලා නම් එහෙම නෑ. උන්දැලා බැරි බැරිගාතෙ වුණත් රටට දැයට වැඩ ඇති පුරවැසියන් විදියට වැඩ කරනවා. සමහර වෙලාවට මද්දුම බණ්ඩාරලා වගේ අනිත් අය වෙනුවෙන් බෙල්ල දෙනවා. ඇතැම් වෙලාවට සරදියෙල්ලා, රොබින් හුඩ්ලා වගේ වැඩ කරනවා. පොඩි වෙනසකට තියෙන්නේ මහ එවුන්ගෙන් අරගෙන පොඩි එවුන්ට බෙදලා දුන්නට, මහ එවුන්ගෙන් අරගෙන නිකන් ඉන්න එක. පොඩි උන්ට බෙදලා දෙන්න තරම් කලබල වෙන්නේ නෑ. ඒවා ඉතින් පරිණත මිනිස්සු, පරිණත මනසින් තේරුම් ගත්ත දේවල් වෙන්න ඇති කියලා අපි හිතනවා.

කොහොම වුණත් යෝග කරන අතරතුරේ කුඩ ඉහළගෙන යෝග කරනවා අපි බොහොම කලාතුරකින් තමයි දකින්නේ. මම දන්නේ නෑ, ලියුම්කරු නම් මීට කලින් කුඩ ඉහළගෙන යෝග කිරිල්ල දැකලා නෑ. හැබැයි ඉතින් ඒකත් දකින්න ලැබීම වාසනාවක් කියලා තමයි ලියුම්කරුට හිතෙන්නේ. අපේ රටේ ඇමැතිවරු කිහිප දෙනෙක්ම යෝග කරනකොට ඊට පිටිපස්සෙ ඉඳන් කවුදෝ කට්ටියක් කුඩ අල්ලගෙන හිටියා.

සමහරු කියනවා ඒ හිටියේ ඒ අයගේම ආරක්ෂකයෝ, හිතවත්තු කියලා. හැබැයි ඉතින් බන්දුල ගුණවර්ධන මහත්තයා එක තැනක කියලා තිබුණා ඔය යෝග කරපු උදවියගේ පිටිපස්සේ ඉඳන් කුඩ ඇල්ලුවේ ඉන්දියාවේ පිරිසක් කියලා. මේ ඉන්දියාවේ පිරිස කුඩ ඇල්ලුවා නම් මොනවා කරන්නද? මේ වගේ උතුම්, දක්ෂ දේශපාලකයන් අව් වැසි සුළංවලින් ආරක්ෂා කරන්න ඒ අය කටයුතු කළා නම් ඉතින් ඒකට කවුද වැරැදි නේද?

එක දවසක් බුදුරජාණන්වහන්සේව වැස්සෙන් ආරක්ෂා කරන්න ඉන්දියාවේ මුචලින්ද නම් නා රජු ඇවිල්ලා ඒ වටා වැදකුණු කරලා හිසට හෙවණ වෙන විදියට තමන්ගේ පෙණය උස්සගත්තාය කියනවනේ. ඒ සිදුවීමේ චිත්‍ර එහෙම අපි දැකලා තියෙනවා. ඒ නිසා ඉන්දියාවේ අය සාමාන්‍යයෙන් අනිත් කෙනාව වැස්සෙන් ආරක්ෂා කරගන්න දක්ෂයි.

ඕක දකිනකොට මතක් වුණා තවත් ඔය වගේම සිද්ධි දෙකක්. එක පාරක් අපේ රටේ ඉන්න ප්‍රධානම පුරවැසියෙක් යෝග කරනවා හෝ ව්‍යායාම කරන හෝ පින්තූරයක් රට පුරාම ගියා. ඒකෙ තිබුණා පිටිපස්සෙන් පෝර්ටබල් ඒ.සී. එකක්. එහෙම නැත්නම් වෝටර් කූලින් සිස්ටම් එකක් තියාගෙන හිටියා. පිටිපස්සෙන් ඒ.සී. කරගෙන ඉස්සරහ එක්සසයිස් කරනවා අපි ඔය පළමු වතාවට තමයි දැක්කේ.

මොකද මේවා කරන්නෙත් එළිපහළියේ. එහෙම එකේ මොකටද උන්දැලාට පිටිපස්සෙන් තියන්න පෝටර්බල් ඒ.සී. නේද? ඒවා අපි දන්නේ නෑ ඉතින්. අවශ්‍ය නම් ඒවා පාවිච්චි කළාට අපට කමක් නෑ. හැබැයි අපට මතකයි ඔය අස්සෙම තවත් එක දවසක් අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඇතුළු කණ්ඩායමක් සරඹ සංදර්ශනයක් වගේ එකක් කරන වීඩියෝ එකකුත් වයිරල් වුණා. ඒකෙ නම් උන්දැලාට කුඩ ඉහළලා තිබුණේ නෑ. ඒ වුණාට උන්දැලා අමුතු අමුතු ඉරියව්වලින් එක එක්කෙනා එක එක තාලෙට තමන්ට ගැළපෙන විදියට ඔය අදාළ දේ කරමින් හිටියා.

හැබැයි ඉතින් අවසාන වශයෙන් ලියන්න තියෙන්නේ මේකයි. අපේ රටේ දේශපාලකයෝ රටට ලෝකෙට දුන්නේ හොඳ ආදර්ශයක්. වයසට ගියත් හවසට ගෙදර කියනවා වගේ වයසට යන්න යන්න තමයි ඇඟේ ශරීර ශක්තිය ආරක්ෂා කරගන්න ඕනේ.

ඒක නිසා කියවන හැමෝම මේ පාඩම හොඳට හිතට ගන්න. මොන අඩුපාඩුවක් නැතත්, කෑම බීම දැසිදස්සෝ සියල්ල තිබුණත්, රජෙක් වුණත් වැඩක් නෑ ලෙඩෙක් නම්. හැබැයි අපි අන්තිමට තව එකක් කියනවා. ලෙඩෙක් නම් රජෙක් කරන්න එපා. ලෙඩෙක් කියන්නේ ශරීරයේ ලෙඩ නෙවෙයි, මානසික ලෙඩ තියෙන කට්ටිය, එහෙම නැත්නම් රටට ලෙඩ දාන කට්ටිය, තමන්ටම ලෙඩ දාගන්න කට්ටිය. අන්තිමට මුළු රටටම ලෙඩක් වෙලා කරදරයක් වෙච්ච කට්ටිය. එහෙම කට්ටියව නම් මේ දේශපාලනයට ඈඳාගන්න එපා. අවාසනාවකට අපේ රටේ ඕක ටිකක් වෙනවා වගේ ගතියක් අපට පේන්න තියෙනවා.

ඉතින් මේ කාටවත් චෝදනා කරනවා නෙවෙයි. කොහොම වුණත් කමක් නෑ. දැන් ඉතින් අලුත් යෝග ක්‍රමවේදයක් ලෝකෙට හඳුන්වා දෙන්න අපට පුළුවන් වුණානේ. ඒ තමයි කුඩ සහිතව කරන යෝග. ඒවා යෝගද, නැත්නම් ප්‍රයෝගද කියන එක අපි දන්නේ නෑ. දන්නේ ඉතින් කරපු කට්ටියම තමයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මේක අවසන් ‌නම් ලිස්ට් එක නෙමෙයි! නම් නැති ඔක්කොම ජුලි 10ට පෙර අභියාචනා ඉදිරිපත් කරන්න! මුදල් රාජ්‍ය ඇමැතිගෙන් දැනුම් දීමක්! I Sri Lanka Latest News

Next Post

විදෙස් ණය ඩොලර් බිලියන 41.5න් ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කරනවා! ඒ වගේම දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා! බැංකුවල ස්ථායිතාවට-අරමුදල්වලට-තැන්පතුවලට මොනවත් වෙන්නේ නෑ! සති අන්තේ වෙන්න යන දේ ගැන රනිල් පළමුවරට ගම්පහදී කතා කරයි!  PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

Load More
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමුවට සහභාගි වූයේ එස්.එම් මරික්කාර් මහතාය.Sri Lanka Latest News වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා...

Read more
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.