• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිරිඳ සහ දොස්තර බලා ඉඳිද්දී උඩින් බිමට පැන්න ආතතිය I Sri Lanka Latest News

August 4, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔබත් වහාම පියවර ගන්න…

මානසික පීඩනය, එහෙම නැත්නම් ස්ටේ‍රස් එක. මේක තමයි අපි සාමාන්‍යයෙන් දන්න වචනය. මේක විද්‍යාත්මකව පැහැදිලි වෙන්නේ කොහොමද කියන එක ගැන අපිට මේ ලිපිය අවසාන කොටසෙදී කතා කරන්න පුළුවන්. හැබැයි මානසික පීඩනය හෝ ස්ටේ‍රස් කියන වචනය සම්බන්ධව අපට විද්‍යාත්මකව කතා කරනවාට එහා ගිය සාමාන්‍ය දැනුම් මට්ටමේදී අපි විසින් කතා කළ යුතු කාරණා ටිකක් තියෙනවා. අවබෝධ කරගත යුතු දේවල් ටිකක් තියෙනවා.(Sri Lanka Latest News)

මොකක්ද මේ මානසික පීඩනයක් කියලා කියන්නේ? ඒක වචනයෙන් විස්තර කරන්න බැරි නමුත් ඔබ ඒක දන්නවා. ඔබටත් ජීවිතේ එක වෙලාවක මේ ප්‍රශ්නෙ දැනිලා තියෙනවා. මේ විදියට ඔබට රිදිලා තියෙනවා. ඔබට හිතෙනවා මැරෙන්න. ඔබට හිතෙනවා කොච්චියට පනින්න. ඔබට හිතෙනවා ජීවිතේ නැති කරගන්න. මගෙන් කාටවත් වැඩක් නෑ කියලා හිතෙනවා. මම තනි වෙච්ච මනුස්සයෙක් කියලා හිතෙනවා. මට කවුරුත් ආදරේ නෑ, මම කිසි වටිනාකමක් නැති මිනිහෙක් කියන හැඟීම ඔබට එනවා. එහෙම නැත්නම් ඒ හැඟීම ඔබට දෙනවා.

ඒක ඔබ දැන හෝ නොදැන ඔබ තුළ ඇතිවෙන දරාගන්න බැරි තත්ත්වයක්. මේ තත්ත්වය යම් අයගේ ජීවිතවලදී ඉක්මනින් සමනය වෙනවා. ඔවුන්ට අවශ්‍ය සහනය ඔවුන් වගේ ඉන්න කාගෙන් හෝ ලැබෙනවා. හැබැයි ඔවුන් දැන හෝ නොදැන ඔවුන් වටේ ඉන්න බොහෝ දෙනෙක් ඒ ප්‍රශ්නවලදී හුදෙකලා වෙනවා. අදත් මේ මොහොතේත් මේ ලියන තත්පරේත් මේ තත්ත්වයෙන් පීඩාවට පත්වෙලා ඉන්නවා.

මුලින්ම කියන්න තියෙන්නේ මේ ලිපිය කියවන අතරතුරේ ඔබ ඉන්නේ මෙවැනි මානසික තත්ත්වයක නම්, වහාම ඔබට පුළුවන් අපිත් එක්ක කතාබහ කරන්න. ඔබට පුළුවන් අපිත් එක්ක එකතුවෙලා හිනා වෙන්න. ඔබට පුළුවන් ඔබේ යාළුවෙක් එක්ක එකතු වෙලා කෑගහලා හිනාවෙන්න. මොකද ඒකට හේතුව මේ මනුස්සයගේ මනස හැදිලා තියෙන්නේ නිතරම වැරැදිකාර හැඟීමකින්, නැත්නම් ‘තමන්ට නෑ’, ‘තමන්ට බෑ’ වගේ දේවල් හිතලා තෘප්තිමත් වෙන්න.

ඒක මනසේ තියෙන ස්වභාවයක්. අපි කල්පනා කරලා බැලුවොත් අපේ ජීවිතේ සතුටු වෙන්න කාරණා කොච්චර තියෙනවද? කල්පනා කරලා බලන්න. සමහර වෙලාවට කෙනෙක් තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය දාලා ගියපු නිසා දැඩි මානසික පීඩනයකට පත්වෙනවා. ඔව්, ඒක ඇත්ත. මේ ලිපිය ලියන මමත්, කියවන ඔබත් ජීවිතේ එක වතාවක්වත් මේ මානසික පීඩනයට ලක්වෙලා තියෙනවා. කන්න බොන්න හිතෙන්නෙ නෑ, නිදාගන්න හිතෙන්නෙ නෑ, නින්ද යන්නෙ නෑ, පාන්දරට ඇහැරුණාම හුදෙකලා බව දැනෙන්න ගන්නවා, ඔබට දැනෙනවා ඔබට කතා කරන්න කෙනෙක් නෑ කියලා.

ඔබට හිතෙනවා ඔබට කියන්න දේවල් දාහක් තිබුණත්, අහන්න කෙනෙක් නෑ කියලා. මේක තමයි සාමාන්‍ය තත්ත්වය. නමුත් ඇයි ඔබ කල්පනා කරන්නෙ නැත්තේ ඔබට සතුටු වෙන්න තියෙන කාරණා ගැන. විශ්වාස කරන්න ඔබට අතපය හතරක් තියෙන එක පවා සතුටු වෙන්න කාරණයක්. සමහර විට කෙනෙක් ඉන්න පුළුවන් අතක් නැති. හරි, අතක් නැති කෙනාටත් සතුටු වෙන්න පුළුවන්. ලෝකෙ ඉන්නවා අත් දෙකම නැති මිනිස්සු දහස් ගානක්.

අත් දෙකම නැති මිනිස්සු විතරක් නෙවෙයි, කකුල් දෙක නැති මිනිස්සුත් ඕනෙ තරම් ඉන්නවා. අත් දෙකම නැති කෙනකුට සතුටු වෙන්න පුළුවන් මට කකුල් දෙකක් තියෙනවා කියලා. කකුල් දෙකම නැති මිනිස්සු ලක්ෂ ගානක් ලෝකෙ ඇති. හැබැයි ඔබට එක කකුලක් හරි තියෙනවා නම් ඔබට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්.

කල්පනා කරලා බලන්න රෝහලකදී මේ තත්ත්වය නිර්මාණය වෙන හැටි. වෛද්‍යවරයෙක් ඔබට කියනවා ඔබේ කකුල කපන්න අවශ්‍යයි කියලා. මම දන්නවා මෙහෙම කිව්වොත් එහෙම මම සහ ඔබ සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු විදියට හරි කලබලයට පත්වෙනවා. කකුල කපන්නේ ඔබේ ජීවිතය බේරාගැනීම සඳහා කියන නිසා සමහර විට ඔබට යම් සැනසිලිදායක හැඟීමක් ඇතිවෙන්න පුළුවන්. මොකද වෛද්‍යවරයා ඔබට කිව්වොත් එහෙම ඔබේ ජීවිතේ බේරගන්න බෑ කියන කතාවට වඩා ඔබේ ජීවිතේ බේරගන්න බැරි නෑ, ජීවිතේ බේරගන්න පුළුවන්.

හැබැයි කකුල කපන්න වෙනවා කිව්වම ඔබට තෘප්තියක් දැනෙයි. ඔබේ පවුලේ අයට තෘප්තියක් දැනෙයි. ඒ අයට සමහර වෙලාවට හිතාගන්න බැරි සතුටක් දැනෙයි. ඇයි ඒ? ඔබේ කකුල කපන නිසාද? නෑ. ඔබේ ජීවිතේ බේරගන්න පුළුවන් නිසා. ජීවිතේ බේරාගැනීම සඳහා කකුල කැපීමට අපි එකඟ වෙනවා නම් ඇයි අපි කකුල කපනවට බය වෙන්නේ? ඒ, සාපේක්ෂව ඔබට සිද්ධ වෙන්න පුළුවන් හානිය පිළිබඳ තක්සේරුව මනස විසින් නිර්මාණය කරන හින්දා.

කකුල කපන්න නියම වෙලා ඉන්න ලෙඩකුට වෛද්‍යවරයා කිව්වොත්, ඔබට සතුටුදායක ආරංචියක් කියන්න තියෙනවා, ඔබේ කකුල කපන්න වෙන්නේ නෑ, ඔබේ ඇඟිලි ටික විතරයි කපන්න වෙන්නේ කියලා. ඔබ කොච්චර සතුටු වෙයිද? හැබැයි කකුල කපන්න තියෙනවා කියලා නොකියා කෙනෙක් ඔබට කිව්වොත් ඔබේ ඇඟිලි ටික විතරයි කපන්න සිදුවෙන්නේ කියලා, ඔබ කවදාවත් සතුටු වෙන්නේ නෑ. හැබැයි ඔබේ කකුල කපනවාය කියලා, කකුල නොකපා ඇඟිලි කපන්න තීරණය කළාට පස්සේ ඔබට සතුටු හිතෙනවා. ඒක තමයි අපේ මනුස්ස ජීවිතේ ස්වභාවය. හැබැයි ටික දවසකින් ඔබට අමතක වෙනවා මේ කතන්දරේ. ඇඟිලි කැපුවා කියලා ඔබ දුක් වෙනවා.

අපේ රටේ අහිමිවීම්, නැතිවීම් දහස් ගණන් මිනිස්සුන්ව පීඩාවට පත්කරනවා. නමුත් අපි කවදාවත් ලැබීම්, හිමිවීම් ගැන ඕනෑවට වඩා සතුටු වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරලා තියෙන්නේ ලැබීමෙන් සතුටු වීමත්, නොලැබීමෙන් දුක්වීමත් විය යුත්තක් කියලා නෙවෙයි. හැබැයි අපි බුදුහාමුදුරුවෝ කියපු ලැබීමෙන් සතුටු නොවිය යුතුයි කියන කාරණය අරගෙන, නොලැබීමෙන් දුක් විය යුතුයි කියන කාරණය අතහැර දාලා. එතකොට අපේ ජීවිතේ වැඩිපුරම තියෙන්නේ දුකක්.

මේක මෙහෙම කිව්වේ පහුගිය කාලය ඇතුළත අපි දන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පස්දෙනකුට හයදෙනකුට වැඩි ප්‍රමාණයක් ජීවිතෙන් යන්න ගියා. විශේෂයෙන්ම මෙතැන හිටපු සමහර අය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ හදාරන ශිෂ්‍යයන්. මනස පිළිබඳ ඉගෙනගන්නා ශිෂ්‍යයන්. ඔවුන් මනස පිළිබඳ ඉගෙනගෙන, ඒ ඉගෙනගත් දෙයින් ලබාගත් ප්‍රයෝජනයෙන්, මානසික පීඩාවට පත්වන්නන්ව ඉන් මුදාගත යුතු වුවත් ඔවුන් ඔවුන්ගේ මානසික පීඩාවෙන් මිදෙන්නට නොහැකි ජීවිතයෙන් යන්නට ගිය අය. මෙවැනි කතන්දර බොරු නෙවෙයි. මේවා නිර්මාණ නෙවෙයි.

ඇත්තටම අපිට කොතැන හරි වැරැදිලා. ඒ වැරැදුණේ කොතැනද කියලා අපි කල්පනා කරලා බැලුවොත් ඇත්තම උත්තරය තමයි අපි ජීවත් වෙන රටේ දැන් ඉතා අසීරුයි මානසික පීඩාවකින් තොරව ජීවත් වෙන්න. මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න තියෙනවා. ජීවත් වෙන්න විදියක් නෑ. මිනිස්සු ජීවත් වෙච්ච ක්‍රමයෙන් මිනිස්සුන්ට මිදෙන්න සිද්ධ වෙලා. ඒ කියන්නේ මාසෙකට රුපියල් හැට හැත්තෑදාහක් හරිහම්බ කරගෙන, යම් විනෝදාශ්වාදයක් ලබලා, ටි්‍රප් එකක් ගිහිල්ලා, පවුලේ අයත් එක්ක කඩේකට ගිහිල්ලා කාලා බීලා, දරුවන්ට කිරි පිටි පැකට් එකක් ගෙනල්ලා දීලා, පොඩි දරුවන්ට සෙල්ලම් බඩුවක් ගෙනල්ලා දීලා හිටපු අම්මලට තාත්තලට දැන් රුපියල් හැට හැත්තෑ දාහකින් යන්තම් වේල පිරිමහගන්න සිද්ධ වෙලා.

දරුවන්ගේ මූණු දකිද්දී මිනිස්සුන්ට දුක හිතෙනවා. ඉස්සර ගෙවපු ජීවිතේ අහිමි වුණාම මිනිස්සු හුදෙකලා වෙනවා. සමහර කෙනෙක් මත්පැන් සාදයකට සම්බන්ධ වෙන්නේ මතට තියෙන ලොල් බව නිසා නෙවෙයි. ඔහුගේ ඒ මොහොතේ පීඩාවෙන් මිදෙන්න. විද්‍යාත්මකව මේ කාරණාව ඇත්තද, සදාචාරාත්මකව මේක ඇත්තද කියන එක වෙනම කතාවක්.

නමුත් ඒක අහිමි වුණාම ඒ මනුස්සයට දැනෙන්න පටන් ගන්නවා තමන්ට දෙයක් අහිමි වෙලා, තමන් සතුව තිබුණු යම් කිසි දෙයක් තමන්ට නැතිවෙලා කියලා. ඒ වගේම ණය තුරුස්වලින් මිනිස්සු හරියට අසරණ වෙලා ඉන්නේ. ලංකාවේ විශාල ප්‍රමාණයක් ෆිනෑන්ස් ගෙවාගන්න බැරුව, ණය ගෙවාගන්න බැරුව අන්ත අසරණ වෙලා. පහුගිය කාලේ ලංකාවේ ගත්තු සමහර අත්තනෝමතික තීරණවලට බැංකු වගකියන්නම ඕනේ.

ඒකට හේතුව ණයක් ගන්නේ ඒ ණය තමන්ට ගෙවන්න පුළුවන් සීමාවේ තියෙනවා නම්. උදාහරණයක් විදියට මනුස්යෙක් මාසයකට රුපියල් 15,000ක් ගෙවන්න හැකි බව හිතලා බැංකුවට ගිහිල්ලා අහලා, රුපියල් 15,000ක් මාසෙට ගෙවිය යුතු ආකාරයේ ණයක් ගන්නවා. නමුත් බැංකුව විසින් හදිසියේම තීරණයක් ගන්නවා දැන් ඔබ ගෙවිය යුතු මුදල 15,000 නෙවෙයි, 35,000ක් කියලා. ඒකට එරෙහි වෙන්නවත්, ඒකෙන් මිදෙන්නවත්, ඒකට විරුද්ධව පියවරක් ගන්නවත් ඒ පුද්ගලයට පුළුවන්කමක් නෑ. බැංකුව මේ තීරණය ගන්නේ ඔවුන්ගේ ආර්ථික ශක්තිය වැඩිවෙච්ච වෙලාවක නෙවෙයි.

බැංකුව මේ තීරණය ගන්නේ රටක් විදියට අපි ඉතා අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීලා ඉද්දී. පාන් ගෙඩියේ මිල ඉඳලා සියලු දේවල මිල වැඩිවෙලා තියෙන යුගයක. ඒ කියන්නේ අර රුපියල් 15,000ක් ණය වෙච්ච මනුස්සයට 15,000ක් නෙවෙයි, රුපියල් 10,000ක්වත් ගෙවාගන්න බැරි කාලේ. ඒ නිසා ඔහු දෙපැත්තකින් තැළෙනවා. එවැනි පුද්ගලයෙක්ගේ මානසික පීඩනය මොන මට්ටමේ තියෙනවද කියන එක ප්‍රශ්නයක් තමයි.

අපි දන්නවා ලංකාවේ ගොවියෝ විශාල පිරිසක් පහුගිය කාලේ ලොකු පීඩනයකට පත්වුණා. ඒකට හේතුව ඔවුන් අනුමාන කරපු, ඔවුන් බලාපොරොත්තු වෙච්ච අස්වැන්න ලබාගන්න නොහැකි වීම. ගොවියෝ නොවෙන කෙනකුට මේ ගොවියන්ගේ ප්‍රශ්නේ තේරෙන්නේ නෑ. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් අපේ ගොවි මහත්තුරු තමන් සතු බොහෝ දේ උකස් තියලා, අක්‍රමවත් විදියට ණය අරගෙන තමන්ගේ ගොවිතැන් කටයුතු කරනවා.

ඔවුන් ඒක කරන්නේ වරදින්න නෙවෙයි. ඔවුන් ඒක කරන්නේ ඔවුන් දන්නවා තමන්ගේ ගොවිතැන සඳහා වියදම් වන මුදල රුපියල් ලක්ෂ 10ක් නම්, ඔවුන්ට මේකෙන් ලක්ෂ 15ක් හොයන්න පුළුවන් කියලා. හැබැයි ඊට අවශ්‍ය කරන පහසුකම් ටික ලැබුණොත් විතරයි. අපේ පොහොර ප්‍රශ්නෙත් එක්ක සිදුවෙච්ච බරපතළම දේ තමයි ඔවුන් ලක්ෂ 10ක් ණයට අරගෙන ගොවිතැන කළාම ඔවුන් බලාපොරොත්තු වෙච්ච ලක්ෂ 15ක ලාභය වෙනුවට ඔවුන්ට ලැබුණේ ලක්ෂ 06ක 07ක ආදායමක්. ඒ නිසා ඔවුන් ශුද්ධ වශයෙන්ම ලක්ෂ ගණනක පාඩුවක් ලැබුවා.

මෙවැනි තත්ත්වයක් රට ඇතුළේ නිර්මාණය වුණාම මිනිස්සුන්ගේ මානසික පීඩනයක් වෙන එක අහන්න දෙයක් නෙවෙයි. මේ කතාව ඔබට කිව්වේ ඔබ හිතාගෙන හිටියා නම්, ප්‍රශ්න තියෙන්නේ ඔබට විතරයි කියලා, නෑ, ඔබට විතරක් නෙවෙයි, ප්‍රශ්න හැමෝටම තියෙනවා. ලියුම්කරු වෙච්ච මටත් තියෙනවා. ලංකාවේ ජනාධිපතිතුමාටත් තියෙනවා. බොහෝ මැති ඇමැතිවරුන්ටත් තියෙනවා. කලාකරුවන්ටත් තියෙනවා.

ඔස්ටේ්‍රලියාවේ එක්කගෙන යන යාළුවෝ නැත්නම් කලාකරුවන්ට මේ වගේ ප්‍රශ්න තියෙනවා. කලාකරුවන් ඔස්ටේ්‍රලියාව වගේ රටක ක්‍රිකට් සංචාරවලට එක්කගෙන යන ක්‍රිකට් බෝඩ් එකේ මහත්වරුන්ටත් මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඔබටයි මටයි විතරක් මේ ප්‍රශ්න තියෙනවා කියලා හිතන්නේ නැතුව මේක තේරුම් අරගන්න ඕනේ. මේ දීර්ඝ විස්තරේ කළේ එක්තරා කාරණාවක් නිසා. ඒ, තමන්ගේ බිරිඳ සමග වෛද්‍යවරයෙක් මුණගැහෙන්න ගිය පුද්ගලයෙක්, බිරිඳ සහ වෛද්‍යවරයා යන දෙදෙනාම ඉන්නා අවස්ථාවේ උඩු මහලෙන් පැනලා මියයනවා. ඒක ලංකාවේ සිදුවෙච්ච සිදුවීමක්.

මේක චිත්‍රපටයක දර්ශනයක් නෙවෙයි. මේ සිදුවීමේ පීඩනය කොයි තරම් දරුණුද කියන එක ඔබට දැනෙන්න අවශ්‍ය නිසා සහ අපට මේක දැනුණේ කොච්චරද කියන එක ඔබට කියන්න අවශ්‍ය නිසා. මේ මියගිය පුද්ගලයා යළි ජීවත් කරවීමට බැරි නමුත්, එවැනි පුද්ගලයන් යළි මිය නොයන්නට කාරණා සකස් කළයුතු නිසා මේ වෛද්‍යවරයා වැරැදිද, මේ බිරිඳ වැරැදිද, පැන්න පුද්ගලයා වැරැදිද කියන එක නෙවෙයි අපි මෙතැනදී සාකච්ඡා කළ යුත්තේ. ඇයි මිනිස්සු පනින්නේ කියන එක. ඇයි මිනිස්සු පනින එකෙන් වළක්වාගන්න බැරි කියන එක.

මේ පුද්ගලයා කාලයක් තිස්සේ තමන්ට තිබුණු මානසික පීඩනයට බෙහෙත් ගන්නවා. ඒක වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරගැනීමක් අවශ්‍ය කාරණයක් වගේම ඔබ දැනගත යුතුයි ඔබට යම් මානසික පීඩනයක් තියෙනවා නම්, ඔබට නින්ද යන්නේ නැත්නම්, ඔබට මැරෙන්න හිතෙනවා නම්, ඔබට හිතෙනවා නම් මට කවුරුවත් නෑ වගේ හැඟීමක්. මේ ඕනෑම හැඟීමකට උත්තරය වෛද්‍ය විද්‍යාත්මකව ලබාගත හැකියි, බෙහෙත් පෙත්තකින් සමනය කරගත හැකියි කියන එකත් ඔබ මතක තබාගත යුතුයි. අපට අවශ්‍ය වුණේ මේ කාරණය කියන්න.

මේක ලොකු කතාවක්. අපි පුංචියට කිව්වේ. ඔබ මේක පුංචියට තේරුම් අරගන්න එපා. ඔබට මානසික පීඩනයක් තියෙන ඕනෑම අවස්ථාවක කතාකළ යුතු දුරකතන අංක තියෙනවා. අපි ඒ අංක ඔබට ලබාදෙන්නම්. රටක් වශයෙන් අපි ඒ සඳහා සහාය දීමට කටයුතු නිර්මාණය කරනවා. මේ අංකයකට කතා කරන්න. ඔබට විසඳුමක් හොයාගන්න පුළුවන් වේවි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මට ජිප් එකක දාගෙන ගහලා තමයි අරන් ආවේ! බොරැල්ල පොලිසියෙන් ගැහුවා කියපු තරිඳු බොරැල්ල පොලිසියට එරෙහිව බොරැල්ල පොලිසියේම පැමිණිල්ලක් දමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සජබ මන්ත්‍රීවරුන්ට රහස් අංකයකින් මරණ තර්ජන ඇවිත්! මන්ත්‍රීවරු රහස් පොලිසියට පැමිණිලි කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.