විදේශ රටවලදී නීති විරෝධීව මෝටර් රථ කොටස් ගලවා රහසිගතව කන්ටේනර් මගින් මෙරටට ගෙන්වා ඇතැයි සැකකරන තවත් වාහන දේශපාලනඥයන් හෝ කෝටිපති ව්‍යාපාරිකයන් අතට ගොස් ඇද්ද යන්න ගැන පොලිස්පති නියමයෙන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ‘මව්රට’ට පැවැසීය.(Sri Lanka Latest News)
ඒ සඳහා රහසිගතව මහජන සහාය ලබාගන්නා ලෙසද පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ.
එවැනි අන්දමට නීති විරෝධීව වාහන එකලස් කරන ස්ථාන වේ නම් දුරකතන අංක 1997ට කතාකර රහසිගතව තොරතුරු ලබාදෙන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ අතර තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු සඳහන් කළේ රේගු ඇස වසා එවැනි අන්දමේ වාහන රට තුළට ගෙනැවිත් ඇද්ද යන්න ගැනද රේගු මට්ටමින් පරීක්ෂණ ආරම්භ කළ යුතුව ඇති බවයි.
පසුගියදා මහත් ආන්දෝලනයකට ලක්වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සතුව තිබී රහස් පොලිසිය සොයාගන්නා ලද රුපියල් කෝටි ගණනක් වටිනා බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථය එංගලන්තයේදී සොරකම් කර මෙරටට පටවා ඇති සැකකරු සෙවීම සඳහා ජාත්‍යන්තර පොලිසිය ශ්‍රී ලංකාවේ රහස් පොලිසියේ ජාත්‍යන්තර පොලිසිය සමග වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ප්‍රේමලාල් විජේරත්න










