• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුලාංජලීට ගහන්න ගිහිල්ලා අනුර වැඩේ වරද්ද ගත්තාද?

March 7, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
දුලාංජලීට ගහන්න ගිහිල්ලා අනුර වැඩේ වරද්ද ගත්තාද?
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ ගාන්ධි පවුල මෙන් ප්‍රකට ලංකාවේද දේශපාලන පවුල් කිහිපයක් වෙයි. බණ්ඩාරනායක, සේනානායක පවුල් ඊට උදාහරණයන්ය. හිටපු අගමැතිවරයෙක්, ජනාධිපතිවරයෙක්, මෙන්ම වතමන් විපක්ෂ නායකයා ඇතුළත් වන ප්‍රේමදාස පවුලද ලෝකයම හඳුනන ලංකාවේ ප්‍රකට දේශපාලන පවුලකි. ආර්. ප්‍රේමදාස, සජිත් ප්‍රේමදාස මෙන්ම හේමා ප්‍රේමදාසද නම කී සැණින් ලංකාව මෙන්ම ලෝකයම අඳුනා ගාන්නා ප්‍රේමදාසවරුය.

මේ ප්‍රකට ප්‍රේමදාස පවුලේ රට එතරම් නොහඳුනන තැනැත්තියකද වේ. ඕ දූලාංජලී ජයකොඩිය. වත්මන් විපක්ෂ නායකයාගේ සහෝදරිය වන ඇය හිටපු ජනපති ආර්. ප්‍රේමදාසගේ එකම දියණිය ද වන්නීය. ප්‍රකට දේශපාලන පවුලක දියණියකව උපන්නාට දුලාංජලී පියාගේ දේශපාලන උරුමය හඹා යන්නියක නොවූවාය. අවම වශයෙන් බොහෝ ප්‍රකට පවුල්වල කාන්තාවන් කරන්නාක් මෙන් විවාහයෙන් පසු තම වාසගම ලෙස පියාගේ නම භාවිත කිරීමටවත් ඈ උත්සුක නොවූවාය. ප්‍රකට ව්‍යාපාරික පවුලක තරුණයෙක් වන රොහාන් ජයකොඩි සමග විවාහ වීමෙන් පසු ඕ දුලාංජලී ජයකොඩි නම මිස ප්‍රේමදාස නම භාවිත කිරීමට උත්සාහ නොගත්තාය. බිරියක, ගෘහණියක ලෙස තම වගකීම් ඉටුකරනවා මිස දෙශපාලන පවුල් ගසක ඉත්තෙක් නොවන්නට වගබලාගත් ඕ, පසුගිය ජූලි මාසයේ යළිත් රටේ අවධානය දිනාගන්නට සමත් වන්නීය. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මල් පාරේ නිවෙස ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධව ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලද කැඳවීම නිසාය. මේ ආකාරයෙන් සකලවිධ දේශපාලන ක්‍රියාන්විතයන්ගෙන් බැහැරව සිටි දුලාංජලී දැන් ලංකාවේ දේශපාලන වේදිකාවේ නිතර කතාබහට ලක්වන්නියක බවට පත්ව තිබේ. එහෙත් ඈ දේශපාලන වේදිකාවට ඇදගෙන එන්නේ ඇගේ සොහොයුරා සජිත් නොව, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකය.

පැත්තක සිටි දුලාංජලී විපක්ෂ නායකයාගේ නැගණිය වීම නිසාම අද ජාතික ජන බලවේගයේ විවේචනයට ලක්වෙමින් සිටින්නීය. ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේද නායකයා වන අනුර කුමාර දිසානායක දුලාංජලීට නගනුයේ බරපතළ චෝදනාවකි. ඒ, ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බවටය. සැබැවින්ම මේ චෝදනාව ඉතා බරපතළ එකකි. වඩාත් නිවැරදිව කියන්නේ නම් නීතිගරුක පරමාදර්ශී පුරවැසියන් වන ජාතික ජන බලවේගයේ ඇත්තන් වේදිකා ගානේ මේ චෝදනාව කරමින් නොසිට වහා ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළයුතුය. එහෙත් එවැනි සූදානමක අනුර කුමාර හෝ ජාතික ජන බලවේගය නැති බව දිගින් දිගටම ඔවුන් එම චෝදනාව නගමින් සිටීමෙන් පැහැදිලි වෙයි.

අනුර කුමාර දිසානායක දුලාංජලීට නගන ‘හොර සල්ලි’ චෝදනාව වූ කලී මෑතභාගයේ මතු වූ කාරණාවක් නොවේ. ඊට ඇත්තේ 2014 තරම් ඈතට දිවෙන, වසර නවයක අතීතයකි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී සිය මංගල ඡන්දය භාවිත කිරීමට ආණ්ඩුව සමග පොරබදන තරුණ තරුණියන් බහුතරයකට අනුර කුමාර දිසානායක, දුලාංජලීට නගන හොර සල්ලි චෝදනාව ‘ග්‍රීක්’ වගේය. ඔවුන්ගේ දැනගැනීම උදෙසා ඒ පිළිබඳ කෙටි සටහනක් තැබීමට ලියුම්කරු තීරණය කරන්නේ ජාතික ජන බලවේගය වටා එක්රැස්වන අලුත් පරපුරද ඒ විස්තරය දැන සිටීම වැදගත් වන බැවිනි.

විවාහයෙන් පසු සැමියාගේ ව්‍යාපාරික කටයුතු සඳහා දායක වන දුලාංජලී සිය ව්‍යාපාරික හවුල්කරුවකු සමග කළ ව්‍යාපාරයක ලාභාංශ ලෙස ලත් රුපියල් මිලියන දෙකකට අධික මුදලක් බැංකුගත කිරීමට තීරණය කරන්නීය. ඒ අනුව ඈ 2014 මාර්තු මස 24 හෝ ඊට ආසන්න දිනයක තමා ගනුදෙනු කරන හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකුවේ (එච්.එස්.බී.සී.) කුරුඳුවත්ත ශාඛාවට යන්නේ තමා ලද රුපියල් මිලියන දෙකක මුදලද රැගෙනය. නියමිත මුදල කවුන්ටරයට භාරදෙන ඈ තම රිසිට්පත ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටියදී බැංකු නිලධාරීන් දන්වනුයේ එම මුළු මුදලම ව්‍යාජ නෝට්ටු බවයි. එම අවස්ථාවේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද එම ස්ථානයට කැඳවනු ලබන අතර, අදාළ මුදල් ඔවුන් භාරයට ගනු ලබයි. එම මුදල ලැබුණු ආකාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරන විමසීමට පිළිතුරු දෙන දුලාංජලී තමාට මුදල් ලබදුන් ව්‍යාපාරික හවුල්කරුගේ සියලු විස්තර සහ ඔහු පදිංචි ලිපිනය පවා නිලධාරීන්ට ලබාදෙන්නේය. ඒ අනුව ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සැකකරු වහා අත්අඩංගුවට ගන්නේය. ඒ, තවත් රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු තොගයක්ද සමගිනි. එපමණක් නොව, ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදාගත් උපකරණ කිහිපයක්ද ඔහුගේ නිවෙසේ තිබී සිය භාරයට ගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත් වන්නේය.

එදා ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර, ඉන් රුපියල් පන්දහසේ නෝට්ටු 503ක් දුලාංජලී ජයකොඩිට හවුල් ව්‍යාපාරයක ලාභාංශ ලෙස ලබාදුන් සැකකරු ලෙස අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූවේ ඇතුල්කෝට්ටේ මහින්දාරාම පාරේ පදිංචිකරුවකු වූ හික්කඩුව ආරච්චිගේ ක්‍රිෂාන්ත රෝලින් පෙරේරා නමැත්තෙකි. ඔහු අධිකරණය හමුවේ වරදකරු වූ අතර දුලාංජලී ජයකොඩිට රුපියල් මිලියන දෙකක හොර නෝට්ටු ලබාදුන් බවද ඔහු අධිකරණය හමුවේ පිළිගත්තේය. නඩුව විභාග කිරීමෙන් අනතුරුව විත්තිකරුට වසර පහකට අත්හිටුවූ වසර දෙකක සිර දඬුවම් නියම කළ විනිසුරු ගිහාන් පිලපිටිය, රුපියල් 500,000ක දඩ මුදලක්ද නියම කළේය. ඊට අමතරව දුලාංජලී ජයකොඩිට ගෙවිය යුතුව තිබූ රුපියල් මිලියන දෙකක මුදල ගෙවීමටද හික්කඩුව ආරච්චිගේ ක්‍රිෂාන්ත රෝලින් පෙරේරා යන අයට අධිකරණය නියෝග කළේය. ඊට අදාළ තීන්දුව ලබාදුන්නේ 2017 මැයි 22 හෝ ඊට ආසන්න දිනයකය. මෙම නඩුවේදී දුලාංජලී ජයකොඩි වෙනුවෙන් නීතිඥ දේශාන් හේවාවිතාන පෙනී සිටියේය.

ජාතික ජන බලවේගය පණ දෙන්නට යන්නේ වසර නවයකට පෙර මියගිය, වසර හයකට පෙර මිහිදන් කළ මෘත දේහයකටය. හොර නෝට්ටු මුද්‍රණය කිරීමේ සිද්ධියට ජාතික ජන බලවේගය දුලාංජලීට චෝදනා නැගුවද ඒ සිද්ධියට අදාළව ඇය අධිකරණය හමුවේ සාක්ෂිකාරියක සහ වින්දිතයකු පමණක් බව ඉහත සඳහන් නීති කෘත්‍යය පිළිබඳ සොයාබැලීමේදී වටහාගැනීම අසීරු නැත. ඒ පසුබිම දැන දැනත් දුලාංජලීට හොර සල්ලි අච්චු ගැසීමේ සිද්ධියට චෝදනා නගන්නේ ඇය සමග ඇති අරෝවකට නොව ඇගේ සොහොයුරා සජිත් සමග ඇති දේශපාලන කෝන්තරය පිරිමහ ගන්නටය. කිසිදු පදනමක් නැති මෙවන් චෝදනා ප්‍රායෝගික දේශපාලනයේදී හඳුන්වා දිය හැක්කේ ‘දේශපාලන මඩ’ වශයෙන් මිස අන් කිසි ආකාරයකින් නොවේ.

ලංකාවේ දේශපාලනයේදී මඩගැසීම අමුත්තක් නොවන මුත් පරිණත දේශපාලනයක් වෙනුවෙන් පෙනීසිටින බවට වහසිබස් දොඩන ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක නායකයකු එවන් මඩ දේශපාලනයක යෙදීම සිහි බුද්ධිය ඇති කිසිවකු සාධාරණීකරණය කරන්නේ නැත. රට පිළිගත් විද්වතුන්ගේ දේශපාලන නියෝජනය බව කියන ජාතික ජන බලවේගය වැනි දේශපාලන ව්‍යාපාරයකට පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීද නායකත්වය දෙන අනුර කුමාර දිසානායක වැන්නකුට එය කොහොමත්ම ගැළපෙන්නේ නැත. විශේෂයෙන්ම සක්‍රීය දේශපාලනයක නොයෙදෙන කාන්තාවක් ඉලක්ක කර මෙතරම් සාහසික චෝදනාවක් නැගීම අපට පවසන්නේ අවශ්‍ය නම් අනුර කුමාරට මර්වින් සිල්වාගේ සූට් එක පවා ඇඳිය හැකි බව මිස අනෙකක් නොවේ.

දුලාංජලී ජයකොඩි හොර නෝට්ටු මුද්‍රණය කළ තක්කඩියකුගේ රැවටීමට ලක්වූ බව මුළු රටම දනී. එපමණක්ද නොව ඇයට හවුල් ව්‍යාපාරයක ලාභාංශ ලෙස හිමිවිය යුතුව තිබූ රුපියල් මිලියන දෙකක මුදල ලබාදෙන්නටද මැදිහත් වන්නේ අධිකරණයයි. එතරම් පැහැදිලි නෛතික තීන්දුවකින් නිමාවට පත්වූ සිදුවීමකට නව අර්ථකථනයක් ලබාදීමට යෑම හරහා දේශපාලන වාසි ලබාගැනීමට යමෙක් උත්සාහ කරයි නම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.

සැබැවින්ම ජාතික ජනබලවේගයේ නායකයා නගන චෝදනාව මගින් අපහාසයක් වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාසට හෝ ඔහුගේ පවුලට නොවේ. එමෙන්ම සජිත්ගේ සොහොයුරිය වූ දුලාංජලීටද නොවේ. සැබැවින්ම අනුර කුමාර ප්‍රශ්න කරනුයේ අධිකරණය ලබදුන් තීන්දුවක් සම්බන්ධයෙනි. ඒ ඔස්සේ අපහාසය සිදුවන්නේ ගරු අධිකරණයටය. එය බරපතළ තත්ත්වයකි. දේශපාලන වේදිකාවේ බ්‍රේක් නැති කතා කියා මට්ටු වූ තම පාර්ලිමේන්තු සගයන් වන එස්.බී. දිසානායක සහ රන්ජන් රාමනායක යන මන්ත්‍රීවරුන් තරම් අනුර කුමාර දිසානායක අවාසනාවන්ත නොවේවායි අවසන් වශයෙන් අප ප්‍රාර්ථනා කරන්නෙමු.

නිර්මාල් දේවසුරේන්ද්‍ර

ජනාධිපති නීතිඥවරයා අනුරට යවපු ලියුම…

2023 පෙබරවාරි 22

දුලංජලී ජයකොඩි මහත්මිය සම්බන්ධයෙන් ගරු අනුර කුමාර දිසානායක මහතා විසින් කරනු අසත්‍ය සහ/හෝ අපහාසාත්මක ප්‍රකාශ අඩංගු වීඩියෝවක් විවිධ සමාජ මාධ්‍ය ජාලයන් අතරේ සංසරණය වීම හේතුවෙන් කොළඹ 07, විජේරාම මාවත, අංක. 93හි පදිංචි දුලංජලී ජයකොඩි (විවාහයට පෙර ප්‍රේමදාස) මහත්මිය වෙනුවෙන් මෙම ප්‍රකාශනය සිදුකරනු ලැබේ.

කොළඹ මහාධිකරණයේ විභාග කරන ලද අංක. HC/8378/15 දරන නඩුවේදී අනෙකුත් දෑ අතර එච්.එම්.ඒ.කේ.ආර්.එම්. පෙරේරා නමැති අයකු යම් ව්‍යාපාර කටයුත්තක් මත සිදුකළ මූල්‍ය ගනුදෙනුවක් සඳහා දුලංජලී ජයකොඩි මහත්මිය වෙත නීති විරෝධී ලෙස මුද්‍රණය කරන ලද ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදීම සම්බන්ධයෙන් 2017 මැයි 22 වැනි දින වරදකරු බවට අධිකරණය පිළිගෙන ඇත. වැඩිදුරටත් 2017 ජුලි මස 21 වැනි දින දුලංජලී ජයකොඩි මහත්මියට රු.2,000,000ක මුදලක් වන්දියක් ලෙස අධිකරණය ඉදිරිපිට ගෙවන ලදී.

ඒ අනුව දුලංජලී ජයකොඩි මහත්මිය දැඩිව ප්‍රකාශ කර සිටින්නේ ගරු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මැතිතුමා ඉදිරියේ විභාගයට ලක්වූ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර කුමාර දිසානායක මහතා විසින් එය රහසිගත වූ තෝරාගැනීමකින් තොර වූ නොදන්නා වූ නැතහොත් දැනුම්දීමක් නොකළා වූ හෝ විකල්ප වශයෙන් එකී නඩු කටයුතු ගරු පිලපිටිය මැතිතුමා ඉදිරියේ නිසි පරිදි අසා තීරණය නොකළා වූ නඩු කටයුත්තක් ලෙසට දෝෂාරෝපණය කිරීම යන සියල්ලම හුදෙක් චෝදනා පමණක් වන බවයි.

සමාජ මාධ්‍ය ජාලයන්හි දක්නට ලැබෙන ගරු අනුර කුමාර දිසානායක මහතා විසින් කරන ලද අසත්‍ය, පරිභවාත්මක, අපහාසාත්මක සහ හානිදායක ප්‍රකාශයක් හා සබැඳි ‘වීඩියෝව’ දුලංජලී ජයකොඩි මහත්මිය සම්බන්ධයෙන් හුදෙක්ම ද්විත්ව අරමුණක් සඳහා වූ කූටෝපායක් වන අතරම දුලංජලී ජයකොඩි මහත්මියගේ සමාජ ප්‍රතිරූපය පහළට ඇදදැමීමට පොදු මහජන මතය මෙහෙයවන්නා වූ උත්සාහයක් බවත්ය, දුලංජලී ජයකොඩි මහත්මිය පුනරුච්චාරණය කර සිටින්නේ පදනම් විරහිතව, අසත්‍ය සහ නිර්මාණය කරන ලද අපහාසාත්මක සහ/හෝ අපහාසාත්මක තොරතුරු සහ/හෝ විවේචන සිදුකරමින් යමකුගේ භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අනර්ථයක් සිදුකරමින් සහ එකී අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් මාධ්‍ය ක්ෂේත්‍රයේ තිබිය යුතු මූලික මාධ්‍ය සදාචාරය සහ සදාචාරාත්මක වගකීම් උල්ලංඝනය කරමින්, සත්‍ය බවට තහවුරු නොකළ තොරතුරු පණිවුඩ සහ/හෝ විවේචනයන් ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් ගරු අනුර කුමාර දිසානායක මහතා හොඳ උදාහරණයක් බවයි. එවැනි පුවත් අයිතමයන්හි ප්‍රචාරණයේ මූලික පදනම වන්නේ බලපෑමට ලක්වන පාර්ශ්වය සම්බන්ධයෙන් වූ තොරතුරු සහ අදහස් තහවුරු කරගැනීම වන අතර, සමාජ මාධ්‍ය එලෙස කටයුතු කිරීමට අසමත්ව සහ නොසලකා හැර ඇත. දුලංජලී ජයකොඩි මහත්මිය ප්‍රකාශ කර සිටින්නේ එවැනි ආකාර වූ තනි පුද්ගලයකුගේ අපහාසාත්මක ක්‍රියාවන් සහ එහි සමාජ මාධ්‍ය පළකිරීම්, සමාජ මාධ්‍ය භාවිතයේ භයානක වගකීම් විරහිත බව සහ සදාචාර විරෝධී භාවිතයට උදාහරණ වන අතරම ඇයගේ සහ/හෝ ඇයගේ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම ද ඇතුළත් බෙහෝ දෙනකුගේ කීර්තිනාමයට හානිකරන්නා වූ එකී පණිවුඩය ලබන්නා වූ අය වෙත කෙරෙන නොසැලකිලිමත් ප්‍රචාරණයක් ද වේ.
ඉහත කී අපහාසාත්මක ප්‍රකාශයන්ට අනුව දුලංජලී ජයකොඩි මහත්මිය නිසි අධිකරණයකදී සහන ලබාගැනීමට සීමා නොවී එය ද ඇතුළත්ව මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කරයි. නියමිත බලධාරීන් සමග නෛතික කටයුතු දීර්ඝ සහ වෙහෙසකර එකක් වුවද සාමාන්‍ය මහජනතාව කෙරෙහි සදාචාර විරෝධී ලෙසින් සමාජ මාධ්‍ය පරිහරණය කරමින් ඉහත ආකාර සාවද්‍ය, අපහාසාත්මක ප්‍රකාශන බෙදාහැරීම සම්බන්ධයෙන් තනි පුද්ගලයන්ගේ වගකීම සහ/හෝ මැදිහත්වීම සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ග ගත
යුතුව ඇත.

ස්තුතියි
ෆාර්මන් ජේ. කාසිම්

SendShareShare
Previous Post

හදාගන්න විදිහක් නැතිව අම්මලා දරුවන් මරා දමද්දී සෙවණගල මවක් දරු දෙදෙනාත් අරන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිත් දුක කියයි! ඉන්න හිටින්න තැනක් නෑ! කන්න දෙන්න විදිහක් නෑ! සැමියා වෙන බිරියක් අරන් දරුවනුයි මවයි ගෙදරින් පන්නලා! උදව්වවක් කරනවා නම් මෙන්න ක්‍රමය!

Next Post

පානදුර කෝටිපතියාගේ ඝාතනය පවුලේම වැඩක්! දික්කසාද නඩුවක්! අනියම් සම්බන්ධයක්! අලුත් විවාහයක්! ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක්!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.