• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පානදුර කෝටිපතියාගේ ඝාතනය පවුලේම වැඩක්! දික්කසාද නඩුවක්! අනියම් සම්බන්ධයක්! අලුත් විවාහයක්! ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක්!

March 7, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පානදුර කෝටිපතියාගේ ඝාතනය පවුලේම වැඩක්! දික්කසාද නඩුවක්! අනියම් සම්බන්ධයක්! අලුත් විවාහයක්! ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක්!
Share on WhatsAppShare on Facebook

පාණදුර පිංවත්තේදී මත්පැන් අලෙවි සැල් හිමිකරුවකු වන කෝටිපති ව්‍යාපාරික අනුරාධ සම්පත් කුඩාගොඩ (57) මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සමීපතමයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පෙරේදා (05) අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ යතුරුපැදිකරුද මෙම කෝටිපති ව්‍යාපාරිකයා හොඳින් දන්නා හඳුනන දෙදෙනෙක් බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙම සැකකරුවන් දෙදෙනා තෙලිකඩ ගිනිමැල්දෙණියේ පදිංචිකරුවෝය.

යතුරුපැදිකරු බස් රථ කොන්දොස්තරවරයෙක් මෙන්ම රියැදුරෙකි. වෙඩික්කරුවා පස් ව්‍යාපාරිකයෙකි. ඒ හැරුණු කොට ඔහු ඉඩම් ගනුදෙනුවලට සම්බන්ධ ව්‍යාපාරික කටයුතුවලටද සම්බන්ධව සිටින බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

ඝාතනය වූ කෝටිපති ව්‍යාපාරිකයාද තෙලිකඩ පදිංචිකරුවෙක් බව විමර්ශනවලින් හෙළි වී තිබේ. කඩවත කිරිල්ලවල පදිංචියට පැමිණ ඇත්තේ විවාහයෙන් පසුව බවද විමර්ශනවලින් හෙළි වී ඇත. ඔහුගේ විවාහක බිරිඳද තෙලිකඩ කාන්තාවක් බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එම විවාහයේදී ඇගේ මිතුරිය ලෙස සිටි තරුණිය මේ වන විට මෙම ව්‍යාපාරිකයාගේ අනියම් බිරිඳක් බවට පත්ව සිටින බවත් එම විවාහය ලියාපදිංචි විවාහයක් නොවන බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. ඇය කළුතර ප්‍රදේශයේ පාසලක ගුරුවරියකි. විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව පිංවත්තේ ඔහු ඉදි කරමින් තිබී ඇති තෙමහල් නිවස ඇය වෙනුවෙනි.

ව්‍යාපාරිකයා සූදානම් වී ඇත්තේ විවාහක බිරිඳගෙන් දික්කසාද වී ඔහුගේ අනියම් බිරිඳ වන ගුරුවරිය සමඟ විවාහ වීමට බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. මෙම ඝාතනය සිදු වන්නේද ඒ අතරතුරදීය.

අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ යතුරුපැදිකරු මෙම ඝාතනය සිදු කර ඇත්තේ රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවකට අනුව බව මේ වන විට හෙළි වී ඇත. විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ වෙඩික්කරු මෙන්ම යතුරුපැදිකරු මෙයට පෙර අපරාධවලට සම්බන්ධකමක් නැති පුද්ගලයින් දෙදෙනෙක් බවත් රුපියල් ලක්ෂ 20කට වහ වැටී මෙම අපරාධයට සම්බන්ධ වී ඇති බවත්ය. ඔවුන් දෙදෙනාට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේද ව්‍යාපාරිකයාගේ ඥාතියෙක් විසිනි. එම ඥාතියා බිරිඳගේ පාර්ශවයේ අයෙක් විය හැකි බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය. එම ඥාතියා හැරුණු කොට ව්‍යාපාරිකයාට ඉතා සමීප තවත් අයෙක් මෙම ඝාතනයට සම්බන්ධ බවද එම නිලධාරියා කීය.

ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුත් යතුරුපැදිකරුත් යතුරුපැදියේ නැඟී පැමිණ ඇත්තේ තෙලිකඩ සිටය. යතුරුපැදිය පැදිකරුට අයත් එකක් බවත් එය වෙනත් පුද්ගලයකුගේ නමින් කල්බදු ක්‍රමයට ලබාගත් එකක් බවත් හෙළි වී තිබේ. ව්‍යාපාරිකයා එන මඟ ඔවුන් දෙදෙනා උදෑසන රැකගෙන සිට ඇති බවත් එහිදී මොවුන් දෙදෙනාව දැක ව්‍යාපාරිකයා සිය ජීප් රථය නතර කර කතාබහ කරමින් සිටියදී එක වරම ව්‍යාපාරිකයාට වෙඩි තබා ඔවුන් දෙදෙනා යතුරුපැදියේ නැඟී පලා ගොස් ඇති බව ද අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පෙනී ගොස් ඇත. මෙහිදී ප්‍රධාන මාර්ගයට පැමිණ වෙඩික්කරු බස් රථයකට ගොඩ වී පලා ගොස් ඇති අතර, යතුරුපැදිකරු යතුරුපැදියේ අංකය වෙනස් කර ගැනීමට වාද්දුව ප්‍රදේශයේ අතුරු මාර්ගයකට ගොස් තිබුණි. එහිදී එම මාර්ගයේ නිවසක පදිංචි පුද්ගලයකුගේ ජංගම දුරකතනයක සටහන් වන්නේ ඔහුගේ මුහුණය. එම සිදුවීමෙන් පසු යතුරුපැදිය අතහැර ඔහු පලා ගොස් තිබුණි. එම වීඩියෝ දර්ශනත් යතුරුපැදියේ චැසි අංක හා එන්ජින් අංක ඔස්සේ ලියාපදිංචිය සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගනිමින් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම ව්‍යාපාරිකයාගේ ඝාතන අබිරහස විසඳීමට සමත්ව තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. ඉක්මනින්ම සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම ඝාතනයේ තවත් බොහෝ කරුණු අනාවරණය වනු ඇතැයි පොලිසිය සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

දුලාංජලීට ගහන්න ගිහිල්ලා අනුර වැඩේ වරද්ද ගත්තාද?

Next Post

රටේම විශ්වවිද්‍යාල සිසුන් ‌අද කොළඹට කැඳවයි! අන්තරේ ඉල්ලීම් 7ක් මුල්කරගෙන අන්තරෙන් අද දැවැන්ත විරෝධතාවක්!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රබල මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.Sri Lanka Latest News...

Read more
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.