දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇති බව අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.Sri Lanka Latest News
එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ඉදිරිපත් කර තිබෙන බවය.
ඒ අනුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් කළ මහෙස්ත්‍රාත්වරයා මහාධිකරණ නොතීසියක් ලද විට අධිකරණයේ පෙනීසිටින ලෙස සැකකාර චාමර සම්පත් දසනායක මහතාට නියම කොට ඇත.










