උතුරුමැද පළාතේ ඇතැම් පාසල්වල සිසු සිසුවියන් අතර මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා රහසිගතව පැතිරෙන්නේ තැරැව්කරුවන් හරහා බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
ඒ පිළිබඳ එම සංගමය පසුගියදා අනුරාධපුරයේදී මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා ඇතැම් ඔසුසල්වලින් වේදනා නාශක පෙති වර්ග සහ පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ගද ළමුන් අතට පත්වන බව හෙළිදරව් කරගෙන තිබේ.
විශේෂයෙන් ඇතැම් පාසල් සිසුන් එම පෙති වර්ග භාවිතයට සහ ජංගම දුරකතන මගින් අසැබි චිත්‍රපට නැරඹීමටද යොමුවී ඇති බව ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ඇතැම් පාසල් සිසුවියන් එම ඖෂධ ලබාගැනීමට මුදල් උපයා ගැනීම සඳහා තම අඟපසඟ වෙනත් අයට ස්පර්ශ කිරීමට ඉඩදී මුදල් අයකරන බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු පැවැසීය.
මේ අතර, පාසල් සිසුන්ට අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබූ බවට සැක කරන වේදනා නාශක පෙති දහසක තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව අනුරාධපුර පොලිසියේ උසස් නිලධාරියකු පැවැසීය.
මේ සම්බන්ධයෙන් ‘මව්රට’ උතුරුමැද ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එවැනි අන්දමේ පැමිණිලි පොලිසිවලට ලැබී නැති නමුත් සෑම පොලිසියකම උසස් පොලිස් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි.
වෛiවරුන්ගේ අනුමැතියකින් තොරව විවිධ පෙති වර්ග නිකුත් කරන ඖෂධ අලෙවිසල් ඖෂධ පාලක මණ්ඩලයේද සහාය ඇතිව වැටලීම් සිදුකරන ලෙසද පොලිසිවලට උපදෙස් දී ඇති බවද ඔහු පැවැසීය.
මේ සම්බන්ධයෙන් උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අබේලක්ෂ්මි හේවාපතිරණ මහත්මියගෙන්ද අප විමසීමු.
එහිදී ඇය සඳහන් කළේ අදාළ සිද්ධිය ගැන දැනගන්නට ලැබුණේ මාධ්‍ය ප්‍රචාරයකින් පමණක් බවත්, විදුහල්පතිවරුන්ගෙන් එවැන්නක් තවමත් හෙළිදරව් වී නොමැති බවත්ය.
එහෙත් ඒ පිළිබඳ උතුරුමැද නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීමට පියවර ගෙන ඇති බවද ඇය සඳහන් කළාය.
ප්‍රේමලාල් විජේරත්න










