ඉදිරි සතියේදී හිටපු ජනාධිපතිවරයකුගෙන් ප්‍රශ්න කිරීමට විමර්ශන කණ්ඩායම් සූදානමින් සිටින බව අතිශය විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ‘මව්රට’ පුවත්පතට වාර්තා වේ.
අගනගරයේ පිහිටි කෝටි ගණනක ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් මෙසේ විමර්ශන කණ්ඩායම් මේ හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.Sri Lanka Latest News
මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මීට පෙරද විමර්ශන ආරම්භ කොට තිබුණද විවිධ හේතු මත එම විමර්ශන අතරමග නැවතී තිබූ ආකාරයක් දැකගන්නට තිබිණි.
නමුත් වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු අදාළ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වූ විමර්ශන මේ වනවිට අවසන් කර ඇති අතර, ඒ අනුව ගොඩනැගිල්ල සම්බන්ධ සිද්ධියට මෙම හිටපු ජනාධිපතිවරයාගේ නමද ඈඳී ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පැවැසේ.
ඒ අනුව ඉදිරි සතියේදී මෙම හිටපු ජනාධිපතිවරයා කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට විමර්ශන නිලධාරීන් තීරණය කොට ඇතැයි දැනගන්නට ඇත.










