• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මං ගමේ බයියා…’ Sri Lanka Latest News

October 4, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති වූ දවසක තමන් මෙරට නිල නොලත් ජනාධිපතිවරයා බවට පත්වන්නේ යැයි තිස්සකුට්ටිආරච්චි මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් තිස්සකුට්ටිආරච්චි මහතාට දැඩි ලෙස අවවාද කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.

විශේෂයෙන්ම, ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ඔහුට කාරියවසම් මහතා විසින් දැනුම් දී ඇතැයි පැවැසේ. කෙසේ වෙතත් පසුගිය 29 වැනිදා ජන හමුවකට එක්වූ තිස්සකුට්ටිආරච්චි මහතා ඒ සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය මෙලෙස දක්වා සිටියේය.Sri Lanka Latest News

‘වැඩිය මොකුත් කියන්න හොඳ නෑ. මට දැන් වචනයක් එහා මෙහා වෙනකොට උන්දලා ඉන්නේ අරගෙන තඩිබාන්නනේ මට. ඒ නිසා මට කියලා තියෙන්නේ පරිස්සමෙන් කතාකරන්න කියලා. ඒක නම් කරන්න බෑ මේ මාධ්‍ය තියෙනවනෙ. තිස්ස කුට්ටිආරච්චිට පරිස්සමෙන් කතාකරලා පුරුදු නෑ. ඇයි? මම ගමේ බයියානේ. මම ගමේ බයියා. මම කතාකරන්නේ ගමට. මට හොඳට සරම කමිසේ ඇඳලා, වෙල් ඉපනැල්ලේ පිනුම් ගහලා, කැත්ත උදැල්ලෙන් වැඩ අරගෙන, වී ටික හුළං කරලා, බැත බෝ කරලා, ගොයම් ටික ඔළුව උඩ තියාගෙන ගිහිල්ලා පුරුදු එකා මම. මම හම්බන්තොට බෙලිඅත්තේ, මම හම්බන්තොට ලුණුගම්වෙහෙර තිස්සමහාරාමේ. මම ගමේ බයියා. ගමේ බයියාගේ කතාව ජී.එල්. පීරිස් මහත්තයාගේ කතාව වගේ වෙන්න බෑනේ ලොක්කා. එයාට ඉන්නවා මහාචාර්ය ජී.එල්. පීරිස්. ඒක කරන්න. මේ තිස්සකුට්ටිආරච්චි. ඒ නිසා තිස්ස කුට්ටිආරච්චිට ආවේණික කතාව කිසිම කෙනකුට තහංචි දාලා නවත්තන්න බෑ කියන එක පැහැදිලිවම මතක් කරනවා.

වචනය වැරදුණත් මම තිස්සකුට්ටිආරච්චි. වචනය කෙළවුණත් මම තිස්සකුට්ටිආරච්චි. වචන හොඳට කිව්වත් මම තිස්සකුට්ටිආරච්චි කියන එක මම බොහොම පැහැදිලිව මතක් කරනවා. ඒක තමයි තිස්සකුට්ටිආරච්චිගේ ස්ටයිල් එක. මම කතා කරනකොට නාමල් රාජපක්ෂගේ ඡන්ද කැඩෙනවලු. මම බැලුවා ෆේස්බුක් එකේ කමෙන්ට් දාලා තිබුණා, නාමල් රාජපක්ෂගේ ඡන්ද කැඩෙනවා කියලා. ඒකේ ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් පික්චර් එකට ගිහින් බලනකොට ඒකේ තියෙනවා ‘රට අනුරට’ කියලා. දැන් ඌ ඡන්ද හදනවා මගේ අම්මා. ඌ මට කමෙන්ට් කරනවා මේකා ඉන්න එක හොඳයි, මේකා නාමල්ගේ ඡන්ද කඩයි කියලා. ඌ ඡන්ද හදනවද මගේ අම්මා, රට අනුරට කියලා දාගෙන?
සිලින්ඩරයට ගියා, බාර් පර්මිට් එක ගත්තා, කාර් පර්මිට් එක ගත්තා, වැලි පර්මිට් එක ගත්තා, පස් පර්මිට් එක ගත්තා, බස් පර්මිට් එක ගත්තා, සල්ලිවලට පැන්නා, ඒ ගිහිල්ලා නැවත ඇවිල්ලා නාමල් රාජපක්ෂ වටේ දැන් ඉඳගෙන කියනවා, කුට්ටියා නාමල්ගේ ඡන්ද කඩනවලු. මහින්ද රාජපක්ෂ ආදරණීය අප්පච්චිගේ ආදරණීය ලොකු පුතා නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉල්ලනකොට මුන් සේරම හැත්තැ බුරුත්ත ගියාද නැද්ද? මුන් ගියා. මුන් ගිහිල්ලා මහින්ද මහත්තයාගේ පුතා ඡන්ද ඉල්ලනකොට ලක්ෂ දෙකහමාරකට ඡන්ද බැස්සුවා. එදත් වේදිකාවේ එක දවසේ රැස්වීම් හය හත කමිස තුන හතර මාරු කරගෙන තෙත් වෙනකන් කතා කරපු එකා කවුද? තිස්සකුට්ටිආරච්චි විතරයි එදත් හිටියේ. ලක්ෂ 69 දෙකහමාරකට බස්සපු උන්දලා, ඒ දෙකහමාරක් රැකගන්න ගිරිය ලේ රහ වෙනකන් කෑගහලා කතාකරපු තිස්සකුට්ටිආරච්චි ඡන්ද කඩනවලු. මම බාර් පර්මිට් අරගෙන තියෙනවා නම් ඔප්පු කරන්න පුළුවන් මේ මාධ්‍ය තියෙනවා.

මට එක බාර් පර්මිට් එකක් තියෙනවද? මට එක ෂෙඩ් එකක් තියෙනවද? මම වැව්පිටි අල්ලලා තියෙනවද? මට බස් පර්මිට් තියෙනවද? මට පස් පර්මිට් තියෙනවද? කෝටි ගණන් දෙන්න තමයි තිස්සකුට්ටිගේ කට ගන්න හැදුවේ. ජනාධිපතිවරණයට හරියටම දින හයක් තියලා තමයි මට ලොකුම ගානක ඔෆර් එකකට කතා කළේ. කෝටි ගානක්. දෙකයි පනහට බැස්සත් තිස්සකුට්ටිආරච්චි කිසිම දවසක රාජපක්ෂලා අතෑරියේ නෑ කියන කාරණාව අභිමානයෙන් කියනවා මගේ අම්මා. අභිමානයෙන්.
දැන් එක්කෙනෙක් මම දැක්කා කියනවා, එහෙම නාමල් රාජපක්ෂට හිතවත්, මහින්ද රාජපක්ෂට හිතවත්, එහෙම එකක් නෑ කියලා මම දැක්කා කියනවා. මහින්ද රාජපක්ෂගේ නම විකුණන්න, නාමල් රාජපක්ෂගේ නම විකුණන්න, පක්ෂයේ නම විකුණන්න කාටවත් අයිතියක් නෑ කියලා. ඔව්. ඒ නම විකුණන්න උන්දැලාට එහෙම අයිතියක් නෑ තමයි. ඔය කියන උන්දැලා නාමල් රාජපක්ෂගේ, මහින්ද රාජපක්ෂගේ නම විකුණගෙන බාර් පර්මිට් ගන්න ඇති, වැලි පර්මිට්, පස් පර්මිට්, ගල් පර්මිට්, බස් පර්මිට් ගන්න ඇති. සමහරු හොඳට හරි, නරකට හරි මුදල් හම්බ කරගන්න ඇති. මම ඒක දන්නේ නෑ. හැබැයි කිසිම දවසක තිස්සකුට්ටිආරච්චි නාමල් රාජපක්ෂගේවත්, මහින්ද රාජපක්ෂගේවත් නම තිස්සකුට්ටිආරච්චිගේ පෞද්ගලික වුවමනාවක් සඳහා විකුණලා නෑ කියන කාරණාවත් අභිමානයෙන් මතක් කරනවා….’

SendShareShare
Previous Post

ලබන සතියේ ජනාධිපති කෙනෙක් ප්‍රශ්න කරනවා! Sri Lanka Latest News

Next Post

මහින්දගෙ විජේරාමේ ‘ලිෆ්ට් එක’ ! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.