• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහ බැංකුවෙ මහ පඩි ගැන පුංචි කතාවක් I Sri Lanka Latest News

February 29, 2024
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

නෝනාවරුනි, මහත්වරුනි, අද අපි කතාකරන්න යන්නේ ලංකාවේ ඉන්න සුවිශේෂ පිරිසක් ගැන. ඒගොල්ලෝ කන්නේ බොන්නේ ඇවිදින්නේ කතාකරන්නේ වැඩකරන්නේ ඔක්කොම වෙනස් විදියකට. ඒගොල්ලන්ට අත් වැඩියි. කකුල් වැඩියි. ඔළු වැඩියි. දත් වැඩියි. මොළේ වැඩියි. මේ ඔක්කොම වැඩියි. ඒ නිසා එහෙම සුවිශේෂ පිරිසක් ගැන දැක්ක ගමන් අපි ටක් ගාලා ඒවා ලියන්න ඕනේ. ඉස්සර නම් අපි අටපට්ටමට කියනවා. දැන් ඒවා අටපට්ටමට කියන්න ඕනේ නෑ, ඒවා අපිටම ලියන්න පුළුවන්.(Sri Lanka Latest News)

මේ විශේෂිත පිරිස ගැන අපට කිව්වේ සියඹලාපිටියේ රංජිත් මහත්තයා. මේ වගේ තවත් සුවිශේෂ පිරිසක් රටේ ඉන්නවා නම් ඒගොල්ලෝ ගැනත් අපට ඔබ කියන්නම ඕනේ. මේ සුවිශේෂ පිරිස හොයාගෙන තියෙන්නේ කොළඹින්. කොළඹ මහ බැංකුව කියන ගොඩනැගිල්ලෙන්. මහබැංකුව කියන ගොඩනැගිල්ලේ ඉන්න සේවක මහත්තුරු තමයි මේ විශේෂ පිරිස බවට පත්වෙලා තියෙන්නේ. ඒ අයගේ සුවිශේෂ දැනුම, බුද්ධිය, ආර්ථිකමය තීරණ ගැනීමේදී සිදුවන මැදිහත් වීම වගේ මේ සුවිශේෂ කාරණා නිසයි ඒ අය අනෙක් අයට වඩා විශේෂ වෙන්නේ.

ඉතින් මේ අයට විශේෂයෙන් වැටුප් ලබාදෙන්න කිසිම තහනමක් නෑ වගේම ඒ අයට විශේෂිත ගෙවීම් කරන්නත් පුළුවන් සුවිශේෂ හැකියාවක් තියෙනවා කියලා තමයි සියඹලාපිටියේ රංජිත් මහත්තයා අපට කිව්වේ. ඒක අපි නිරවුල් කරගත්තොත් සියඹලාපිටියේ රංජිත් මහත්තයා තමයි රංජිත් සියඹලාපිටිය කියලා කියන්නේ. එයා ලංකාවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා. මේ කතන්දරය මතුවෙන්නේ මහබැංකුවේ විශේෂ පිරිසකට සුවිශේෂ පඩි ලබාදීම සම්බන්ධයෙන් කතා කරද්දී.

ඇත්තටම සියඹලාපිටිය මහත්තයා කියපු කතාවේ වරදකුත් නෑ. මොකද රටේ ආර්ථිකමය කාරණාවලදී ඉතා බැරෑරුම් තීරණ ගන්න සිද්ධ වෙන අයට විශේෂයෙන් ගෙවන්න ඕනේ. විශේෂයෙන් ගෙවන්න ඕනේ වගේම විශේෂ වරප්‍රසාද ලබාදෙන්න ඕනේ. ඒ අයට නිරවුල්ව හිතන්න, නිරවුල්ව කටයුතු කරන්න අවශ්‍ය පරිසරයක්, පාරේ තොටේ රස්තියාදු නොවී යන්න පුළුවන් වටපිටාවක්, ආරක්ෂිත සහ කරදරයක් නැති නිවාස මේ දේවල් දෙන්න ඕනේ. අපි ඒකට කිසිම තර්කයකින් තොරව එකඟයි. හැබැයි ඉතින් පඩි වැඩිකිරීම ගැන කතා කරද්දී නම් අසාමාන්‍ය ලෙස පඩි වැඩිකිරීම ඔවුන්ට විතරක් සිදුකිරීම රටේ විශාල ප්‍රශ්නයකට මුලපුරන බව නම් අපට පැහැදිලිව පේනවා.

රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි නොකරන තීන්දුව ආණ්ඩුව ඉතා දැඩිව ගන්නවා පහුගිය කාලේ. ඒකට හේතුව මුදල් අමාත්‍යාංශය තමයි නිර්දේශ කරන්නේ රටේ පවතින ආර්ථික අර්බුදය නිසා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන්නේ නෑ කියලා. රාජ්‍ය සේවකයෝ ලක්ෂ 15ක් විතර ලංකාවේ ඉන්නවා. ඒ නිසා පඩි වැඩිකරන්න බෑ, හැබැයි ඒ අයටත් ආර්ථික ප්‍රශ්න දැනෙනවා. පාරිභෝගික භාණ්ඩවල මිල විශාල වශයෙන් වැඩිවෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් රුපියල් 1000කින් කරපු දේට දැන් රුපියල් 5000ක් වැයකරන තැනට පත්වෙලා. ඉස්සර 1000ක් කියන්නේ දැන් 5000ට කියලා සරලවම කියන්න පුළුවන්.

එහෙම තත්ත්වයක් තියෙද්දී මහබැංකුව විතරක් තමන්ගේ සේවකයන්ගේ වැටුප් වැඩිකරගෙන තියෙනවා. මේක සාමාන්‍ය වැඩිකිරීමක් නම් කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක අසාමාන්‍ය වැඩිකිරීමක් විදියටයි කියැවෙන්නේ. මේ වසරේ ජනවාරි මාසේ සිට වැටුප් ඉහළ නැංවීම කරලා තියෙනවා කියලා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්තයා ඇතුළු මුදල් මණ්ඩලය අනුමත කරලාලු. මහබැංකුවේ ඇතැම් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්ගේ වැටුප රුපියල් 7,12,179කින් ඉහළ නංවලා තියෙනවා. ඒ අනුව නියෝජ්‍ය අධිපතිවරයකුට මේ වසරේ ජනවාරි 01 වැනිදා ඉඳන් දීමනා සහිතව මාසෙකට රුපියල් 16,87,144ක වැටුපක් ලැබෙනවා කියලා කියනවා. ලක්ෂ 16ක වැටුපක්. ඒ කියන්නේ මිලියන 1.6ක පඩියක් ලංකාවේ මහබැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක්ට ලැබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තනතුර, කළමනාකාර සහකාර, ජ්‍යෙෂ්ඨ නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් කියන තනතුරුවලටත් මේ පඩි වැඩිවීම වෙලා තියෙනවලු. කාර්යාල කාර්ය සහායක තනතුරේ පළමු ශ්‍රේණියේ සේවකයන්ට ඉස්සර ගෙවලා තියෙන්නේ රුපියල් 34,235යි. සියලු දීමනා සහිතව ඒ තනතුරට මාසෙකට රුපියල් 1,44,076යි ශත 06ක් ලැබුණා කියලා කියනවා.

දැන් 21,570කින් පඩි වැඩිවීමත් එක්ක ඔවුන්ගේ මූලික වැටුප රුපියල් 55,805ක් වෙලා තියෙනවා. සියලු දීමනා සහිතව ඒ තනතුරේ සේවකයෙක් ලබන මාසික වැටුප රුපියල් 1,83,388ක් වෙනවා. කළමනාකරණ සහකාර පළමු ශ්‍රේණියේ සේවකයන්ගේ වැටුප සියලු දීමනා සහිතව රුපියල් 62,797කින් වැඩිවෙලා තියෙනවා. නව වැටුප් වැඩිවීමත් එක්ක ඔවුන්ට දැන් මාසිකව රුපියල් 2,35,035ක වැටුපක් ලැබෙන බව කියනවා.

පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ වැටුප රුපියල් 1,84,569යි ශත 80කින් ඉහළ ගොස් තිබෙනවා. අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරයකුගේ මූලික වැටුප රුපියල් 5,20,359කින් වැඩිකරලා තියෙනවා. ඒ වගේම මහබැංකුවේ විශ්‍රාමික සේවකයන්ගේ වැටුප 70%කින් ඉහළ දමන්නත් කටයුතු යොදලා තියෙනවා. ඒ අනුව විශ්‍රාමිකයකුගේ වැටුප රුපියල් 55,000කින් වැඩිවෙලා තියෙනවා.

මේ විදියට තමන්ට ආර්ථිකමය වශයෙන් ශක්තියක් තියෙනවා නම් පඩි වැඩිකරගත්තට ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ යම් කිසි ආයතනයක් සල්ලි හොයනවා නම් ඔවුන් ඒ සල්ලි හොයලා ඒ සල්ලිවලින් නම් තමන්ගේ සේවකයන්ට පඩි ගෙවන්නේ, ඒකේ කිසි ප්‍රශ්නයකුත් නෑ. පිටරටවලින් මූල්‍ය ප්‍රතිපාදන ලැබෙන ආකාරයේ ආයතන තියෙනවා. අපි දේවල් රට යවලා සල්ලි හොයනවා නම්, ඒගොල්ලෝ ඩොලර් ගෙන්වනවා නම් ඒ වැඩකරන අයට පඩි ගෙවන්න ඕනේ.

ඒක ඇත්ත. හැබැයි ලංකාව මේ තරම් ආර්ථික අර්බුදයක තියෙන වෙලාවක තමන්ගේ අතේ මේ බලය තිබුණු පලියටම තමන් පඩි වැඩිකර ගැනීම කියන එක ඇත්තටම එක අතකින් ගත්තම නරක වැඩකටත් වඩා විහිළුවක් කියලයි අපට හිතෙන්නේ. ඒකට හේතුව තමයි මේ විදියට තමන්ට මූල්‍ය බලය සහිත වූ පමණින් හිතන හිතන විදියට පඩි වැඩිකර ගත්තොත් නිර්මාණය වෙන පරතරය කොහොමද පියවන්නේ කියලා අපට තේරෙන්නේ නෑ. මොකද අපි විශ්වාස කරනවා ලංකාවේ කිසිම පාසල් ගුරුවරයෙක් නෑ මහ බැංකුවේ සුළු සේවකයාගේ වැටුපවත් ලබන.

සාමාන්‍ය වෛද්‍යවරයෙක්ට මේ වැටුප ලබන්න සෑහෙන කාලයක් යනවා. විශ්වවිද්‍යාලයේ සහාකාර කථිකාචාර්යවරුන්ට විතරක් නෙවෙයි කථිකාචාර්යවරයකුටවත් ඒ වගේ වැටුපක් ලබාගන්න බෑ. එතකොට ඔවුන් මේ තනතුරුවලට ගිහින් තියෙන්නේ විශාල වශයෙන් අධ්‍යාපනයක් එක්ක විභාග කිහිපයකට පෙනී ඉඳලා, විවිධ කැපකිරීම් කරලා. හැබැයි සමහර සේවකයන් සමහර තනතුරුවලට පත්වෙන්නේ දේශපාලන අතපෙවීම් මත. දේශපාලකයන්ගේ සංතෝසමක් විදියට.

පොඩි සපෝට් එකක් දීලා දේශපාලකයන්ගේ උදව් පදව් මත. එහෙම පත්කරපු අයට හිතුමතේ වැටුප් වැඩිකරන්න අවසර ලබාදීමම ගැටලුවක්. මේ පඩි වැඩිකරනවා කියන එකට නිසි නියාමනයක් නැතුව ගියාම තමයි රට මේ තත්ත්වෙට පත්වෙන්නේ. මෙහෙම කිව්වට තරහා වෙන්න එපා. මහබැංකුව හරියට පාලනය නොකරපු නිසා මේ රට කඩාගෙන වැටුණා. මහ බැංකුව ඇතුළේ ගහන්න පුළුවන් හැම ගේම් එකම ගහන නිසා අපි ආර්ථික අර්බුදයකට ගියා. මහබැංකුවේ සල්ලි හිතුමතේට එක එක්කෙනාට පාවිච්චි කරන්න පුළුවන් නිසා අපිට ඩොලර් හිඟයක් ආවා.

දැන් ආයෙමත් මහබැංකුව තමන්ට අවශ්‍ය විදියට වැටුප් වැඩිකරගන්න ගියාම ඒකත් මේ රටට බලපානවා. මහබැංකුව කියලා කියන්නේ මහබැංකුව වූ පමණින්ම ඒක මහ වෙන්නේ නෑ. මහ වෙන්න නම් මහ වැඩ තියෙන්න ඕනේ. මහ වැඩ කියලා කියන්නේ මහ රටේ පොඩි මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරයක් නිර්මාණය කිරීමේ ක්‍රමවේද මේ බැංකුව ඇතුළේ නිර්මාණය විය යුතුයි. එහෙම නොවී මහ බැංකුවේ මහ පඩිය පමණක් වැඩිවූ පමණින් ඒක මහ බැංකුව වෙලා රටට සෙතක් වෙන්නේ නෑ කියන එක සියලු සත්වයන්ට වැටහේවා කියලා අපි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අපේ සතුට සදාලූ… සාදු මහණ වෙලාලූ I Sri Lanka Latest News

Next Post

ලිලීලට-තොම්සන්ලාට-පැස්කෝලාට හෙල්මට් එකක් නොදා බැට් කරපු බැට්ස්මන් කව්ද? සජිත් ළමයින්ගෙන් ප්‍රශ්නයක් අහයි! ළමයින්ට කියන්න බැරි වෙයි! විවියන් රිචඩ්ස්! සජිත් ළමයින්ට කියලා දෙයි! ඊටපස්සේ හයේ එකක් ගහයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.