ගංවතුර තර්ජනයත් සමග කඳු කඩාවැටීම් සහ නායයෑම් අවදානමට ලක්වී ඇති ස්ථාන 390ක් පමණ හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
පසුගිය බ්‍රහස්පතින්දා (06) වන විට එම පර්යේෂණ අංශයට වාර්තා වූ ස්ථාන පරීක්ෂා කර අවශ්‍ය පියවර ගැනීම සඳහා නිලධාරී කණ්ඩායම් යවන ලද බවත්, අවදානම් සහිත ස්ථාන 240ක් පරීක්ෂා කොට එම ස්ථානවල සිටි ජනතාව ඉවත් කිරීම හෝ වෙනත් ආරක්ෂිත පියවර ගැනීමට කටයුතු කළ බවද ඔහු පැවැසීය.
මේ වනවිට නායයෑම් 46ක් සිදුව ඇති බවත්, මරණ 04ක් වාර්තා වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
භූ විද්‍යාත්මකව පරිසර රටාවන් පරීක්ෂා නොකර අවිධිමත් ඉදිකිරීම් සිදුකිරීම යන හේතූන් මත නායයෑම් අවදානම වැඩිවී ඇති බවද අනාවරණ වී ඇත.
පස් කණ්ඩි කඩාවැටීම් 162ක්ද, ගල් පෙරළී සිදුවූ හානි 9ක්ද වාර්තා වී තිබිණි.
නායයෑම් අවදානමට ලක්වී අති ස්ථාන පරීක්ෂාවෙන් පසු ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කළ බවද ගාමිණී ජයතිස්ස මහතා පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










