මෙරට හිටපු ජනාධිපතිවරු 4 දෙනකු සහ ජනාධිපති ආර්යාවන් නඩත්තු කිරීම සඳහා 2024 අයවැය මගින් රුපියල් මිලියන 220ක් පමණ වෙන්කොට ඇති බව පසුගිය අයවැය ලේඛනයෙන් අනාවරණ වේ. (Sri Lanka Latest News)
2022 දී ඒ සඳහා රුපියල් මිලියන 151ක් පමණ වෙන්කොට තිබූ අතර, 2023 වසරේදී මිලියන 169ක් වෙන්කොට තිබූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය.
2022න් පසුව අදාළ ජනාධිපතිවරු නඩත්තු කිරීම සඳහා වෙන්කරන ලද මුදල 45%කින් පමණ වැඩිවී ඇත.
2023ට සාපේක්ෂව සලකා බලන විට 2024 වසරේ මෙම වියදම් 30%කින් පමණ ඉහළ ගොස් ඇති බව අනාවරණ වේ.
වර්තමාන රජය විසින් හිටපු ජනාධිපතිවරු නඩත්තු කිරීම සඳහා යන වියදම් අහෝසි කරන්නේ නම් ඒ තුළින් රුපියල් මිලියන 220කට වැඩි මුදලක් වාර්ෂිකව ඉතිරි කරගැනීමට හැකි වන බව පැහැදිලි වේ.
මෙයට අමතරව මෑතකදී කාලය අවසන් වූ ජනාධිපතිවරයාගේ වියදම් ද අනාගතයේදී මෙයට එකතු විය හැකි බවයි මහාචාර්යවරයා පවසන්නේ.
ප්‍රේමලාල් විජේරත්න










