• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නෝනාවරුනි මහත්වරුනි මෙන්න අද කතාව… 2048 යුරෝපීය කාන්තාවක් ලංකාවට ඇවිත් I Sri Lanka Latest News

July 30, 2023
in Exclusive, News
Reading Time: 39 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මැදපෙරදිග ගෘහ සේවයට කාන්තාවන් යවන අපේ රටේ ගෘහ සේවයට, යුරෝපීය රටවල කතුන් පැමිණෙන යුගයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගොඩනගනු ඇති බවට කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ සම්බන්ධයෙන් හාස්‍යොත්පාදක ගුවන්විදුලි නාට්‍යයක්ද මේ වන විට නිර්මාණය වී තිබෙනවා. මෙරට ප්‍රමුඛ පෙළේ ප්‍රහසන නිර්මාණකරුවන් දෙපළක් වන ‘පොඩි මල්ලි සහ චූටි මල්ලි’ හෙවත් සුනෙත් චිත්‍රානන්ද සහ ගාවින්ද ප්‍රියවිරාජ් විසින් නිර්මාණය කර ඇති එම ගුවන්විදුලි නාටකය ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු.(Sri Lanka Latest News)

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘2048 යුරෝපීය කාන්තාවන් ලංකාවට ඇවිත්’ කියන එක.

ඒ කියන්නේ ටුවරිස්ට්ලා?

ටුවරිස්ට්ලා නෙවෙයිනේ. ගෘහ සේවිකාවෝ. ඔයාලා රටේ ලෝකෙ වෙන දෙයක් දන්නෙවත් නෑනේ.

මොනවද රටේ ලෝකෙ වෙන්නේ?

මෙහෙමනේ, මේ යන විදියට අපේ රට වේගෙන් සංවර්ධන වේගන ගිහිල්ලා 2048 යුරෝපයේ රටවල ඉන්න ගෑනු කට්ටිය ලංකාවේ ගෘහ සේවයට එනවා. අපේ රට සංවර්ධන කරන ප්ලෑන් එක තමයි විදේශීය කාන්තාවෝ ගෘහ සේවයට ගෙන්න ගන්න.

නියම වැඩක්නේ ඉතිං.

ඔන්න එහෙම විදේශීය කාන්තාවො ආවට පස්සේ සිදුවෙන්න පුළුවන් දෙයක් ගැන මනඃකල්පිත කතාවක් මේක.

ආ… කොහොමද?

හොඳයි හොඳයි.

ගෙදරට සර්වන්ට් කෙනෙක් ගත්තලු නේද?

ඔව්. ඩෙන්මාර්ක්වල කෙනෙක්.

කොහොමද වැඩ?

ටිකක් කම්මැලි කරනවනේ. රස්නෙයි කියනවා. ඒසී එක තියෙනවා. ඒ වුණාට කුස්සියේ වැඩකරනකොට එයාට රස්නෙයිලු. ඉක්මනට නිදාගන්නවා. පරක්කු වෙලා ඇහැරෙන්නේ. ඔයා කොහෙන්ද සර්වන්ට්ව ගෙනාවේ?

මම ඒජන්සියකට කතා කරලා ගෙන්න ගත්තා ඉතාලි එක්කෙනෙක්.

හොඳයිද ඉතිං?

කියලා වඩක් නෑ. ලුසී නම. උදේ අපි නැගිටිනකොට පීසා හදලා, ලසඤ්ඤා හදලා, කිරි වීදුරු ලෑස්ති කරලා ඔක්කොම ටික කරලා. උදේට ඒප්‍රන් එක දාලා ‘ගුඩ් මෝනිං….’ කියලා කියනවා. හරිම සිරියාවයි අනේ.

මොකද ඉතාලියේ අය ඔය විදියට එන්න හේතුව?

මම ඇහුවා ඒ ගැන. එහෙ සෙන්ට්‍රල් බෑන්ක් එක තියෙනවනේ, ඒකෙ බැඳුම්කරද මොකක්ද කියලා තියෙනවනේ. බැඳුම්කරවලින් එහෙ ඉන්න පොලිටීෂියන්ලයි, එහෙ හිටපු අධිපතීයි මාටියා ගහලා. හොරකම් කරලා. කොහොම හරි ඒ රට බංකොලොත් වෙලා. පවු නේද ඒ රටවල මිනිස්සු ඉතිං.

ඒ අධිපතියව අල්ලලා ඇති නේද?

නෑ. ඌ වෙන රටකට පැනලා. ඉතිං මේ මිනිස්සු අපේ වගේ රටවලට ගිහිල්ලා වැඩ කරනවා. පවු ඉතිං. මොනවා කරන්නද?

මේං තවත් කතාවක්. 2048දී ලංකාව හරි දියුණුයිනේ. හැමෝටම සල්ලි තියෙනවා. ඔන්න ඒ වගේ සල්ලිකාර යාළුවො දෙන්නෙක් මුණගැහෙනවා.

Sri Lanka Latest News

ගුඩ් ඊවිනින් බ්‍රදර්.

ගුඩ් ඊවිනින්. කොහොමද ඉතිං?

අර හෙලිකොප්ටරේ ගියේ පුතාද?

ඔව් පුතා. කඩේ ගියා බඩු වගයක් ගේන්න කොළඹට ගිහින් එන්න ගියා.

මිනිහා කොහෙන්ද බඩු ගන්නේ පෝර්ට් සිටි එකෙන්ද?

ඔව්.

මාත් පෝර්ට් සිටි එකෙන් බඩු ගන්න ඕනෙ.

එන්නකො එන්නකො ඔයාට බඩ්ඩක් පෙන්නන්න. කොහොමද පීප්ප ටික?

මේ වයින් නේද?

ඔව් වයින් වයින්.

ෂා, වයින් පෙරනවද දැං? වයින් මොනවයින්ද හදන්නේ?

මේක වෙරළු. මේක තැඹිලි. මේ අපේ වත්තේ වෙරළු.

ෂා….

අපේ ෂූගේ වැඩ.

කවුද ෂූ කියන්නේ?

අපේ ගෙදර වැඩට ඉන්නේ ප්‍රංශ කෙල්ලනේ.

ආ… ප්‍රංශ කෙල්ලෙක් ඉන්නවා කියලා කිව්වා තමයි.

ඔව්. එයානේ මේවා පෙරන්නේ.

ආ… ප්‍රංශෙ වයින් තියෙනවනේ. එයාලට පුරුද්ද ඇති.

අපි දැන් ෆෝ කෝස්, වයිව් කෝස් මීල් එක ගන්නේ…

ඒ කියන්නේ කන්නෙ නැද්ද රෑට?

කනවා. පැය එකහමාරක් විතර යනවා කන්න.

ඒ මොකද ඒ? කොට්ටම්බ වගේ දේවල් තළලා කනවද?

නෑ පිස්සුද අනේ. ඉස්සෙල්ලාම සුප් එක. ඊළඟට ෆස්ට් කෝස් එක. ඊට පස්සේ මේන් කෝස් එක. ඊළඟට ඩෙසර්ට් එක. ඔක්කොම ලෑස්ති කරනවා. කිසි කම්මැලිකමක් නෑ. ප්‍රංශ යුවතියක්නේ.

ඇත්තටම මොකද අනේ ඒ මිනිස්සු හොඳට හිටියනේ. අපේ වගේ රටවලට කෙල්ලෝ වැඩට එවන තත්ත්වෙට වැටුණා නේද?

මේගොල්ලන්ට ඔලිව් වතු තිබිලා තියෙනවා. ඔලිව් වතු ඔක්කොම කාබනික කරනවා කියලා, පිටරටවලින් කාබනික ගෙන්නලා, ඒවා දාලා, අසූචි ගෙන්නලා ගොඩක් දේවල් වෙලා. ඒවායෙනුත් ගහලා, ඊට පස්සේ ආයෙ පෝර ගෙන්නනකොට මේගොල්ලන්ගේ වතු ඔක්කොම පාළු වෙලා ගිහිල්ලා.

අනේ පව් නේද?

පස්සේ පෝර ගෙනල්ලා. ඒ වුණාට අර ඔලිව් වතු ඔක්කොම මැරිලා ගිහිල්ලා. ඒ ඉඩම් සින්න වෙලා ඊට පස්සේ. ඊට පස්සේ ඉතිං මෙහෙ ආවා.

දැන් ඒ අය මෙහෙ ඇවිල්ලා බැලමෙහෙවරකම් කරනවා නේ. එච්චර එහෙ ඔලිව් වතු තිබිච්ච මිනිස්සු. අයියෝ අයියෝ….

ඔන්න තවත් කතාවක්.

Sri Lanka Latest News

බැඳපු නංගි කෙනෙක් තමන්ගේ අයියගේ ගෙදරට ඇවිල්ලා.

අනේ…… (නංගී හඬාවැටෙමින් සිටී)

මොකක්ද වෙලා තියෙන්නේ?

වැඩක් නෑ. මට ආයෙ යන්න බෑ එහෙ. නාකියෙක් වෙලත් ඉන්න බෑනේ තියෙන විසේට. කරදඬු උස්මහත් වෙච්ච ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් කියලා හිතන්න තිබුණා.

ඉතිං මොකක්ද වෙලා තියෙන්නේ?

අර ගෙදරට වැඩට ආවනේ යුරෝප්වල කෙල්ලෙක්.

කොයි රටෙන්ද?

බෙල්ජියම්. මං ඒත් දැක්ක දවසෙම කිව්වා එයාව අපේ ගෙදරට ගැළපෙන්නෙ නෑ කියලා. එයා කොටටමනේ අඳින්නේ. අපේ පුතත් ඉන්නවා…

ඒ රටවල මිනිස්සු ඉතිං එහෙමනේ අඳින්නේ?

මගෙ අතටම අහුවුණා දෙන්නා අද උදේ. මං ආවා එන්න. මං ආයෙ ඔය ගෙදර පස් පාගන්නෙ නෑ. උන්ගෙ රට දේශපාලන කාලකණ්ණි විනාස කළා කියලා අපි පලිද?

මොකද එයා මෙහෙ ඇවිල්ලා තියෙන්නේ?

උන්ගෙ රටේ දේශපාලකයො හොරකම් කරලාලුනේ. හොරකම් කරලා ඒ රට බංකොලොත් වෙලා. යුරෝ එක වැටිලනේ. ඊට පස්සේ බඩු ගණන් ගිහිල්ලා, ජීවත් වෙන්න බැරි වෙලා. ඊට පස්සේ ඉගෙනගත්ත අය රට අතෑරලා ගිහිල්ලා. සාමාන්‍ය මිනිස්සු ඉතිං අපේ වගේ රටවල වැඩට ඇවිල්ලා. ඒකයි වෙලා තියෙන්නේ.

එහෙම තමයි ඉතිං.

අයියා කියන්නේ මගේ මිනිහා කරපු දේ හරි කියලද?

හරි නෑ තමයි. අපි කතා කරලා අවවාදයක් දෙමු ඉතිං.

අවවාද කරලා හරියන්නේ නෑ. ඔය බෙල්ජියම් ගෑනිගෙ කනට දෙකක් ගහන්න ඕනෙ කොහොම හරි.

ඔන්න තවත් කතාවක්. ක්ලාක් තනතුරු දරන මිත්‍රයෝ දෙන්නෙක්. ඒ වුණාට හොඳ පඩියක් ගන්නවා. වාහන දෙකක් තියෙනවා. ලක්ෂරි ලයිෆ් එකක් ගෙවන්නේ. මොකද 2048 දී රට හරි දියුණුයිනේ. ඔන්න ඒ දෙන්නා ඔෆිස් එකේදී මුණගැහුණාම වෙන සිදුවීමක් මේක.

Sri Lanka Latest News

ආ…

කොහොමද?

මම ස්ටේක් එකක් කන්නේ උඹත් කනවද?

ඕනෙ නෑ මට දැන් එපා.

මේවා බැටලු මස්.

එපා මං ජූස් එකක් බිව්වා.

මමත් ජූස් එකක් ගැහුවා බං. මේ ස්ටේක් එකෙන් කෑල්ලක් කාපං ලොකු පෙත්තක් අපේ නෝනා දාලා බං. මට ඔක්කොම කන්න බෑ. ඒක නෙවෙයි, මොකද දැන් පුතා, පාඩම් කරන්න බෑ කියලා නහයෙන් අඬ අඬා හිටියා නේද?

දැන් ඒක හරි. අපේ වැඩට හිටියේ ලිතුවේනියන් එක්කෙනෙක්නෙ. එයා ගියානේ.

ආ… ලිතුවේනියන් එක්කෙනා ගියාද?

ඔව්. එයා වෙන ගෙදරකට ගියා. ඊට පස්සේ මං ගෙන්නගත්තා ෆින්ලන්ඩ් එක්කෙනෙක්. එයා එහෙ ටීචර් කෙනෙක්. එයාගෙ රස්සාව නැතිවෙලා.

එහෙ මොනවා හරි ප්‍රශ්නයක් වෙලාද?

ඔව්. එහෙ පඩි අඩුවෙලානේ. සමහර ඉස්කෝල වැහිලා. පොඩි ඉස්කෝල එකතු කරලා ලොකු ඉස්කෝලවලට දාලා. ඔය වගේ ප්‍රශ්න ගොඩක්. ඒ අස්සේ මෙයාට වෙන ප්‍රශ්නෙකුත් ඇවිල්ලනේ.

එහෙමද, ලෝකෙ හොඳම අධ්‍යාපනයක් තිබිච්ච රටක්නේ.

ඔව්.

මොකක්ද වෙන ප්‍රශ්නයක් ගැන කිව්වේ?

එහෙ ඇමැති පුතෙක් මෙයා ඉස්කෝලෙ යනවා දැකලා, පස්සෙන් ඇවිල්ලා, අතින් ඇදලා, මූණෙන් අල්ලලා. ඊට පස්සේ මෙයා ගසලා දාලා ගියාම. ඒ මිනිහා යාළුවො සෙට් එකක් එක්ක ජීප් එකක ඇවිල්ලා මෙයාව දාගෙන ගිහිල්ලා. ඊට පස්සේ ඒක කම්ප්ලේන් කළාම ‘ආ උඹ කරලා බලපං අපේ තාත්තා ඇමැති කෙනෙක්’ කියලා තර්ජනය කරලා. ඊට පස්සේ තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ඔය.

පවු ඉතිං නේද? ඉතිං එයා පුතාට උගන්නනවා විතරද? උයන්නේ නැද්ද?

ඒවත් කරනවා. පුතා දැන් නියමෙට ඉගෙන ගන්නවා.

මොනවද සබ්ජෙක්ට්ස් උගන්නන්නේ?

ඔක්කොම සබ්ජෙක්ට්ස් උගන්නනවා. එකම ප්‍රශ්නෙ, අපේ සාලෙට මම ඒසී එකක් දාලා තිබ්බා. ඒක ටිකක් මදි. සාලෙ ලොකුයිනේ. ඉතිං මෙයාට රස්නෙයි කියලා ඒ රටේ සමර් එකට අඳින ඇඳුම් තමයි අඳින්නේ. දවසක් මම යනකොට ටීෂර්ට් එකක් විතරක් ඇඳගෙන ඉන්නවා. එහෙම හරියන්නෙ නෑනේ මෙයා. ඊට පස්සේ මම තව ඒසී එකක් දැම්මා. දැන් සාලෙත් කූල්, ඔක්කොම කූල්. දැන් එයා හොඳට ඇඳගෙන ඉන්නවා.

ඒක නම් හොඳයි….

දැන් අපි ආයෙත් යොමුවෙමු 2048 ලංකාවේ යාළුවො දෙන්නෙක් අතර ඇතිවෙන කතාබහකට.

Sri Lanka Latest News

ආ බ්‍රදර්… ඔයා බි්‍රටිෂ් කෙල්ලෙක් ගෙනාවද ගෙදර වැඩට?

ඔව් ඔව්. එයා ටිකක් දුර ගම්පළාතක.

මට කවුද කිව්වා රෝයල් ෆැමිලි එකට සම්බන්ධයි කියලා?

ඔව්, විලියම් කුමාරයගෙ නෝනා ඉන්නේ, නෝනගෙ නෑදෑයො වෙන කෙනෙක්. මට හරියට නෑකම මතක නෑ. එයා ස්ටොන්හින්ජ්වල.

ටිකක් දුර නේද?

ඔව් ගමේ.

උඹ හිතපංකො එංගලන්තෙ ගෑනු ලංකාවට වැඩට එනවා කියන්නේ ඉතිං හීනයක්නෙ නේද?

මේකනෙ වෙච්ච වැඩේ. පවුම බැස්සනේ. ඊට පස්සේ ඒගොල්ලො ණය වෙලා, අයි.එම්.එෆ්. එකටත් ගියානෙ. එතකොට අයි.එම්.එෆ්. එක කිව්වා පොඩි පොඩි කම්පැනි වහලා දාන්න, ලොකු ඒවා විතරයි තියෙන්න ඕනෙ. පොඩි ඒවට ආධාර දෙන එක වැඩක් නෑ කියලා. මේගොල්ලන්ටත් පොඩි කම්පැනියක් තිබිලා තියෙනවා. ඒ කම්පැනියත් වැහිලා ගිහින්. ඊට පස්සේ තිබුණු දේවලුත් විකුණලා. එහෙම ගිහින් මෙයාට රස්සාවත් නැතිවුණා. ඊට පස්සේ තමයි ලංකාවට එන්න සිද්ධ වුණේ.

මේ කතාව සිද්ධ වෙන්නේ සෙනසුරාදා දවසක. ඔන්න ගෙදරකට යාළුවෙක් එනවා.

Sri Lanka Latest News

හලෝ…

කම් කම්…

සති අන්තේ නිසා වත්තෙ පිටියෙ වැඩ ටික කළා බං. මම ඉතිං වැඩ කරන්නෙ නෑ. මං බල බල ඉන්නවා විතරයි.

කවුද බං ඒ වැඩ කරන කෙල්ල?

වත්තෙ පිටියෙ වැඩට මං ගත්ත ජර්මන් කෙල්ල බං. හිට්ලර්ගෙ නෑයො වෙනවා ඈතින්.

භයානකයි හොඳේ.

නෑ බං එහෙම නෑ. චූටි එකා වගේ. බලපං ඔය අතු ටික කපලා තියෙන ලස්සන. අපේ එකෙක් කැපුවා නං කොහොමද? යකාගෙ දත් කුට්ටම වගේනෙ.

එහෙ මොනවා කරපු කෙනෙක්ද?

ඒගොල්ලන්ට එහෙ වතු තිබිලා තියෙනවා. ඇපල් වතු එහෙම. ඒගොල්ලන්ගෙ රටේ හැම දේම හොරකම් කළාලු. ඒ කියන්නේ ව්‍යාපෘතිවලට කියලා බිලියන් ගානක් ණය වෙලා. දැන් ඒ ගත්තු ණයවලින් තියෙන්නේ බිලියන් 2ක් විතරලු. අනිත් ඒවට වෙච්ච දෙයක් නෑලු. ඒ රටේ ගම්වල අහිංසක මිනිස්සුන්ට ඒවා එච්චර ගානක් නෑලු.

තේරෙන්නෙ නෑනේ උන්ට.

උන් හැදෙන්නෙත් නෑනෙ. ඒ හින්දා ඒ හොරු ටික ඒ ගේමම ගහගෙන ඉන්නවා කියලා මෙහෙ ඇවිත්. කොට කලිසම ඇඳගෙන අතු කපනවා. මට දුකයි බං දකිනකොට.

මේ තව කතාවක්. යාළුවො දෙන්නෙක් අතර.

Sri Lanka Latest News

අම්මව බලාගන්න කවුරු හරි ගෙන්නා ගත්තද බං?

ඔව් ගෙන්නා ගත්තා.

කොහෙන්ද ගෙන්නා ගත්තේ?

සිංගප්පූරුවෙන්. මෙයා සිංගප්පූරුවෙ මවුන්ට් එලිසබත් හොස්පිට්ල් එකේ වැඩකරපු ඩොක්ටර් කෙනෙක්.

උඹේ අම්මව බලාගන්න මෙහෙ ගෙනල්ලා?

ඔව්.

ඇත්තට ඒ රටට මොකද බං වුණේ? මට මතකයි ඉස්සර අපේ ඇමැතිවරු පවා පොඩි ලෙඩකටත් ගියේ මවුන්ට් එලිසබත් එකට.

ඔව්. ඒත් දැන් යන්නෙ නෑ.

ඇයි දැන් යන්නෙ නැත්තේ?

ඇයි මෙහෙ මහ ඉස්පිරිතාලෙට ගියාම ඔක්කොම පහසුකම් තියෙනවනේ.

එහෙ මොකක්ද වෙලා තියෙන්නේ?

සිංගප්පූරුව ණය වුණානෙ. ඒ අස්සේ බෙහෙත් ගේනකොට ගැහුවණේ බං. ජරා බේත් ගෙනල්ලා, ඒවා හින්දා ලෙඩ්ඩු මැරෙන්න පටන් අරගෙන. ඊට පස්සේ හොස්පිට්ල් එකට ලෙඩ්ඩු එන්නෙ නැතුව ගිහින්.

ඒක තමයි මට මතකයි මවුන්ට් එලිසබත් එක වහන්න යන්නේ, ලෙඩ්ඩු මැරෙනවා, බංකොලොත් වෙලා කියලා එක එක්කෙනා කියනවා.

ඔව්. දැන් මේ ඩොක්ටර් කියනවා දැන් මවුන්ට් එලිසබත් එක වටේටම මල් ශාලා දාලාලු. ඇයි හොස්පිට්ල් එකට එන එන එකා මැරෙනවනේ.

අනේ… ඒ තත්ත්වෙට සිංගප්පූරුව ඇදලා දැම්මා කාලකණ්ණි දේශපාලකයෝ නේද? නිලධාරීනුයි, කාලකණ්ණි දේශපාලකයොයි එකතු වෙලා එච්චර ජයට තිබ්බ සිංගප්පූරුවත් නැති කළා. හනේ හනේ…

සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

සාමකාමී මීමුරේත් දැන් ඇක්සිඩන්ට් වෙන්න පටන් අරන්! I Sri Lanka Latest News

Next Post

අවුරුදු 62ටම පනතේ ලොකු වෙනසක් වෙලා නෑ! ආයුර්වේද වෛද්‍ය වෘත්තීය සමිති හා ශිෂ්‍ය එකමුතුව විපක්ෂනායක සජිත් එක්ක ලොකු වැඩක් කරන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.