හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ පුස්සේ ඇළ ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අනතුරක් සිදුවී තිබේ.Sri Lanka Latest News
එම අනතුරෙන් දෙදෙනෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවල ලබා මැදමහනුවර රෝහලට ඇතුළත් කර ඇත.
අදාළ මෝටර් රථයේ පුද්ගලයින් සිව්දෙනෙකු ගමන් කර තිබූ අතර අද පෙරවරු 11.30ට පමණ අනතුර සිදුවී තිබේ.
වයස අවුරුදු 28ක රුසියානු ජාතික තරුණයෙක් අනතුරින් එම ස්ථානයේදීම මියගොස් ඇත.
වයස අවුරුදු 55ක කටුගස්තොට ප්‍රදේශයේ කාන්තාවක් රෝහලට රැගෙනයමින් සිටියදී මියගොස් තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලීසිය පරීක්ෂණ සිදුකරයි.










