1961 අංක 31 දරණ ආයුර්වේද පනත පසුගිය වසර 62ක කාලය තුළ සංශෝධනයට ලක් වී ඇත්තේ සීමිත වාර සංඛ්‍යාවක දී බවත් එම සංශෝධන ද සිදු වූවේ පුද්ගල මණ්ඩල සහ සභාවන් හි විශ්වවිද්‍යාල ආයතනයක් වූ දේශීය වෛද්‍ය විද්‍යායතනයට නියෝජනයක් ලබා දීමේ අරමුණින් බවත් ඉන් අනතුරුව මෙම සේවාවේ වූ පුළුල් අවශ්‍යතා සැපයීම අරමුණු කර ගෙන සංශෝධනය වී නොමැති බවත් නව පනත් කෙටුම්පතක් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති හා ශිෂ්‍ය එකමුතුව පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී පැවසීය.
මේ වන විට ආයුර්වේද සේවාව සහ එහි ආයතනික පද්ධතිය පුළුල් වී ඇති බවත් ඊට අමතර සේවා අවශ්‍යතා විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුවට අනුව යාවත්කාලීන විය යුතු නීති සංශෝධනය වි නොමැති හෙයින් ආයුර්වේද සෞඛ්‍ය වෘත්තිකයන්ට මෙන්ම සේවා සැපයීමේ දී විවිධ බාධා සිදුවන බවත් පැවසීය.
එබැවින් මෙම පනත ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ ආයුර්වේද සේවාවක් ලබා දිය හැකි ලෙස සංශෝධනය කිරීමේ දී ඔවුන්ගේ අදහස් ද ලබා ගන්නා ලෙසත් එම අදහස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා ලෙසත් නව පනත් කෙටුම්පතක් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති හා ශිෂ්‍ය එකමුතුව විපක්ෂ නායකවරයා හමුවී පැවසීය.










