2022 වසර තුළ බන්ධනාගාරවල වැරැදිකරුවන් වූ සහ වැරැදිකරුවන් බවට සැකකරන පුද්ගලයන් එක්ලක්ෂ තිස්අටදහස් පන්සිය අනූහයක් පමණ සිටි බව බන්ධනාගාර සංඛ්‍යාලේඛනවලින් හෙළිව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ සහ සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
එම වසරේ සිරගත කළ පුද්ගලයන් අතර උපාධිධාරීන් 437 දෙනකුද සිටි අතර, එයින් වැරැදිකරුවන් වූ උපාධිධාරීන් සංඛ්‍යාව 121ක් බවද ඔහු සඳන් කළේය.
සෙසු සිරකරුවන්ගෙන් 64%ක් අටවැනි ශ්‍රේණිය හෝ ඊට අඩු අධ්‍යාපන මට්ටමක සිටි බවද සඳහන්ය.
කලින් පෙන්වා දුන් සමස්ත බන්ධනාගාරගත වූවන් අතරින් වැරැදිකරුවන් වූ පිරිස 30,331ක් වන අතර, එයින් 99%ක්ම (29,941) පිරිමි පුද්ගලයන් වන අතර 1%ක් (390) කාන්තාවන් බවයි හෙළිව ඇත්තේ.
වැරැදිකරුවන් බවට සනාථ වී නොමැති සැකකරුවන් ලෙස සිටි පිරිස 108250ක් බවද සඳහන්ය. එයින් 96%ක් (104157)ක් පිරිමි පුද්ගලයන් වේ.
එහෙත් 2023 එය 1,08,250 දක්වා වැඩිවිය. 2021ට සාපේක්ෂව 2022දී 73%ක වර්ධනයක් පෙන්නුම් කරන බවද මහාචාර්යවරයා පැවැසීය.
වයස් කාණ්ඩය අනුව 78%ක් අවුරුදු 22-50 අතර පුද්ගලයන් වන අතර, ඒ තුළ සිටින්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයටත් වඩා අඩු අධ්‍යාපනයක් ලබාගත් අය බවඳ සඳහන්ය.
බන්ධනාගාරගත වූවන් 19%ක් කොළඹ, 14%ක් ගම්පහ, 6%ක් මහනුවර, 6%ක් කුරුණෑගල, 5%ක් කළුතර යන ප්‍රදේශවල පුද්ගලයන් වේ.
දරුවන්ට නිසි අධ්‍යාපන ක්‍රමයක් සැලසීමෙන් ඔවුන් බන්ධනාගාරගත වීමේ ඉඩකඩ ඇහිරී යන බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
ප්‍රේමලාල් විජේරත්න