රජය මේ වන විට ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කටයුතු කරනු ලබන්නේ ද්විපාර්ශ්වීය ලෙස ලබාගෙන ඇති ඩොලර් මිලියන 10,589ක ප්‍රමාණයක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවැසීය. (Sri Lanka Latest News)
මේ වන විට රජය ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 37,041ක් වන අතර, එයින් 40%ක් වාණිජ ණය ලෙසද, 32%ක් බහුපාර්ශ්වීය ආයතනවලින් ලබාගත් ණය ලෙසද, 28%ක් ද්විපාර්ශ්වීය ණය ලෙසද ලබාගෙන ඇත.
මේ තුළ පැරිස් සමුළුවේ සාමාජික රටවල් 15කින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4,228ක් (40%ක්) වන අතර, පැරිස් සමුළුවේ සාමාජිකයන් නොවන රටවල් 7කින් ඩොලර් මිලියන 6,361ක් (60%ක්) ලබාගෙන ඇත.
රජය මේ වනවිට මෙම ද්විපාර්ශ්වික ණයහිමියන් සමග සාකච්ඡා කොට ඩොලර් බිලියන 10කට ආසන්න මුදලක් නැවත ගෙවීමේ කාලය දීර්ඝ කරගැනීම සඳහා එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වේ.
නමුත් මේ තුළින් රටේ සමස්ත ණය බරෙහි වෙනසක් සිදු නොවන අතර, වර්තමාන ණය බර අනාගතය සඳහා විතැන් කිරීමක් පමණක් සිදුවන බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.
ප්‍රේමලාල් විජේරත්න