ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළ සිවිල් ක්‍රියාධරයෙකුද වූ සමන් වගආරච්චි අද (15) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
‘නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ’ ආරම්භක සම කැඳවුම්කරු වූ සමන් වගආරච්චි මහතා, යුක්තිය පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා ද විය. එවක ලක්බිම පුවත්පත ආරම්භ කරද්දී එහි විශේෂාංග කර්තෘ ධූරයට පත් සමන් පසුව ලේක්හවුසියේ දිණමින පුවත්පතේ කර්තෘ ධූරයට පත් විය.
ඉන්පසුව කලක් ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ජීවත් වූ සමන් වගආරච්චි මහතා යළි ලංකාවට පැමිණ ලක්බිම පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධූරය බාර ගත්තේ ය. ඉන්පසුව ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධූරය හෙබැවූ සමන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානයේ සමාරම්භකයෙකු ද විය.











