• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ප්‍රශ්න පත්තර අමාරුයිනේ සිහින සේරම බොඳවුණා…!
සුදු නෙළුම් මල දෑස පියවී අපෙන් ඈතට ඉගිළුණා…!

February 21, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ප්‍රශ්න පත්තර අමාරුයිනේ සිහින සේරම බොඳවුණා…!  සුදු නෙළුම් මල දෑස පියවී අපෙන් ඈතට ඉගිළුණා…!
Share on WhatsAppShare on Facebook

කොරෝනා වසංගතයත් සමග මිනිස් ජීවිත ඇතුළු පාසල් දරුවන්ගේ ජීවිතවලට සිදුවූ හානිය කියා නිමකරන්නට බැහැ. එය දරුවන්ගේ අධ්‍යාපනයට සිදුකළේ මහත් විනාශයක්. දරුවන්ගේ මානසික ශක්තිය බිඳ වැටීම වගේම මානසික රෝගවලට ගොදුරු වූ දරු දැරියන් ප්‍රමාණය අතිවිශාලයි. කොවිඩ් වසංගතය හමුවේ පාසල් වැසී යද්දී දරුවන්ට අස්වැසිල්ලක් වුණේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයයි. එහෙත් පසුගිය වසරේ අග භාගයේදී ගුරු විදුහල්පතිවරුන් සිය ඉල්ලීම් දිනාගැනීම සඳහා ආරම්භ කළ දැවැන්ත වැඩවර්ජන මාලාව හේතුවෙන් එම ඔන්ලයින් අධ්‍යාපන වැඩසටහන් සියල්ල අඩපණ වී ගියා. මේ නිසා සිදුවූයේ දරුවන් කබලෙන් ලිපට වැටීමක් හා සමාන දෙයක්. එම තත්ත්වය මත ඇතිවූ විවිධ මානසික පීඩාවන් හේතුවෙන් පාසල් දරුවන් කිහිප දෙනකුම දිවි නසාගත් බවත් මාධ්‍ය වාර්තා කළා.

අනුරාධපුර ශාන්ත ජෝශප් විදුහලේ 12 හැවිරිදි සිසුවකු පසුගියදා ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබුණේ ජංගම දුරකතනයෙන් වීඩියෝ ක්‍රීඩා කිරීමට සිය මව ඉඩ ලබා නොදීමට උරණ වීමෙන්. මවුපියන් දරුවකු මේ ලෝකෙට බිහිකරන්නේ දහසකුත් බලාපොරොත්තු ඇතිවයි. දරුවෙක් හදන්නේ දහදුක් විඳිමින් බව සත්‍යයක්. එහෙත් බොහෝ මවුපියන් දරුවන්ගේ මානසික මට්ටම හදන්න උත්සාහ කරන්නේ නැහැ. විභාගය කියන්නේ ජීවිතය කියලා හිතනවා. දරුවන්ට කන්න බොන්න සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. දරුවන් යන්ත්‍ර බවට පත්කරලා. විභාග සමත් විය යුතු බවට දැඩි පීඩාවක් දරුවන්ට එල්ල කිරීම කිසි සේත්ම සුදුසු නැහැ. එය දරුවන්ගේ මානසිකත්වය, ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට අහිතකර ලෙස බලපෑ හැකියි.

වර්තමානයේ බොහෝ දරුවන්ගේ මනස විකෘති තත්ත්වයට පත්වෙලා. පසුගියදා තරුණියක් දිවි නසාගත්තේ ඇය අවලස්සන බව මිතුරු මිතුරියන් පැවසූ බව කියමින්. අපි මේ වගේ හිතුමතේ දිවි නසාගන්න සිද්ධි ගැන මීට පෙර අහලා දැකලා නැහැ. කොරෝනා මාරයාගෙන් දරුවන් ගැලවුණත් ඔන්ලයින් අධ්‍යාපනයට ලබාදුන් ස්මාර්ට් දුරකතන නිසා අපේ රටේ දරුවන් කිහිප දෙනකුගේම ජීවිත මේ වන විට අහිමිවී අවසන්.

ගාල්ලේ පාසල් දරුවකුට සිය පියා පහරදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුණේ ජංගම දුරකතන ක්‍රීඩාවලට දැඩි ලෙස ඇබ්බැහි වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.
මේ අතර මීට මාස කිහිපයකට පෙරද සියදිවි හානි කරගත් දරුවන් කිහිප දෙනකු පිළිබඳ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. මුළුතැන්ගෙයි කොන්ක්‍රීට් කණුවක ගෙල වැලලාගත් 16 හැවිරිදි ඉසුරු අශේන් ශ්‍රී ස්වර්ණ ජෝති විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබමින් සිටි දරුවෙක්. එසේම අගලවත්තේ චතුර බිම්සර සිසුවාද මෙවැනි ආකාරයට දිවියෙන් සමුගෙන ගියා.

වර්තමානයේ බොහෝ පාසල් දරුවන්ට දෛනික කාර්යයන් සඳහා නියමිත වේලාවක් නැහැ. නිදාගැනීමට, ආහාර ගැනීමට පවා ඔවුන්ට වේලාවක් නැහැ. වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වී, ජංගම දුරකතන තිරය දෙසට නෙත් යොමාගෙන සිටින ඔවුන්ව එයින් මුදාගැනීම මවුපියන්ට ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවෙයි. ඊට අවවාද කරන්නට යෑම නිසා බොහෝ දරුවන් මවුපියන් සමග බහින් බස් වන තත්ත්වයක්ද අද වන විට දැකගත හැකියි. බොහෝ නිවෙස්වල මේ තත්ත්වය සුලබ දසුනක් වී තිබෙනවා. පාසල් යන දරුවාගේ පටන්, පෙර පාසල් යන සිඟිත්තන්ගේ තත්ත්වයද මෙයමයි.

ජංගම දුරකතන ක්‍රීඩාවලට ඇබ්බැහි වූ තම දරුවන් පිළිබඳ අදහස් දැක්වූ රොටුඹ ප්‍රදේශයේ මවුපියන් පිරිසක් මෙලෙස අදහස් දැක්වූවා.

‘ගෙදර ප්‍රචණ්ඩත්වය වැඩියි. කියන දේ අහන්නේ නෑ. උදේ නැගිට්ට වෙලාවෙ ඉඳලා ෆෝන් එකේ. ෆෝන් එක දුන්නේ නැත්නම් අම්මාට තාත්තාට ගහන්න තරම් ළමයි දරුණු වෙලා.’

‘ගෙදර බඩු මුට්ටු පොළොවෙ ගහනවා ෆෝන් එක ඉල්ලලා දුන්නේ නැති වුණාම. ජීවිතය නැති කරගන්න හදනවා. කොහේ හරි යනවා කියනවා. මේ ඇබ්බැහි වීම කොයි තරම් දරුණුද කියනවා නම් දිවි නසාගන්නා තත්ත්වයට පත්වෙලා. මේ විදියට ජීවිත විනාශ වෙන්නේ ළමයින්ට විෂය දැනුම විතරක් උගන්වලා ජීවිතය ගැන ඉගැන්නුවේ නැති වුණාමයි…’

ඔන්ලයින් අධ්‍යාපනය නිසා ස්මාර්ට් දුරකතනවල ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ දරුවන් මෙලෙස දිවි නසාගනිද්දී උසස් පෙළට මුහුණ දුන් කවිෂා හේරත් දැරිය දිවි නසාගත්තේ හාත්පසින්ම වෙනස් සිද්ධියක් නිසායි. ඇය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටියේ ජීවිතය ගැන දහසක් බලාපොරොත්තු තබාගෙනයි. මහාමායා බාලිකා විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දුන් ඇය පදිංචිව සිටියේ කුරුණෑගල මාවතගම තල්ගස්පිටිය ප්‍රදේශයෙයි. මහත් උනන්දුවෙන් පාඩම් කරලා විභාගයට මුහුණ දුන්නත් ඇය සිතූ ලෙස උසස් පෙළ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයාගැනීමට නොහැකි වීම නිසා ඇගේ බලාපොරොත්තු සුන්වන්නට වුණා. වෛද්‍යවරියක් වීමේ ඇගේ අපේක්ෂාව ගිලිහී යෑමේ සිත් වේදනාවට ඇය දිවි නසාගත්තා.

මේ දිවි නසාගැනීම පිළිබඳ පරීක්ෂණ සිදුකළේ මාවතගම පොලිසියේ සැරයන් බණ්ඩාර මහතායි. කවීෂාගේ මව සහ පියා යන දෙදෙනාම මාවතගම පොලිසියේ සේවය කරන නිලධාරීන්. සැරයන් බණ්ඩාර මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙලෙස මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

‘කවීෂා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වයට මුහුණදුන් වර්ෂයේ එම විභාගයෙන් වැඩිම ලකුණු ලැබුණේත් ඇයටයි. ඉන් පසුව ඇය මහනුවර මහමායා විද්‍යාලයට ඇතුළත් වුණේ මහත් බලාපොරොත්තු ඇතිවයි. ඇගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ඒ 9ක්. පසුගිය වර්ෂයේ ඇගේ උසස් පෙළ ප්‍රතිඵල වුණේ බී එකයි, සී එකයි, එස් එකයි. ඒ අනුව එම වර්ෂයේත් ඇගේ වෛද්‍යවරියක් වීමේ බලාපොරොත්තු සුන්වුණා. ඇගේ විශ්වාසයක් තිබුණා මේ වර්ෂයේ හරි ඒ බලාපොරොත්තුව ඉෂ්ට වේවි කියලා. එහෙම හිතලා මේ වර්ෂයේ උසස් පෙළ විභාගයට මුහුණදුන් පළමු ප්‍රශ්න පත්තරෙන්ම ඇගේ බලාපොරොත්තු සුන්වුණේ ප්‍රශ්න පත්තරය අමාරුවීමත් සමගයි.’ කවීෂා සිය සිත් වේදනාව මවුපියන්ට පැවසූ පසු ඔවුන් ඇගේ සිත සනසා තිබුණා. ඒත් ඒ කිසිවකින් ඇගේ සිත් තැවුල සමනය කරන්නට නොහැකි වුණා. ඇය අවසානයේ ජීවිතයෙන් සමුගන්නට තිරණය කළේ අහස උසට ගොඩනගාගෙන සිටි වෛද්‍යවරියක වීමේ බලාපොරොත්තුව සුනුවිසුනු වී යෑමේ කම්පනය නිසායි.

සිය නිවෙස පිටුපස ඉදිකරමින් තිබූ කාමරයක ඇඳ ඇතිරිල්ලක ආධාරයෙන් ඇය ගෙල වැලලාගෙන තිබුණා.

එසේ දිවි නසාගන්නට ප්‍රථම ඇය ලියූ සටහනක් පසුව සොයාගැනුණා. එහි සටහන්ව තිබුණේ මෙවැන්නක්.

‘මගේ අම්මයි අප්පච්චියි මේ පැත්තටම ඉන්න වැදගත්ම දෙමව්පියන්. එයාලා දෙන්නා දුක්වෙයි මම ෆේල් වුණොත්. එයාලා කොච්චර හොඳ අයද? එයාලාගේ හිත් රිදවන්න මට නම් බැහැ. පේපර් එක ගොඩාක් අමාරු කරලා. මට සමාවෙන්න මගේ බලාපො‌රොත්තු හැම එකක්ම සුන්වුණා…’

දරුවන්ට පොතේ දැනුම විතරක් දුන්නාම දවසක ජීවිතයේ සැබෑම අභියෝගවලට ඔවුන්ට මුහුණ දීගන්නට හැකියාවක් නැති වෙනවා. ප්‍රශ්න කඩාවැටීම්, දරාගැනීම් පිළිබඳ කුඩා කාලයේ සිටම දරුවන්ට කියා දිය යුතුයි. එය පාසලෙන් වගේම නිවෙසේදීත් සිදුවිය යුත්තක්. ගුරුවරුන් වගේම මවුපියන්ටත් එහි සුවිශාල වගකීමක් පැවරෙනවා. එවිට ජීවිතය ඉදිරියට එන ඕනෑම අභියෝගයකට ඔරොත්තු දීමේ හැකියාව ඔවුන් තුළ ක්‍රමයෙන් මෝදු වෙනවා. දරුවන්ට ඔරොත්තු නොදෙන ඉලක්ක පෙන්වමින් ඔවුන්ට මානසික පීඩා සිදුවන ලෙස විභාගවලට සූදානම් කිරීම සුදුසු නැහැ. ශිෂ්‍යත්ව පන්තියේ සිට උසස්පෙළ විභාගය දක්වාම දරුවන් විභාගවලට සූදානම් කිරීමේ තරගකාරී රටාවක් අද සෑම පාසලකම, සෑම නිවෙසකම පාහේ දක්නට ලැබීම කනගාටුදායක තත්ත්වයක්. එම තරගයට මුහුණ දෙන්නට නොහැකි, මානසිකත්වය තරමක් දුර්වල දරුවන් එම තරගයෙන් පරාජය වෙනවා. ඔවුන් ඒ නිසාම මානසිකව කඩාවැටීමට ලක්වන්නේ කිසිවකු අපේක්ෂා නොකළ අන්දමේ තීරණවලට එළැඹෙමින්.

කෙසේ වෙතත් මෙවැනි තරගකාරී විභාග රටාවන්ට දරුවන් හුරුකිරීම ගැන මවුපියන් නිතර සිතා බැලිය යුතුයි. වර්තමාන සමාජයේ පවතින අධිවේගී අධ්‍යාපන රටාවට මුහුණ දීමට නම් එවැනි තරගකාරී අධ්‍යාපනයකට දරුවා සූදානම් කළ යුතු බව සත්‍යයක් වුවද, එම තරගකාරී ක්‍රමවේදය තුළ දරුවන්ට සිදුවන අයහපත පිළිබඳවද නැවත නැවත සිතා බැලිය යුතුය. විභාගයක් අසමත් වූ පමණින් දරුවාගේ ජීවිතය නවතින්නේ නැති බව ඔවුන්ට නිතර අවධාරණය කළ යුතු කරුණකි. එක් විභාගයක් අසමත් වූ පමණින් සමාජයේ ඉහළට යෑමට, ආර්ථික අතින් ශක්තිමත් වීමට එය ගැටලුවක් කර නොගත යුතු බවට උදාහරණ අපේ රටේත්, ලෝකයේත් ඕනෑ තරම් ඇත. සම්මත අධ්‍යාපන රටාවෙන් පරිබාහිරව, සමාජයට අයහපතක් නොවන විකල්ප වෘත්තීන්, ව්‍යාපාර අද වන විට විශාල වශයෙන් බිහිවී ඇත. ඒ මගින් කැපීපෙනෙන ආර්ථික ශක්තියක් ගොඩනගාගත් තරුණ තරුණියෝ සිය දහස් ගණනක් අපේ රටේත් ඕනෑ තරම් සිටිති. එබැවින් සාමාන්‍ය පෙළ, උසස් පෙළ යනු තවදුරටත් ජීවිතයේ එකම තීරණාත්මක කඩඉම බව ඔබේ දරුවාට ඔබ තවදුරටත් අවධාරණය කරනවා නම්, ඒ පිළිබඳ ඔවුන්ට අනිසි පීඩනයක් එල්ල කරනවා නම් නැවතත් ඒ ගැන සිතා බලන්න. විභාගයක් යනු ජීවිතයක ඉරණම තීන්දු කරන මාරාන්තික කපොල්ලක් නොවන බව මවුපියන්ද, දරු දැරියන්ද තරයේ සිහිතබා ගත යුතුය.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

තලංගම තෙත්බිම උඩින් යන්න හදපු ‌අධිවේගී මාර්ගය උසාවියෙන් නවත්වයි!

Next Post

ලංකාවත් කොරෝනා මරණ වාර්තාවක!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.