තලංගම තෙත් බිම හරහා මංතීරු 4කින් යුත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම වළකාලමින් අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය.
මෙම පෙත්සම විභාග කර අවසන් වන තුරු අදාල අතුරු නියෝගය බලාත්මක වන බවද අභියාචනාධිකරණය නියම කළේය.
මෙම අතුරු නියෝගය නිකුත් කළේ තලංගම ප්‍රදේශයේ පදිංචි කරුවකු අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබූ රිට් පෙත්සමක් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා හමුවේ අද (21) සැලකිල්ලට ගත් අවස්ථාවේදීය.










