• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ගිරා හමුදාවක් ගමකට කඩා වැදී නිදහස සමරයි!

February 14, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ගිරා හමුදාවක් ගමකට කඩා වැදී නිදහස සමරයි!
Share on WhatsAppShare on Facebook

දම් පාට ඉදුණු ගෙඩි තියෙන උස මාදං ගහක එහෙට මෙහෙට උඩ පැන පැන හිටපු බට්ටිච්චෙක් එක පාරටම ගැස්සිලා බැලුවා. රත්තරන් පාට ඇස් තියෙන රිදී පාට බත්කූරෙක් වේගෙන් ඉගිලිලා ගියා. රබර් ගහක් වේලිච්ච කොළ ටික එක පාරටම ‘රූස්’ ගාලා බිමට දැම්මා. අතු ඉති අග කෝනිච්චං කර කර හිටපු පුංචි කුරුලු කිරිලියො ඔක්කොම නැවතිලා බලාගෙන හිටියා. හුළඟ ආවා කලබල නොකර හෙමින් සැරේ. අහසෙ වලාකුළු එහෙට මෙහෙට ඉරලා දාපු ඉර චණ්ඩියෙක් වගේ. එක තත්පරේකින් දෙකකින් වෙන්න යන අමුතු දෙයක් නිසා මුළු පරිසරයම හිටියේ කලබල වෙලා. ‘කච බච’ ‘කච බච’ ගාලා බළමුළුව සූදානම් වුණා.

‘මිත්‍රවරුනි, තවදුරටත් අපි මේක බලාගෙන ඉඳලා බෑ. මෙහෙම ගියොත් අද අපේ එකෙක් කූඩු වෙලා ඉවරයි. මෙහෙම ගියොත් අපි ඔක්කොම ටික හෙට එක එකා අරගෙන ගිහිල්ලා කූඩු කරලා දායි…’

ඇටඹ ගහක අතු ඉතිවල වහල හිටපු මේ බළමුළුව පළමු රැස්වීම සූදානම් කරලා තිබුණේ. එක්කෙනෙක්වත් මේ කතාවට විරුද්ධ වුණේ නෑ.

‘උඹලා දන්නවද අපේ එකෙක් හිරකරන කන් අපි බලාගෙන හිටියොත් අපිත් හරියට මිනිස්සු වගේ වෙනවා…’

උන් එහෙම කිව්වා.

‘මිනිස්සු තමන්ගෙ එකෙක් හිර කළාට සටන් කරන්නේ නෑ… තමන්ගෙ එකෙක් හිර කළාට පස්සේ ඌට රිදෙන්න වැඩ කරනවා. නැත්නම් ඌව හිරකරපු එකාගෙ පැත්ත අරගෙන, හිරකරපු එකා එක්ක දීග කනවා. හැබැයි අපි එහෙම වෙලා බෑ…’

නායකයා හයියෙන් කියනවා.

ලොකු අත්තටු තියෙන කළු කපුටෙක් ‘සර’ ‘සර’ ගාලා ඉගිලිලා ආවා. ඇවිල්ලා ඔළුව දාලා බැලුවා මොකක්ද මෙතන වෙන්නේ කියලා. ඇටඹ ගහේ අතු ඉති අස්සේ විස්සක තිහක විතර පිරිසක් හැංගිලා ඉන්නවා. හැමෝම ඉන්නේ එකා වගේ. කිසි කෙනෙක් පස්සට යන්නෙ නෑ.

‘මතක තියාගන්න අපි එකතු වුණොත් අපට කරන්න බැරි දෙයක් නෑ. මතකනෙ පන්සලේ අපි එහෙට මෙහෙට ඉගිලෙනකොට හාමුදුරුවො කියන කතා. වටු කුරුල්ලගෙ කතාවද මොකක්ද එකක් කියනවා. වටු කුරුල්ලො පළමුවැනි දවසෙ ඔක්කොම එකතු වෙලා දැල ඉස්සුවා. ඒත් අන්තිමට මොකද වුණේ? උන් අසමගි වුණා. ඒ නිසා අපි අසමගි වෙලා බෑ. අපි අදම මේ දේ කරන්න ඕනෙ. මේ ප්‍රශ්නෙ ඇහින් දැකපු අපේ මිත්‍රයෙක් ඉන්නවා. එයාට කියමු මොකක්ද ඇත්තටම වුණේ කියලා කියන්න….’ රතුපාට මාලයක් තියෙන හාදයෙක් තද කොළපාට ඇඟ හොල්ලලා තාලෙට ඔළුව නටවලා කතාව පටන් ගත්තා.

‘ඔව් ඇත්ත. මේ කියන්නේ ජාඇළ බටගම පැත්තෙ තැනක්. ඒ ගෙදර තියෙනවා කූඩුවක්. ඒ කූඩුවෙ තමයි අපේ මිත්‍රයා ඉන්නේ. මම ගිහිල්ලා තනියම එයාව බේරගන්න බැලුවා. බේරගන්න බෑ. මම ඒ කූඩුව කඩන්න උත්සාහ කළා. ගෙදර මිනිස්සු ඇවිල්ලා මාව එළවලා දැම්මා. ඒක තමයි වුණේ…’

‘ඔයා තැන දන්නවද?’

‘ඔව් මම දන්නවා…’

‘අපි හැමෝම එකතු වුණොත් අපට කරන්න බැරි වෙන්නෙ නෑ ඒ වැඩේ…’

ඉතිහාසෙ පළමුවැනි වතාවට මේ සටන සූදානම් වෙමින් තිබුණේ ලෝකෙ බිහිවූදා සිට එතෙක් මෙතෙක් කවදාවත් ගිරා රංචුවක් විසින් මනුෂ්‍ය නිවෙසකට පහර දීලා තමන්ගෙ මිත්‍රයෙක්ව බේරගෙන තිබුණෙ නෑ. ඒත්, මේ ඓතිහාසික සිදුවීම සිද්ධ වෙන්න සියල්ල සූදානම්. වෙල් යායෙ තැනින් තැන එහෙට මෙහෙට දුව පනිමින් හිටපු කුරුලු කිරිලියො ඈත ඉඳන් බලාගෙන හිටියා. බටගොයෙක් ඒ කණ්ඩායමට යුද සංගීතය සැපයුවා. බටගොයාගෙ සංගීතයත් එක්ක කණ්ඩායම සූදානම් දැන් සටනට. කිසිම කෙනෙක් පස්ස ගහන්නේ නෑ. ඈත වලාකුළු අස්සේ ඉර හැංගිලා බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. තාරකා එකින් එක අහසට එන්න සූදානම්. හඳටත් ආරංචිය ගිහිල්ලා. වෙනදාට කලින් හඳ අහසට ඇවිල්ලා. රාත්‍රිය වෙනකන් බලාගෙන ඉන්න බැරුව. කඩුපුල් මල් තැන් තැන්වල ඇහැ අරින්න විදියක් නැතුව පුදුම දුකකින් ඉන්නවා. සේපාලිකා මල් එහෙමත් එහෙමයි. රාත්‍රියට පිපෙන මල් දවල්ට පිපෙන තරමට කලබලයෙන්. ළා නිල් පාට පිහාටු තියෙන පිළිහුඩුවෙක් හඳ කනයෙක් එක්ක ඔට්ටු වෙලා මාළු නම් කවද කන්න බැරිද කියලා උස අත්තකට වෙලා බලාගෙන ඉන්නවා. කවුද දෙන්නෙක් ලයිට් වයර් එකක උඩ පිනුම් බඩ පිනුම් ගහන එක නවත්තලා ඒක දිහා බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා.

හැමෝම සූදානම් මේ ඓතිහාසික සටනට. හරි වෙලාව ආවා. කණ්ඩායමේ විසිදෙනෙක් හිටියා. කෙළින්ම ඔවුන් ගියා නිවෙසට. ගෙදර කූඩුව තියෙන තැන හරියටම දන්නවා. විස්සක විතර කණ්ඩායම කෙළින්ම ගිහිල්ලා කලින් ලෑස්ති කරගත්තු විදියට ගිරා කූඩුවට පහර දුන්නා. ගිරා කූඩුවෙ දැල් කඩලා දැම්මා. දැල් අස්සෙන් පැටියට එළියට එන්න පුළුවන් විදියට කූඩුවෙ දැල් ඈත් කෙරුවා. මතක තියාගන්න, මේ ගිරා කණ්ඩායම ගිහින් තිබුණේ තමන්ගෙ කෙනෙක් හිරකරලා ඉන්නකොට, ඒ කූඩුව හොයාගෙන. ගිරා කණ්ඩායමේ විස්සක විතර පිරිසක් හිටියා කියලයි ඒ නිවෙසේ කට්ටිය කියන්නේ.

ජාඇල බටගම පැත්තේ වෙල් යායක වැටිලා හිටපු කුරුල්ලෙක්ව නිවෙසට ගෙනල්ලා කවලා පොවලා ඇතිකරලා ඒ සතාව කූඩුවෙ දාලා ඉද්දී තමයි මේ විදියට අනෙක් කණ්ඩායම ඇවිල්ලා පහර දෙන්නේ. ගිරා රංචුවක් ඇවිල්ලා කෑකෝ ගහලා පහර දීලා, නිවෙස් හිමියටත් ඔළුවට කොටලා කූඩුවෙ හිටපු ගිරා පැටියාවත් අරගෙන ආපහු පියාඹලා යනවා. ඒ තමයි ලෝකෙ පළමු වතාවට ගිරා කණ්ඩායමක් විසින් මනුෂ්‍යයාට පහර දීලා මිනිස් නිවෙසක හිටපු ගිරා පැටියෙක්ව පැහැරගෙන ගිය අවස්ථාව.
මේක ඓතිහාසික යුද්ධයක්. මේක නිදහස උදෙසා කරපු සටනක්. තමන්ගෙ එකෙක් නිදහස් කරගැනීම වෙනුවෙන් ගිරව් පවා සටන් කරනවා. ඒත් අපි සටන් කරනවද අපේ එකෙක් වෙනුවෙන්?

ගිරා කණ්ඩායමේ සටන සාර්ථකයි. බළමුළුව සිය සටනේ ජයග්‍රාහී ගීය කියන්න ගමේ තැනක උස අත්තක් තෝරාගත්තා. ‘කිචි බිචි’ ‘කිචි බිචි’ ගාලා ඒගොල්ලො ජයග්‍රහණය සැමරුවා. වෙල් යායට ඉහළින් රෑන් පිටින් එහෙට ඉගිලුණා, මෙහෙට ඉගිලුණා… සතුට ඉතිරෙනකොට තම තමන් ලගින තැන්වල ජීවිතෙත් අරගෙන ගිරා රංචුව නතර වුණා. මිනිස්සු තාම දුවනවා. ගිරව් වගේ නෙවෙයි මිනිස්සු සමගි නෑ. මිනිසුන්ගෙ අසමගියෙන් මිනිසුන්ම ප්‍රයෝජන අරගෙන. ඒත් ඉතිහාසෙ පළමු වතාවට ගිරා රංචුවක් තමන්ගෙ එකෙක් වෙනුවෙන් නිදහස් අරගලයක නියැළුණා. ගිරා රංචුවේ අරගලයට ජය වේවා. මතක තියාගන්න මේ නිදහසේ අරගලය ඔවුන් කරන්නෙත් පෙවරවාරි මාසෙ 04 වැනිදා. අපි පාරවල් වහලා නිදහස සමරනකොට ගිරව් තමන්ගෙ නිදහස වෙනුවෙන් සටන් කළා.

ආයිත් වතාවක්, ඒ නිදහස් සටනට ජය වේවා…

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පෙරුමාල් කෝවිල..! දිව්‍යමය වන්නි වෘක්ෂය…! නගුලේෂ්වරන් කෝවිල..! ශාප දුරු කරන පොකුණ..! කතා නොකරන නිහඬ නගරය…!

Next Post

පාස්කු ප්‍රහාරය ගැන කියපු කතාවකට ෂෙහාන් මාලක අත්අඩංගුවට!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.