• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

පෙරුමාල් කෝවිල..! දිව්‍යමය වන්නි වෘක්ෂය…! නගුලේෂ්වරන් කෝවිල..! ශාප දුරු කරන පොකුණ..! කතා නොකරන නිහඬ නගරය…!

February 14, 2022
in Exclusive, News
Reading Time: 10 mins read
A A
පෙරුමාල් කෝවිල..! දිව්‍යමය වන්නි වෘක්ෂය…! නගුලේෂ්වරන් කෝවිල..! ශාප දුරු කරන පොකුණ..! කතා නොකරන නිහඬ නගරය…!
Share on WhatsAppShare on Facebook

උතුරු අර්ධද්වීපයේ ශීර්ෂය වන කන්කසන්තුරේ දක්වා ගමන් කරන යාල් ආගන්තුකයාගේ මඟ දිගට සංචාරය නම් උතුරු අර්ධද්වීපයේ වූ වට්ටුක්කොඩෙයි පසුකර කරෙයිනගර් දූපත වෙත ගමන්කර පසුව නැවතත් පොන්නාලෙයි මාර්ගය ඔස්සේ කන්කසන්තුරේ ගමනාන්තය දක්වායි.

වට්ටුක්කොඩෙයි නම් යාල් අර්ධද්වීපයේ වලිකාමම්හි පිහිටි මගේ අත්දැකීමට අනුව කේරළ සිනමාවේ අප දකින පාරිසරික සුන්දරත්වය, ගෘහ නිර්මාණ ශිල්පය, පූජනීය කෝවිල්, දේවාල ඉඩම්, කෙත්වතුවලින් සශ්‍රීක වූ කුඩා නගරයකි. මේ භූමිය කුලයෙන් උසස්, වත් පොහොසත්කම්වලින් මෙන්ම උගත්කමින් පරිපූර්ණ වූ පාරම්පරික උදවිය තවමත් වාසය කරන අර්ධද්වීපයේ වූ තවත් එක්තරා සොඳුරු ගමනාන්තයක් වන බව නම් සැක නැත. මන්ද ශුෂ්ක යැයි කියන මේ භූමියේ ජීවීන්ගේ විවිධත්වය හා මානුෂීය ක්‍රියාකාරකම්වල පවතින වෙනස්කම් සංචාරකයා සංයමයෙන් නිරීක්ෂණය කරන නිසාවෙනි.

වට්ටුක්කොඩෙයි දක්වා දිවෙන්නේ කරෙයිතීව් දූපතට යන ප්‍රධාන මාර්ගයයි. පසෙක නිල්වන් දියඹ හා අනෙක් පස නම් තරමක් උසින් අඩු ගස් එක දෙකක් සහිත ගව රංචුවලට එළුවන්ට උලෑ කෑ හැකි තණබිම්ය. මේ නම් ලවණ මිශ්‍ර පසක්ය. තැන තැන දිය කඩිති සහිත පාළු ගොඩබිම්ය. තැන තැන ධීවරයන් තහඩුවලින් අටවාගත් අට්ටාලද එක දෙකක්‍ය. මුහුදු හුළං නිසාවෙන් ගොඩබිම දෙසට කඳ ඇඹරුණු ගස්ද, සෙවිලි කළ ටකරන් ගැලවී ගිය නිවෙස්ද පෙනේ. මොවුන් හුදෙක් සරලම ජීවීන්ය.

වෙරළට ආසන්නයේ පෙළට නවතාලූ ධීවර යාත්‍රාය. ඒ ආසන්නයේ මත්ස්‍ය වෙළෙඳපොළය. ලී දඬුවලින් මාඉම් ලකුණු කර පෙළට සැකසූ ඉස්සන් කොටුය. අපිළිවෙළට වෙරළ තීරයේ ගොඩගසන ලද දැල් ආම්පන්නය. තැන තැන විසිරවූ වීසි දැල් නැවත සකස්කරන ධීවරෝය. අලුත් මාළු නගරයට ගෙන යාමට යුහුසුළුව බලාසිටින වෙළෙන්දෝය.

තවද අලුතින් ඇල්ලූ කකුළුවන් කූඩයක් පාරේ තැනක තබාගෙන බීඩියක් උරන මහල්ලෙක් පාරේ අනෙක් පසය. ඔහුගේ එකතු වූ නෝට්ටු හා කාසි සමග ඔට්ටු වූ ඇඟ රැලි වැටුණු අවපැහැ ගැනුණු සාරියක් පටලවාගත් මුහුණට වඩා ලොකු රතු මොට්ටුවක් තබාගත් බිරින්දෑ දෝ ඇන තියාගෙන එතැනමය. ඈ විඩාපත් දෑතින් කකුළුවන්ට ඇදෙන මැස්සන් පලවා හරිමින් වෙළෙඳාම් සිදුකරන අන්දම තවත් අපූරුය.

ඔය අස්සේම නාස්පුඩු අතරින් අලුත් මාළුන්ගේ සුවඳ උගුරු දණ්ඩත් පසුකර පෙණහලු කරා ගමන් කර අවසන්‍ය. ගැඹුරු ප්‍රශ්වාසකින් පසුව වේගයෙන් ඉදිරියට ධාවනය කරන කල පෙනෙන අනෙක් දසුන නම් ජල පෘෂ්ඨයට මත්තෙන් වාතාශ්‍රය හා සූර්ය ‍රශ්මි දහරා ලබාගැනීමට ඉහළට වැඩුණු කයිරු මුල් සහිත කඩොලාන පරිසරයක්‍ය. පෙනෙන නොපෙනෙන මානයේ පාරට වම්පසින් ඈතින් පෙනෙන්නේ කරෙයිනගර්හි වූ රත්‍රන් පැහැ ගැන්වූ විශාල කෝවිලක්ය. විශේෂ යමකි. එනම් මේ මුහුද ආශ්‍රිතව වූ මුහුදු කැකිරි වගාකරන මධ්‍යස්ථානයය. මේ නම් කැකිරි හා සමාන වූ එළවළුවක් නම් නොවේ. විදේශීය රටවලට කිලෝවක් රුපියල් හතළිස්දහකට පමණ විකිණෙන මුහුදු සත්වයන් විශේෂයක් මුහුද ආශ්‍රිතව වගාකරන ස්ථානයක්ය.

උතුරු අර්ධද්වීපයේ නිහඬ නගරය, කරෙයිනගර් (කරෙයි ගස් දූපත) නම් සාගරයේ ශ්‍රේෂ්ඨත්වය, පෞරාණික කෝවිල්වල අසිරිය සහ අසංඛ්‍යාත මුහුදු ආහාර ආයාසයකින් තොරව ඒකාබද්ධ කරන යාපනය නගර මධ්‍යයේ සිට කිලෝමීටර් විස්සකට එහා දුරක වූ ගමනාන්තයකි. එය පාරාදීසයක් නිර්වචනය කිරීමට යොදාගත හැකි ගමනාන්තයක් ලෙස හැඳින්වීම කිසිදු වරදක් නොමැති තරම්‍ය. දශක කිහිපයකට පෙර නම් මෙම දූපත හඳුන්වා ඇත්තේ ‘කරෙයිතිවු’ ලෙසයි. (දෙමළ භාෂාවෙන් ‘තීව්’යන්නෙහි තේරුම දූපත) ඒ මන්ද පසුගිය දශක ගණනාව තුළ මේ දූපත් අතර ගමනාගමනය පාලම් පාරු හා බෝට්ටු හරහා සිදුවී ඇති නිසාවෙනි. මේ දූපතට කරෙයිනගර් යන නම ලැබුණේ මේ දූපත ප්‍රධාන භූමියට සම්බන්ධ කරවන මුහුදු හරහා ඉදිවූ පාලමක් නැත්නම් කෝස්වේ/කෝස්ටල් වේ හරහා වන බැවිනි.

ඒ කාලයේ කරෙයිනගර් හා යාපනය හරහා ප්‍රවාහනය බෝට්ටු මගින් කයිට්ස් හෙවත් ඌර්කාවතුරෙයි දූපත හරහා සිදුවී ඇත. ‘ඌර්කාවතුරෙයි’ නම් අතීතයේ වූ ප්‍රසිද්ධ වරායකි. මන්ද එය කිලිනොච්චිය, මන්නාරම මුලතිව් ආදී වූ මහ ඝන වනාන්තරවල සිටි අලි ඇතුන් අපරදිගට වෙළෙඳාම කළ ස්ථානයකි. ඒ බව මනාව තහවුරු වන අපූරු සාධකය නම් එම දූපතට ලැබී ඇති තුරෙයි නම් නාමයයි. (තුරෙයි යන්නෙන් දෙමළෙන් අදහස් කරන්නේ වරායටයි)

මේ කරෙයිනගර් සංචාරයේදී හමුවන නිහඬ නගරය නම් ‘වැල්ලන්තාලෙයි’ය. සූර්යයා රශ්මිය මහ පොළොව ගිනියම් කළත් කරෙයිනගර් පිවිසුම් ද්වාරය දෙසට හමා එන මුහුදු හුළඟ කාෂ්ටක අව්වෙන් හෙම්බත් වුණු යාල් ආගන්තුකයාගේ ඇඟේ විඩාව නිවන්නේ හරි පුදුමාකාර විදියකටය. තවද කරෙයිනගර් ද්වාරය ආගන්තුක සංචාරකයාව පිළිගන්නේ මෙහි වූ විශේෂ සිවන් කෝවිල වෙනුවෙනුයි. මේ කෝවිල හඳුන්වන්නේ ‘ඊලත්ති චිදන්බරම්’ ලෙසයි.

කරෙයිනගර් පිවිසුම් ද්වාරයේ වූ තොරණේ දෙපස වූ ‘නන්ති’ ගවයන් දෙදෙනා ශිව නටරාජා මැදිකරගෙන ගාම්භීරව යාපනේ නගර සීමාව දෙස දෑස් අයා රැකවල් තනමින් බලා සිටින්නේ කරෙයිනගර් වැසියන්ගේ ආරක්ෂකයන් ලෙසය. දූපත වෙත දිවෙන කෝස්වේහි දෙපැත්තේ වූ කඩොලාන ශාකවල වූ කරු මුල් මුහුදු ජල මට්ටමෙන් ඔබ්බට ඇවිත් වායූන් අවශෝෂණය කරගෙන සාරවත්ව වැඩෙන්නාක් සේම මේ දූපත්වල වැසියන් ඔවුන් සතු සමුද්‍ර සම්පත ඵල ප්‍රයෝජනයට ගනිමින් ධීවර කටයුතුවල නිරත වෙමින් යටගිය තිස් වසරක අඳුරු මතකයන් උහුලාගෙන ජීවිත සටන දියත් කරන බවක්ය. මේ අතර අලුතෙන් රෝපණය කරපු කඩොලාන වගාවත් මුහුදු ඛාදනය වළක්වමින් සාරවත්ව වැඩෙන්නේ කරෙයිනගර් වැසියන්ට නැවුම් බලාපොරොත්තු එක්කාසු කරමින්ය.

තවත් රසවත් කාරණයක් නම් මුහුදු ජලයට වැටෙන කඩොලාන ශාක පත්‍ර රැස්කරන කකුළුවන්ගේ අපූරු රාජකාරියයි. ඔවුන් කඩොලාන ශාක පත්‍ර මඩ සහිත වැලි පසේ රඳවමින් දිරාපත් වීම වේගවත් කරමින් ශාකවලට අවශ්‍ය පෝෂණය තව දුරටත් වැඩිකරවයි. මේ කඩොලාන පරිසරය කරෙයිනගර් ධීවරයන්ට නම් ආශීර්වාදයකි. මන්ද ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන් වගාව සිදුකරන්නේ මේ කඩොලාන පරිසරය අවට වූ ස්වයංපෝෂිත ආහාර දාමය වටාය.

කරෙයිනගර් දූපතේ පසෙක වූ ප්‍රාදේශීය වෙළෙඳපොළ කොයි කවුරුත් ආකර්ෂණය කරගත්තේ නැවුම් මාළුවල දැඩි සුවඳ වාතය පුරා පැතිර තිබුණු නිසා විය හැකිය. මාළු ගොඩවල් ළං කරගත් සයිකල් පසුකර යද්දී ඒවා කේවල් කරන ධීවරයන්ගේ උනන්දුව යාල් ආගන්තුකයා ඔවුන්ගේ ඇස්වල හඳුනාගත්තේ ඉතා පහසුවෙන්ය.

සැලවූ පරිද්දෙන් නම් අර්ධද්වීපයේ වඩාත් විශ්වාසදායක ප්‍රවාහන මාධ්‍යය වන්නේ බයිසිකලය වන අතර සෑම නිවෙසකම එකක් තිබේ. කරෙයිනගර් හිද එසේය. නිවාස පවා ඉදිකර ඇත්තේ ස්වභාවික පරිසරය සමග මිශ්‍ර වීමටය. සෙවණ වෙනුවෙන් ගස් පිරී පවතී. මිනිසුන්ගේ දෛනික චර්යාව සොබාදහම සමග සහජීවනයෙන් බැඳීසිටීමෙන් සිදුකරන බව මගේ හැඟීමයි. තැන තැන තරමක් ගැඹුරු ළිං ඇත. ජලය පානය කිරීම නම් තරමක් අසීරුය.

පාරවල් නිහඬය. නගරයේ මෙන් නොසන්සුන් බවක් නැත. කාන්තාවන් කිහිප දෙනෙක් වතුර භාජන රැගෙන ඇවිද යන්නේ වතුර ගෙන ඒමටය. ඔවුන්ගෙන් එක් අයකුගේ නාසයේ මුදුව හිරු එළියට බැබළුණේත් අව්වේ සැරබව කොතෙක් දැයි ඒත්තු ගැන්වීමටද?

තල් අතුවලින් ඉදිකර ඇති වැටකින් වටවූ ගෙයක වත්තේ රතු මිරිස් වේළෙමින් තිබුණි. මුහුදු වෙරළේ යාබදව පිහිටි මෙම භූමියෙ මුහුදු ආහාරවල නම් අඩුවක් නොවේ. කකුළුවන්, ඉස්සන් හා මුහුදු මාළුවල රස පුදුමසහගතය. කරවල වේළීම සිදුකරන්නේද මුහුදට යාබදවය. මේ පළාතේ රා තිප්පොළවල්ද නැතුවාම නොවේ. හවසක මේ ඉස්සව්වේ ගාටන්නෙක්ට නම් බීඩියක් උරන මහල්ලෙක් රා තබෑරුමකට ගාටන අන්දම දැකගත හැක.

කැපූරිනා වෙරළ නම් නැරඹිය යුතුම තවත් ගමනාන්තයකි. වෙරළ ඉතා පිරිසිදුය. හිරු බැසීම සිත් ඇදගන්නාසුලු බවක් එක් කරයි.

කරෙයිනගර් ඇත්තෙන්ම සිත් ඇදගන්නාසුලු යාපනය අර්ධද්වීපයේ වූ සන්සුන් දූපතකි. කැෂූරීනා වෙරළට අමතරව මෙහි ‘කෝවලම්’ නම් වෙරළ උද්‍යානයක්ද ඇත. ඒ සමීපයේ මීටර් 25ක් පමණ උස ප්‍රදීපාගාරයක් දැකගත හැක. මෙය 1916 බි්‍රතාන්‍ය යටත් විජිත සමයේ ඉදිකර ඇත.

කැෂූරීනා යන පාරේ ඇති එක් ආහාර අලෙවි සලක් ඇත. හුදෙක් දකුණේ වූ හෙළ බොජුන් හල හා සමානය. යාපනේ ආවේණික ආහරවේලක රස මනාව විඳිය හැක. යාපනේ වඩයක්, තෝසයක්, පිට්ටුවක් රසබැලිය හැක. මගේ ප්‍රියතම ආහාරය නම් මෝතගම්ය. ‘මෝතගම්’ පැණිරස කෑමක් වන අතර, ගාන ලද පොල්, මුංඇට සහ හකුරු පුරවා හාල්පිටිවලින් සෑදූ ආවරණයකින් වටකර වාෂ්පයෙන් තැම්බූ ආහාරයකි. පාල් ආප්පම්ද යාපනේ ජනප්‍රිය ආහාරකි. පැණි රස පොල් කිරි පුරවා ගත් ආප්පකි. විටෙක සව් එකතු කරයි.

කරෙයිනගර් දූපතට ඇතුළුවීමට මත්තෙන් පොන්නාලෙයි දෙසට රථය ධාවනය කළහොත් කිලෝමීටර් එකකට එහා ‘පොන්නාලෙයි වරදරාජ පෙරුමාල් කෝවිල’ දැක බලාගත හැක. පොන්නාලෙයි කිරුෂණන් කෝවිල නමින්ද හඳුන්වන හින්දු දේවස්ථානයකි. තවද යාපනයේ පිහිටි ඉතා පෞරාණික දේවාලයකි. මෙම විහාරය පෙරුමාල් දෙවියන් උදෙසා කැපකර ඇත. එය හැඳින්වෙන්නේ වරදරාජා පෙරුමාල් කෝවිල, කන්නන් කෝවිල සහ කිරුෂන් කෝවිල යනුවෙනි. මෙම විහාරස්ථානයේ ශුද්ධ තීර්ථය සාගරයයි. මන්ද මීට මත්තෙන් වූ තිරුවඩිනිලෙයි මුහුදු තීරයේදී ධීවරයකුට කැස්බෑවෙක් හමුවී ඇත. ගොඩබිමට රැගෙන ආ මේ කැස්බෑවා පසුව ගලක් බවට පරිවර්තනය වී ඇති බව දැකගත් මේ ධීවරයා පුදුමයට පත්වී පසුව එයට පුද පූජා පවත්වා ඇත. පසුව ඒ ආශ්‍රිතව මේ කෝවිල ඉදිවී ඇත. විශාල වපසරියක් පුරාවටම විහිදුණු කෝවිල පෘතුගීසීන් ආක්‍රමණය කළ සමයක කඩා බිඳ දමා යාපනය බළකොටුව තැනීමට අවශ්‍ය පාෂාණ ලබාගෙන ඇත. දැනගත් පරිද්දෙන් පන්සල් භූමියේ වැඩෙන වන්නි වෘක්‍ෂයද යම් දිව්‍යමය වැදගත්කමක් දරන බව විශ්වාස කෙරේ.

හිරු අවරට යන කාල හෝරාවේ මෝටර් රථයේ සුක්කානම කරකැවෙන්නේ කෝවිලට කිලෝමීටර් පහ හයකට මත්තෙන් වූ දඹකොලපටුන දක්වායි. ඔය යන අතරමග ශිව දෙවියන්ගේ විශාල පිළිමයක් පාරේ දකුණුපසට වන්නට පවතී. සංඝමිත්තා තෙරණියන් විසින් ශ්‍රී මහා බෝධි අංකුරයත් රැගෙන ඉන්දියාවේ සිට ලංකාවට වැඩමවා ගොඩබස්නා ලද වෙරළ තීරය දඹකොල පටුන ලෙස ඉතිහාසයට එක්ව තිබේ. වර්තමානයේ මෙම පුදබිම නවීකරණයවී සැදැහැවතුන්ගේ වන්දනාමානයට විවෘතව ඇත. දමිළ බසින් මෙම ප්‍රදේශය ‘සිලම්බිතුරෙයි’ යන නමින් හඳුන්වයි. වංශකතාවට අනුව නම් දඹකොල පටුන හෙවත් ජම්බුකෝලපට්ඨන ධර්මාශෝක’රජු හමුවීමට ගිය දේවානම්පියතිස්ස රජුගේ දූත පිරිස ඒ සඳහා පිටත්වූයේ ‘සහ නැවත පැමිණි ස්ථානයයි.

දඹකොල පටුනේ සිට කන්කසන්තුරේ දෙසට එන කල හමුවන නගුලේෂ්වරම් නම් කෝවිල පැරණි ඉතිහාසයක් සහිත සිවන් කෝවිලකි. ශ්‍රී නගුලාම්බිගා දේවී සමග නගුලේෂ්වරම් ස්වාමී වාසය කළ ලක්දිව ඇති ප්‍රධාන ඊෂ්වර කෝවිල් හතරෙන් එක් ස්ථානයක් නම් නගුලේෂ්වරම් කෝවිලයි. විජයාවතරණයෙන් පසුව විජය රජතුමා මේ කෝවිල ප්‍රතිසංස්කරණය කර ඇති අතර දමිළ බසින් ‘කන්ඩගි තිර්ක්තටි’ ලෙස හඳුන්වන කීරමලේ පොකුණ මීට නුදුරින් පිහිටා ඇත. මේ කීරමලේ පොකුණ පෙරදී ඔසුපැන් පොකුණක් ලෙස භාවිත කර ඇත. රාම, රාවණා, අර්ච්චුනන් ඔසුකිසිද යන රජවරු මේ පොකුණේ ස්නානය කර කෝවිලට පුද පූජා පවත්වා අපල උපද්‍රව වගේම ශාපයන් දුරුකරගෙන ඇත. මේ ඔක්කොටම වඩා රසවත් කතාව හාත්පසින්ම වෙනස් එකක්ය. ශිව දෙවියන් යමදක්ති මුතිවර යන දේව ගැත්තාට කරන ලද ශාපයක් නිසා ඔහුගේ මූණ මුගටි ස්වරූපයක් ගෙන ඇත. පසුව කීරමලේ පොකුණ ගැන සැලවීමෙන් ලක්දිවට පැමිණි මුතිවරයාණන් පොකුණේ ස්නානය කර කෝවිලට පුද පූජා පවත්වා නැවත මුල් ස්වරූපය ලබාගෙන ඇතිබව සඳහන් වේ.

කොයිකාලෙත් අපේ මිනිසුන්ගේ ශාප, බලි තොවිල්වල නම් කිසි අඩුවක් නැති පාටයි. මාර්දපුර වල්ලි කුමරිය කියන්නේ සෝල රජුගේ දියණියයි. කරපු ශාපයක් නිසාවෙන් ඇය උපන්නේ අශ්ව මූණක් සහිතවය. ඔන්න ඇයත් ශාපෙන් මිදිලා තියෙන්නේ මේ කීරමලේ පොකුණේ ස්නානය කිරීමෙන් පසුවය.

කීරමලේ පොකුණට යාබදව පැරණි අම්බලමක් ඇත. සිරප්පාර් මඩම් ලෙස හඳුන්වන මෙය යාපනය අර්ධද්වීපයේ ඇති අම්බලම් කිහිපයෙන් එකකි. බොහෝ දෙනා මෙහි ඉතිහාසය නොදන්නා නමුත් බොහෝ විට ඉදිකර ඇත්තේ නකුලේශ්වරම් කෝවිල් සහ කීරමලේ වන්දනා මාන කිරීමට පැමිණි බැතිමතුන් වෙනුවෙන් විය හැකිය. වර්තමාන නටබුන් සලකා බලන කල නම් පෙනීයන්නේ බිත්ති කොරල් ගල්වලින් සාදා ඇති අතර තවමත් මුළුතැන්ගෙය, ගබඩා කාමර සහ කුටි අදටත් ශේෂ වී ඇති ආකරයය. පරිශ්‍රයට පිවිසෙනුයේ පැන්ඩල් සහිත ආකර්ෂණීය ආරුක්කු හරහාය. පැන්ඩලය හින්දු සම්ප්‍රදායේ විවිධ සංකේත හා ප්‍රතිමාවලින් පිරී ඇත.

කීරමලේ දක්වා ධාවනය කරන කල කන්කසන්තුරේ පාරට මත්තෙන් ඈතට පෙනෙන්නේ කන්කසන්තුරේ පරණ සිමෙන්ති කර්මාන්තශාලාවයි. සුක්කානම මෙහෙයවන යාල් ආගන්තුකයාට දශක කීපයක අදුරු මතකයන් නැවත ආවර්ජනය කිරීමට එය හේතු කාරණා එක්කරයි.

සිමෙන්ති කර්මාන්ත ශාලාව පහුකරගෙන කන්කසන්තුරේ දෙසට තවත් ධාවනය කරන්නේ නම් කේ.කේ.එස්. දුම්රිය නැවතුම තවත් නැරඹුම් ස්ථානයකි. ඊට මත්තෙන් වන්නේ ප්‍රදීපාගාරයි. ඇස් හමුවේ ගව්ගානකට විහිදුණු කන්කසන්තුරේ මහ මුහුදේ සිට ගොඩබිමට හමා එන සුළන් ලුණු සහිතය. ගත වැලඳගන්නා මේ ලවණ සුළඟ, කාෂ්ටක අව්ව නිසා මිදී ගත තැවරෙයි. කන්කසන්තුරේට නුදුරු මයිලිඩ්ඩිහිදී අතහැර දැමූ අබලන් බඩු නැවක් දැකගත හැක. මෙය 2018දී ගිනිගෙන ඇති අතර ඊට පෙර එය ඉන්දියාව සහ ලංකාව අතර සිමෙන්ති ප්‍රවාහනය කර තිබේ.

හිරු අවරට යන කල විඩාව සංසිඳුවා ගැනීමට සුදුසුම ස්ථානය නම් තල් සෙවණ හෝටල් පරිශ්‍රයයි. දිවා භෝජනයෙන් පසුව හවස් කාලයේ බටහිර අහසේ ගිලෙන සූර්යයා නැරඹීමට කදිම ස්ථානය නම් කන්කසන්තුරේ සමුද්‍ර තීරයයි.

විදුනි බස්නායක

SendShareShare
Previous Post

අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න! සියලු දෙනා නීතිය හමුවට ගේන්න! චමුදිත වෙනුවෙන් විපක්ෂනායක පෙරට එයි! (VIDEO)

Next Post

ගිරා හමුදාවක් ගමකට කඩා වැදී නිදහස සමරයි!

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.