• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරාධපුරේ මන්ත්‍රී පිටිපස්සේ රෑට රෑට එන රූමත් තරුණිය කවුද?

October 2, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
අනුරාධපුරේ මන්ත්‍රී පිටිපස්සේ රෑට රෑට එන රූමත් තරුණිය කවුද?
Share on WhatsAppShare on Facebook

‘රාත්‍රී ආහාරයට පෙර නාගැනීම පුරුද්දක් වූ මන්ත්‍රීවරයා නාන කාමරයට ගොස් සිත් සේ නාගෙන ආපසු ආවේ කොට කලිසමක් සහ ටීෂර්ටයකින් සැරසීගෙනය. රාත්‍රියට මත්පැන් බඳුනක් තොල ගාන්නට පුරුදුව සිටි ඔහු එයද රැගෙන සඳලුතලයට ගොස් වාඩිවූයේ දහවල් සම්බන්ධ වූ උත්සවයේදී අවුරුදු කුමරිය ලෙස සම්බන්ධ වූ තරුණියගේ රූමත් බව සිහිපත් කරමිනි.’

දිනය දැනට වසර කිහිපයකට පෙර උදාවූ කෙම්මුර දිනයකි. ප්‍රදේශයේ පැවැති සිංහල අලුත් අවුරුදු උත්සවයකට සහභාගි වී පැමිණි අනුරාධපුර ප්‍රදේශයේ මන්ත්‍රීවරයා සිය නිවෙසේ ගේට්ටුවෙන් ඇතුළු වූයේ කලබලයෙනි. ඒ, වෙනදාටත් වඩා ප්‍රමාද වී නිවෙසට පැමිණෙන්නට සිදුවූවාටත් වඩා තමාගේ රාත්‍රී ආහාර වේල ගන්නා වෙලාව ප්‍රමාද වීමෙන් අධික ලෙස කුසගින්න දැනෙමින් තිබූ නිසාය. දිනපතාම පාහේ රාත්‍රී ආහාරය පිටතින් නිවෙසට රැගෙනවිත් ගන්නා ඔහු, උදෑසන සහ දහවල් ආහාරයද වැඩිපුරම ලබාගන්නේ පිටස්තර තැනකිනි. කලාතුරකින් දිනෙක පමණක් හෙතෙම නිවෙසේදී කෑම ලබාගන්නේය.

තනිකඩ ජීවිතයක් ගතකළ හෙතෙම ගෙවා දැමුවේ තරමක් සෙල්ලක්කාර ජීවිතයකි.

නිවෙසේ කටයුතු සඳහා උදව්වට සිටි දෙදෙනාත් සවස හයෙන් පසුව සිය නිවෙස් කරා යන්නට පුරුදුව සිටි හෙයින් ඔහුගේ රාත්‍රී ආහාරය පිටතින් රැගෙන ආ යුතුම විය. එහෙත් යහමින් මුදල් හදල් අතමිට ගැවසුණු මන්ත්‍රීවරයාට එහි කිසිදු ගැටලුවක් නොවූවා පමණක් නොව, ඔහු බොහෝ දිනවලදී රාත්‍රියේ තනි නොතනියටද කවුරුන් හෝ කාන්තාවක කැඳවාගෙන ආවේය. ඒ වෙනුවෙන්ද අසීමිතව මුදල් වියදම් කිරීමට මන්ත්‍රීවරයා මැළි නොවීය.

විවිධ පොරොන්දු දී තරුණියන් අමාරුවේ දමන බවටද මන්ත්‍රීවරයාට චෝදනා වූ අතර, බොහෝ විට ඔහුගේ නම ගෑවුණු දෝෂාරෝපණද අඩුවක් නොවීය.

දිනපතාම නිවෙසට පැමිණි විගස ගේට්ටුව අගුළු දමා වසාදැමීම ඔහුගේ ප්‍රථම රාජකාරිය විය. එදිනද හෙතෙම සුපුරුදු ලෙසම ගේට්ටුව වසාදමා අගුලද දැමුවේ යළි කිසිවකුට සිය ඉඩමට ඇතුළු විය නොහැකි බවට වූ විශ්වාසයෙනි. ඉන් පසු ගරාජය වසාදැමූ හෙතෙම ඉදිරිපස දොරද වසා අගුල දමාගෙනම ඉහළ මහලේ පිහිටි සිය කාමරයට ගියේ රාත්‍රී ආහාර පාර්සලයද රැගෙනමය. ඔහු වෙනදාටත් රාත්‍රී ආහාරය ගන්නේ ඉහළ මහලේ සඳලුතලයේ වූ කුඩා මේසය මත තබාගෙනය.

රාත්‍රී ආහාරයට පෙර නාගැනීම පුරුද්දක් වූ මන්ත්‍රීවරයා නාන කාමරයට ගොස් සිත් සේ නාගෙන ආපසු ආවේ කොට කලිසමක් සහ ටීෂර්ටයකින් සැරසීගෙනය. රාත්‍රියට මත්පැන් බඳුනක් තොල ගාන්නට පුරුදුව සිටි ඔහු එයද රැගෙන සඳලුතලයට ගොස් වාඩිවූයේ දහවල් සම්බන්ධ වූ උත්සවයේදී අවුරුදු කුමරිය ලෙස සම්බන්ධ වූ තරුණියගේ රූමත් බව සිහිපත් කරමිනි.

‘ලස්සන කෙල්ලො ටික…’ ඔහු තමාටම කියා ගත්තේ අමුතු සිනාවක් මුවට නංවාගනිමිනි.

මත්පැන්වල මත් ගතියත් තරුණිය ගැන සිතුවිල්ලත් නිසා ඔහු වෙනදාටත් වඩා ඉක්මනින් ආහාර ගෙන අවසන් කළේය. ඒ අතරේ ඔහුට අමුතුම විලවුන් සුවඳක් දැනුණේ කෙදිනකවත් නොදැනුණ අයුරිනි. ඒ පිළිබඳ විපරම් කළ හෙතෙම එම සුවඳ තරුණියකගේ විලවුන් සුවඳකැයි අනුමාන කරගත්තේ, තරුණියන් සිය ගණනක් භාවිත කරන විලවුන්වල සුවඳ දන්නා මන්ත්‍රීවරයාට එවැනි සුවඳක් ගැන හරියටම තක්සේරු කිරීමේ හැකියාවක්ද වූ බැවිනි.

එන්න එන්නම සුවඳ තදින්ම දැනෙන්නට වූයෙන් මන්ත්‍රීවරයා අසුනෙන් නැඟිට සිය කාමරය වෙත ගියේ තරමක දෙගිඩියාවකිනි. කාමරයේ දොරට දමා තිබූ තිර රෙද්ද මෑත් කළ ඔහුට දක්නට ලැබුණේ යහන මත වැතිර සිටිනා රූමත් තරුණියකි.

සැහැල්ලු රාත්‍රී ඇඳුමකින් සැරසී සිටි යුවතිය තද නින්දේ ඉන්නා බවක් දුටු මන්ත්‍රීවරයාගේ සිත තුළ සුපුරුදු මනමාල සිනාවම ඇඳුණේය.

‘හහ් හහ්… මෙයා කොහොමද කාමරේට ආවේ… එක අතකට කොහොම ආවම මොකද… කෙල්ලෙක්නෙ… හහ් හහ් හා…’

තමාටම එසේ කියාගත් ඔහු කලබලයෙන් නාන කාමරයට ගියේ තරුණිය ගැන තිබූ යම් මතකයක්ද අවදි කරමිනි. ගිය කාර්යය වහා අවසන් කළ හෙතෙම යළිත් කලබලයෙන් ආපසු ආවේය.

‘මොනවා… කෝ මේ කෙල්ල…’

තරුණිය අතුරුදන්ව තිබිණි. මේසය මත කුඩා කොළ කැබැල්ලක් පමණක් තිබෙනු දැක මන්ත්‍රීවරයා එය අතට ගෙන බැලුවේය.

‘මට බබෙක් ලැබෙන්න ඉන්නවා මන්ත්‍රීතුමාගෙන්. ඒ නිසා මං ආයෙත් එනවා…’ එම කොළ කැබැල්ල මීට වසර කිහිපයකට පෙර තරුණියක එවූ ලිපියක කොටසක් බව ඔහුට සිහිපත් වුවද, එම ලිපිය කොහේ තිබූ එතැනට ආවේදැයි මතකයක් නොවීය. එම ලිපිය අර තරුණිය අතට ආවේ කෙසේද යන්න සිතනවාට වඩා දොර ජනෙල් වසා ඇති නිවෙසට ඇය ආවේ සහ ගියේ කෙසේද යන්න සිතන්නට ඔහු උත්සාහ ගත්තේය. වහා පහත මහලට දිවවිත් බැලුවද ඇය ආගිය බවක්වත් එහි හඳුනාගත නොහැකි විය.

තරමක නොසන්සුන් හැඟීමකින් යළිත් නාන කාමරයට පැමිණි ඔහු ඒ ගැන සිතමින් යහනේ ඒ මේ අත පෙරළෙමින් සිටියදී පාන්දර යාමේ නින්දට වැටිණි.

එම සිදුවීම දින කිහිපයකින් අමතකව යද්දී දිනක් ඔහු දුටුවේ සිය වාහනය තුළ සිටින එම තරුණියගේ රුවයි.

‘ඔය කවුද? ඇයි මගේ පස්සෙන් එන්නේ…?’

ඔහුගේ ප්‍රශ්නයට ඇය පිළිතුරු දුන්නේ උස් හඬින් සිනාසෙමිනි. ඒ නිසාවට මන්ත්‍රීවරයාගේ සිත තිගැස්සුණේය. ඔහු වාහනය නවතා යළිත් ඇය දෙස බැලුවද එම අසුනේ තරුණිය සිටියේ නැත. යම් අමුත්තක් වටහා ගත් හෙතෙම මේ බව සිය මිතුරකුට පවාස යළිත් වාහනය පණගන්වා ගනිද්දී මාර්ගයේ දකුණු පසින් ඉදිරියට යන ඇගේ රුව වාහනයේ විදුලි එළියට පැහැදිලිවම පෙනුණේය.

ඔහුටත් නොදැනීම වාහනයේ තිරිංග තදවූ අතර තරුණිය එතැනින්ද අතුරුදන්ව තිබිණි.

‘මේකි හොල්මනක් වගේ…’

හෙතෙම තමාටම කියාගෙන යන්නට ගියේය.

ඉන් පසු දින කිහිපයක්ම ඇගේ රුව ඔහුට දක්නට ලැබුණු අතර මේ තරුණිය තමාගේ අතින් අසරණව දුම්රියට පැන දිවි නසාගත් තරුණියක බව මන්ත්‍රීවරයා තේරුම් ගත්තේ සිය කාමරයේ තිබූ ඡායාරූපයක් හමුවීමෙන් පසුවය.

එහෙත් එවැන්නක් විශ්වාස කරන්නට අකැමැති වූ ඔහු මෙය සිය විරුද්ධ පාක්ෂිකයන්ගේ වැඩක් විය හැකි බවටද සැක කරමින් එදින නිවෙසට ගියේ තරමක කැලඹුණු සිතිනි.

වෙනදාටත් වඩා ඉක්මනින් ගේට්ටු දොර ජනේල වසා දැමූ හෙතෙම කාමරයට ගොස් එහි දොරද වසාගත්තේ වැඩි ආරක්ෂාවටය. කවුරුන් හෝ ඉදිරිපස දොරට තට්ටු කරනවා වැනි හඬක් ඔහුට නිතරම ඇසුණේය. තවත් වේලාවකට නිවෙසේ කොහේ හෝ දොරක් හරිනවා වැනි හඬකුත්, ජනේලයක අගුල පන්නනවා වැනි හඬකුත් ඇසුණේය. තවත් වෙලාවකට මුළුතැන්ගෙයි තේ හදන හඬට සමාන හඬක්ද ඇසුණේය.

ඉන් පසු දින ගණනක් මෙවැනි විවිධ ශබ්දවලින් යම් නොසන්සුන්තාවකට පත්ව සිටි මන්ත්‍රීවරයා පසු දිනෙක තමා දන්නා කියන තරුණියක නිවෙසට කැඳවාගෙන ආවේ තම තනි නොතනියට ටික දිනක් ඉන්නට යැයි ආරාධනා කරමිනි. මුදලට සහ බලයට ආශා කළ ඇය ඊට කැමැත්තෙන්ම ආවාය.

දිනක් රාත්‍රියේ මුළුතැන්ගෙට තේ සාදන්නට ගිය එම තරුණිය යළිත් කලබලයෙන් ආපසු දිව ආවාය.

‘මන්ත්‍රීතුමා කුස්සියෙ ලස්සන ගෑනියෙක් ඉන්නවා… කවුද ඒ…?’

‘ගෑනියෙක්, පිස්සුද…?’

‘පිස්සු නෙවෙයි. නයිටියකුත් ඇඳගෙන, හිනාවෙවී වාඩිවෙලා ඉන්නවා…’

යම් සැකයක් ඇතිවුවද ඒ බව නොපෙන්වා ඔහු ඇයත් සමග මුළුතැන්ගෙට පැමිණියේය. එහෙත් තරුණිය පෙනෙන්නට සිටියේ නැත.

‘ඔයාගෙ විකාර…’

එය ඇගේ පිට තබා ඔහු යළිත් කාමරයට ගියේ මෙයට කළ යුත්ත සිතමිනි. අන්තිමේ සිය මිතුරකු මතක් වූ මන්ත්‍රීවරයා ඔහුට ඇමතුමක් ගෙන සියල්ල පැවැසුවේය. ඇමතුම අවසන් කරද්දීම තේ රැගෙන ආ හිතවතිය ඔහුගේ උරහිසට අත තැබූ අතර අද්භූත තරුණියගේ මතකයේ සිටි මන්ත්‍රීවරයා හොඳටම තිගැස්සුණේය.

‘පලයං පලයං උඹ ආයෙත් ආවද…?’

‘ඇයි මන්ත්‍රීතුමා මං මං… මේනකා…’

තමාට සිදුවූ වරද වටහාගත් ඔහු යම් අපහසුතාවකට පත්වුවද ඇයට සත්‍ය කතාව කියන්නට ඔහුට සිදුවුණේය. අවසානයේ ඇයගේ ඉල්ලීම මත මෙම ප්‍රශ්නය බණ්ඩාර කපු මහතා වෙත රැගෙන ගියේය.

සියලු විස්තර අසා සිටි බණ්ඩාර කපු මහතා ශාන්තිකර්මයක් සහ විශේෂ දානමය කටයුත්තක් සිදුකර තරුණියගේ ආත්මයට පින් පමුණුවා මන්ත්‍රීවරයාව එම කරදරයෙන් බේරා දීමට කටයුතු කර ඇති අතර, එතැන් පටන් මන්ත්‍රීවරයා තම නරක පුරුදු අත්හල බවද පැවැසෙයි. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා මියයන තුරුම එම නිවෙස අතහැර වෙනත් නිවෙසක දිවි ගෙවා ඇත්තේ සිය අඳුරු මතකයන් මුළුමනින්ම අමතක කර දමන්නට නොහැකි වූ නිසා විය යුතුය.

මව්රට මහාවංශය අතිරේකයේ පළවන සත්‍ය කතාවකි. නම්ගම් සියල්ල මනඃකල්පිතයි

සටහන – කුමාර රත්නායක

SendShareShare
Previous Post

රස සාගරයක්! යොහානි ඉන්දියාවේදී විනාඩි 17ක අමුතුම තාලේ ඉන්ටවීව් එකක් දෙයි! (VIDEO)

Next Post

වෙන්දේසියට එන තේ ටික ටික අඩුවෙයි! කොලිටි එකත් බැහැලා! පොහොර කෙළියෙන් සිලෝන් ටීවලට තිබූ ලෝක ඉල්ලුම බිංදුවට වැටෙන ලකුණු!

MORE NEWS

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

Load More
අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය ● හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට රැඳවුම් නියෝග● හිටපු ජනපති ගෝඨාභයට විදෙස් ගමන් තහනම්●...

Read more
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.