• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මව්ගුණ ගැන ලෝකයටම මතක සටහන් තියපු මොකද්ද මේ මාතෘගාම අඬහැරය…

December 25, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
මව්ගුණ ගැන ලෝකයටම මතක සටහන් තියපු මොකද්ද මේ මාතෘගාම අඬහැරය…
Share on WhatsAppShare on Facebook

නගර මධ්‍යයේ හෝරා ස්ථම්භයකි. ඉන් එක් දෙසකට විහිදෙන මහාමාර්ගයක් අලුත්ගම, මීගහතැන්න, වළල්ලාවිට, පිටිගල, නෙළුව හරහා රටේ දකුණු දෙසට සම්බන්ධ වෙයි. අනෙක් පසට විහිදෙන මහා මාර්ගය නෑබඩ, තෙබුවන ආදී පැරණි නගරද අමුණා ගනිමින් හොරණ දෙසට විහිදෙයි. තවත් එක් මාර්ගයක් අගලවත්ත, බුලත්සිංහල, බදුරලිය ආදී ප්‍රදේශ හරහා සබරගමුව හා හාවේ. අනෙක් පසට දිවෙන ප්‍රධාන මාර්ගය කළුතරදී කළුගං තොට පසුකර අගනුවර හා සම්බන්ධ වෙයි. මේ සිවු මහා මාර්ගයන් එකට හමුවන හතරමං සන්දිය කේන්ද්‍ර කරගනිමින් බිහිවූ නූතන නගරය ‘මතුගම’ යයි වර්තමානයේ හඳුනා ගනී.

මේ ප්‍රධාන මාර්ග හතර හරහා රටේ සිවු දිසාවම සම්බන්ධ කරන්නාවූ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වන මතුගම අද වේගයෙන් දියුණුවන වාණිජ නගරයක් වූවද අතීතයේ සිටම රටපුරා ප්‍රකට නගරයකි. ඊට ප්‍රධානම හේතුවක් වූයේ මෙරට ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක්වූ නිදහස් අධ්‍යාපන අවස්ථාවන් රටට උදාකර දීමට මතුගම දැක්වූ දායකත්වයයි. මතුගමවාසීන් තම මහජන මන්ත්‍රීවරයා ලෙස සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා තෝරා පත්කර යැවීම නිසා සමස්ත රටටම නිදහස් අධ්‍යාපන අවස්ථාව උදාකර දීමට කන්නන්ගර මැතිතුමාට හැකිවූ අතර ඒ වෙනුවෙන් නිදහස් අධ්‍යාපනයේ පිය නගරය ලෙස ගෞරවයට පත්වීමටද මතුගමට හැකිවිය. නිදහස් අධ්‍යාපනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට මෙරට බිහිකළ මධ්‍ය මහා විද්‍යාල අතරින් පළමු මධ්‍ය මහා විද්‍යාලය වූයේද මතුගම මධ්‍ය මහා විද්‍යාලයයි. ඒ නිසාම අද මතුගම මධ්‍ය මහා විද්‍යාලය සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය ලෙසින් ගෞරව නාම ලබා තිබේ. වර්තමානයේ මතුගම තවත් ප්‍රකට වීමට විදේශයන්හි සිට මතුගම සොයා එන කුරුලු රෑනක්ද හේතුවී තිබේ. අටු වැහිළිහිණියන් ලෙස හඳුන්වන මේ සංචාරක කුරුල්ලන් හෙවත් නිහැරියන් සෑම වසරකම අගෝස්තුව එළැඹෙත්ම මතුගම සොයා එයි. මෙසේ පැමිණෙන මේ සංචාරක පක්ෂීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් මතුගම නගරයේ විදුලි රැහැන් මත වසා සිටින අපූර්ව දසුන රාත්‍රිය උදාවත්ම මතුගමදී දැකිය හැකිය. මෙසේ නගරය වසා වාසය කොට මැයි වන විට යළි තම නිජබිම කරා ආපසු ගමන් කරන මේ අපූර්ව පක්ෂීන් නිසා මතුගම ‘කුරුලු නගරය’ ලෙසද ප්‍රකට වී තිබේ.

වර්තමානයේ එසේ ප්‍රකට වූවද මතුගම හා අවට ප්‍රදේශයෙහි ඉතිහාසය පාහියංගල මානවයාගේ යුගය දක්වාම දිවයයි. පාහියංගල මානවයා මුහුද සමග ගනුදෙනුකොට තිබූ අතර පාහියංගල ආකාරයේ ලෙන් ගණනාවක්ම මතුගම අවටින් හමුවේ. මේ අනුව වර්තමාන මතුගමද අතීතයේ පාහියංගල මානවයාට නතුවූ ප්‍රදේශයක් ලෙස සැලකිය හැකිය. පුරාණ බෙදීම්වලට අනුව මායා රට දක්ඛිණ දේශයයෙහි පිහිටි මෙම ප්‍රදේශය පංචයෝජන (පස්‍ යොත්ත) හෙවත් පස්‍ යොදුන් කෝරළයට අයත් විය. මහා සාගරයත්, සබරගමු කඳු පංතියත්, කළු ගඟේ දකුණු ඉවුර හා දකුණේ බෙන්තර ගඟින්ද මායිම්වූ පස්යොදුන් රට කේන්ද්‍රීය මධ්‍යස්ථානය හෙවත් අග නගරය ලෙස මතුගම අතීතයේ සිට අද දක්වාම සලකනු ලබයි.

මෙවන් ඓතිහාසික හා සාමාජයීය වශයෙන් වැදගත්කමක් ගන්නා මතුගමට ඒ නම ලැබුණු ආකාරය පිළිබඳ ජනප්‍රවාදයන් රැසක් පවතින අතර ඉන් දෙකක් බහුතර පිළිගැනීමට ලක්වී තිබේ. පස්යොදුන් රට වටකරගත් කඳුහෙල් අතරින් මතුවූ ගම ‘මතුගම’ වූ බව එක් ප්‍රවාදයක දැක්වෙයි. එම අදහස පිළිනොගන්නා උගතුන්ට අනුව මතුගම නාමය බිහිවීම පිළිබඳ රසවත් පුරාවෘත්තයක් පවතී. මේ පුරාවෘත්තය කෝට්ටේ යුගය දක්වාම දිවයන කතා පුවතකි. කෝට්ටේ රජ බවට පැමිණි සයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ අග බිසව වූයේ රන්මැණිකේ කීරවැල්ලේ බිසවයි. නමුත් ඇය රෝගී තත්ත්වයක් නිසා අකාලයේ මියගියාය. පිරිමි දරුවකු බිහි නොකරම අග බිසව මියයාම නිසා රජුගෙන් පසුව ප්‍රතිරාජ තනතුරට සුදුස්සෙක් නොවූ බැවින් මහා සංඝරත්නය හා ඇමැතිවරුන් කතිකා කොට දඹදෙණි රජ පෙළපතේ කුමරියක වූ මිහිරි දේවිය නොහොත් මධුරා දේවිය අගබිසව ලෙස රජුට පාවා දෙන ලදී.

මෙම මිහිරි දේවිය තරුණ සුන්දර කුමාරිකාවක් වූ බැවින් රජුගේ ඉහළ ආදර සැලකිල්ලක්ද ඇයට හිමි විය. රජුගේ පෙර අගබිසව වූ කීරවැල්ලේ බිසව මියයන විට ඇගේ නැගණියද ඇතුළුව තවත් රාජකුමාරිකාවන් කිහිප දෙනෙක් රජුගේ බිසෝවරු ලෙස සිටිය නමුත් ඔවුන් කිසිවකුටත් අග බිසෝ තනතුර හිමි නොවීය.

මේ නිසා මිහිරි දේවියගේ පුත්‍රයාට ප්‍රතිරාජ තනතුර ලැබීම ස්ථිර වූ අතර මිහිරි දේවියද පුතකු ලැබීමට සූදානම්ව සිටියාය. රජුගේ ඉහළ සැලකිල්ලක් මිහිරි දේවියට හිමිවීමත්, ඇගේ පුතුට රජකම උරුම වීමත් නිසා අනෙක් බිසෝවරුන් වෛරයට මිහිරි දේවිය ලක්විය. මිහිරි දේවියගේ පුත්‍රයාට රජකම උරුම වීම වැළැක්වීමට සිතූ අනෙක් බිසෝවරු හිතවත් නිලමේවරුන් හා එක්වී මිහිරි දේවිය ඝාතනයට සැලසුම් කරන අතරවාරයේ ඒ බව දැනගත් මිහිරි දේවිය තමාගේත් පුත්‍රයාගේත් ආරක්ෂාව වෙනුවෙන් මාලිගයෙන් පිටමං වී ආරක්ෂක ප්‍රදේශයක් වූ පස්දුන් රටට පැමිණ සැඟවී සිටි අතර එහිදී පුත්කුමරු බිහිවිය.

එසේ උපන් කුමාරයා ශ්‍රී වර්ධන යනුවෙන් නම් ලැබූ අතර අනාගත රාජ පදවිය සඳහා සුදුසුකම් සපුරමින් හැදී වැඩුණි. ශ්‍රී වර්ධන කුමරු නිසි වයසට එළඹි පසු ඔහුගේ පිය රජ වූ සයවැනි පරාක්‍රමබාහු රජතුමා කුමරු පිළිබඳ සතුටු වී ඔහු ප්‍රතිරාජ පදවිය පත්කොට පස්දුන් රට පාලනය පිණිස එවීය. මිහිරි දේවියට එරෙහිව රජවාසලේ කුමන්ත්‍රණයක් පැවතීම නිසා වර්ධන කුමරුගේ මවවූ මිහිරි නොහොත් මධුරා දේවියට රජමාලිගයේ වාසය හිතකර නොවූ අතර ශ්‍රී වර්ධන කුමරු පස්යොදුන් රට ප්‍රතිරාජ බවට පත්වූ වහාම තම පාලන ප්‍රදේශයේ ආරක්ෂා සහිත ස්ථානයක මන්දිරයක් කරවා තම මවු බිසව වූ මධුරා දේවිය එහි ගෙන්වා වාසයට අවැසි කටයුතු සලසන ලදී. මෙසේ මවු බිසව වාසය කළ ග්‍රාමය මාතෘ ග්‍රාම නමින් හැඳින්විය. මෙම මාතෘ ග්‍රාමය මාතෘ ගාම, මාතු ගාමවී පසුව මතුගම වන්නට ඇතැයි විශ්වාසයක් පවතී. මතුගම ග්‍රාමය බිහිවීම පිළිබඳව ඇති බහුතරයක් පිළිගන්නා මතය වන්නේද මේ පුරාවෘත්තයේ සඳහන් කතා පුවතය.

ශ්‍රී වර්ධන කුමරුගේ පාලනය පිළිබඳ සාක්ෂි මතුගම අවටින් හමුවන අතර අගලවත්ත කැකුළන්දොල විහාරය ඉදි කිරීම, වර්ධන කුමරු ඉදිකළ බව සැලකෙන වැව් කිහිපයක නටබුන් හමුවීම මෙන්ම වර්ධන කුමරු සපුමල් කුමරුට එරෙහිව කළ සිංහල පෙරළිය නම් සටනද නූතන මතුගම ආශ්‍රිතව සිදුවීම ඒ අතරින් වැදගත් වේ. නූතන මතුගම නගරය බිතාන්‍ය සමයේ ඉදිවූ මාර්ග එක්වන හතරමං හංදිය මූලික කරගෙන බිහිවූවද මතුගම ගම බිහිවීමට තේමා වූ මිහිරි දේවිය වාසය කළ ප්‍රදේශය නූතන හෑළඹ ප්‍රදේශය විය හැකි බවට මතයක් ඉදිරිපත් වී තිබේ. එම ප්‍රදේශය කඳු ,වන දුර්ග, ජල දුර්ගවලින් ආරක්ෂිත ප්‍රදේශයක් වන නිසා ආරක්ෂාකාරීව වාසයට ඉතා සුදුසුය. වත්මන් හෑළඹ පීලිහත මිහිරි දේවිය ස්නානය කළ ස්ථානය බවටද මතයක් පවතී. මිහිරි දේවිය හා මතුගම නාමය අතර සබඳතාවයට තවත් පිළිගැනීමක් ලැබී ඇත්තේ නූතන මතුගමට සමීප කඳු, වන දුර්ග, ජල දුර්ගවලින් ආරක්ෂිත ප්‍රදේශයක් වූ පරේගම ප්‍රදේශයේද කුඩා මතුගම නමින් හැඳින්වෙන ගමක් පිහිටීමයි. මිහිරි දේවිය ආරක්ෂාව පතා එම ප්‍රදේශයේ වාසය කළ බව දැක්වෙන ජනප්‍රවාදයන්ද පවතී. මිහිරි දේවිය නොහොත් මධුරා දේවිය කීරවැල්ලේ බිසවගේම තවත් සහෝදරියක් බවත් ඇය තම ඥාතීන් සමග පස්දුන් රට ආරක්ෂිත ප්‍රදේශයක වාසය කළ බවටද පුරාවෘත්තයක් පවතී. ඇය පස්දුන් රට ප්‍රතිරාජ වූ ශ්‍රී වර්ධන කුමරුගේ මව බැවින් මිහිරි දේවිය වාසය කළ ගම්මානය ‘මවගේ ගම’ යන අරුතින් මාතෘ ග්‍රාම වී පසුව මාතුගාම වී මතුගම වන්නට ඇතැයිද මතයක් ඉදිරිපත්වී තිබේ. මිහිරි දේවිය වාසය කළ ප්‍රදේශය ලෙස හෑළඹ ප්‍රදේශය සැලකුණද නූතන මතුගම ආනන්ද විදුහල පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව ඇය වාසය කළ බවට මතයක්ද ඉදිරිපත්වී තිබේ.

පුරාවෘත්තය එසේ වූවද මතුගම නාමය ලේඛනගත වන්නේ ලන්දේසීන් වාර්තාවන් තුළය. ලන්දේසීන් අල්ලා ගත් ඉඩම් ලේඛනගත කිරීමේදී ඒවායේ මතුගම පිළිබඳ දක්වා තිබේ. මෙම ඉඩම්වලින් බදු අයකර ගැනීම සඳහා ලන්දේසීන් මේවා ලේඛන ගතකළ අතර ක්‍රි.ව.1766දී ලියවුණු ලන්දේසි තෝම්බුවක මුණසිංහගේ නයිදෙහාමි හා හටන්හාමි නම් මුණසිංහ පරපුරකට අයත් පුද්ගලයන් සතු මතුගම ඉඩම් පිළිබඳ දක්වා ඇත. මතුගම පිළිබඳ දැක්වෙන මෙම ලන්දේසි තෝම්බුවල මතුගම කන්ද, උඩවෙල, හෑළඹ ආදී ප්‍රදේශයන් මායිම් වන ලෙස ඇති මතුගම ඉඩම් දැක්වේ. ඒ අනුව පුරාණ මතුගම වත්මන් හෑළඹ දෙසට වන්නට පවතින්නට ඇතැයි සිතිය හැකිය. මෙම ලන්දේසි තෝම්බුවල සඳහන් ඉඩම් බිතාන්‍ය පාලන සමයේ මැන සිතියම් ගතකළ අතර ඒවායේද “Mattoogame in District Of calutara” යනුවෙන් මතුගම යන්න ‘මාතුගාම’ ලෙසින් දක්වා තිබේ.

මේ අනුව බි්‍රතාන්‍යයන් තම වැවිලි වගා දියුණුව වෙනුවෙන් ඉදිකළ මාර්ග එකට එක්වූ හතරමං හංදිය හා එම මාර්ග භාවිත කළ අය වෙනුවෙන් එම හතරංමං හන්දිය කේන්ද්‍ර කරගනිමින් බිහිවූ කඩමණ්ඩිය ඒ වන විටත් එම ප්‍රදේශය හැඳින්වූ ‘මාතුගාම’ නොහොත් ‘මතුගම’ ලෙසින් හඳුන්වන්නට ඇත. මං හතරක් එකට එක්වුණු මේ සිවුමංසලේදී එම මාර්ගයන් දිගේ ආගිය පිරිස් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සේවා සැපයීම, භාණ්ඩ හුවමාරුව ආදී ක්‍රියාවන් ක්‍රමයෙන් වැඩිවීම නිසා මේ සිවුමංසල ආශ්‍රිත ප්‍රදේශ ජනාවාස වී ජනාකීර්ණ නගරයක් බවට පත්වන්නට ඇත. අද මතුගම ලෙස හඳුන්නා ගන්නේ සියවස් පහකට ආසන්න කාලයක් තිස්සේ ගොඩනැගුණු මෙම නූතන මතුගම නගරයයි. නූතන නගරය දියුණු වන විට මධුරා නොහොත් මිහිරි දේවිය වාසය කළ ප්‍රදේශයේ සිටි ජනයාද නගරය වෙත සංක්‍රමණයෙන් එම ප්‍රදේශ ග්‍රාමීය පෙදෙස් බවට පත්වන්නට ඇත. ඒ කෙසේ නමුත් අද මතුගම අඬහැර පාන්නේ එදා මිහිරි දේවියගෙන් ඇරඹුණු මවකට රැකවරණය දීම වෙනුවෙන් ඉදිවුණු රාජකීය නුවරක ආදරණීය කතා පුවතය.

අසිරු වේදිත කරුණාරත්න

SendShareShare
Previous Post

මහජන බැංකුවේ Lanka QR ගෙවීම් පහසුකම මීගමුවට…

Next Post

ඇඟිල්ලෙන් ජීවිතේ වෙනස් වෙයි…

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.