• About us
  • Contact us
Sunday, July 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගාලු කොටුවෙන් මතු වූ අබිරහස් කාමරය…

March 13, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
ගාලු කොටුවෙන් මතු වූ අබිරහස් කාමරය…
Share on WhatsAppShare on Facebook

එක් පසෙකින් මහ සයුරය. අනෙක් පසින් ගොඩබිමය. මොහොතින් මොහොත වෙනස් වෙමින් ගතටත් සිතටත් වෙනසක් දවන පාරිසරික සාධකයන්ගෙන් සමන්විත මේ සුන්දර ස්ථානය පිහිටියේ දකුණු ලක අග නගරය ලෙසින් හැඳින්වෙන ගාල්ල නගරයේය. ගාල්ල කොටුව කියූ සැණින් එකී සුන්දරත්වය කාගේත් සිතට ගලා එන්නේ නිතැතිනි. ඒ දෙස් විදෙස් බොහෝ පිරිසක් මේ විශිෂ්ට ස්ථානය කරා ළඟාවී එහි සුන්දරත්වය විඳ ඇති නිසාවෙනි.

ගාල්ල කොටු පවුරේ ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම සහ සුන්දරත්වය ඉතා විශාල වපසරියක් පුරා විසිරී පැවතුණද මෙහි ඇති සඳු අට්ටාලය ලෙස හැඳින්වෙන උස් ස්ථානයට විශේෂ තැනක් හිමිවෙයි. ගොඩබිම දෙසට මුහුණලා පිහිටි මෙම සඳු අට්ටාලය ගාලු නගරයට ඉතා සුන්දර ලෙස දර්ශනය වන තැනක් ලෙස ප්‍රසිද්ධ වුවද ගාලු කොටු පවුර ඉදිකිරීමේදී මෙම උස් ස්ථානය පිහිටි කොටසේ පොළොව අභ්‍යන්තරයේ අතිශය රහසිගත කටයුත්තක් සිදුකිරීමට නිර්මාණකරුවා කටයුතු කර තිබිණි. ඒ බව මෑත ඉතිහාසය වන තෙක් කිසිවකුත් දැන නොසිටීමද විශේෂත්වයකි. ඒ අනුව මෑත ඉතිහාසයේ එම රහසිගත කරුණ සොයා ගැනුණු අතර, සඳු අට්ටාලය පිහිටි ස්ථානයට සමානව භූගතව ඉදිකෙරුණු විශේෂ උමං කාමරයක් සොයා ගැනිණි.

වරායක් හා වෙළෙඳ නගරයක් ලෙස ප්‍රසිද්ධව තිබූ ගාල්ල බළකොටුවක් ලෙස ඉදිකිරීම ඇරැඹෙන්නේ 16 වැනි සියවසේදීය. ඒ, යුරෝපීයයන්ගේ ආගමනයත් සමගය. ඒ අනුව 1505දී ගාල්ලට ගොඩබසින පෘතුගීසින් මුලින්ම ගාල්ල කොටුව ඉදිකිරීමට පියවර ගන්නේ මෙරට පාලනය වූ ධර්ම පරාක්‍රමබාහු කුමරුගේ අනුමැතිය ලබාගනිමිනි. ඒ අනුව මුහුද දෙසට විහිදුණු කුඩා කොටසක් භාවිත කරමින් පෘතුගීසින් සිය බළකොටුව ගාල්ලේ ඉදිකර ගත්තද 1640 මාර්තු මස 13 වැනිදා ලන්දේසින් ගාලු කොටුවේ බලය තමන් අතට පත්කර ගත්තේය. එතැන් පටන් ලන්දේසින්ට අවශ්‍ය වූයේ ගාල්ල කොටුව තම අභිමතය පරිදි වර්ධනය කර විශාල කරන්නටය. එම අදහස අනුව කොටුව අද පවතින තත්ත්වයට විශාල කිරීමට ලන්දේසින් කටයුතු කර තිබේ. එහෙත් පසු කාලීනව ඉංග්‍රීසින් මෙම කොටුව තමන් යටතට ගන්නේ 1796දීය.

කෙසේ නමුත් ඉතා විශිෂ්ට ඉදිකිරීම් ක්‍රමෝපායන්ට අනුව නිමවා ඇති ගාලු කොටු පවුරේ ආරක්ෂාවට මුර අට්ටාල පහළොවක් ඉදිකිරීමටද කටයුතු කර තිබිණි. එයින් ගොඩබිමට මුහුණලා අට්ටාල තුනක් පිහිටුවීමට කටයුතු කර තිබිණි. එම අට්ටාල අතර මැද පිහිටි විශාලම මුර අට්ටාලය සඳු අට්ටාලය වන අතර එයට එම නම ලබාදී ඇත්තේ ලන්දේසින් විසිනි. 1760 වර්ෂයේ මෙම සඳු අට්ටාලය මත කාලතුවක්කු 19ක් සවිකර තිබූ බවටද තොරතුරු අනාවරණ වෙයි.

කෙසේ වෙතත් මෙම අට්ටාලයේ පොළොව අභ්‍යන්තරයේ පිහිටි රහස් උමං කාමරයක් හමුවීමත් සමග සුවිශේෂ රහස් රැසක් හෙළිකර ගන්නට හැකිවූ බව පැහැදිලි වෙයි.

කෙසේ නමුත් පොළොව අභ්‍යන්තරයේ පිහිටි මෙම රහස් කාමරයේ දොරටුව ගඩොල් යොදා ආවරණය කිරීම හේතුවෙන් මෙම කාමරය රහසක් ලෙසම සැඟවී කාලයක් තිබෙන්නට ඇතැයි හඳුනාගත හැකිය.

එහෙත් පසුව හඳුනාගත් හෝඩුවාවන්ට අනුව මේ පිළිබඳ සොයා බැලීමට පෙළඹුණු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වහා ගාලු උරුමය පදනම මෙම රහස් කාමරයේ දොරටුව විවෘත කරමින් ඊට පිවිසීමට කටයුතු කර ඇත.

කුටිය තුළට ජලය කාන්දු වීමෙන් ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ නිමවා තිබූ බිත්ති සහ ආරුක්කු යම් තරමකට හානියට පත්ව තිබුණත් විශේෂ උපක්‍රම යොදමින් මේ පිළිබඳ සොයා බලන්නට පිරිස කටයුතු කර තිබේ.

ඒ අනුව මේ රහස් කාමරයේ පිවිසුම් දොරටුව නැගෙනහිර දිශාවට පිහිටා තිබූ අතර එම දොරටුවෙන් මුලින්ම කුඩා කුටියකටත්, එම කුටියේ නැගෙනහිර දෙසින් පිහිටි දොරටුවකින් තවත් කුඩා කුටියකටත් පිවිසිය හැකි අතර එම කුටියේ උතුරු දිශාවෙන් පිහිටි දොරටුවකින් විශාල කුටියකටත් ඇතුළු වීමට හැකි ආකාරයට විශේෂ ආරක්ෂක ක්‍රමවේද සහිතව මෙය ඉදිකර තිබී ඇත. මෙම විශාල කුටිය දිගින් මීටර් 9ක්, පළල මීටර් 4ක් සහ උසින් මීටර් 4කි. මේ රහස් කුටිය හා සම්බන්ධ තවත් රහස් සබඳතාවක් හෙළිවන කාරණයක් ලෙස කැවලියර් අට්ටාලයේ පිටත බටහිර දෙසින් හමුවූ වසාදැමූ දොරටුව හඳුන්වා දිය හැකිය.

ඒ අනුව හඳුනාගෙන ඇති තොරතුරු ඇසුරෙන් හෙළිවනුයේ මෙම රහසිගත කුටි රහස් ආයුධ ගබඩා ලෙස භාවිත කළාය යන්නය. හදිසි අවස්ථාවන්හි ඉහළ පිහිටි ආරක්ෂක අට්ටාල වෙත අවි ආයුධ වෙඩි බෙහෙත් පහසුවෙන් සැපයිය හැකි ආකාරයට මෙම ආයුධ ගබඩා මෙලෙස ස්ථාපිත කර තිබෙන්නට ඇතැයිද අනුමාන කළ හැකිය.

කෙසේ නමුත් ඉතා විශිෂ්ට නිර්මාණශීලී ඉදිකිරීමක් වන ගාලු කොටුව තුළ මෙවැනි තවත් හෙළි නොවූ රහස් විශාල ප්‍රමාණයක් ඇතැයි අනුමාන කළ හැකි අතර ඒ රහස්, රහස් වන තරමටම මෙහි වටිනාකම තවත් වැඩිවනු ඇත.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

රටේ සිදුවූ වැදගත් සිදුවීම් රැසක් සිරස ප්‍රවෘත්ති විකාශයේ පළවුණා! ඒ නිසා අපිත් ඒක පළකරනවා! ඔබත් බලන්න! (VIDEO)

Next Post

HNB සමූහය අභියෝග මධ්‍යයේ 2021 සඳහා ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි…

MORE NEWS

Exclusive

අමරපුර මහා නිකායේ රාජ්‍ය මහෝත්සවයට ආ අනුර කතා නොකරම උත්සවය මැදදී නැගිට ගියේ ඇයි? අස්සජි හිමියන් කරපු කතාවට හිත රිදිලද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Exclusive

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! උපරිමාධිකරණ විනිසුරුවන්ට විතරක් නැතිව සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 2කින් දීර්ඝ කරන්න සූදානම් වෙයි! I Sri Lanka Latest News

අනුර මාලෙට ගොඩබැස්සා! පිළිගත්තේ මාලදිවයින් ජනාධිපතිතුමා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

16 අනුර ප්‍රංශෙ යන්නෙ නෑ! I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩු එනවා යනවා! නායකයෝ එනවා යනවා! ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුයි! විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව නීතීඥ සංගමයෙන් තවත් සම්මන්ත්‍රණයක්! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන බය හිතෙන කතාවක් කාලගුණෙන් එළියට දමයි! ඔක්තෝබර්-නොවැම්බර් භයානකයි!  I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වහයි! තුන්වන ප්‍රහාර වටයට අමෙරිකාව ලකලෑස්ති වෙයි!  I Sri Lanka Latest News

Load More
මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

කලාව අප කාටත් පොදු දෙයක්. සමහරුන්ට නටන්න, ගයන්න, සිතුවම් අඳින්න පුළුවන්. තවත් සමහරුන්ට මූර්ති, කැටයම් කලාව පුළුවන්. මේ සියලු දක්ෂතාවන්...

Read more
ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

අමරපුර මහා නිකායේ රාජ්‍ය මහෝත්සවයට ආ අනුර කතා නොකරම උත්සවය මැදදී නැගිට ගියේ ඇයි? අස්සජි හිමියන් කරපු කතාවට හිත රිදිලද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! උපරිමාධිකරණ විනිසුරුවන්ට විතරක් නැතිව සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 2කින් දීර්ඝ කරන්න සූදානම් වෙයි! I Sri Lanka Latest News

අනුර මාලෙට ගොඩබැස්සා! පිළිගත්තේ මාලදිවයින් ජනාධිපතිතුමා! PHOTOS I Sri Lanka Latest News

16 අනුර ප්‍රංශෙ යන්නෙ නෑ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.