• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මතු බුදු නොවනු ශ්‍රී වික්‍රම රාජසිංහ (අවසන් කොටස)…

February 21, 2023
in Exclusive, Mahawanshaya
Reading Time: 6 mins read
A A
මතු බුදු නොවනු ශ්‍රී වික්‍රම රාජසිංහ (අවසන් කොටස)…
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ මෙම කතාවෙහි පළමු කොටස පළවිය. මේ පළවන්නේ එම කතාවෙහි අවසාන කොටසය.

මෙම ලිපිය ලියන්න කලින් අනිවාර්යයෙන් මා මේ දේ කියන්න අවැසිය. මා මගේ ජීවිතේ මගේ ඉහේ කෙස් ගානට වඩා පුස්කොළ පොත් කියවලා ඇති නමුත් මා එතෙක් මෙතෙක් කාලයට කියවපු අතිශය දුක්ඛිතම පුස්කොළ පොත් කිහිපය තමයි මේ තියෙන්නේ. මා පිරිමියෙක් වශයෙන් මේ පොත් කියවද්දි ඇස්වලින් කඳුළු ආවා නම් ඔබේ ඇස්වලින් කෙසේ කඳුළු හැලෙයිද කියා මටවත් හිතාගන්න බෑ. කෙනෙක් කියනවා පුරාවිද්‍යාවෙදි හැඟීම්බර වෙන්න එපා කියලා. මේ එක පොතක් හරි කියපු උන් සම්පූර්ණයෙන් කියවලා තියේ නම් එහෙම කියන එකක් නෑ. අනිත් එක මේ තියෙන්නේ කූට ලේඛන කියුවා. ‘වර්තමානයේ යම් කර්තෘවරයකු ලියන ලද නෙඃපු මහරජ නම් කෘතිය, සියල්ලටම ඇසුරු කරමින් ඉතිහාසයේ ඇති සත්‍ය පතපොත වසා ශ්‍රී වික්‍රමරාජසිංහ ශුද්ධවන්ත රජෙක් කොට බුදුබව ලබා දෙන්න හදනවා. සෙනරත් පරණවිතාන සූරීන් මෙපොත බලලා කියුවාලු ‘ඇහැලේපොළ ඝාතනය පිළිබඳ ඇති මේ පුස්කොළ පොත පසුකාලීනව ලියැවුණා’ කියලා. නමුත් සෙනරත් පරණවිතාන සූරීන් කියවලා තියෙන්නෙත් එක පොතයි. මං ඒ පොතත් අංගසම්පූර්ණයෙන් කියෙව්වා. ඒකේ කවි පොඩ්ඩක් වෙනස්. එහි රජාට පතුරු යන්න දොස් නඟා ඇත. අනෙක් එක ඔය කියන ශ්‍රී වික්‍රමරාජසිංහ වඩිගයා රජකරවන්න හදන කතුවරුවත් එදා ඉඳන් රජාට කඩේගිය වෙල්ලාලයො ටිකවත් නොකියවපු තාමත් ඒ විදියටම පරිස්සම් වෙලා තියෙන පුස්කොළ පොත් ගොන්නක් එතැන තියෙනවා. මට පුදුමේ මේ හැම පොතකම තියෙන්නේ එකම කරුණ. එක එක කතුවරු ලියපු ශ්‍රී වික්‍රමරාජසිංහ රජ දවස ලියවූ බව කිව හැකි සහ ඔප්පු කළ හැකි පුස්කොළ පොත් මේ තියෙන්නේ. අපි එක පොතක් කූට ලේඛන කියලා ගමු. නමුත් එක එක පැතිවලින් Donate කරපු මේ හැම පොතකම එකම කරුණ තියෙන්න විදියක් නෑ.

මෙලෙස දැඩි දුර්ජන අධම පාලනයක් ගෙනගිය ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ කෲරත්වය පිළිබඳ මෙසේ ඉහත සඳහන් පුස්කොළ පොත්වල මෙසේ සඳහන් වේ.
‘ඇහැලේපොළ දරුවන් මැරීම 01’ පුස්කොළ පොත

(ගි)1.
‘ලොකු බණ්ඩා (ඇහැලේපොළගේ ලොකු පුතා) වධකයෝ දැක බයවී කුමාරිහාමිගේ දෙපා මුල වැටී අඬන්න පටන් ගත්හ. නම අවුරුදු වයසැති මද්දුම බණ්ඩා (ඇහැලේපොළගේ මැදිව සිටින පුතු) කියනුයේ, ‘ලයියේ හැඬීමෙන් පල නැත. සිහල ජාතියට නින්දයි. එම නිසා පියාණන් වෙනුවෙන් දිවිදීම යෙහෙකයි. ආගමේ කටයුතුත් කර වධකයෝ ඉදිරියට ගොස් හිසගහා දාපියව් කියා බෙල්ල පහත් කළේය. මද්දුම බණ්ඩාගේ හිස කැපුම දුටු ලොකු බණ්ඩා බියවී මර හඬගන්නට පටන් ගත් කල්හි, වධකයෝ පැන අල්වා හිසගසා දැම්මේය. එය දැක කුමාරිහාමි රජතුමාට දෙසන්කරමින් බිම ඇද වැටුණේය. වධකයො පැන උකුලේ සිටිය ඩිංගිරි මැණිකේ (ඇහැලේපොළ කුමාරියගේ මසැති වයස බිලිඳිය) ඇද අරන් කපා වංගෙඩියට දැමූ කල, රජතුමා කුමාරිහාමිට කොටන්ඩ අණ කළේය. නමුත් බිම වැටී අඬන්නට වන එවිට වධකයෝ අතේ සිටිය කිරිදරුවා ඇද අරන් කැපූ කල බිව් කිරි වෑහෙන්නට වන. රජතුමා කුමාරිහාමිට කියන්නේ තීව් ගස දරුවන් නෙකෙටුවොත් පදුවෙකුට පාවා දෙන ලෙස නියම කළ සේක. එවිට මොල්ලිගොඩ මහාදිකාරම් නැගණියනි කුලයට කිලුටු නිසා කොටවායි අණ කළ කල්හි, කුමාරිහාමි මෝල අතට ගෙන වංගෙඩියට හෙලූ කල සිහි නැතුව බිම වැටුණේය. එවිට කෑගසා ඔය ගෑනු ගෙනගොස් වැවේ ගිල්වා දමන්ටයි අණ කලකල්හි වධකයෝ ඇඟට අත තියන්න නොදී කුමාරිහාමි ඇතුළු තිදෙනා වැව ළඟට ගොස් කියන්නේ මාගේ ස්වාමි පුරුෂයෝ වන ඇහැලේපොළ අදිකාරම්තුමාට දෙවි පිහිටයි. වැඩිකල් නොගොසින් මේ ආණ්ඩු කළ දුෂ්ට නිවට නීච රජාගෙන් අන් රාජ්‍යයකට රට අයිති වෙත්වායි කියා තිදෙනාම වැවට පැන්නාහ. එදවස මුළු රටම මළගෙයක් මෙන් උන්හ. සූර්ය දිව්‍ය රාජයාගේ රශ්මියද අඩු විය. මුළු රට කඳුළුවලින් වැහෙන්නට වන.’

‘ඇහැලේපොළ කවි 02 වැනි කවි පුස්කොළ පොත.
(08)1.
‘ඇහැලේපොළ මහ නිල මෙහෙලා දෙ
අහශ පොලො පවතින කල් මා දෙ
කුමරු මරා දරු ඔළු කොටු මා දෙ
පාංකර දෙවිමට කොල මෙම දෙ…..’

‘ඇහැලේපොළ දරුවන් මැරීම 03 වැනි පුස්කොළ පොත.

(03)2.
‘කිරි නැගුනේ උගුරෙන් කිරි පැන ලා
ලෙම නැගුනේ බෙල්ලේ ඇග නැමි ලා
ලේත් සමග කිරි මුසු කැලඹි ලා
වෙව්ල හනිමැලි උනි මෙ ගලා…’

(02)1.
‘දුටු දුටු අය සිහිපත් නැති වෙ ලා
කොට වඩ වංගෙඩියට දම ලා
මට පව් නැත ගන් රැකවලූ කිය ලා
වංගෙඩියට කැපු ඔළු ගෙඩි දම ලා…….’

(03)1.
‘යොදුන් පනත මෝලෙන් කෙටන් නේ
වහුනු ශරය මවු සිහිනැති වන් නේ
තද ගිනි රැස් රජ උදහස් වන් නේ
විදින මෙහෙයද සකුස ඇවිලෙන් නේ…..’

‘ඇහැලේපොළ කුමාරිහාමිහේ විලාපය නොහොත් ඇහැලේපොළ බිරිඳ සහ දරුවන් මැරීම යන 04 වැනි පුස්කොළ පොත.

අහස පොළව හත් කෙලකම මතු බුදුවන හාමි නේ
මමවත් මගේ දරු කළ වරදක් නැත මෙලොවට නේ
වරද කළේ මගේ මතතිලවෙ වෛයි අසන්ඩ ව නේ
දල දන මෙට පිනට සිරිමන මතු බුදු වන්නේ…’

‘කැකුළු මලක් සේ එල්ලා ගත්තේ
මුකුළු වුන දුව අද මගේ නැත් තේ
කකුල පෙනැති රත් මල් පෙරැත් තේ
ඉහළ අරන් කෙටුවා එක මත් තේ…….’

ඉහත සඳහන් පුස්කොළ පොත්වල එක් එක් කවිවලට අදාළ වන කවි දුටු විට රජුගේ කෲරත්වයත් කෙසේද යන්න මනාව පෙන්වා දිය හැක. රාජ නීතිය සියල්ලන්ටම සමාන විය යුතුය. මන්ද යත් ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ රාජ නීතියේ ඇත්තේ ද්‍රෝහින්ගේ පවුලේ අය අල්වා පිරිමින්ගේ හිස ගසන්ටත් ගැහැනුන් ගිල්ලා මරන්ට කියා නමුත්, කටේ ලේ සුවඳවත් නොගිය මේ ලෝකය දෙස ඇස්වත් ඇර නොබැලූ ‘අම්මේ’ යැයි වචනයක්වත් නොකියූ කුඩා බිලිඳියට රත් මල් මාලා දමා මරන්ට ගෙනයන සුදු කිරිකැටි එළු පොව්වකු සේ තම මවගේ කිරි බිබී සිටි තනෙන් ඇද උදුරා, මාළුවකු ඔසවා කපන්නා සේ හිස ගසාදමන අතර වැටී පෙරළී යන හිසද අහුලාවිත් වංගෙඩියට දමා මේ ලෝකයට ජනිත කළ මෑණියන්ගේ සිය දෑතින්ම දස මසක් වැදූ ලෙයත් පෙවූ කිරත් එළියට වතුර මලක් වැගෙරෙන්නා සේ වැගිරෙන ලේ සහ කිරි මිශ්‍ර කුඩා සියුමැලි සිනා සහිත තම කුඩා දියණියගේ නිසල දේහය මෝල් ගසෙන් කෙටවීම තරම් රජු කෙතරම් කෲර මුග්ධ මානසික රෝගියෙක් වීද? මෙම පුස්කොළ පොත්වල ඇහැලේපොළ කුමාරිහාමි සිය දෑසින් වධකයන් තම ලොකුබණ්ඩාගේත්, මද්දුමයාගෙත් හිසගසා කඳ බිම දඟලනු දකියි. එය දැක සිහි නැතුව බිම වැටුණද නැවත සිහිගන්නවා නැගිට්ටවා තම ඇකයේ සිටි දරුවාද කපාදමනු සිය දෑසින්ම දකින්නට තරම් ඇය කෙතරම් සංසාරයේ කුමන අකුසලයක් කර ඇද්ද?දරුවාගේ හිස ගැසූ විට බිමට වැටෙන ආකාරය සුමුදු මලකට සමාන කොට ඇත. ‘සුමුදු මලක් සේ ඉස බිම වැටුණා’. අනේ සුමුදු මලක් වගේ ඒ පුංචි ගැහැනු දරුවෙක්ගේ ඔළුවක් කඳෙන් බිම වැටෙනකොට ඒ අම්මට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇද්ද?කපලා මැරුවගේ මළකඳ ආයේ වංගෙඩියට දමලා තියෙනකොට දකිද්දී මොන තරම් ගින්නක් කුමාරිහාමිට දැනෙන්න ඇතිද?

මැරුණු මළ කඳ
කුමුදු මලක් සේ එල්ලා ගන්නේ
මුකුළුවුන දුව අද මගේ නැත්තේ
කකුල පෙනෙති රත් මල් දිගු පෙරැත්තේ
ඉහළ අරන් කෙටුවයි එක මත්තේ…..’

මේ කවියේ තියෙන විරහ වේදනාව මට නම් කියන්න බැරි තරම්. හරියට දැන් මේක ලියද්දී මං ඇහැලේපොළ කුමාරිහාමි වගේ කියලා හිතෙනවා. මගේ මේ පිරිමි හදවතට දැනෙන දුක, මෙය ලියනකොට පවා මගේ ඇස්වලින් කඳුළු බිම වැටෙනවා. හරියට දැන් මගේ දරුවා වංගෙඩියේ දාලා කොටන්න හදනවා වගේ වේදනාවක් දැනෙනවා. ඇහැලේපොළ කුමාරිහාමිට පෙනෙනවා මියගිය දරුවගේ මළකඳ කැකුළු මලක් වගේ එල්ලලා අරන් වංගෙඩියට දමනවලු. එදා මුහුණේ තිබ්බ මුකුලු සිනහව නැති බව දැන් ඇහැලේපොළ කුමාරිහාමි දන්නවා. මොකද දරුවා දැන් මැරිලා නිසා. ඒත් මැරුණු දරුවගෙ අතපයේ බැඳි රත්මල් දම් වංගෙඩි කටෙන් එළියට නැමී තියෙන අතපයෙන් ඇහැලේපොළ කුමාරිහාමිට පෙනනවලු. මැරුණා නම් දුකක් නෑ කියලා හිතෙන්න ඇති. ඇහැලේපොළට දරුවාව තලපයක් වෙන්න වධකයෝ එක පිට එක වංගෙඩියෙන් කොටනවා දැක්කම. අනේ ඇහැලේපොළ අම්මේ ඔබට එදා කෙතරම් දුකක් දැනෙන්න ඇතිද? ඔබ මොනවා කරන්නද? ඔබ පදුවෙකුට පාවාදී නීච කිරීමට තැත්කළ වෙල්ලාල ගොයි කුලයට නීච නොකරන්නයි කියා ඔබේ අත් දෙකෙන් තමා බිහිකළ දරුවා වංගෙඩියෙන් කොටන්න සැලැස්වූ වෙල්ලාල ගොවි මොල්ලිගොඩයාගේත්, මතින් වියරුවූ වඩිග කන්නස්වාමි රාජසිංහ යන නීච රජාගේත් බොටුව කඩන් කන්න හිතෙන්න ඇති නේද? ඇගේ පතිවත කෙසේද යත් ඇය අල්වා ගල් බැඳ ගිල්වීමට ආ වධකයන්ට තම ශරීරයට අත තැබීමට නොතියා තමා ඇතුළු පුස්සැල්ලේ කුමරියත් එම දියණිත් ගල් බෙල්ලේ දමා රාජසිංහටත් පවත්නා අණ්ඩුවත් ආණ්ඩු කළ අයත් වෙනත් රාජ්‍යයකට රට අයිති වෙත්වා යැයි කියා සාපකොට සිරි බෝගම්බර වැව් තාවුල්ලෙන් පැන මැරී ගියාය. මට නම් දැන් ඔබත් මද්දුමබණ්ඩාර කුමාරවරයා වැනි වීරවරියකි මෙතෙක් කල් සැඟවී සිටිය.

මෙම සිදුවීමෙන් මුළුමහත් දඹදිවත් ඇතුළුකොට රාජ රාජ මහාමාත්‍යාදී රාජ්‍යද කම්පා කළ සිදුවීමක් විය. මෙයින් තව තවත් රට වැසියා උරණ විය. රජුගේ අගබිසවද මෙසොවින් පරලොව සැපත් වියයි කියවේ. එහෙත් එකල්හිම රජු තව විවාහයන් දෙකක් කරගන්නට විය. ඇහැලේපොළද උරණව රාජසිංහ අල්වා දෙන අදහසින් ඉංග්‍රීසින් හට සහාය පළකරන්නට විය. එය පිළිබඳ 03 වැනි පුස්කොළ පොතේ මෙසේ සඳහන් වෙයි.

‘රට ලන්කාව මම නැති කර මී
හතුරකුට මෙරට අල්ලා දෙ මී
මට කොළ නින්දෑ නිරිඳුට කරදි මී
මහ රජ අල්ලා රට නැවු නංග මී……’

මෙලෙස රටත් රටවැසියනුත් කැලඹී රජු අල්ලා ගැනීමට අරගල කරන අතර රජු ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු දරුවන් මැරීම පිළිබඳ සොවින් තැවුණු බවද 03 වැනි පුස්කොළ පොතේ 10 වැනි පිටුවේ කවිවල සඳහන් වෙයි. මෙහිදී රජුට දරුවන් නොමැති හේතුවෙන් ඇහැලේපොළගේ දරුවන් වියරුවෙන් මැරුවාද යන්නත් සැක සිතේ.

‘දරු ගින්දර කොයි අයටත් ඇතු වා
අඹුදරු මැරූ ශෝලිය ඇතු වා
ලැබුමය රන් රුව දරුවො නැතු වා
කරුම බලෙං මට දකිනට නැතු වා…’

අවසානයේ කර්ම පලය කෙසේද යත්ද 1818 පෙබරවාරි 18 වැනි දින රජු මහනුවර බෝමුරේදී අත්අඩංගුවට ගන්නට විය. එහිදී රජුට බිසෝවරු සතර දෙනෙක් සිටි අතර දෙදෙනෙක් රජුගේ මව සමග දුම්බර හන්වැල්ලට යවා තිබුණු අතර රජු සමග සැඟව සිටි බිසෝවරු දෙදෙනා වැඩිවියටවත් නොපැමිණි කාන්තාවන් දෙදෙනකු වූ බව සඳහන් වේ. අන්තිම සිංහල රජු සැඟවුණු තැනින් අල්ලාගෙන ඒමට ගිය පිරිසේ එක්නැලිගොඩත් මොහොට්ටාලත් සමග සපරගමුවේ පන්සීයක් පමණ සෙනඟද, ඉඹුන්වලආරච්චි සහ යටිපහුවේ කංකානමද සිටි බව කියවේ. රජු බෝමුරේරාලගේ අටුවේ සැඟව සිට ඇද අල්ලා ගන්නා ලදී. බොහො අය ප්‍රකාශ කරනවා රාජසිංහ රජු සුද්දන් අරගෙන යන විට මිනිස්සු කකුල් අල්ලන් සමාව ඉල්ලලා වැන්දා කියලා. එහෙත් 01 වැනි පුස්කොළ පොතේ (ගී) අක්ෂරය සහිත පිටෙහි රාජසිංහ රජුට මිනිස්සූ කෙළගැසූ බව මෙසේ කියැවේ.

‘සීහල සෙන් ටික දෙනෙක් කැටුව ඔත්තුව අසා එහි ගොස් ගෙයි දොර පලා රජ ඇදලා අතපය බැඳ දේවින්ගේ කනකරාභරණ කඩාගත්හ. බිසෝවරු හඬන්නට වන්හ. සබරගමු වැසි රජුගේ මූණට කෙළ ගැසුවේය….’

රජකුට සාමාන්‍ය වැසියන් කෙළගැසීමට තරම් පත්වූයේ රජුගේ ඇති අදූරදර්ශී පාලනය නිසාවෙනි. කර්නල් හාඩ් සහ හුක් ඇතුළු පිරිසගේ මැදිහත් වීමෙන් ගෞරවාන්විතව වෑඋඩ, කුරුණෑගල, අහුගොඩ, දඹදෙණිය යන සතර කෝරළය හරහා කොළඹට ගෙනවිත් නිවාස අඩස්සියේ තබා කොන්වලිස් නම් නැවෙන් ඉන්දියාවේ වෙල්ලෝරයට පිටත් කළ හැරිය එහිදී රජු දාසයවසක් අනේක වේදනා විඳ අයූ 52 වසරක් වළඳා ලංකාවම එකම මළගෙයක් කොට ලාංකීය ජන සමාජයම උඩුයටිකුරු කොට නිකාය කුල සංඝ භේදභින්න කොට පහත් වෙල්ලාල ගොවි කුල, උසස් යැයි සම්මත කොට සුමනසමන් උත්පලවර්ණ ආදී සහ රාජ ක්ෂත්‍රීය කුල පහත් කුල ලෙස පහත හෙළා සෙස්සන්ට බලය දී, ආරම්භයේ පටන් ආ ලාංකීය රාජ්‍යත්වය අවසන් කොට ලක්දිව අරාජික රාජ්‍යයක් බවට පෙරලූ ඉන්දීය වඩුග කන්නසාමි නම්, ලක්දිව අවසන් රජූ වන ශ්‍රී වික්‍රමරාජසිංහ රජු එකදහස් අටසීය තිස් දෙවැන්නේ කුඹරවි තුන්ධා වූ ශනි දින රෑවන්ට තුන් පැයක් තියා ශ්‍රී වික්‍රමරාජසිංහ රජු කලුරිය කළ බව රාජාස්මරණ පුස්කොළ පොතහි සඳහන් විය.

ඉහත සඳහන් කරුණු කාරණා බැලූ කල රජු ධර්මිෂ්ට රජෙක්ද? නැතිනම් නිවට නියාලු බුදු බව තියා දෙව් සැපතක්වත් නොලද යුතු රජෙක්ද යන්න ඔබ අප තීරණය කළ යුතුවේ. එබැවින් ඔබ සිතන්නේ මෙකී රජු දුදනයකුද? සුගුණයකුද? ඒ වගේම මේ කරුණු කාරණා සියල්ලක්ම කොළඹ ශ්‍රී ලංකා කෞතුකාගාර දෙපාර්තමේන්තු ලේඛනාගාරයේ ඇති පුස්කොළ පොත් පාදක කොටගෙන ලියන ලද ලිපියක් බවත් ඉහත කරුණු කාරණා සියල්ලක්ම බැලූ කල මාගේ අදහස නම් රජු මානසික ව්‍යාධියකින් පෙළි අයෙකි යන්නයි. මෙය හුදෙක් මාගේ අදහසයි. ඔබට විවිධාකාර අදහස් දැක්විය හැකිය. ඔබට මෙය නොගැළපෙන සේ හිතෙනවා නම් නොදැක්කා සේ යන මෙන් ඉල්ලා සිටිමි. (වඩිග පරදේශක්කාර රජුටත්, ඉංග්‍රීසින්ටත් කඩේ යන අය මෙයට අදාළ වේ). මෙය හුදෙක් යම් ලාංකිය ඉතිහාසයක් පිළිබඳ ලියවුණු කෘති කිහිපයක ඉතිහාස කතාවක් බවත් ඉදිරියේදී ඇහැලේපොළ රාජ්‍යද්‍රෝහියකු යැයි සම්මත වන පතපොත හම්බ වුවහොත් ඇහැලේපොළ ද්‍රෝහියකු ලෙස පෙන්වා ලිපි මා ලියනු නොඅනුමානය. අනෙක් එක පුස්කොළපොතක් කියවනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවේ. උප්පත්තියෙන්ම ලද හැකියාවත් පරම්පරාවෙන් ලද ආභාෂයත් නිසා ඒක එච්චර ගැටලුවක් වුණේ නෑ. ඒ වගේම ලංකාවේ ඇතිකළ කුල සහ වර්ගවාදයටද සහ යටත් විජිතයක් බවට පත් කිරීමටද ශ්‍රී වික්‍රමරාජසිංහ රජුත් ඇතුළු එකල කුල හීනමඩුල්ල සහමුලින්ම වගකිව යුතුය. එදා එසේ නොවුණා නම් අද වර්තමානයේ අපද ලක්දිව රජකමට සුදුසු වනු නොඅනුමානය. එක වෙලාවකට හිතෙනවා අදටත් අපි එක එක රාජ්‍යවලට නතුවෙන්නේ ඇහැලේපොළ කුමාරිහාමිගේ සාපය නිසාවත්ද කියලා. ඒ වාගේම මතු අනාගතේ දවසක ලංකාව දෙකඩ කළ වේළුපිල්ලේ ප්‍රභාකරන් වැනි අයද ඇදහිය යුතු යැයි කියා (අසරණ රජ /පැන්නවූ) රජ යැයි පොත් ලියා වේළුපිල්ලේටද මතු බුද්ධත්වයද සිංහලයන් නොබෝ දිනකින්ම ලබාදෙනු නොඅනුමානය. මා හට උදව් උපකාර කර සියලු දෙනාත් කෞතුකාගාර ලේඛනාගාර පුස්තකාලයාධිපති මහත්මියටත් එම කාර්ය මණ්ඩලයටත් ස්තුති පූර්වකතාව පුද කරන්නෙමි. මාගේ තෝරා දීමත් ඉල්ලීමත් මත පෙබරවාරි මස 4 වැනි ජාතික නිදහස් උත්සවය යෙදෙන දින එනම් 4 වැනි දින සවස 04 සිට පුරා දින 07ක් ඇහැලේපොළ කුමාරිහාමි සහ දරුවන් ඝාතනය කිරීම යන රූපරාමු සහිත පුස්කොළ පොතද, ඉංග්‍රීසි මහ හටන ඇතුළු තවත් පුස්කොළ පොත් ද, නිදහසට අදාළ තවත් කෞතුක භාණ්ඩද ප්‍රදර්ශනය කිරීමට නියමිත වන අතර එය අනිවාර්යයෙන් සියැසින් බැලිය යුතු පුස්තකයක් ලෙස පෙන්වා දිය හැකිය. මෙයට අමතරව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සතුව ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු දරුවන් ඝාතනය කිරීම සම්බන්ධව රූපරාමු සහිත පලඟනාවක්ද ප්‍රදර්ශනය කොට ඇත. මෙතරම් සාක්ෂි සාධක තිබියදීත් ශ්‍රී වික්‍රමරාජසිංහ රජු තවදුරටත් නිර්දෝෂී කරන්නේ කුමටද? මේ සැම කූට ලේඛන හෝ ඉතිහාසයක් නම් මෙවන් පතපොත බඩු බාහිරාදිය කෞතුකාගාර දෙපාර්තමේන්තුව සතු කොට ප්‍රදර්ශනය කරන්නේ කුමටද? එලෙස මෙම ඉතිහාසය බොරුවක් නම් තව දුරටත් වීර මද්දුම බණ්ඩාරලා ඇහැලේපොළලා කැප්පෙටිපොළලා වීරයන් සේ නම්කරන්නේ කුමටද?එසේ ඉතිහාසයේ ශ්‍රී වික්‍රමරාජසිංහලා මොල්ලිගොඩලා ජෝන් ඩොයිලිලා ජාතික වීරයන් නම්, ඔවුන් ජාතික වීරයන් නොකරන්නේ කුමන කාරණාවක් හේතු සාධක කොට ගෙනද? අපි තවත් පරගැතියන්ට යටත්වී සිටිය යුතුද? සමාජය පිළිගන්නේ මහාචාර්ය මත පමණක්මද?මෙකී ලිපිය ශ්‍රී වික්‍රමරාජසිංහ රජුත් වික්ටෝරියා මහාරාජිනියත් චාල්ස්කුමාරයටත් මතු බුද්ධත්වය නිවන් අවබෝධ කිරීම පිණිස ඉංග්‍රීසින්ට තවමත් කඩේ යන පිරිස් දැක සැනසෙත්වා. ඒ වාගේම මේ ලිපිය ලියන මා ශ්‍රී වික්‍රමරාජසිංහ රජුටවත්, ඇහැලේපොළ මහාදිකාරමටවත්, ඉංග්‍රීසින්ටවත් කඩේ නොයන ශික්ෂණයකින් යුක්තව අනුන්ගේ අච්චු පොත් බලා තමාගේ මෙන් මතවාද නොපෙන්වන හොඳ හයිය හත්තිය සහිත කශේරුකාවක් සහිතව මා දකින කෝණය මා දකින මතය ඉදිරිපත් කරන අයෙකි. ඒ වාගේම අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙපමණයි. ‘ඔබ වැනි අමනයෙක් සිරිලක සිටියෙ නැත’ යන්නයි. සියල්ලම සම්මා දිට්ඨියෙන් යුතුව දකිත්වා.

සටහන-කරන්දෙණිය මහදුරගේ පසිඳු දේශාන්

(මෙය, ශ්‍රී ලංකා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ලේඛනාගාර ගත සංරක්ෂිත පුස්කොළ පොත් කීපයක් ඇසුරෙන් ලියන ලද විමර්ශනාත්මක ලිපියකි.)

SendShareShare
Previous Post

කෝ බෝලේ.. කෝ බෝලේ…! මට බෝලේ හොයලා දෙන්න! පොහොට්ටු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විමලවීරට කේන්ති ගිහින්! VIDEO

Next Post

මහා පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ හොඳටම කළේ අනුර කුමාර දිසානායක ඇමැතිවරයයි! අනුර කෘෂිකර්ම ඇමැති කාලෙ ලේකම් වෙලා හිටපු තිස්ස වර්ණසූරිය ජාජබෙ ප්‍රවෘත්ති සාකච්ඡාවට ඇවිත් කියයි!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.