එක රටක් එක නීතියක් කාර්ය සාධක බළකායට ජනාධිපතිවරයා විසින් පත් කළ චරිතවලින්ම රට හිතාමතාම බෙදීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවත්, එය සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
නායකත්වය නම්‍යශීලී විය යුතු බවත් එය වැරැද්දක් නොවන බවත් විපක්ෂනායකවරයා කීය.
එම නිසා කරුණාකර එම කාර්ය සාධක බළකාය සංශෝධනය කරන ලෙසද විපක්ෂනායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.










