• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාවණාට පසුවත් ලංකාවේ ගුවන් යානා කම්හලක්…

March 6, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 4 mins read
A A
රාවණාට පසුවත් ලංකාවේ ගුවන් යානා කම්හලක්…
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ ගුවන් යානා තාක්ෂණය ගැන කතාකරද්දී ලෝකයේ විවිධ රටවල් ගැන ඉහළින්ම කතාබහ කෙරෙයි. එවැනි කතාබස්බලදී ලංකාව ගැන පුංචි හෝ කතාවක් ඇති නොවන තරමට අද ලංකාව එවැනි නිර්මාණයන්ගෙන් තොර තරමක් මන්දගාමී දුප්පත් රාජ්‍යයක් බවට පත්ව අති අයුරු අසන්නට දකින්නට ලැබීම කනගාටුවට කරුණක් වුවද මීට වසර දහස් ගණනකට එහා අතීතයේ ලංකාව නැතහොත් හෙළ රට ලෝකයේ ප්‍රසිද්ධ මෙන්ම ලෝකයම පාලනය කළ ශ්‍රේෂ්ඨ නරපතියන් සේම විශිෂ්ට නිර්මාණශීලී දක්ෂ ජන කොටසක් වාසය කළ රටකි. එකී විශිෂ්ටත්වය මනාව කියාපාමින් ලෝකයේ ප්‍රථම ගුවන් යානයේ හිමිකරුවා මෙන්ම නිෂ්පාදකයා වන්නට ලංකා පාලක රාවණ රජුට හැකියාව ලැබිණි.

එවක ලෝකය පුරා අහසින් ගිය එකම නායකයාද රාවණය. මෙනිසාම ලොව සියලු රටවල ඉහළ පිළිගැනීමක් රාවණ රජුට හිමිවූයේ නිතැතිනි.

තමාගේ සුවිශේෂ දැනුම භාවිත කර ගුවන් යානා නිපදවූ රාවණ රජු සිය ගමන්බිමන් වැඩි හරියක් ගියේ ගුවනින් බවත් පැවසේ. ඒ, දීර්ඝ ඉතිහාසයකට එහා යුගයේදීය. එවක රාවණ රජුගේ බලපරාක්‍රමයට අභියෝග කළ හැක්කකු ලෝකයේ කොතැනකවත් නොසිටි බව පැවසෙන අතර රාවණ යනු අසීමිත බලතල සහිතව රාජ්‍ය කළ පාලකයකු ලෙසද ප්‍රකට වෙයි.

එහෙත් රාවණ රජුගේ ඇවෑමෙන් පසුව ගුවන් යානා තාක්ෂණයත්, ගුවන් යානා නිෂ්පාදන කාර්යයත් අඩාළ වී යටපත්ව ගිය අතර පරම්පරාගතව පැවත ආ ගුවන් යානා කොටස් නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ දැනුම ඇත්තන්ද වෙනත් කටයුතු ආදියට යොමුව ඇත්තේ මෙරට ගුවන් යානා නිපදවීම වැළැක්වීමට වෙනත් රාජ්‍යයන්හි පාලකයන් වක්‍රාකාරව බලපෑම් කළ නිසාවෙනි. විශේෂයෙන්ම ඉන්දියාව ලංකාවේ ගුවන් යානා නිෂ්පාදනය අකර්මණ්‍ය කරවීම සඳහා කටයුතු කළ බවද විවිධ ජනප්‍රවාද ඔස්සේ පැහැදිලි වේ.

ගුවන් යානා තාක්ෂණය හෝ ගුවන් යානා නිෂ්පාදනය ගැන නොබියව කටයුතු කළ හැකි පාලකයකු ඒ පිළිබඳ උනන්දු නොවීම මත දීර්ඝ කාලයක් පුරා වැළලී සැඟවී තිබූ එම තාක්ෂණය යළි බලගන්වා ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ඇතිවී ඇත්තේ සයවැනි දැඩිමුණ්ඩ රජුට බව ජනප්‍රවාද ඔස්සේ පැහැදිලි වෙයි.

පස්වැනි දැඩිමුණ්ඩ රජුගේ ඇවෑමෙන් පසුව රාජ්‍යත්වයට පත්වූ බව කියන සයවැනි දැඩිමුණ්ඩ හෙවත් මාඝ කුමරු කාලයක සිට මෙරට ගුවන් යානා කර්මාන්තය යළි නඟාසිටුවීමට සිහින දැක ඇති අතර ඔහු බලයට පත්වූ විගස රාවණ රජුගෙන් පසු වළලී ගිය ගුවන් යානා තාක්ෂණය යළි ක්‍රියාවට නංවා ඒ පිළිබඳ පරම්පරාවෙන් දත් ශිල්පීන් එක්රැස් කරමින් මෙරට ගුවන් යානා නිෂ්පාදන කම්හලක් සහ ගුවන් යානා සේවයක් ඇරැඹීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව විවිධ රහසිගත කරුණු හා තොරතුරු ඇසුරින් ගුවන් යානා ගැන දත් කාර්මිකයන් සොයාගත් හෙතෙම ගම්පොළ රාක්ෂගෙල කන්ද නමැති ප්‍රදේශයේ ගුවන් යානා කම්හල ස්ථාපනය කර ඇත්තේ දීර්ඝකාලීන සැලසුමකට අනුවය.

ලංකාවේ ගුවන් යානා නිෂ්පාදනය ඇරැඹූ බවට ආරංචිය ලෝකය පුරා පැතිර ගොස් ඇත්තේ මහා ආන්දෝලනාත්මක පුවතක් ලෙසිනි. ඒ අනුව අනෙකුත් සියලු රටවල් විවිධාකාරයෙන් කලබලයට පත්ව ඇති බවත් මේ සම්බන්ධව වැඩිපුරම කලබලයට පත්ව ඇත්තේ ඉන්දියාව බවත් ජනප්‍රවාද ඇසුරේ පැහැදිලි වෙයි.

ලංකාව වැනි කුඩා රටක් යළිත් ගුවන් යානා නිෂ්පාදනය කළහොත් විශාල රාජ්‍යයන් වන තමන්ට යළිත් රාවණ යුගයේදී මෙන් ලංකාව පාලනය කරන දැඩිමුණ්ඩ රජුට යටත්ව සිටීමට සිදුවෙතැයි එවක ඉන්දීය පාලකයන් බියට පත්ව තිබේ. එහෙයින් ඉන්දීය රජය තමන්ගේ අකැමැත්ත අඟවමින් දැඩිමුණ්ඩ රජුට අනතුරු ඇඟවීම් කිරීමට කටයුතු කර ඇති අතර තම මතය පිළි නොගෙන කටයුතු කළහොත් වහාම ලංකාව ආක්‍රමණයට කටයුතු කරන බවටද දැනුම්දී තිබේ.

මෙරට පාලකයන් සතුවූ ගුවන් යානා තාක්ෂණය සහ අනෙකුත් විශේෂිත හැකියාවන් ගැන ලෝකයේ අනෙකුත් රටවල් කොතරම් තැතිගෙන සිටියාද යන්න තේරුම් ගන්නට මෙය කදිම උදාහරණයකි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ එවන් කාර්යයක් සිදුවෙනවාට එදා ඉන්දියාව කොතරම් බිය වූවාද යන්න මෙමගින් ඉතා පැහැදිලි වනු ඇත.

තමාගේ අසල්වැසි ඉන්දියාව අමනාප කරගෙන ගුවන්යානා නිෂ්පාදනය කිරීම තුළ නොසිතූ ආකාරයේ ගැටුම් ඇතිවෙතැයි වටහා ගත් සයවැනි දැඩිමුණ්ඩ රජු ගුවන් යානා නිෂ්පාදන කාර්යය නවතා දමා එදා ගුවන් යානා තාක්ෂණය පිළිබඳ පාරම්පරික දැනුම තිබූ ශිල්පීන් ඒ ඇසුරින් වෙනත් නිර්මාණ නිෂ්පාදනය කිරීමට යොමු කළ බව සඳහන් වේ.

එම තාක්ෂණය භාවිත කරමින් පේෂකර්මාන්තයට සම්බන්ධ විවිධ තාක්ෂණික උපකරණ නිපදවා ලෝකයට ඇඟලුම් සැපයීමට දැඩිමුණ්ඩ රජු කටුයතු කළ බවද ජනප්‍රවාදවල සඳහන් වෙයි.
ඒ ඇසුරින් මෙරට නගර රාශියක් දියුණු කරමින් සංවර්ධනය කරන්නට දැඩිමුණ්ඩ රජුට හැකියාව ලැබී තිබේ. එම නගර අතර කල්තොට, බෙන්තොට, හම්බන්තොට ආදී නගර මූලික වෙයි.

නිතරම ජනතාව ගැනත් රට ගැනත් මහත් භක්තියකින් ගෞරවයකින් කටයුතු කරමින් ජනතාවගේ හිතසුව පිණිස පමණක් ක්‍රියාකිරීම දැඩිමුණ්ඩ රජ පරපුරේ සුවිශේෂ ලක්ෂණයක් බව අතීත ජනප්‍රවාද ඔස්සේ පැහැදිලි වන අතරම මේ හේතු නිසාම කිසිදු අවස්ථාවක රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ගැටුම් ඇතිවේ යැයි සිතෙන කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවීමට දැඩිමුණ්ඩ රජවරු ක්‍රියා කර තිබේ. ඒ, එයින් මෙරට ජනයාට යම් අයහපතක් වෙතැයි ඇතිවූ සැක සංකා නිසාමය.

මේ නිසාම තම ගුවන් යානා නිෂ්පාදන කම්හලේ සිහිනය ඉන්දීය වචනය හමුවේ සඟවා යටපත් කරගත් සයවැනි දැඩිමුණ්ඩ රජු, අවුරුදු 90ක් ආයු වළඳා මියයන තෙක්ම ජනතාවගේ ජීවන පැවැත්ම නඟාසිටුවීමට, කෘෂිකර්මාන්තයත්, පේෂ කර්මාන්තයත් හැකි උපරිමයෙන් දියුණු කිරීමටත් පියවර ගෙන තිබේ.

එකල මෙරට තිබූ සශ්‍රීක තත්ත්වයත් ජන ජීවිතයේ ස්වයංපෝෂිත බවත් නිසාම දැඩිමුණ්ඩ පරපුරේ රජවරුන් මියගිය පසුව දේවත්වයෙන් සැලකීමටත්, පුද පූජා පැවැත්වීමටත් මෙරට ජනයා එදා සිටම කටයුතු කර ඇති අයුරුද ජනප්‍රවාද සහ ඉතිහාස කතා ඔස්සේ මනාප හඳුනාගත හැකිය. එහෙත් එදා ඉන්දියාව බලපෑම් නොකළා නම් මෙරට ගුවන් යානා තාක්ෂණය වර්තමානය දක්වා පැවත ඒමට අඩිතාලමක් වැටෙන්නට තිබුණා යැයි අනුමාන කළ හැකි අතර එසේ වූවා නම් හෙළදිව ලෝකයේ දියුණුම රාජ්‍යයන්ගෙන් එකක් නොවී තිබේ යැයි කාට නම් කිව හැකිද?

කුමාර රත්නායක

SendShareShare
Previous Post

යුග දිවිය රස නීරස වෙන විදිය දන්නවද?

Next Post

ජෛවමිතික ක්‍රමයට ජීවිත සහතිකයක්විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ සෙලාන් බැංකුව වෙතින්…

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.