• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

මීදුම් සුළඟ මැද මුදුන්පහ දිගේ

August 11, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
මීදුම් සුළඟ මැද මුදුන්පහ දිගේ
Share on WhatsAppShare on Facebook

මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවලට අයත්ව පවතින මධ්‍යම කඳුකරයේ නකල්ස් වන පියස ලාංකිකයන්ගේ ජීවනාලියක් ලෙස සැලකිය හැක. මෙම වන පියස වර්ෂාව ජනනය කිරීමට පිටිවහල් වන වලාකුළු වනාන්තර පද්ධති වලින් සමන්විත වන අතර නිරන්තර වෙනස්වන සුලු‍ දේශගුණික රටාවන් වලට උරුමකම් කියයි.

නකල්ස් වනපෙතේ උසම කඳු මුදුන් හතර වනුයේ ගොම්බානිය (1906m), නකල්ස් (1864m), යකුන්ගෙහෙල (1840m), අලු‍ගල්කන්ද(1808m) වේ. මීට පසු මීටර 1600ට වඩා උසැති කඳු මුදුන් හතක් පවතියි. ඒවා නම් පිළිවෙළින් පස්වන ස්ථානයේ සිට අලියාවැටුණ ඇළ (1665m), කිරිගල්පොත්ත(1648m), දුම්බානාගල(1643m, තංගප්පුව කන්ද (1620m), තුන්හිස්ගල (1619m, සෙල්වකන්ද (1617m) සහ රිලාගල (1604m) වේ.

දුර සිට බැලූ කල මිට මෙලවූ අතක හැඩය ගන්නා නකල්ස්, නකල්ස් වන පියසේ දෙවැනියට උසම කඳු මුදුන වේ. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරලත් නකල්ස්හි ප්‍රදානතම සංචරණ මාර්ගය ලෙස හැඳින්විය හැකි දවටගල ස්වභාවික මංපෙත ඔස්සේ නකල්ස් කදුවැටිය තරණය කලහැක. මහනුවර වත්තේගම පන්විල හා හුලු‍ගග හරහා පැමිණ බඹරැල්ලට ලඟාවීමෙන් ගමන් ආරම්භය සිදුවේ. බඹරැල්ලට එන අතරමගදී හුලු‍ගඟ ඇල්ල,ජෝඩු ඇල්ල දැකගත හැක.
බඹරැල්ල හා තංගප්පුව වෙන්කෙරෙන නකල්ස් කඳු, ප්‍රදාන කඳු පහක් ලෙස දැකගත හැකිවුවත්, කඳු වැටියට ආසන්න වීමේදි, රිලාගල හා අලු‍ගල්කන්ද නකල්ස් හා බද්දව පවතින බව වටහාගත හැක. බඹරැල්ල ග්‍රාමයේ සිට හෝරා හමාරකට අඩු කාලයකදී දවටගල ස්වභාවික මංපෙත ආරම්භ වේ. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ව අවසරය මත ටිකට් පතක් මිලදී ගෙන මංපෙතට ඇතුල්වීම නීත්‍යානුකූල වේ. මාර්ගය ඔස්සේ මීටර 500කට නොවැඩි දුරකින් නකල්ස් දියඇල්ල හමුවේ. වර්ශාව නොමැති වියලි කාලයක සිදුකරන කඳු තරණයකදී නම් ජල අවශ්‍යතා වෙනුවෙන් ඇල්ලෙන් ජලය ලබාගෙන යායුතු වන්නේ කන්ද ඉහල ජල උල්පත් සිදී තිබිය හැකි බැවිනි.

දියඇල්ලෙන් පසු කඳු නැගීම් බැසීම් හා තැනිතලා මතින් වනවැස්ම වෙත ක්‍රමයෙන් ලඟාවේ. පැය තුනක පමණ ගමනකින් අනතුරුව පළමු කන්දට ලඟාවිය හැක. මුහුදු මට්ටමේ සිට මීටර 1500 ඉක්ම වීමත් සමඟ ක්ශනික වෙනස්වන සුළු කාලගුණ තත්වයන්‍ට සංචාරකයන්ට මුහුණ දීමට සිදුවේ. වලාකුළු වනාන්තර ලෙස සැලකෙන නකල්ස්හි කඳු මුදුන් වෙත ලඟාවීමේදි දැඩි මිහිදුම් පතනයන්ට හා සුලං හා මුසුවීමට සිදුවීම නිරන්තර අත්දැකීමකි. ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියේ ඉහල ස්ථරය මෙන්ම බිම් ස්ථරයද හරිත පැහැයක් මෙන්ම තෙත් ස්වභාවයක් ගනී. කූඩැල්ලන්ගේ නිජබිම් ලෙස සැලකෙන නකල්ස් හි ගමන් කිරීමේදි, කුඩැල්ලන්ගෙන් ආරක්ශා වනවා සේම සර්පයන්, අලින් හා දිවියන් පිලිබඳව සැලකිල්ලෙන් ගමන් කළ යුතුය.
වර්ශා කාලය මඟහැර නකල්ස්හි සංචරණය වඩාත්ම සුදුසු වේ. නකල්ස් කඳු වැටියේ කඳවුරු ලෑම නීතියෙන් තහනම්ය. එමනිසා එක් දිනකින් තරණය නිමා කීරීමට උදෑසනම ගමන් ආරම්භ කළ හැක. ගමනේදී පරිසරය සුරැකීමෙන් ගමන් කිරීම යුතුකමකි.

මමත් ලහිරුත් සමඟ නුවරදී එක්වූ දුල්මින හා එරංගද සමඟ සිව් දෙනෙකුගෙන් යුත් අප කණ්ඩායම වත්තේගමට පැමිණ බස්රථයෙන් බඹරැල්ලට පැමිනියෙමු. ජෝඩු ඇල්ලද නරඹා ගම්වාසීන්ගෙන් අසාගත් කෙටි මාර්ගයක් ඔස්සේ නකල්ස් වනපිවිසුමට ලඟා වුණු පසු නකල්ස් ඇල්ලට ලඟා වුණෙමු. නකල්ස් ඇල්ලේ සිට හෝරා කිහිපයක ගමනකින් අවසන නකල්ස් කඳු වැටියේ මුල් කඳු මුදුන වෙත ලඟාවීමට අපට හැකිවුණි. දැඩි මිහිදුම හා සුළං නකල්ස් කඳු වැටියෙහි චමත්කාරය විදීමට බාධා කරත්, නකල්ස් මුදුනේ අමතක නොවන පැය කිහිපයක් ගතකළ අපි නැවත දිනක පැමිණෙන බලාපොරොත්තුවෙන් ආපසු පහලට ගමන් කලෙමු.
අකිල දහනායක

SendShareShare
Previous Post

දිසාපති කාර්යාල-ප්‍රා.ලේ. කාර්යාල ආරක්ෂක අමාත්‍යංශය යටතට

Next Post

දිනපු අයට සජිත්ගෙන් ගෝල්ෆේස් හෝටලයේ ඩිනර් එකක්

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.