• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

බදුලු වීරයාට අවුරුදු 40යි

January 2, 2020
in Holiday
Reading Time: 2 mins read
A A
බදුලු වීරයාට අවුරුදු 40යි
Share on WhatsAppShare on Facebook

ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම ලස්සන දුම්රිය මාර්ග අතරින් එකක් විදියට තමයි උඩරට දුම්රිය මාර්ගය සැලකෙන්නේ. ඒ හින්දම ලංකාවට එන සංචාරකයන් බොහෝ දෙනකුත් තම සංචාරයේ ප්‍රධාන තැනක් මේ දුම්රිය ගමනට වෙන් කරනවා. හැබැයි මේ මොනවා වුණත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කරන එක එච්චර ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව ලොකු පරිශ්‍රමයක් යොදනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඒ පරිශ්‍රමයට දායක වන නිහඬ වීරයෙක් මේ දෙසැම්බර් මාසයේදී තම 40 වැනි උපන්දිනය සැමරුවා. මේ සටහන ඒ ගැන.

එදා මෙදාතුර උඩරට ධාවනය සඳහා භාවිත කරනු ලැබූ දුම්රිය එන්ජින් අතුරින් වර්තමානයේද ධාවන තත්වයේ පවතින වඩාත් සාර්ථකම දුම්රිය එන්ජිමක් ලෙස සලකන බටහිර ජර්මනියේ THYSSEN HENSCHEL ආයතනයේ නිෂ්පාදිත ඵ6 පන්තියේ දුම්රිය එන්ජිම මෙරටට ගෙන්වනු ලැබුවේ 1979 වර්ෂයේ දෙසැම්බර් මාසයේදීය. ඩීසල් ඉලෙක්ටි්‍රක් එන්ජිමක් වන මෙම දුම්රිය එන්ජිමේ උපරිම බලය අශ්වබල 1,650ක් පමණ වේ.

උපරිම වේගය පැයට කිලෝමීටර 90ක් පමණ වන අතර විවිධ හේතුන් මත එම වේගය සීමා වන අවස්ථාද ඇත. M6 පන්තියේ දුම්රිය එන්ජිමක ඇක්සල් සැකැස්ම A1A -A1Aලෙස හඳුන්වන අතර මෙම දුම්රිය එන්ජිමක බර ආසන්න වශයෙන් ටොන් 85.4ක් පමණ වේ. මෙම එන්ජිමක දිග ආසන්න වශයෙන් අඩි 54ක් පමණ වේ.

M6 පන්තියේ දුම්රිය එන්ජින්වල නිල වර්ණය ලෙස රතු, කොළ වර්ණ සහ කහ පැහැති රේඛාවක් දැක්වෙන අතර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියන් ධාවනය කිරීමට සඳහා එන්ජින් කීපයක් රතු සහ තැඹිලි වර්ණ ගන්වා තිබිණි. නමුත් එම දුම්රිය එන්ජින් මගින් වර්තමානයේ සාමාන්‍ය දුම්රියද ධාවනය කරනු ලබයි. ඵ6 පන්තියේ දුම්රිය එන්ජින් 16ක් මෙරටට ගෙන්වූ අතර ඒවා එන්ජින් අංක 783 සිට 798 දක්වා අංකකරණය කර ඇත. ඒ අතුරින් දැනට ධාවන තත්වයේ පවතින්නේ දුම්රිය එන්ජින් 14ක් පමණයි.

ඵ6 පන්තියේ එන්ජින් අංක 793 දරන දුම්රිය එන්ජිම 1986 මාර්තු මස 25 වැනි දින මඩකලපුවේදී LTTE ත්‍රස්තවාදීන් විසින් එල්ලකළ ප්‍රහාරයකින් විනාශයට පත්විය. එන්ජින් අංක 798 දරන දුම්රිය එන්ජිම 1996 වර්ෂයේ දෙසැම්බර් 4 වැනි දින LTTE ත්‍රස්තවාදීන් විසින් ත්‍රිකුණාමලය චීනවරාය ආසන්නයේදී එල්ලකළ ප්‍රහාරයකින් විනාශයට පත්විය. මීට අමතරව දුම්රිය ඉතිහාසයේ සිදුවූ බිහිසුණු දුම්රිය අනතුරු කීපයක් සඳහාම ඵ6 පන්තියේ දුම්රිය එන්ජින් මුහුණ දී ඇත.

අංක 786 දරන එන්ජිම 2005 අප්‍රේල් මස 27 වෙනි දින පොල්ගහවෙල යාන්ගල්මෝදර දී සිදුවූ බස් සහ දුම්රිය ගැටුමෙන් අනතුරට ලක්වූ දුම්රිය එන්ජිමයි. එන්ජින් අංක 790 දරන දුම්රිය එන්ජිම 1992 ජුනි මස 3 වෙනි දින වටවලදී පස්කඳු කඩා වැටීමෙන් සහ නාය යෑමෙන් අනතුරකට ලක්විය. එන්ජින් අංක 788 දරන එන්ජිම මහනුවර කොළඹ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය සමඟ පිරිසකට මරු කැඳවමින් තවත් විශාල පිරිසකට තුවාල සිදු කරමින් රඹුක්කනදී අනතුරකට ලක්විය.
ඵ6 පන්තියේ එන්ජින් අංක 785 ,788, 797 යන දුම්රිය එන්ජින් රතු සහ තැඹිලි වර්ණ ගන්වා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියන් ධාවනය සඳහා යොදවා තිබූ අතර දැන් එම දුම්රිය එන්ජින් සාමාන්‍ය දුම්රියන් මෙන්ම ඉන්ධන ප්‍රවාහන දුම්රියන් සහ මිශ්‍ර දුම්රියන් සඳහාද යොදාගනු ලබයි. 792 දරන එන්ජිම නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියන් ධාවනය සඳහා රතු සහ තැඹිලි වර්ණ ගන්වා තිබූ අතර දැන් එය සාමාන්‍ය රතු, කොළ වර්ණවලට මාරුකර ඇත.

ඩයිනමික් තිරිංග පද්ධතියකින් සමන්විත වීම නිසාම M6 පන්තියේ දුම්රිය එන්ජින් උඩරට ධාවන වන දුම්රිය එන්ජින් අතුරින් වඩාත් සාර්ථකම දුම්රිය එන්ජිමක් ලෙස සැලකිය හැක. ෂෝර්ට් හුඞ් සහ ලෝන්ග් හුඞ් ලෙස දෙපසටම ධාවනය කළ හැකි මෙම දුම්රිය එන්ජින් වඩාත් ප්‍රසිද්ධ අතීතයේ උඩරට දුම්රිය මාර්ගයේ, උඩරට මැණිකේ සහ පොඩිමැණිකේ දුම්රියන් ධාවනය යොදාගත් දුම්රිය එන්ජින් නිසාවෙනි. වර්තමානයේ එම දුම්රියන් සඳහා යොදා ඇත්තේ ී12 පන්තියේ බලවේග කට්ටලයි. කලක් වව්නියාව සිට මාතර බලා ධාවනය වූ රජරට රැජින දුම්රිය ධාවනය කරනු ලැබුවේද ඵ6 පන්තියේ දුම්රිය එන්ජිමකිනි.

වර්තමානයේ කොළඹ කොටුව බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය, මහනුවර කොළඹ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය, මඩකලපුව කොළඹ මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය, උදයදේවි ශීඝ්‍රගාමී දුම්රිය, කොළඹ බදුල්ල අංක 1007/1008 ශීඝ්‍රගාමී දුම්රිය, මහනුවර බදුල්ල මිශ්‍ර දුම්රිය යන දුම්රියන් සඳහා M6 පන්තියේ දුම්රිය එන්ජිම වැඩි වශයෙන් යොදා ගනු ලබයි. උඩරට දුම්රිය මාර්ගයේ ඇති බෑවුම්, දුර්ග, සහ මාර්ගයේ පිහිටීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුව සතු සෑම දුම්රිය එන්ජිමක්ම එම මාර්ගයේ ධාවනය කරවීමේ හැකියාවක් නොමැත. උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට වර්තමානයේ මෙන්ම අතීතයේ යොදා ගත් සහ යොදා ගන්නා දුම්රිය එන්ජින් පන්ති අතුරෙන් වඩාත් සාර්ථකම දුම්රිය එන්ජින් පන්තිය ලෙස මෙම M6 පන්තියේ දුම්රිය එන්ජින් පන්තිය හැඳින්විය හැක.
ශශින් විජේතුංග

SendShareShare
Previous Post

රනිල් නායකත්වය හැර ඔක්කොම ‌දෙන්න ලෑස්තියි

Next Post

OPPO වෙතින් දිවයින පුරා විශේෂ ප්‍රවර්ධන වැඩසටහන්

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.