එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හැර තමන් අනෙකුත් සියලු බලතල පැවරීමට සූදානම් බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇති බව වාර්තා වේ.
පක්ෂයේ අභ්‍යන්තර සාකච්ජජා වටයකින් පසු වික්‍රමසිංහ මහතා මේ බව සජිත් පාර්ශ්වය වෙත පණිවුඩයක් තබමින් දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ.
සිය ‘ඌටි’ සංචාරය නිමා කිරීමෙන් අනතුරුව දිවයිනට පැමිණි වික්‍රමසිංහ මහතා තමන්ට හිතවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 12 දෙනකු කැදවා නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් එම සාකච්ජාවේදී මෙවැනි ස්ථාවරයක් පිළිබද වික්‍රමසිංහ මහතා කිසිදු සදහනක් නොකිරීමට වග බලාගෙන තිබිණ.
එවැනි තත්ත්වයක් යටතේ නායකත්වය හැර අනෙකුත් සියලු බලතල අත්හැරීමට සූදානම් බවට වික්‍රමසිංහ මහතා සජිත් පාර්ශ්වයට දැනුම් දී ඇති බව වාර්තා වීමත් සමග වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ කණ්ඩායම මේ වනවිට දැඩි කලබලයට පත්ව සිටින බවක්ද දැනගන්නට තිබේ.