• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ඒ කටගමුව නෙවෙයි මේ

January 29, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
ඒ කටගමුව නෙවෙයි මේ
Share on WhatsAppShare on Facebook

ගොඩක් වෙලාවට යන ගොඩක් ගමන් අපි යන්නේ කලින් සැලසුම් කරලා. එහෙම සැලසුම් කරලා ගියාම තමයි ඕනැම සංචාරයක් සාර්ථක වෙන්නේ. හැබැයි අපේ පුංචි රටේ තියෙන්නේ පුදුම ලස්සනක්. ඒ හින්දා හිතන්නේ නැතිව යන ගමනක වුණත්, විඳින්න දේවල් ගොඩක් අපේ රටේ තියෙනවා. මේකත් ඒ වගේ ගමනක්.

පසුගිය දවසක “මව්රට සදහම් සිසිල” වැඩසටහනට සහභාගි වෙන්න අපි නිකවැරටියේ විතිකුලිය ගමට ගියා. මොන වැඬේට ගියත් හම්බවෙන පොඩි වෙලාවකට හරි වට පිටේ ඇවිදලා බලන එක අපේ පුරුද්දනේ. කොහෙද යන්නේ කියලා හරි අරමුණක් නැතිව ඔහේ පාර දිගේ යද්දි අපි දැක්කේ හොඳට අහල පුරුදු තැනකට යන පාරක්. ඒ තමයි කටගමුව. කටගමුව කියන්නේ පසුගිය දවස් ටිකේ ලංකාවේ වැඩිම ආන්දෝලනයක් ඇති කරපු වැව කිව්වත් ඒක බොරුවක් නෙමේනේ. හැබැයි ඉතින් ඒ කටගමුව නිකවැරටියේ තියෙන්න විදියක් නැහැ. මොකද අපි දන්න විදියට ඒක තියෙන්නේ යාල ජාතික වනෝද්‍යානය කිට්ටුව.

එහෙනම් ඉතින් මොකක්ද මේ කටගමුව. බෝඞ් එක ගහලා තිබුණු තැනින් හැරිලා අපි ඒ කටගමුව හොයා ගෙන යන්න පටන් ගත්තා. පොඩි තාර පාරක් දිගේ ගිය අපි එතැනින් කොන්ක්‍රීට් පාරකට වැටුණා. කොන්ක්‍රීට් පාරත් ඉවර වුණාට පස්සේ තැනින් තැන වළවල් පිරුණු පොඩි මැටි පාරක් දිගේ තමයි අපේ ගමන් මඟ වැටිලා තිබුණේ.

විතිකුලිය කියන්නේ තාමත් ගැමි සුවඳ මුසුවුණු ගැමියන් ජීවත් වෙන, හතර වටේම නිලට නිලේ ගස් වැල් පැතිරුණු, එක යායට කෙත් යාය විහිදුණු සුන්දර ප්‍රදේශයක්. ප්‍රධාන මාර්ගයෙන් ගම ඇතුළට ගමන් කරද්දී ඒ සුන්දරත්වය තවත් වැඩියි. අන්න ඒ අපූරු සුන්දරත්වය මැදින් තමයි අපි කටගමුව හොයා ගෙන යන්නේ. අපිට අතරමඟදී වැඩියෙන්ම හම්බු වුණේ ස්කූටර්. ඒ ගොඩක් පැද ගෙන ගියේ ගෑනු ළමයි. හැබැයි පොලිසිය කවදාවත් මේ ගමට ඇවිත් නෑ වගේ ඒ කවුරුවත් හෙල්මට් නම් දාලා තිබුණේ නැහැ. මීට අවුරුදු දහ පහළොවකට කලින් නම් මේ ගමන යන්න ඇත්තේ පයින්. එහෙම නැත්නම් පාපැදියෙන්. ලංකාවේ ගොඩ තැනක වගේ මේ ගම්මානෙත් ඒ තැන දැන් ස්කූටර්වලට හිමි වෙලා. ඊට අමතරව මිනිස්සු එදිනෙදා වැඩ සඳහා යොදා ගන්න කුඩා ලොරි රථ කිහිපයක් සහ ට්‍රැක්ටර් දෙක තුනකුත් අපිට මඟදී මුණ ගැසුණා. ඒත් ඒ වාහනවලට අමතරව වෙනත් වාහනයක් නම් මේ ගමට ඇවිත් නෑ වගේ. මොකද පාර දෙපැත්තේ හිටිය ගොඩ දෙනෙක් අපේ වාහනය දිහා බලන් හිටියේ පුදුමයෙන් වගේ.

මුලදී හම්බ වුණු පොඩි පොඩි වළවල් ටික එන්න එන්න ලොකු වුණා. සමහර තැන්වලින් අපේ වාහනය ගමන් කළේ හරිම අමාරුවෙන්. දැන් අපේ එක් පැත්තකින් තියෙන්නේ ඇළ පාරක්. ඇළ අයින දිගේ දැවැන්ත කුඹුක් ගස්. ඇළ දිගේ තැනින් තැන නාන ගැහැනු, මිනිස්සු. කුඹුක් ගස් උඩ ඉඳන් ඇළට පනින කොලු පැටව් අපිව දැකලා තවත් වැඩ පෙන්වනවා. මේ හැම දේම විඳගෙන අපි කටගමුව හොයා ගෙන ඉස්සරහට යනවා.

කොහොම වුණත් කටගමුව වැව හොයා ගන්න එක අපි හිතුව තරම් ලේසි වුණේ නැහැ. මොකද ගම්මානය ඇතුළට යන පාර තැන් කිහිපයකින්ම එහෙට මෙහෙට බෙදෙනවා. අන්තිමට ඒකටත් අපිට පිහිට වුණේ ගූගල් මැප් එක තමයි. කොහොම හරි අපි අන්තිමට නිකවැරටිය, විතිකුලියේ, කටගමුව වැව හොයා ගත්තා. මං හිතන්නේ අපි ඒකට ප්‍රධාන මාර්ගයේ ඉඳන් කිලෝමීටර් 10ක් විතර ගම ඇතුළට යන්න ඇති. කවුරුත් දන්න කටගමුව වැව වගේම මේ කටගමුවත් රජ කාලේ හැදුව වැවක්. ඒ වගේම මේ වෙද්දිත් ප්‍රයෝජනයට ගන්න වැවක්. හැබැයි රජ රට පළාතේ අපි දන්න කියන වැව් වගේ මේකේ දිය නාන්න නම් තැනක් නැහැ. ජපන් ජබර සහ ඕළු මල්වලින් මුළු වැවම වැහිලා තියෙන්නේ. වැව් බන්ට් එකේ තැනක දෙකක මල් කැඩීම තහනම් කියලා බෝඞ් ගහලා තිබුණේ මේ වැවේ මල් ගැනද, නැත්නම් බන්ට් එක දිගේ එහේ මෙහේ යන ලස්සන ගෑනු ළමයින්ටද කියන්න නම් අපි දන්නේ නැහැ.

කටගමුව වැව අවට සොබා සෞන්දර්ය නම් පුදුම හිතෙන තරමටම සුන්දරයි. ගිය කෙනකුට ආයේ එන්නත් නොහිතෙන තරම්. ඒත් ඒ අවට ජීවත් වෙන මිනිස්සු ගෙවන ජීවිතය නම් හරිම දුෂ්කරයි. මේ ගම්මානේ අය ඉස්කෝලෙකට යන්න කිලෝමීටර් 10ක් විතර පයින් යන්න ඕනෑ. සති අන්තයේ ටියුෂන් පන්තියකට යන්න වුණත් එහෙමයි. ලෙඩක් දුකක් හැදුණොත් 1990 නම් ගමට එනවා ඇති. ඒත් ස්කූටියක්වත් නැති හැම දෙනාටම ගමනක් යන එක නම් එච්චර ලේසි දෙයක් නෙවෙයි.

කටගමුව වැව අයිනෙම තියෙන්නේ පුංචි විහාරස්ථානයක්. රජ කාලේ විහාරස්ථානයක් බව අඳුර ගන්න පුළුවන් සුළු සාක්ෂි කිහිපයක් තවමත් ඒ විහාරස්ථානයේ ඉතිරි වෙලා තියෙනවා. නේවාසික ස්වාමීන් වහන්සේ නමක් වැඩ වසන බව දකින්න නැති වුණත්, විහාරස්ථානයේ සති අන්ත දහම් පාසලක් පවත්වා ගෙන යන බවට නම් සලකුණු අපිට දකින්න ලැබුණා.
වැව ළඟ ඉඳන් අවට ගම්වාසීන් එක්ක තොරතුරු බෙදා ගනිද්දී කටගමුව සම්බන්ධ තවත් තොරතුරක් අපිට දැන ගන්න ලැබුණා. ඒ තමයි කටගමුව රජමහා විහාරය. ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි කිව්වට කටගමුව රජමහා විහාරය නම් පිහිටලා තියෙන්නේ කටගමුව වැව ළඟම නෙවෙයි. ඊට තරමක් එහායින්. ගම ඇතුළෙන් රජ මහා විහාරයට යන්න පාරක් තිබුණත්, අපේ වාහනයට ඒ පාරේ යන්න බැහැ කියලා ගමේ අය කිව්ව හින්දා අපි ආපහු ප්‍රධාන මාර්ගයට ඇවිත් තමයි කටගමුව රජමහා විහාරය හොයා ගෙන ගියේ.

මේ වෙද්දී වැඩිදෙනාගේ අවධානය යොමු වෙලා නැති වුණත් කටගමුව රජමහා විහාරය ඉතාම වැදගත් ඓතිහාසික විහාරයක්. ලංකාවේ අවසන් මහරහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහරහතන් වහන්සේත් කලක් මේ විහාරස්ථානයේ වැඩ වාසය කළ බවට සාක්ෂි තියෙනවා. සැලසුමක් නැතුව ගිය ගමනක් සුන්දර මතක ගොඩක් එක්ක අවසන් වුණේ ඔන්න ඔහොමයි.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

HDFC බැංකුවේ නව සභාපතිනිය වැඩ භාරගනී

Next Post

රනිල්-සජිත් සාකච්ජා අසාර්ථකයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.