• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

අලි බලන්න කවුඩුල්ලට එන්න

January 18, 2020
in Holiday
Reading Time: 4 mins read
A A
අලි බලන්න කවුඩුල්ලට එන්න
Share on WhatsAppShare on Facebook

අලි බැලිල්ලයි බලි බැලිල්ලයි කවදාවත් එපාවෙන්නේ නෑ කියල පැරණි කියමනක් තියෙනවා. ඒ කතාව කොච්චර දුරට ඇත්තද කියල කියන්න අමුතුවෙන් අටුවා ටීකා ඕනැ වෙන්නේ නෑ. අලියා කියල කියන්නෙ දැනට හඳුනාගෙන තියෙන විදියට මේ මිහිපිට වසන විශාලම සත්ව කොට්ඨාසය. අලි විශේෂ කිහිපයක් මේ මිහිතලය මත ජීවත් වෙලා ඉන්නවා. ඒ අතරින් ආසියානු අලින්ගේ උප විශේෂයක් වෙන ඒලිෆාස් මැක්සිමස් මැක්සිමස් කියන අලි විශේෂය දකින්න ලැබෙන්නේ මේ අපේ පුංචි රටේදි විතරයි. ඉතා දැඩි ලෙස වඳවී යෑමේ තර්ජනයට මූණදීල ඉන්න මේ දැවැන්තයො මේ යන වේගයෙන් ගියොත් වසර 2050 වන විට පණපිටින් දැකගන්න ලැබෙයිද කියලත් සැකයි කියල මේ වෙනකොට වනජීවී ප්‍රවීණයන් අනතුරු අඟවලා තියෙනවා.

ඉතින් අන්න ඒ දැවැන්තයො දැකගන්න තියෙන හොඳම තැන් අතරින් වැඩිම සංචාරක ආකර්ෂණය දිනාගත්ත ජාතික වනෝද්‍යානය විදියට අවිවාදයෙන්ම පිළිගන්න වෙන්නේ කවුඩුල්ල ජාතික වනෝද්‍යානය. සාමාන්‍යයෙන් ප්‍රචලිත වෙලා තියෙන විදියට කවුඩුල්ලේ සීසන් එක, තව විදියකට කියනවනම් අලි බලන්න හොඳම කාලය වෙන අප්‍රේල් ඉඳලා ඔක්තෝබර් වෙනකම් කාලයේදී. කවුඩුල්ල උද්‍යානයේ දී සාමාන්‍යයෙන් අලි 200ක් විතර බලාගන්න පුළුවන් කියල තමයි කියන්නේ. ඒ කතාව කොච්චර දුරට ඇත්තද කියල බලාගන්න පසුගිය දවසක අපිට වාසනාව උදා වුණා.

කවුඩුල්ල ජාතික උද්‍යානය පිහිටල තියෙන්නේ වැව් බැඳි රාජ්‍යය විදියට ප්‍රසිද්ධ උතුරුමැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, සිංහල පත්තුවේ මැදිරිගිරිය හා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඇතුළේ. සාමාන්‍යයෙන් පොළොන්නරුව කිව්වහම මතකයට එන්නේ අවුරුද්දේ වැඩි කාලයක් වැස්ස නැති වියළි කලාපයක් කියන කාරණාව. ඒත් කවුඩුල්ල ජාතික උද්‍යානය කියල කියන්නේ එහි සම්පූර්ණ භූමි ප්‍රමාණය විදියට සැලකෙන හෙක්ටාර 6,900ක විතර ප්‍රමාණයෙන් 2/3ක් විතර ප්‍රමාණයක් අවුරුද්දේ වැඩි කාලයක්ම වතුරෙන් යටවෙලා තියෙන, ශ්‍රී ලංකාවේ එකම ජාතික උද්‍යානය කියල කිව්වොත් ඔබ පුදුමයට පත්වෙයි. ඒ මොකද මේ අතිශයින්ම සුන්දර ජාතික උද්‍යානය පිහිටල තියෙන්නෙ පොළොන්නරුවේ විශාලම ජලාශය වෙන ඉතා සුන්දර කවුඩුල්ල ජලාශය මැදි කරගෙන නිසා. ඒ වගේම උද්‍යානයේ මායිම දිගේ විහිදිලා තියෙන සෑහෙන උස කඳු පන්තිය අමුතුම ලස්සනක් ගේනවා.

ශ්‍රී ලංකාවේ 15 වැනි ජාතික උද්‍යානය විදියට 2002 අවුරුද්දේ අප්‍රේල් මාසෙ පළමුවැනිදා රජය විසින් ගැසට් කරල තියෙන කවුඩුල්ල ආශ්‍රිතව හඳුනාගෙන තියෙන පුරා විද්‍යාත්මක වටිනාකමත් සුළුවෙන් සලකන්න බැහැ. මොකද, ඉතිහාස වාර්තා අනුව කවුඩුල්ල ජලාශය ඉදිවෙලා තියෙන්නේ ක්‍රි.ව. 3 වැනි සියවසේදී විතර. ඉතා ප්‍රසිද්ධ රාජ්‍ය පාලකයෙක් වෙන මහසෙන් රජතුමාගේ සොහොයුරියක් වෙන බිසෝ බණ්ඩාර රාජ කුමරිය විසින් ඉදිකරපු බව තමයි ජනප්‍රවාද අනුව කියවෙන්නේ. කවුඩුල්ල ජලාශයට ප්‍රධාන වශයෙන්ම ජලය ලැබෙන්නේ මහසෙන් රජතුමා ඉදිකරපු යෝධ ඇළ මගින්.

කොළඹ පැත්තේ ඉඳලා එනවනම් කවුඩුල්ල ජාතික උද්‍යානයට ළඟාවෙන්න පහසුම මාර්ගය තමයි හබරණට ඇවිත් කන්තලේ හරහා ත්‍රිකුණාමලය දක්වා යන මාර්ගයෙන් හතරැස් කොටුව හන්දියට ඇවිත් එතැනින් දකුණට තියෙන මාර්ගයට හැරිලා, සුප්‍රකට ගල්ඔය දුම්රිය ස්ථානය පහු කරලා කිලෝමීටරයක් විතර ඉදිරියට ගියාම මුණ ගැහෙන ප්‍රධාන උද්‍යාන පිවිසුමට ළඟාවීම. ඒ වගේම පොළොන්නරුවේ ඉඳලා එනවනම් පොළොන්නරුව- හබරණ මාර්ගයේ 45 වැනි කිලෝමීටර කණුව ළඟින් හැරිලා (මින්නේරිය- ගල්ඔය පාර දිගේ රොටවැව හරහා) එන්නත් පුළුවන්. ඇවිත් එතැන තියෙන උද්‍යාන මූලස්ථාන කාර්යාලයෙන් අවශ්‍ය ප්‍රවේශපත්‍ර ලබාගෙන උද්‍යානයට පිවිසෙන්න පුළුවන්. හැබැයි හැමදාම මතක් කරනව වගේ උද්‍යානය ඇතුළේ ගමන් කරන්න ඔබේ සාමාන්‍ය වාහනයට ටිකක් අපහසු වෙයි. උද්‍යානය ඇතුළෙ තියෙන දුෂ්කර මාර්ගවල ගමන් කරන්න ඒ සඳහා සුදුසු වර්ගයේ වාහනයක් ඔබ සතුව නැත්නම්, උද්‍යාන පිවිසුම අසලදී ඔබට සුදුසු වාහනයක් කුලියට ලබාගැනීම තමයි සුදුසුම දේ. එහෙම නැතිව සාමාන්‍ය වාහනයකින් උද්‍යානය ඇතුළේ යන්න ඔබ හිතනවනම් ඔබට මේ උද්‍යානයේ සම්පූර්ණ සුන්දරත්වය නම් විඳගන්න ලැබෙන ඒකක් නෑ.

අක්කර අඩි 1,04,000ක විතර ධාරිතාවක් තියෙන සුවිශාල කවුඩුල්ල ජලාශයෙන් පෝෂණය ලබන, උද්‍යානය ඇතුළේ විහිදිලා තියෙන පෞරාණික ජල මාර්ගයකුත් පොඩි පොඩි දියපාරවල් කීපයකුත් තියෙන නිසා ජලාශය ආශ්‍රිත පරිසර කලාපයේ සත්ව ප්‍රජාවට වගේම ශාක ප්‍රජාවටත් ලොකු පහසුවක්. නොවැම්බර් ඉඳලා පෙබරවාරි වගේ වෙනකම් එක දිගටම වැටෙන ඊසාන දිග මෝසමෙන් පස්සේ දිගටම තියෙන්නේ වියළි කාලේ. ඒ කාලෙටත් ආහාර හා ජලය හොඳින් තියෙන නිසා, වියළි කලාපයේ විසිරිලා ඉන්න අලි විශාල රංචුවලින් වැඩි හරියක් කවුඩුල්ල- මින්නේරිය කලාපෙට රංචු ගැහෙනවා. ඒ නිසා මේ කලාපය අපේ සද්දන්තයන්ට තෝතැන්නක් වගේම මේ පුංචි රටට සද්දන්ත කුලේ ඇත්තන්ගේ පැංචන් පැංචියන් බිහි කරන ප්‍රධානම තිඹිරි ගෙයක්. මේ නිසා කවුඩුල්ල ජාතික උද්‍යානය අවුරුද්ද පුරාම අලි ඇතුන් දැක බලා ගැනීමට හැකි ශ්‍රී ලංකාවේ අගනා ස්වභාවික වාසස්ථාන අතරින් ඵකක් කියල බය නැතුව කියන්න පුළුවන්. ඒ නිසාම අවුරුද්දේ හැම කාලයකම වගේ උද්‍යානයේ සංචාරක තදබදයත් අඩුවක් නැහැ.
මේ සුන්දර පරිසරය ඇතුළේ අලිත් එක්ක කැලේ බෙදාගෙන ජීවත් වෙන තවත් සත්තු විශේෂ රාශියක්ම ඉන්නවා. ඒ අතුරින් බොහොමයක් සංචාරකයො දකින්න ආස කරන සතුන් වර්ග රාශියකින්ම කවුඩුල්ල පොහොසත්. ඒ අතරින් ඔබ වාසනාවන්ත නම්, කොටියා සහ වලහා වගේ සතුන් දැකගන්නත් කවුඩුල්ලෙදි පුළුවන්. ඊට අමතරව ලංකාවේ හුඟක් වනෝද්‍යානවලදී පහසුවෙන් දකින්න ලැබෙන තිත්මුවා විශාල වශයෙන් ඉන්නවා. ගෝනා, මීමින්නා , වල්ඌරා, හිවලා (නරියා) වගේ සතුන් පහසුවෙන් දැක බලා ගන්න පුළුවන්.

කවුඩුල්ල ජනප්‍රිය වෙන්න එකම හේතුව අලි විතරක්ම නෙමෙයි. විශාල ජලජ බිමකට හිමිකම් කියන නිසා කිඹුලා සහ ජලාශ්‍රිත කුරුලු වර්ග කිහිපයක්ම දැකගන්න ඉඩ ලැබෙනවා. දියකාවා, කලපු කොකා, ලතුවැකියා, චීවරතුඩුවා වගේ කුරුල්ලෝ ඒ අතර සුලබයි කියල කවුඩුල්ල ආශ්‍රිත වනජීවී සංගණන සටහන්වල කියවෙනවා.

මේ වගේ ඉතාම සුන්දර පරිසරයක් තමයි කවුඩුල්ල ජාතික උද්‍යානය කියල කියන්නේ. ඒ සුන්දරත්වය ලියල ඉවර කරන්න පුළුවන් එකක් නං නෙමෙයි. ඉතින් ඔබට වෙලාවක් පහසුවක් තියෙනවනම් කවුඩුල්ල උද්‍යානයට ඇවිත් ඉර බැහැගෙන යන ගොම්මන් යාමේ කවුඩල්ල වැවට වෙලා වතුර එක්ක සෙල්ලම් කරන පුංචි අලි සිඟිත්තො බලල සතුටු වෙන්න. බත්තරමුල්ලේ වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් ඔබට කැමැතිනම් කවුඩුල්ලේ තියෙන ඕලුමලුව කෑම්ප් සයිට් එකත් වෙන්කරව ගන්න පුළුවන්. හැබැයි මතක තියාගනන්න. මේ ලස්සන වනාන්තරය අයිතිකාරයෝ ඔබවත් මමවත් නෙමෙයි. ඒ බව මතක් කරන්න වනජීවී දෙපාර්තුමේන්තුව විසින් කවුඩුල්ල උද්‍යානයේ පිවිසුම් දොරටුව අසලම එල්ලපු පුවරුවක තිබුණ වාක්‍යයකින් මේ සටහන අවසන් කරනවා.

“පිය සටහන් හැර කිසිවක් නොතබා යන්න
සේයා රූ හැර කිසිවක් රැගෙන නොයන්න”
ඒ වගේම මේ ගමන සාර්ථක කර ගන්න අපිට ලොකු සහයෝගයක් ලබා දුන්න කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සේවයේ නියුතුව සිටි අනිල් විතානගේ මහතාටත් විශේෂ ස්තුතිය හිමි වෙන්න ඕනේ.
ගෙහාන් චන්දික

SendShareShare
Previous Post

සජිත්ගේ නායකත්වය චම්පික – හකීම් – මනෝ – දිගම්බරම් පිළිගනී

Next Post

එංගලන්තෙ ඉන්න කාංචනා ‘හාට්’ එකට කියපු දේ

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.