• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

අඟුරු කකා වතුර බිබී නැවැත උපන් යකඩ යකා

February 22, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
අඟුරු කකා වතුර බිබී නැවැත උපන් යකඩ යකා
Share on WhatsAppShare on Facebook

ලෙසින් හැඳින්වුවද, වර්තමානයේදී එවැනි දුම්රියක් දැක ගැනීම සැබවින්ම අහම්බයක්. ගල් අඟුරු යොදා ගනිමින් ධාවනය කරන දුම්රිය එන්ජින් භාවිතයෙන් ඉවත් කළේ මීට බොහෝ කාලයකට පෙර වීම ඒකට හේතුව. එහෙත්
පසුගිය වසර කිහිපයේදී අවස්ථා කිහිපයකදී එවැනි දුම්රියක් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට උදා වුණා. 2018 වසරේදී අවසන් වරට උදා වූ ඒ අහඹු සුන්දර අවස්ථාවක් නැවත වරක් උදාවූයේ
පසුගිය සතියේදීය.
B1d 340, B2b 213, B1A 251 නම් අංකවලින් යුත් වාෂ්ප දුම්රිය එන්ජින් එසේත් නැත්නම් ගල් අඟුරු යොදාගෙන ධාවනය කරනු ලබන මෙම පැරණි දුම්රිය එන්ජින් ත්‍රිත්වය තමයි ඒ විදියට නැවත වරක් ධාවනය සඳහා යොදා ගත්තේ.

වාෂ්ප එන්ජින් එහෙම නැත්නම් ගල් අඟුරු එන්ජින් නැවත වරක් දැක ගැනීමේ අවස්ථාව අපිට හිමි වුණේ විදේශිකයන් පිරිසක් හින්දා. ඒ කතාව මෙහෙමයි. රටවල් 12ක පමණ විදේශිකයන් පිරිසක් විදේශීය ආයතනයක් වන FarRail Tour සහ ශ්‍රී ලංකාවේ JF ටුවර්ස් නම් පෞද්ගලික සංචාරක ආයතනය මගින් විශේෂයෙන්ම මෙම ගල් අඟුරු (වාෂ්ප) දුම්රිය වෙන්කරවා ගෙන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සහ උඩරට දුම්රිය මාර්ගයේ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියා. JF ටුවර්ස් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ එක්වයි මෙම සංචාරය ක්‍රියාත්මක කරනු ලබන්නේ.

මේ සංචාර මාලාවේ පළමුවැන්න පසුගිය පෙබරවාරි 08 වැනි දින කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ අතර පෙබරවාරි 09 වැනි දින ගාල්ල සිට කොළඹ බලා ධාවනය වුණා. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මෙම දින දෙකේ සංචාරය සඳහා B1A 251 වාෂ්ප දුම්රිය එන්ජිම තමයි යොදා ගත්තේ. ඉන් අනතුරුව පෙබරවාරි 10 වෙනි දින සිට මෙම දුම්රිය උඩරට දුම්රිය මාර්ගයේ සංචාරය ආරම්භ වූයේ B1d 340, B2b 213 අංක දරන වාෂ්ප දුම්රිය එන්ජින් ද්විත්වයද සමඟයි.

විදේශිකයන් පිරිස වාෂ්ප ඇන්ජිම මඟින් ධාවනය වූ දුම්රිය සමඟින් ලෝකයේ සුන්දරම දුම්රිය මාර්ග අතරින් එකක් වූ උඩරට දුම්රිය මාර්ගයේ සුන්දරත්වය විඳ ගනිද්දී, දුම්රියට ආදරය කරන අපි උඩරට දුම්රිය මඟ දිගේ ගමන් කළේ ඒ විශේෂ දුම්රිය දැක බලා ගෙන ජීවිතයට ලැබෙන අහඹු අවස්ථාව උපරිමයෙන් විඳ ගැනීම සඳහායි.

එදින එම සංචාරය සඳහා යොදා ගෙන තිබුණේ B2b213 වාෂ්ප දුම්රිය එන්ජිමයි. පෙබරවාරි මස 10 වැනි දින B1d 340, B2b 213 යන වාෂ්ප දුම්රිය එන්ජින් ද්විත්වය සහ M5 පන්තියේ අංක 776 දරන දුම්රිය එන්ජිමේ සහායෙන් මෙම දුම්රිය කොළඹ සිට රඹුක්කන හරහා මහනුවර බලා ධාවනය විය. ඉන් අනතුරුව පෙබරවාරි 11 වෙනි දින සිට B2b 213 දරන වාෂ්ප දුම්රිය එන්ජිම සහ M5 පන්තියේ සහායක ඩීසල් එන්ජිම සමඟ උඩරට දුම්රිය මාර්ගයේ සංචාරය ආරම්භ විය.
මෙහිදී එම විදේශිකයන්ගේ මූලික අරමුණ වෙලා තිබුණේ ශ්‍රී ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ සුවිශේෂී සන්ධිස්ථාන ඔස්සේ ගමන් කරමින් ඒ ඒ ස්ථානවලදී මෙම දුම්රියද සහිතව ඡායාරූප සහ වීඩියෝ පටිගත කිරීම් ගොන්නක් සිදු කිරීමයි. හරියටම පැහැදිලිව කිව්වොත් ශ්‍රී ලංකාවේ අතීතයේ සුදු ජාතිකයන් විසින් මෙම ගල් අඟුරු දුම්රිය ධාවනය කරන අයුරු ඒ ඒ ස්ථානවල සිට නැවත වීඩියෝ, ඡායාරූප ගත කරමින් ඒ අතීතය වර්තමානයේ අලුත් කිරීමක් කර ගෙන යෑම කිව්වොත් නිවැරැදියි. මේ සඳහා දුම්රිය වෙන කරවා ගැනීම සඳහා විදේශිකයන් විසින් වැය කර ඇති මුදල ඉතා ඉහළ බවත් සඳහන් කළ යුතුයි.

පුරා දින කීපයක් තිස්සේ එනම් පෙබරවාරි 16 වෙනි දින දක්වා මෙම දුම්රිය උඩරට බලා ධාවනය කළ අතර එහි මුල්ම පියවර ලෙස මෙම දුම්රිය කොළඹ සිට රඹුක්කන, කඩුගන්නාව, පේරාදෙණිය හන්දිය හරහා මහනුවර දක්වා ධාවනය විය. පසුව එම දුම්රිය පසුදින මහනුවර සිට නාවලපිටිය, ගල්බොඩ, හැටන්, ග්‍රෙට්වෙස්ටර්න් හරහා නානුඔයට ළඟාවිය. ඊටපසු දින මෙම දුම්රිය නානුඔය සිට අඹේවෙල, පට්ටිපොළ, ඔහිය, ඉදල්ගස්හින්න, හපුතලේ, දියතලාව හරහා බණ්ඩාරවෙල බලා ධාවනය වූ අතර ඉන්පසු දින මෙම දුම්රිය ඇල්ල සහ දෙමෝදර බලා ධාවනය විය. නැවත වරක් දෙමෝදර සිට විවිධ සන්ධිස්ථාන ඔස්සේ මහනුවර සහ කොළඹ බලා ධාවනය විය. එම ගමන තුළදී මෙය වෙන්කරවාගත් විදේශිකයන් විසින් උඩරට දුම්රිය මාර්ගයේ සුන්දර ස්ථාන මෙම දුම්රිය සමඟ ඡායාරූපකරණයට සහ වීඩියෝ පටිගත කිරීම්වලට ලක් කෙරිණි. ඒ වගේම මේ විශේෂ දුම්රිය දැක බලා ගැනීම සඳහා මඟ දෙපසත් විශාල පිරිසක් එක් රැස් වී හිටියා. ඒ වගේම හැටන් දුම්රිය ස්ථානයේදී වාෂ්ප එන්ජිමට වතුර පුරවන ආකාරයත් ඒ වෙලාවේ එතැන හිටිය හැමෝටම අලුත් අත්දැකීමක් වුණා.

මේ දුම්රිය දකින සමහර අයට තිබුණ ලොකු ප්‍රශ්නයක් තමයි ඇයි මේ බොරුවට ගල් අඟුරු එන්ජිමක් දාගෙන තව ඩීසල් එන්ජිමක් තල්ලු කරන්නේ කියන එක. ඒක බොරු වියදමක්නේද කියලත් ඒ අය ප්‍රශ්න කළා.

ඇත්තටම ඒ විදේශිකයන්ට අවශ්‍යතාව තිබුණේ ඩීසල් එන්ජිමක් නෙවෙයි ගල් අඟුරු එන්ජිමක් මගින් අවශ්‍ය දේ කරගන්න. ඒත් ඒක තනිකරම වාෂ්ප එන්ජිමක් මඟින් විතරක් කරන්න බැරි හේතු තියෙනවා.

ඕනෑම කෙනෙක් දන්නවා උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වන සමහරක් දුම්රිය මෙන්ම බලවේග කට්ටල දුම්රිය ධාවනය වන්නේ පසුපසින් තවත් එන්ජිමක සහාය මඟිනි. මොකද ඒ තරම් එම මාර්ගය දුෂ්කරයි. ඉතින් මේ දුම්රියටත් එම සහාය ඩීසල් එන්ජිමක් මඟින් ලබාදුන්නේ මූලික ගල් අඟුරු එන්ජිමේ බලය මදි නිසා වගේම ආරක්ෂක හේතූන් මතයි. නමුත් එම එන්ජිම සක්‍රීයව හොඳ ධාවන තත්ත්වයේ තිබුණ බව නම් පැහැදිලිවම කිය යුතුයි.

ලංකාවේ සමහර මිනිසුන්ට ලංකාවේ දේ අගේ නැතිවට සුදු ජාතිකයන් තමන් ලංකාවේ ඉතුරු කරලා ගියපු දේවල් ආඩම්බරයෙන් බලන්න ආවේ ලක්ෂ ගානක් වියදම් කරලා. ඒ මිනිසුන්ට ඒක ඒ තරමට වටින නිසා. අපේ මිනිසුන්ට ඒක නොමිලේම බලන්න අවස්ථාව ලැබිලත් ඒකට අකුල් හෙළපු ලංකාවේ අයත් නැතිවාම නෙවෙයි.

මේ ගමන පුරාවට නම් වශයෙන් සඳහන් කළ නොහැකි පිරිසක් මෙම දුම්රිය ධාවනය කරවීමට ඇප කැපවී කටයුතු කළා. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ මහත්මයන් බොහෝ දෙනෙක් විවිධ බාධක, ගැටලු මධ්‍යයේ මෙම දුම්රිය ධාවනය කරවීමට ඇප කැපවී කටයුතු කළා. සමහර අවස්ථාවල ඔවුනට නිසි වෙලාවට ආහාර වේලවත් ගන්න අවස්ථාව නොලැබුණා. ඒ වගේම සමහර අවස්ථාවලදී මෙම දුම්රිය ධාවනය කරවීමට අධික මීදුමෙන් මෙන්ම වර්ෂාවෙන්, සීතලෙන් බාධා නොවුණාම නෙවෙයි. ඒ හැම බාධාවක්ම මැඩගෙන මෙම සංචාරය සාර්ථක කර ගැනීමට මෙම සියලු දෙනා ඇපකැපවීමෙන් කළ සේවය නම් වශයෙන් සඳහන් කිරීමට අපහසු වුවත් ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුයි.

අවසාන වශයෙන් මේ සංචාරය මුලසිටම අවසානය දක්වා සාර්ථක කරගන්න ඇප කැපවුණ දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම මහත්වරුන්ටත් නන් අයුරින් උපකාර කළ සියලුම දෙනාටත් ස්තූතියි. මේ ගමනේ සුන්දරත්වය අපටත් එලෙස හෝ විඳගන්න ලැබීම ආඩම්බරයක් මෙන්ම මහත් සතුටට කරුණක් බව සඳහන් කළ යුතුයි. ඒ සඳහා උදව් කරපු නම් වශයෙන් සඳහන් කරන්න බැරි සියලුම දෙනාට ස්තූතියි.
ශශින් විජේතුංග

SendShareShare
Previous Post

පෙරේරා ටයර් සර්විස් ආයතනය පෙට්ලාස් අලෙවි නියෝජිතයන් අගයයි

Next Post

මිනිසුන්ව හිනස්සන නළුවා

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.