• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවම හොයන ක්ලැරන්ස් කෙනෙක් යුරෝපයේ ඉන්නවා! පුළුවන්නම් ගෙන්නගන්න…

October 3, 2021
in Exclusive, Heart
Reading Time: 7 mins read
A A
ලංකාවම හොයන ක්ලැරන්ස් කෙනෙක් යුරෝපයේ ඉන්නවා! පුළුවන්නම් ගෙන්නගන්න…
Share on WhatsAppShare on Facebook

රෝසා නුදුරේදීම ලංකාවෙදි වැඩ පෙන්වන්න සූදානම්…
මම කාවවත් අනුකරණය කරන්නේ නැහැ…
මගේ විදියට තමයි මම කරන්නේ
…

අලුතෙන් නිර්මාණය කෙරෙන ගීතවලට වඩා මීට දශක කිහිපයකට පෙර නිර්මාණය කළ ගීත රස විඳින්න අදටත් බොහෝ දෙනෙක් ආසයි. ජීවන ගමන නිමා කරලා වසර ගණනාවක් ගතවෙලා තිබුණත් අතීත ගායන ශිල්පීන් කිහිප දෙනෙක්ම අදටත් එක වගේ ජනප්‍රිය අන්න ඒ හේතුව හින්දයි. ඒ ලැයිස්තුවේ ඉදිරියේම ඉන්න ගායන ශිල්පියෙක් තමයි ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා. බාල මහලු වයස් භේදයකින් තොරව අදටත් ක්ලැරන්ස්ගේ ගීත බොහෝ දෙනෙක් රස විඳිනවා. විශේෂයෙන් බොහෝ දෙනෙක් එකට එකතුවන සාදවලදී ක්ලැරන්ස්ගේ ගීත රාශියක් තවමත් ඇහෙනවා. ක්ලැරන්ස් විජේවර්ධනගෙන් හිස් වුණු කලා ලෝකයේ අඩුව පුරවන්න අදටත් කවුරුවත් නැහැ. ඒක තමයි ඇත්ත. හැබැයි ක්ලැරන්ස් විජේවර්ධන නමැති නිර්මාණකරුවා මේ තරම් විශිෂ්ටයෙක් කියන එක අපිට තේරුණේ එතුමා මියගියාට පස්සේ. ඒ කතාවටත් කවුරුවත් විරුද්ධ වෙන එකක් නැහැ.

එදා ඉඳන් අද වනතුරු අපි ලංකාවේ සංගීතයේ ක්ලැරන්ස් කෙනෙක් හොයනවා. ඒ අඩි පාරේ යන කෙනෙක් හොයනවා. ඒත් අදටත් ඒ හිස්තැනට කවුරුවත් නැහැ.
එච්.ආර්. ජෝතිපාල කියන්නෙත් කැලැරන්ස් වගේම තවමත් ජනප්‍රියත්වය මඳකින් හෝ අඩු නොවුණු ගායන ශිල්පියෙක්. ඒත් පසු කලකදී ජෝතිගේ ගීත ගායනා කරන ගායන ශිල්පියෝ කිහිප දෙනෙක්ම අපට දැකගන්න ලැබුණා. සුරේන්ද්‍ර පෙරේරා වගේ ගායන ශිල්පියෝ ජෝතිගේ ගීත ඒ ආකාරයෙන්ම ගායනා කරන්න සමත් වුණා. ඒත් ජෝති නැති අඩුව ඔහුගෙන් සම්පූර්ණයෙන්ම පිරවුණේ නැහැ. නමුත් බොහෝ දෙනෙක් ඒ ගීතත් රස වින්දා.

හැබැයි අද වනතුරු ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ අඩුව ඒ ආකාරයෙන් හෝ පුරවන්න සමත් කිසිම කෙනෙක් අපිට හමුවෙලා නැහැ. ක්ලැරන්ස් අසහාය ගායන ශිල්පියෙක් බවට පත්වෙලා තියෙන්නේ අන්න ඒ හින්දයි.

ක්ලැරන්ස් නැති අඩුව ඒ ආකාරයෙන්ම පුරවන්න කාටවත්ම කවදාවත්ම බැරි වේවි. මොකද ඒක කාටවත් අනුකරණය කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.
ඒත් ක්ලැරන්ස් විජේවර්ධනයන් හඳුන්වා දුන් ඒ අපූරු සංගීත රටාව අනාගතයට ගැළපෙන ආකාරයෙන් නිර්මාණය කරන්න පුළුවන් දක්ෂ නිර්මාණකරුවෙක් අපිට හමු වුණා. අන්න ඒ දක්ෂ කලාකරුවා ගැන කතා කරන්න තමයි අපි හදන්නේ. ඔහුව මුල්වරට ඔබට හඳුන්වා දෙන්නයි අපි හදන්නේ.

ඔහු නමින් ෂර්ලි රෝසා. නම කිව්ව ගමන් නම් මේ කලාකරුවා ගැන ලංකාවේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒත් ඔහුගේ නිර්මාණ කිහිපයක්ම අපේ රටේ ජනප්‍රියයි. ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායම ගායනා කරන ‘වඩුවා’ ගීතයේ පද රචනය වගේම තනු නිර්මාණය සිදුකරලා තියෙන්නෙත් ෂර්ලි.

‘ගමේ රටේ කොයි කවුරුත් මට කියන්නේ වඩුවා
ඒ වුණාට මම ඔහෙලගේ පුටු සේරම කැඩුවා’

මේ ගීතය ලංකාවේ අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා. ඇත්තටම මේ පද පෙළ දැක්ක ගමන් ඕනෑම කෙනකුට හිතෙන්නේ මේක ලංකාවේ ජීවත් වෙන කවුරු හරි ලියපු එකක් කියලා. ඒත් මේ ගීතය රචනා කළ ෂර්ලි රෝසා වසර 35කට වැඩි කාලයක් ජීවත් වෙන්නේ යුරෝපයේ. ඒ හින්දා ෂර්ලිගේ විස්තර කතා කරන්න කලින් මේ ගීතය නිර්මාණය වුණු විදිය ගැන කතා කරලා ඉන්න අපිට හිතුණා.

‘මම ඉන්නේ ඔස්ට්්‍රයාවේ. මම ජීවත්වෙන නගරයේම තමයි ජය ශ්‍රී කණ්ඩායමත් ඉන්නේ. දවසක අපි එකට කෑම මෙසයේ ඉඳිද්දි තමයි මේ ගීතය ගැන කතා වුණේ. වඩු කර්මාන්තය ගැන විවිධාකාරයේ ගීත ලංකාවේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ හැම එකටම වඩා වෙනස් නිර්මාණයක් කරන්නයි මට ඕනෑ වුණේ.
ඇත්තටම මේ පද පෙළ ලියන්න විනාඩි පහක විතර කාලයක් තමයි ගියේ. ඊළඟට මම ඒ ගීතයේ තනුවත් සකස් කළා. වඩුවා ගීතයට ලංකාවේ විතරක් නෙවෙයි යුරෝපයෙත් ඉතා විශාල ජනප්‍රියත්වක් හිමි වුණා.’

කවුරුත් දන්න වඩුවා ගීතය නිර්මාණය වුණු විදිය තමයි ඒ.

දක්ෂ පදරචකයෙක් සහ තනු නිර්මාණ ශිල්පියෙක් වුණත්, ෂර්ලි කියන්නේ වෘත්තියෙන් ගුවන් යානා කාර්මික ශිල්පියෙක්. ඔස්ටි්‍රයානු රාජ්‍යයේ සිටින එකම ශ්‍රී ලාංකීය ගුවන් යානා කාර්මික ශිල්පියා වෙන්නෙත් ෂර්ලි විතරයි. ඒ හරහා ඔහු අපේ රටට අත්කර දී තිබෙන ගෞරවය සුළුපටු නැහැ.

‘මම ලංකාවෙන් ආවේ 1987 අවුරුද්දේ. ශාන්ත මරියා විද්‍යාලය තමයි මගේ පාසල. ඒ කාලේ ඉඳන්ම මම සංගීතයට සම්බන්ධ දේවල් කළා. ඒත් ඒ ආසාව වැඩි වුණේ මෙහෙට ආවට පස්සේ. මුලින් ගිටාරය සහ ඕගන් එක තමයි වාදනය කළේ. ඒ වගේම හිතට එන දේවල් කොහෙ හරි ලියන එකත් මගේ තිබුණු පුරුද්දක්. ඒ ආකාරයෙන් මම ගීත 400කට වැඩිය ලියලා තියෙනවා.’

ෂර්ලි තම මතකය අවදි කළේ එහෙමයි.

ඒ අතරින් ගීත කිහිපයක්ම ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් ගායනා කර තිබීමත් විශේෂත්වයක්. ඒ වගේම ඔහුට නිසි ගෞරවය ලබා නොදෙමින් ඔහුගේ පද මාලා ඇතැම් ගායක ගායිකාවන් ගායනා කරන බවත් ෂර්ලි කනගාටුවෙන් සිහිපත් කරනවා.

කොහොම වුණත් රැකියාවේ කාර්යබහුලත්වය එක්ක ලංකාවේ වැඩි කාලයක් ගතකිරීමට අවස්ථාව නොලැබීම ෂර්ලිගේ සංගීත චාරිකාවට බාධාවක් වී ඇති බව තමයි අපට පෙනී ගියේ. නමුත් යුරෝපයේ ජීවත් වෙමින් ඔහු ලංකාවේ සංගීතය වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබා දෙන්නත් අමතක කරලා නැහැ.

ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලංකා ගායන ශිල්පියකු ගායනා කළ ‘මාලේ බොබ් මාලේ’ නමැති ගීතයත් පසුගිය කාලයේදී ලංකාවේ ජනප්‍රිය වුණා. ‘ශ්‍රී ලංකා රස්තා’ විදියට තමයි ඒ ගීතය අපේ රටේ ජනප්‍රිය වුණේ. ඒ ගීතයේ පද රචනය සහ තනු නිර්මාණය සිදුකර තිබෙන්නෙත් ෂර්ලි විසිනුයි.

පද රචනය සහ තනු නිර්මාණයට අමතරව ෂර්ලි ගායනා කර ඇති ගීත ප්‍රමාණයත් අති විශාලයි. ඔහු ‘අම්මා’ නමින් ගීත එකතුවක් පවා නිර්මාණය කර තිබෙනවා. අන්තර්ජාලය හරහා මේ ගීත ජනප්‍රිය වෙලා තිබුණත්, අපේ සමාජය තුළට තවමත් මේ ගීත ඇවිල්ලා නැහැ. ෂර්ලිගේ කාර්යබහුලත්වය තමයි ඊට හේතු වෙලා තියෙන්නේ.

‘මේ ගීතවලට වීඩියෝ නිර්මාණය කරලා දෙන්න කියලා රූපවාහිනී නාලිකා කිහිපයකින්ම මට කිව්වා. ඒත් මගේ කාර්යබහුලත්වය එක්ක මට ඒ සඳහා වෙලාවක් නැති වුණා. නමුත් ඉදිරියේදී ඒ සඳහා කාලය වෙන්කර ගන්න මම බලාපොරොත්තු වෙනවා.’

ෂර්ලි ඒ පිළිබඳ අදහස් දැක්වූයේ එහෙමයි.

බටහිර සංගීතය හදාරමින් බටහිර ලෝකයේ වසර ගණනාවක් ජීවත් වුණත් ෂර්ලි රෝසා නමැති පද රචකයා සතු හැකියාව ඕනෑම කෙනකු පුදුම කරවනසුලුයි. ඔහුගේ ඇතැම් පද රචනා ඉතාම හැඟුම්බරයි. ඉදිරියේදී ඒ පද රචනා ලංකාවේ ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ හඬින් අහන එක තමයි ෂර්ලිගේ බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් නුදුරේදීම තම උපන් භූමියට පැමිණෙන්න ෂර්ලි සූදානම්.

‘ඉදිරියේදී ලංකාවේ වැඩි කාලයක් ගතකරන්න අවශ්‍යයි කියලා මම හිතනවා. මගේ පද රචනා නන්දා මාලනිය වැනි විශිෂ්ටයන්ගේ හඬින් අහන්න මට ආසාවක් තියෙනවා. ඒ ආසාව ඉටු කරගන්න මම ළඟදිම ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ ගමනෙදි මගේම කියලා ප්‍රසංගයක් පැවැත්වීමේ අදහසත් මා සතුව තියෙනවා.’
ෂර්ලි ඒ බලාපොරොත්තුව අපට හෙළි කළේ එහෙමයි.

කතාව අවසන් කරන්න කලින් ෂර්ලි රෝසා නමැති කලාකරුවා ගැන විස්තර හොයන්න අපිට හිතුණු හේතුව ගැන ඔහුගේ අදහස් විමසන්නත් අපි අමතක කළේ නැහැ. ඒ තමයි ක්ලැරන්ස් විජේවර්ධන සහ ෂර්ලි රෝසා අතර ඇති සමානතාව.

‘ඔය කතාව බොහෝ දෙනෙක් කියනවා. ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයා කියන්නේ මම ඉතාම ආදරය කරන කලාකරුවෙක්. ඒ ආර මට තියෙනවා කියන එක සතුටට කරුණක්. හැබැයි මම කාවවත් අනුකරණය කරන්නේ නැහැ. මගේ විදියට තමයි මම කරන්නේ.’

ඒ ෂර්ලිගේ අදහස්.

මේ අතරේ ලංකාවේ තරුණ ගායක ගායිකාවන්ට ඉතාම වටිනා පණිවුඩයක් ගැනත් ෂර්ලි අපි එක්ක කිව්වා.

‘අද කාලේ ලංකාවේ සින්දුවක් ලියලා තනුව දාගන්න විශාල මුදලක් ඉල්ලනවා. මට සංගීතයෙන් මුදල් හොයන්න අවශ්‍ය නැහැ. ඒ හින්දා ඕනෑම කෙනකුට ඒ සඳහා උදව් කරන්න මම සූදානම්. පද රචනා විතරක් නෙවෙයි තනු නිර්මාණය පවා නොමිලයේම සිදුකරලා දෙන්න මට පුළුවන්.’

යුරෝපයේ ජීවත් වන ෂර්ලිගේ ඒ වචන ටික ලංකාවේ අලුත් පරපුරට ඉතාම වටින බව නම් අපිට විශ්වාසයි. එහෙම අවශ්‍යතාවක් තියෙන ඕනෑම කෙනකුට ‘මව්රට’ හරහා ෂර්ලි සමඟ සම්බන්ධීකරණය ලබාදෙන්නත් අපි සූදානම්.

අන්තර්ජාලය හරහා ෂර්ලි රෝසාගේ නිර්මාණ රස විඳින්න ඔබටත් පුළුවන්. ඒ වගේම මේ දක්ෂ කලාකරුවාට හිමිවිය යුතු ජනප්‍රියත්වය සහ වටිනාකම අපේ රටෙන් ලබාදෙන එකත් අපේ යුතුකමක් කියලයි අපි හිතන්නේ.

අද වෙද්දි ලංකාවේ යොහානි මුළු ලෝකයේම කතාබහ කරන ගායිකාවක් බවට පත්වෙලා. ඒකට හේතු වුණේ ඉන්දියාවේදී ඇගේ ගීතයට හිමිවුණු ආකර්ෂණය කියන එක අමුතුවෙන් අවශ්‍ය නැහැ. ඒ වගේම අපේ කතා නායකයා වන ෂර්ලිත් යුරෝපයේ බොහොම ජනප්‍රිය චරිතයක්. යුරෝපයේ බොහෝ ප්‍රසංග සඳහා ෂර්ලිට ආරාධනා ලැබෙනවා. ඉතින් මේ කලාකරුවාට තම උපන් රටේදී හිමිවිය යුතු නිසි ගෞරවය ලබාදීම නිසැකයෙන්ම සිදුවිය යුතු දෙයක්.

මොකද ඔහු යුරෝපයේ හිටියත් හිතන්නේ සිංහලෙන්. නිර්මාණය කරන්නේ අපේ ආරේ ගීත. ක්ලැරන්ස් විජේවර්ධනයන්ගෙන් පස්සේ අපේ සංගීත කලාවේ ඇති වුණු හිස්තැන පුරවන්න ෂර්ලි රෝසාට බැරිවෙන එකක් නැහැ. අපි ඒ වෙනුවෙන් ඔහුට හයියක් වෙමු.

-චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ජනතාව බලන් හිටියත් දැන්මම නොඑන දෙයක් ජනක බණ්ඩාර හෙළිකරයි! (VIDEO)

Next Post

ගොවියන්ට වෙච්ච විනාශය බලන්න සජිත් කුඹුරට බහී! නීතීඥයොත් දෙන්න පොරොන්දු වෙයි! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.