• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

උදාරි යන රජ ගමන! Sri Lanka Latest News

May 24, 2025
in Heart
Reading Time: 2 mins read
A A
උදාරි යන රජ ගමන! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘පායා එන්න හිරු සේ’ සමග සිනමාවට අවතීර්ණ වුණු ඇය අද තරු අතර දිදුළන තාරකාවක් බවට පත්වෙලා හමාරයි. පුංචි තිරයේත් සිනමාවේත් සම්මාන රැසකින් පිදුම් ලැබූ, ජනතා ආදරය ගෞරවය තවමත් එලෙසම අත්විඳින ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය. සිය දියණියගේ උපන්දින සාදය වෙනුවෙන් විදේශගත වීමට පෙර කාර්යබහුල මොහොතක උදාරි, ‘මව්රට’ හාට් සමග අදහස් බෙදාගත්තේ මේ විදියටයි. Sri Lanka Latest News

හෙලෝ උදාරි මාව මතකද?
ඔව් ඔව්. මතකයි.
ඉතින් කියමු බලන්න ඒ මතකයන් ගැන?
මට අයියව නම් ගොඩක් මතකයි. හැබැයි මම හිතන්නේ අයියා මේ අහන්නේ ‘මාව මතකද?’ ටෙලිනාට්‍යය ගැන වෙන්න ඇති. දිනේෂ් හග්ගලගේ නිර්මාණයක් තමයි ‘මාව මතකද?’ ටෙලිනාට්‍යය. දසුන් පතිරණ සමග මම පළමු වතාවට ටෙලිනාට්‍යයක රඟපාන්නේ. කතාව ගැන මම දැන්ම කියන්න ගියොත් මම ප්‍රේක්ෂකයන්ට කරන්නේ අසාධාරණයක්. කාලෙකට පස්සේ තමයි මම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණ්. මම බොඳ මීදුම් ටෙලිනාට්‍යයේ තමයි ප්‍රථම වතාවට රඟපෑවේ. ඒ ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර සමග රයිගම්, සුමති සම්මානවල ජනප්‍රිය රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලැබුණා. ඉතින් පුංචි තිරයේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මාව එක රූපවාහිනී නාලිකාවක දැකගන්න පුළුවන්. පසුගිය දවස්වල සිටුවර අසපුව ටෙලිනාට්‍යයේ දැකගන්න පුළුවන් වුණා. දැන් ඉතින් ‘මාව මතකද?’ ටෙලිනාට්‍යය හරහා මම නැවත එනවා. සිනමා ප්‍රේක්ෂකයන්ගේ වගේම පුංචි තිරයේ ප්‍රේක්ෂකයන්ගේ ආදරයත් මට නිරන්තරයෙන්ම ලැබෙනවා මේ නිර්මාණ හරහා.

‘දේවි කුසුමාසන’ සමග රජ ගමනක් නේද මේ දවස්වල?
ඒ ගැන නම් විශේෂයෙන් කතාකරන්න ගොඩක් දේවල් තියෙනවා. මම කලින් කිව්වා වගේ මේ දවස්වල සිනමාවේත්, පුංචි තිරයේත් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මාව දැකබලා ගන්න පුළුවන් වීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. විශේෂයෙන්ම මම ජයන්ත චන්ද්‍රසිරි අයියාට ස්තුතිය පුදකරනවා ඔහුගේ නිර්මාණයකට මාව නැවත සම්බන්ධ කරගත්ත එකට. ජයන්ත අයියාගේ ‘මිදුණු විශ්වය’ චිත්‍රපටයට මම සම්බන්ධ වෙලා හොඳම නිළිය ලෙස මට සිනමාවෙන් සම්මාන ලැබුණා. මම ගැන තිබ්බ විශ්වාසයට මම උපරිම සාධාරණයක් කළා. ඒ ගැන සතුටුයි. මොකද මේ ලැබෙන ප්‍රතිචාරත් සමග.
‘දේවි කුසුමාසන’ චිත්‍රපටයේ ඔබේ රංගනයේ වෙනසක් දකිනවා?
ඔව්. මට යුද්ධ කරන්න තිබුණේ නැහැ. හැඟීම් එක්ක තමයි මට මහන්සි වෙන්න තිබුණේ. සමාජයේ අපි ගොඩක් දකිනවා ආදරයේදී ඉවසීම අඩු නිසා විවිධ ප්‍රශ්න ගැටලු මතුවෙනවා. ආදරය වැඩිපුර ලබන්න නම් ඉතින් වැඩිපුරම තියෙන්න ඕනේ ඉවසීම. මගේ චරිතය තුළ මානසිකව හැඟීම් එක්ක මම වැඩිපුර මහන්සි වුණා. හේමාල් කායිකව මහන්සි වුණේ.
හේමාල් සමග ඔබ සිනමාවේ දුර ගමනක් ගිය බව අපි දකිනවා. ඔහු ගැන මොකද හිතන්නේ?
හේමාල් දක්ෂ නිහතමානී හොඳ සහෝදරයෙක්. ඔහු සමග චිත්‍රපට කීපයකම මම ප්‍රධාන චරිත රඟපෑවා. මම හිතනවා ඔහු සමග රඟපාන්න ලැබුණු හැම චරිතයකදීම ඔහු මට ලොකු සපෝට් එකක් දුන්නා කියලා. හේමාල්ගෙන් මට ලැබුණු ඒ ශක්තිය වචනයෙන් කියන්න බැරි තරම්. මාවත් චරිතය තුළින් ඉස්මතු වෙන්න ඒ ශක්තියත් බලපෑවා.
පසුගිය දවස්වල කතාබහට ලක්වුණා නේද හේමාල්ගේ වයිෆ් උදාරි කියලා?
ඔව්නේ. සමීර නාඔටුන්න අධ්‍යක්ෂණය කරපු ‘වයිෆ්’ චිත්‍රපටයේ මගේ සැමියා විදියට රඟපාන්නේ හේමාල් රණසිංහ. මම හේමාල්ගේ වයිෆ්. ඒ චිත්‍රපටය වර්තමාන කතාවක් පාදක කරගෙන ගොඩනැගුණු නිර්මාණයක්. අපි හැමෝගෙම ජීවිතවල කොටසක් ‘වයිෆ්’ චිත්‍රපටයේ ගැබ්වෙලා තියෙනවා. ළඟදීම ‘වයිෆ්’ දැකබලාගන්න පුළුවන්.
‘පායා එන්න හිරු සේ…’ ආපු ගමන අද දිදුළන තාරකාවක් බවට පත්වෙලා නේද?
හරිම භාග්‍යවන්ත කෙනෙක් මම. සිනමාවට එන්නේ වේදිකාවෙන්. පුංචි තිරයෙන්. සිනමාවට ඔය විදියට තමයි ගොඩ දෙනෙක් පියවරෙන් පියවර එන්නේ තමන්ගේ දක්ෂතාවන් පෙන්වමින්. හැබැයි පෙර පිනටද මන්දා මට මුලින්ම උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ‘පායා එන්න හිරු සේ’ චිත්‍රපටය හරහා එන්න ලැබුණා. ගොඩ දෙනෙක් ලොකු කැපවීම් කරලා අත්දැකීම් ලබමින් සිනමාව ජයගෙන තියෙනවා. මම කිසිම කැපවීමක් නැතුව ආපු ගමනක් තමයි මේ. මගේ මවුපියන්ගේ සිහිනය වුණේ මාව රංගන ශිල්පිනියක් කරන එක. මගේ මවුපියන්ට මම ගරු කරනවා. ඔවුන්ගේ ආශීර්වාදය සමග අද මම ලස්සන ගමනක් ඇවිත් තියෙනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රණවිරු සැමරුම් උත්සවයේදී හමුදා නිලධාරීන් හා සොල්දාදුවන් සමරමින් ජනපති කළ කතාව! Sri Lanka Latest News

Next Post

අද උදේ 8 සිට රෑ 8 වනතුරු වතුර කපලා! Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.