• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වලියට බර පට්ටිගෙදර හිච්චා…! කට්ටක් කාල හරි යන ගමන කොහොම හරි යනවා…! ෂාවින්ද ලක්ෂාන් I Sri Lanka Latest News

February 14, 2026
in Heart
Reading Time: 3 mins read
A A
වලියට බර පට්ටිගෙදර හිච්චා…! කට්ටක් කාල හරි යන ගමන කොහොම හරි යනවා…! ෂාවින්ද ලක්ෂාන් I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කලා ක්ෂේත්‍රයේ දිගු ගමනකට සිහින දකින ශාවින්ද ලක්ෂාන් අපට මේ දිනවල හමුවන්නේ ‘පට්ටිගෙදර’ ටෙලිනාට්‍යයේ ‘හිච්චා’ ලෙසයි. දඩබ්බර හිතුවක්කාර චරිතයකින් ‘පට්ටිගෙදර’ හරහා ඔබ හමුවට එන ඔහු සමගයි අපි මේ කතාබහ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ශාවින්ද තම කලා දිවියේ ප්‍රථම වරට ජාතික පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙන්නේ මව්රට පුවත්පතේ ‘හාට්’ අප සමගයි.Sri Lanka Latest News

‘හිච්චා’ කියලාම කතා කරන්නද?
කිසිම ප්‍රශ්නයක් නැහැ. මාව ඉතින් කොහොමත් ගොඩ දෙනෙක් දන්නේ හිච්චා විදියට. ඒ තරමට නොසිතූ විදියට හිච්චා ජනප්‍රිය වුණා පට්ටිගෙදර ටෙලිනාට්‍යය නිසා.
ඔබේ ගම් පළාත කොහෙද?
මම නාරාහේන්පිට. මම පාසල් ගියේ කොළඹ ඉසිපතන විද්‍යාලයට.
කුඩා අවධියේ දැකපු සිහිනයක ප්‍රතිඵලයක්ද මේ?
මගෙයි අයියාගෙයි ලොකු ආශාවක් තිබුණා කලාවට සම්බන්ධ වෙන්න. අපි දෙන්නා ට්වින්ස්ලා. පාසල් වේදිකාවෙන් ලබපු අත්දැකීම් එක්ක දවසක නළුවෙක් වෙනවා කියලා හිතාගෙන, ඒ වෙනුවෙන් පාර හදාගෙන ආවා.
අපි කැමැතියි පාර හදාගත්ත විදියත් දැනගන්න?
අපි දෙන්නම මුලින්ම හිතුවේ හැදෑරීමක් ඇතිව මේ ගමන ගියොත් හොඳයි කියලා. මුලින්ම මම සුදර්ශන බණ්ඩාර අයියගේ රංගන පාසලට සම්බන්ධ වුණා. ඒ හැදෑරීම අවසන් කරලා මහේන්ද්‍ර පෙරේරා සර්ගේ රංගන පාසලට සම්බන්ධ වුණා. තවමත් රංගනය හදාරමින් කලා කටයුතු සඳහා සම්බන්ධ වෙනවා. මේ විෂය ඉගෙනගෙන අවසන් කරන්න බැරි තරම් විශාල පරාසයක විහිදුණු එකක්. තවදුරටත් මේ විෂය ගැන හදාරන්න තමයි මගේ බලාපොරොත්තුව.
ශාවින්දව අපි මුලින්ම දැක්කේ මෝහිනීගෙන්. ඒ හරහා ඔබ ඇගයීමටත් ලක්වුණා?
සනුක වික්‍රමසිංහගේ ‘මෝහිනී’ මියුසික් වීඩියෝ එකට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. 2025 දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලෙලේ මෙස්ට් ඇක්ටර් මියුසික් වීඩියෝ සම්මානය මට ලැබුණා. ඔය විදියට වැඩ කරගෙන යනකොට තමයි අනුෂ්ක අයියාගේ පට්ටිගෙදර හිච්චා චරිතයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.
හිච්චා, ඔබේ සැබෑ ජීවන චරිතයට වඩා හාත්පසින්ම වෙනස් ඇති?
අම්මෝ ඔව්. ඒ තරම් මම නපුරු නැහැ. වලියට බර කෙනෙක් නෙවෙයි. හිතේ පොඩි බයක් තිබුණා හිච්චා චරිතය කරනකොට. හැබැයි අනුෂ්ක අයියා ඇතුළු පට්ටිගෙදර කණ්ඩායම මට ගොඩක් උදව් කළා. ඒ දුන්න සහායත් එක්ක තමයි හිච්චාව මේ තරම් ප්‍රේක්ෂකයන් අතරට ගියේ.

සමහරු නම් හිච්චට ඒ තරම් කැමැති නැහැ?
ඔව්. ඉතින් මම හිතුවක්කාරයි. පොඩ්ඩක් ඇත්තම් අක්කලා, අයියලා එක්ක රණ්ඩුවට පැටලෙන නිසා. එහෙම ඉතින් ප්‍රතිචාර ලැබෙන්නේ මම චරිතයට සාධාරණයක් කරලා ඇති කියලා හිතෙනවා. හොඳ නරක ප්‍රතිචාර දෙකම මම සතුටින් භාරගන්නවා.
දිගටම කලා ක්ෂේත්‍රයේ රැඳෙන්නද බලාපොරොත්තුව?
අනිවාර්යයෙන්. මම හිතනවා මගේ තෝරාගැනීම හරි කියලා. කට්ටක් කාලා හරි මම මේ ගමන ඉදිරියටම යනවා කොහොම හරි.
අයියා සමග එකට රඟපාන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද තවම?
‘රස්තා පෙරනිමිත්තක්’ වේදිකා නාට්‍යයේ අපි දෙන්නම එකට රඟපෑවා. 2024 රාජ්‍ය නාට්‍ය උළෙලේ අපේ නාට්‍යයට ජූරියේ විශේෂ සම්මානයක් ලැබුණා. ලොකු ආශාවක් තියෙනවා අයියා සමග එකට රඟපානවා තිරයේ දකින්න. ඒ සිහිනයත් සැබෑ වේවි කියලා මම හිතනවා.
දැන් ඊළඟ අඩිය තියන්නේ සිනමාවටද?
ඕනෑම රංගන ශිල්පියෙක්ගේ එකම සිහිනය සිනමාව පැත්තෙන් ඉදිරියට යන්න. මගෙත් එහෙමයි. හැබැයි ඉතින් මගේ දක්ෂතාව ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න පුළුවන් හොඳ නිර්මාණයක් නම් පැත්තක් නොබලා සම්බන්ධ වෙනවා. රුක්මාල් නිරෝෂ්ගේ අළු පැහැ වලාකුළක් චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. ඉදිරියේදී මගේ සිහිනයත් සැබෑ වෙයි සිනමාවෙන්.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අමුඅමුවේ මේ විදිහට මරන්න බෑ! මේක කවදාවත් වෙච්ච නැති දෙයක්! ආරක්ෂාව ගැන ගැටලුවක් තියෙනවා! වගකීම රජයත් පොලිසියත් අතේ! මහ පාරේ නීතීඥවරයයි බිරියයි මරා දැමීම ගැන නීතීඥ සංගමය මාධ්‍ය හමුවකට එක්වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

IMF ප්‍රධානී ජෝර්ජිවා සඳුදා ලංකාවට එනවා! 5යි 6යි දෙකම ගැන එකපාර සාකච්ඡා කරන්නයි යන්නේ!  I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.