• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තාත්තා කෙනෙක් වුණා කියලා ලොකු වෙනසක් නැහැ…

May 27, 2021
in Heart
Reading Time: 3 mins read
A A
තාත්තා කෙනෙක් වුණා කියලා ලොකු වෙනසක් නැහැ…
Share on WhatsAppShare on Facebook

සිද්ධාර්ථ චරිතය ලැබුණේ පෙර පිනකට…
ගොඩකාලයකින් රඟපෑවේ නැහැ…

‘සිද්ධාර්ථ ගෞතම’ ටෙලිනාට්‍යයේ සිද්ධාර්ථ චරිතයට පණපොවමින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි කැළුම් ශ්‍රී ඔබට මතක ඇති. ඔහුට අලුත් පදවියක් ලැබිලා. ඒත් එක්කම ඔහුව දැන් නිර්මාණවල දැකගන්නත් නැහැ. ඉතින් ඔහු ගෙවන ජීවිතය ගැන, රඟපෑම් කටයුතු ගැන දැනගන්න අපි ඔහුට කතා කළේ මේ විදියට.

🔴 කැළුම් කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
මේ දවස්වල නම් විශේෂ වැඩක් නැහැ. කොවිඩ් ප්‍රශ්න නිසා රූගතකිරීම් නතර කරලා තියෙන්නේ. ‘ආර්යවංශික’ කියලා අලුත් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණා.

🔴 ඔබව බොහෝ දෙනෙක් දැන හඳුනන්නේ සුවිශේෂ චරිතයක් තුළින්. ඒ මතකය අවදි කළොත්?
සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයේ සිද්ධාර්ථ චරිතය හරහා තමයි මාව ප්‍රේක්ෂකයන් දැන හඳුනා ගත්තේ. එවැනි උතුම් චරිතයක් තුළින් ප්‍රේක්ෂකයන් අතරට මට යෑමට පෙර පිනක් තියෙන්න ඇති. මොකද මෙවැනි චරිතයක් හැමෝටම කරන්න ලැබෙන්නේ නැහැ. ඒ චරිතය වෙනුවෙන් මාව තෝරාගත්ත අකිල අබේරත්න අයියාට මම විශේෂ ස්තුතිය පුදකරනවා. මොන තරම් චරිත කළත්, මම නිරූපණය කළ සිද්ධාර්ථ චරිතය කිසිම දවසක අමතක වෙන්නේ නැහැ.

🔴 ඔබ එවැනි සුවිශේෂ චරිතයක් නිරූපණය කළ නිසා නිර්මාණ තෝරාගැනීමේදී ලොකු අවධානයක් යොමු කරනවද?අනිවාර්යයෙන්ම. මට යම් චරිතයක් නිරූපණය කිරීමට ආරාධනාවක් ලැබුණොත් මම ඒ ගැන වැඩි සැලකිල්ලක් ඇතිව සොයාබැලීමක් කරනවා. විශේෂයෙන්ම තිර පිටපත සාර්ථක එකක් නම්, අනිවාර්යයෙන්ම රඟපානවා. මට කරන්න බැරි නම්, චරිතයට සාධාරණයක් කරන්න බැරි නම් මම එය ප්‍රතික්ෂේප කරනවා.

🔴 ඔබේ තිබුණු කැරලි කොණ්ඩය කැපුවා කියලා ආරංචියි. ඊට විශේෂ හේතුවක් තියෙනවද?
තවම කැපුවේ නැහැ. මට චිත්‍රපටයක රඟපෑමේ අවස්ථාවක් ලැබුණා. ඒ චරිතයේ හැටියට මගේ බාහිර පෙනුම වෙනස් කරන්න සිදුවෙනවා. චිත්‍රපටයේ වැඩකටයුතු පටන්ගත්තාම, එම චරිතයට සාධාරණයක් කිරීම සඳහා මගේ කොණ්ඩය වෙනස් කරන්න සිදුවෙනවා.

🔴 විවාහයෙන් පස්සේ ඔබ ටෙලිනාට්‍යවලට සම්බන්ධ වීමේ අඩුවක් දකිනවා?
‘රැස්’ ටෙලිනාට්‍යයෙන් පස්සේ මට ගොඩක් ආරාධනා ලැබුණේ මියුසික් වීඩියෝ සඳහා තමයි. අවුරුද්දකින් විතර මම ටෙලිනාට්‍යයක රඟපෑවේ නැහැ. ඒ නිසා ප්‍රේක්ෂකයන්ට ලොකු වෙනසක් දැනිලා ඇති.

🔴 කැළුම් දැන් එක්දරු පියෙක්. ඔබ ලබපු අලුත් පදවිය ගැන කතා කළොත්?
ඔව්, මට දැන් මාස හයක විතර පුතෙක් ඉන්නවා. ඔහු ශ්‍රී ආර්ය දාසින්. තාත්තා කෙනෙක් වුණා කියලා ලොකු වෙනසක් නැහැ ඉතින්. පවුලේ වැඩකටයුතු කරගෙන සැහැල්ලුවෙන් ඉන්නවා.

🔴 ඔබේ ආදරණීය බිරිය දක්ෂ නර්තන ශිල්පිනියක්. ඇයට රඟපෑමට වරම් ලැබුණේ නැද්ද?
නිර්මාණ කිහිපයකින් ආරාධනා ලැබුණා. දරුවා ලැබෙන්න හිටිය නිසා රඟපෑම් කටයුතු සඳහා යොමුවුණේ නැහැ. ඇය රංගනයට වඩා නර්තනය පැත්තට තමයි වැඩි නැඹුරුවක් දක්වන්නේ.

🔴 ඔබේ කලා කටයුතු සඳහා ඇයගෙන් ලැබෙන සහාය කොයි වගේද?
විශේෂයෙන්ම ඒ ගැන කිවයුතුමයි. මගේ කලා කටයුතු ගැන මට වඩා හොයා බලලා කරන්නේ ඇය තමයි. කවදාවත් මට රඟපාන්න එපා කියලා රාමුවකට කොටු කරලා නැහැ. ඇය දෙන නිදහස මට ඒ තරම්ම වටිනවා.

🔴 අවසාන වශයෙන් ඔබේ ඉදිරි සැලසුම් ගැන දැනගන්න අපි කැමැතියි?
මම කලාවෙන් කිසි දවසක ඈත් වෙන්නේ නැහැ. හොඳ නිර්මාණ තුළින් මගේ ප්‍රේක්ෂකයන් අතරට යන්න තමයි අදහස. ඒ වගේම මගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට බලාපොරොත්තුවක් තියෙනවා.
– වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කාටවත් ඇඟිල්ල දික්කරලා මට මොනවත් කියන්න බැහැ…

Next Post

රෝහල් සේවකයන් හා පොලිසිය අතර ගැටුමක් අත ළගයි (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.