අත්පොළසන් නාදය වෙනුවට අද ඇහෙන්නේ හෝන් සද්දයයි. වේදිකාවේ ආලෝකය වෙනුවට අද පෙනෙන්නේ ූඍ කෝඩ් එකේ කළු සුදු කොටු ටිකයි. කලාවෙන් රටක් හදන්න හීන දැක්ක මිනිස්සු අද තෙල් පෝලිමේ හිරවෙලා… ඉතින් මේ ූඍ ක්‍රමවේදය අපේ රටේ කලා ශිල්පීන්ට බලපෑවේ කොයි විදියටද, ඔවුන්ගේ ගමන් බිමන්වලට එය ප්‍රමාණවත් වුණාද යන්න ගැන දැනගන්න ජනප්‍රිය කලා ශිල්පීන් කිහිප දෙනකුට අපි කතා කළේ මේ විදියටයි.
තෙල් වැඩි වුණාට අපිට ලැබෙන ගාන වැඩි වෙන්නේ නැහැ… සංජය මුරමුදලි

තෙල් අර්බුදය මුළු ලෝකයටම දැන් බලපා තිබෙනවා. මේ ප්‍රශ්නයත් සමග ලෝකවාසී ජනතාව පීඩාවට පත්වෙලා. ලංකාවේ සැලසුම අනුව මේ ඉන්ධන ප්‍රශ්නය සීමා කරලත් බැහැ, නොකරත් බැහැ. කිව්.ආර්. ක්‍රමවේදය අනුව රංගන ශිල්පියෙක් වශයෙන් මම මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා. පසුගිය දවස්වල දුරබැහැර ප්‍රදේශ දෙකක මට ටෙලිනාට්‍ය සහ චිත්‍රපටයක රූගත කිරීම් තිබුණා. මම ගොඩක් දුරට මගේ වාහනයේ තමයි රූගත කිරීම් සඳහා සම්බන්ධ වෙන්නේ. පසුගිය දවසක මට කි.මී. 300ක් විතර දුරක තමයි රූගත කිරීම් තිබුණේ. ඉතින් කිව්.ආර්. ක්‍රමවේදයට අනුව ඒ වගේ දුරක ගිහින් එන්න අපහසුයි. ඒ වගේ වෙලාවක අපිත් අසරණ වෙනවා. සාධාරණ මිලකට තමයි මම නිර්මාණවල වැඩ කරන්නේ. අපිට ගෙවන මුදල වැඩිවෙන්නේ නැහැ. ප්‍රේක්ෂකයන්ට රසවින්දනයක් දෙන්න උත්සාහ කළත් මේ ප්‍රශ්නය සමග අපහසුතා විඳිනවා. බලමු ඉතින් මේ ප්‍රශ්නය ඉක්මනින් ඉවර වෙලා සියලු ජනතාවට සුබවාදී කාලයක් උදවේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා.
මම ඕවා වැඩිය හිතන්නේ නැහැ… උදාරි වර්ණකුලසූරිය

මේ ඉන්ධන ප්‍රශ්නය ගැන මම ලොකුවට හිතන්න යන්නේ නැහැ. මේ ප්‍රශ්නය මට විතරක් ආපු දෙයක් නෙවෙයි. මගේ වාහනයේ තමයි මම මගේ වැඩකටයුතු සඳහා යන්නේ. පෞද්ගලිකව දේශපාලන පැත්තක් ගැන හිතන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි කියලයි මම හිතන්නේ. කිව්.ආර්. ක්‍රමවේදයට අනුව මේ දෙන ඉන්ධන ප්‍රමාණය මට හොඳටම ඇති.
මේක නම් ලොකු අවුලක්… කැලුම් උඩුවාවල – ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ

මම මේ දැනුත් ඉන්නේ ටෙලිනාට්‍යයේ වැඩකටයුතු අවසන් කරලා පික්මී එකක් එනකම් පැය භාගයක් විතර පාරට වෙලා. රංගන ශිල්පීන්ව මේ ප්‍රශ්න එක්ක බයික්වල, ත්‍රීවීල්වල තමයි යවන්න වෙලා තියෙන්නේ. වෙනදා අපි ටෙලිනාට්‍යයක් රූගත කිරීමකට ප්‍රවාහන පහසුකම් විදියට වෑන් දෙකක් විතර පාවිච්චි කරනවා. මේ ඉන්ධන ප්‍රශ්නයත් සමග වාහන පහක් විතර පාවිච්චි කරන්න සිදුවෙලා තියෙනවා. යන වියදම් පැත්තෙන් බැලුවත් වැඩියි. අපට රූගත කිරීම් සඳහා තියෙන කාල වේලාව වුණත් සැලසුම් කරගන්න අපහසු තත්ත්වයක් දැන් තියෙන්නේ. මොකද ලොකු කාල වේලාවක් යනවා වාහන හොයාගෙන දර්ශන තලයට රංගන ශිල්පීන්ව රැගෙන යද්දී.
මැනේජ් කරන් ගේමක් ගහනවා… චමින්ද උඩුවෙල – සහාය අධ්‍යක්ෂ

මැනේජ් කරගෙන ගේමක් ගහන්න පුළුවන්. ටෙලිනාට්‍යයකට වාහන තුනක් විතර පාවිච්චි කරනවා. හැබැයි කොළඹ රූගත කිරීම් සිදුවෙනවා නම් මේ ප්‍රශ්න බලන කොට ලොකු බලපෑමක් නැහැ. ඒ වගේ අවස්ථාවක රංගන ශිල්පීන්ගේ වාහනවල හරි එන්න කියන්න පුළුවන්. ඒ මුදල් දෙන්නම් කියලා. දුරබැහැර රූගත කිරීම් සිදුවෙනකොට කරන්නේ නවාතැන් පහසුකම් වැඩිකරගෙන රංගන ශිල්පීන්ව නතර කරගෙන වැඩකටයුතු අවසන් වෙනකම් තියාගෙන වාහන සීමා කරගන්නවා. ඔය විදියට තමයි මේ ප්‍රශ්න සමග කටයුතු කරගෙන යන්නේ. මෙය තනි පුද්ගලයකුට මුහුණ දීමට සිදුවන ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මේ ප්‍රශ්න නිරාකරණය වෙනකම් ක්‍රමානුකූලව සැලසුම්සහගත වැඩපිළිවෙළකට හැඩගැහෙන්න වෙනවා.











