• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගමෙන් කොළඹ ඇවිල්ලා පැන්නේ එක කොටුවයි..! ඒක ලෝකෙටම ලීක් වුණා…! අමිල දෙනුවන් I Sri Lanka Latest News

March 28, 2026
in Heart
Reading Time: 2 mins read
A A
ගමෙන් කොළඹ ඇවිල්ලා පැන්නේ එක කොටුවයි..! ඒක ලෝකෙටම ලීක් වුණා…! අමිල දෙනුවන් I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සැබෑ දක්ෂයා කොතැන සිටියත් දවසක ලෝකය හඳුනාගන්නා බවට ඔහු කදිම නිදසුනකි. රත්නපුරේ සුන්දර ඉසව්වක සිට සරසවි මාවත දිගේ කොළඹට පියමැන, අධ්‍යාපනයෙන් මෙන්ම රංගනයෙන්ද සිය සලකුණ තබන්නට ඔහු සමත් විය. අද වන විට ඔහු ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදියෙකු ලෙසත්, ‘කොටු‘ ටෙලිනාට්‍යය හරහා පුංචි තිරයේ ප්‍රේක්ෂක අවධානය තමා වෙත නතු කරගත් අමිල දෙනුවන් සමඟයි අද අපේ ‘හාට්‘ කතාබහ මෙලෙස දිගහැරේ…Sri Lanka Latest News

මුලින්ම අමිලගෙ විස්තර ටිකක් දැනගන්න කැමැතියි?
මම අමිල දෙනුවන්. මගෙ ගම් පළාත රත්නපුර දෙල්වල. පවුලේ අයියලා තුන්දෙනයි, අක්කයි, අම්මයි. මම පවුලේ බඩපිස්සා. මගේ පාසල දෙල්වල මහා විද්‍යාලය. වැඩිදුර අධ්‍යාපනය සඳහා කලවාන ජාතික පාසලට ගියා. උසස්පෙළ විභාගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ 26 වැනි තැනට පත්වෙලා මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මම දැන් උපාධිධාරියෙක්. මේ වනවිට මම කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව හදාරනවා.
ඒ අධ්‍යාපන කටයුතු කරන ගමන් කලා කටයුතු කරගෙන යනවද?
ඔව්. මේ දිනවල ‘කොටු’ ටෙලිනාට්‍යයේ අවසාන අදියරේ රූගත කිරීම් කරගෙන යනවා. අලුත් ටෙලිනාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණා. තවම ඒ නිර්මාණ සඳහා සම්බන්ධ වුණේ නැහැ.
අමිල කොටු පනින්න දක්ෂ බව ආරංචියි. මේ පැනපු කොටුවේ ප්‍රතිඵල කොහොමද?
මම පැන්නෙ නම් එකම කොටුවයි. පැනපු කොටුව ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම ප්‍රේක්ෂක පිරිස වැලඳගෙන ‘කොටු’ ටෙලිනාට්‍යය නරඹනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි මම සම්බන්ධ වුණු පළමු ටෙලිනාට්‍යයට මේ ලැබෙන ප්‍රතිචාර ගැන.
ගමෙන් එළියට පැන්න කොල්ලා දැන් නළුවෙක්?
අනේ ඔව්. මේක මගේ හීනයක්. පාසල් වේදිකා නාට්‍ය, ළමා සමාජ නාට්‍ය, දහම් පාසල් නාට්‍ය රඟපාලා මම ගමේ නළුවෙක් වුණා. මට වුවමනා කළා මෙතැනින් එහාට යන්න. අපිට ගමෙන් එළියට එන්න ලැබෙන අවස්ථා අඩුයි. ඒ නිසා මම තේරුම් ගත්තා හොඳට ඉගෙනගන්න. මම හීනය අමතක කරලා විභාග ජයගෙන කොහොම හරි සරසවියට ආවා. මගේ හීනයට යන්න නම් කොළඹට යන්නම වෙනවා කියලා මම හිතුවා. ඒ වැඩකටයුතු සමග මම කොළඹ ඇවිත් රංගනය පිළිබඳ හැදෑරුවා. ඔය විදියට තමයි මගේ හීනය ඉටුකරගත්තේ.
අමිල නළුවෙක් වගේම දැන් මාධ්‍යවේදියෙක්?
ඔව්. මට පත්වීම් ලැබිලා වැඩි කාලයක් නැහැ. මේ වනවිට මම ජාතික රූපවාහිනියේ සේවය කරනවා මාධ්‍යවේදියෙක් විදියට. ඉතින් මම රංගනයට වගේම මගේ වෘත්තියට හදවතින්ම ආදරය කරනවා. මේ මගේ හදවත. මම මාධ්‍ය ගැන වැඩිදුරටත් හදාරනවා.
ඉතින් මාධ්‍යවේදියෙක් නිසා කාර්යබහුල වෙන අවස්ථා එමටයි. රංගන කටයුතුවලට එය බාධාවක් නෙවෙයිද?
ගොඩක් පහසුයි මගේ වෘත්තිය වෙනුවෙන් උපරිම කැපවෙනවා. මම රංගන කටයුතු සඳහා සම්බන්ධ වෙන්නේ විවේකී කාලවල. ආයතනයේ සභාපතිතුමා ඇතුළු සියලු කාර්යමණ්ඩලයෙන් ලොකු සහායක් ලැබෙන නිසා රෑ දිවා නොබලා මගේ වගකීම මම අකුරටම ඉටුකරනවා.
රූගත කිරීම් අතරතුර හොඳ හොඳ වැඩ වුණා නේද?
ඔව්නේ. මට තිබුණා හිමාලි සයුරංගි අක්කව බයික් එකක දාගෙන යන්න. මට ඒ වෙලාවේ පදින්න දුන්නේ එෆ්-2 බයික් එකක්. මම ඒ වෙලාවේ ටෙන්ෂන් වෙලා හිටියේ. බයික් එක පැදගන්න බැරි වුණා. පැද්දා නම් ඉතින් අපි දෙන්නටම ලොකු අනතුරක් වෙන්න තිබුණා ටෙන්ෂන් එක නිසා. පස්සේ අපහසු නිසා ස්කූටර් බයික් එක තමයි පැද්දේ.
මේ තරම් කොටුවේ වැඩකිඩ දාන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
අසංක සායක්කාර අධ්‍යක්ෂවරයා මෙහෙයවපු ‘සකියෝ’ රංග පාසලට තමයි රංගනය හැදෑරීමට මම සම්බන්ධ වෙන්නේ. ඒ හරහා තමයි මට ‘කොටු’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න දොර විවර වෙන්නේ. සකියෝ රංග පාසලේ රංගනය හදාරන්න මට අවස්ථාව ලැබීම ගැන මම අද සතුටු වෙනවා. හරිම තැනකින් මගේ හීනයට අද මට යන්න ලැබීම ලොකු භාග්‍යයක්.

SendShareShare
Previous Post

කිරුළක් දරන්න ලොකු ආසාවක් හිතේ තිබුණා…! ඒ තරම් සුන්දර හැඟීමක් දැනෙනවා කියලා මට කලින් හිතිලා තිබුණේ නැහැ…! ගීත්මා බණ්ඩාර I Sri Lanka Latest News

Next Post

බදාදා නිවාඩු දීම මිනිස්සුන්ට මොනතරම් පාඩුවක්ද? ඔක්කොම බඩගින්නෙ ගෙදර! ඩීසල් ලීටර් ලක්ෂ 5ක් මේ නිවාඩුවෙන් ආණ්ඩුව ඉතුරු කරගන්නවා! හැබැයි බාල ගල්අඟුරු ගෙනාපු නිසා අඩුවන විදුලිය නිපදවන්න දවස ගාණෙ ආණ්ඩුව ඩීසල් ලීටර් ලක්ෂ අටහමාරක් පුච්චනවා! මේක යුද්ධය නිසා නෙමෙයි වෙන්නෙ ආණ්ඩුවෙ සුද්දය නිසා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.