• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අද අරියි හෙට අරියි කියලා බල බල ඉඳලා බැහැ…

July 1, 2021
in Heart
Reading Time: 3 mins read
A A
අද අරියි හෙට අරියි කියලා බල බල ඉඳලා බැහැ…
Share on WhatsAppShare on Facebook

නෝනයි මායි අලුත් වැඩක් පටන් ගත්තා…
සංගීත කණ්ඩායම කියන්නේ අපේ අංක දෙක…
මේක කාටවත් උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක්…

ලෝකය පුරා ඇති වෙලා තියෙන වසංගත තත්ත්වය අපි හැමෝගෙම ජීවිතවලට විවිධාකාරයේ බලපෑම් එල්ල කරලා තියෙනවා. කලාකරුවන් අතරින් ඒ බලපෑම වැඩියෙන්ම එල්ල වෙලා තියෙන්නේ සංගීත ශිල්පීන්ට කිව්වොත් ඒකේ වැරැද්දක් නැහැ. විශේෂයෙන් කණ්ඩායම් සංගීතයේ නියුතු කලාකරුවන්ට ඒ බලපෑම ඉතාම තදින් දැනිලා තියෙනවා. මේ තත්ත්වයට ඒ කලාකරුවෝ මුහුණ දෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලන්න අපිට හිතුණා. ඒ ගැන දැන ගන්න අපි අද කතා කළේ නොයල් රාජ්ට.

🔴 මේ දවස්වල මොකද කරන්නේ කියලා කලාකරුවෙක්ගෙන් අහන එකත් ලොකු ප්‍රශ්නයක්. ඒ අමාරු ප්‍රශ්නයට උත්තර දීලම අපි කතාබහ පටන් ගමු?
මේ දවස්වල සංගීත ක්ෂේත්‍රය ගැන කතා කරන්න දෙයක් නැහැනේ. මේ තත්ත්වය කවදා වෙනස් වේවිද කියලා බල බල ඉන්නත් බැහැ. ඒ හින්දා මායි මගේ නෝනයි පුංචි ව්‍යාපාරයක් පටන් ගත්තා. මේ දවස්වල ඒ වැඩ ටික බලා කියාගෙන ඉන්නවා.

🔴 ඒත් බොහෝ සංගීත ශිල්පීන් නිවාඩු පාඩුවේ අලුත් නිර්මාණ කරනවා. ඔබට එහෙම අදහසක් නැද්ද?
මේ තියෙන මානසික මට්ටමත් එක්ක ඒ වගේ දෙයක් කරන්න ඇත්තටම බැහැ. නිර්මාණයක් කරන්න නම් ඒකට හොඳ මානසිකත්වයක් තියෙන්න ඕනෑනේ. ඒ හින්දා මේ දවස්වල අලුත් නිර්මාණයක් ගැන හිතලාවත් නැහැ.

🔴 මානසික මට්ටම ඒ තරම් අයහපත් වෙලා තියෙන්නේ මේ රටේ ලෝකේ තියෙන තත්ත්වය හින්දද? නැත්නම් වෙනත් දෙයක්ද?
අනාගතය ගැන හරිම අවිනිශ්චිත වටපිටාවකනේ අපි හැමෝව ජීවත් වෙන්නේ. හෙට මොනවා වෙයිද කියන එක කාටවත් කියන්න බැහැ. ඒ හරහා ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා. එහෙම වටපිටාවක හොඳ මානසික මට්ටමක් තියෙන්න විදියක් නැහැනේ.

🔴 කලාකරුවෝ කියන්නේ ජනතාවගේ සතුට වෙනුවෙන් කැපවන පිරිසක්. ඒ අය මෙහෙම අසරණ වුණාම ඒ ගැන බලන්න කවුරුත් නැහැ වගේ නේද? කවුරුත් ඒ අයගේ ප්‍රශ්න ගැන හොයන්නේ නැහැ කියන එකද ඔබ කියන්නේ?
නැහැ. මේ වෙලාවේ එහෙම කියන්න බැහැ. මොකද මේක හැමෝටම බලපාන තත්ත්වයක්. මේ ප්‍රශ්නය ඇත්තටම කතා කරලා වැඩක් නැති එකක්. මොකද කාටවත් මේකට උත්තර නැහැ. මේ වෙලාවේ ප්‍රසංග තියන්න දෙන්න කියලා අපිට ඉල්ලන්න බැහැ. කවදා ඒකට ඉඩ ලැබේවිද කියලත් කියන්න බැහැ. ඒ හින්දා මම නම් කියන්නේ මේ ටික දවසට ජීවත් වෙන්න පුළුවන් ආදායම් මාර්ගයක් හැමෝම හොයා ගන්න එක තමයි හොඳ.

🔴 සංගීතය පැත්තෙන් අනාගතය ගැන බලාපොරොත්තු සියල්ල අත්හැරලා වගේ තමයි ඔබ කතා කරන්නේ?
එහෙම දෙයක් නෙවෙයි. මේ විදියට හැමදාම තියෙන එකක් නැහැ. මේවා අතීතයේදීත් ඇති වෙලා තියෙනවා. ඒත් තත්ත්වය සාමාන්‍ය අතට හැරෙනකම් අපි ජීවත් වෙන්න ඕනේ. ඒ හින්දා හෙට මේක හරියාවි, අනිද්දා හරියාවි කියලා බල බල ඉන්නේ නැතිව එදිනෙදා ජීවත් වෙන්න පුළුවන් තරමට හරි ආදායම් මාර්ගයක් හදාගන්න එක හොඳයි කියලයි මම හිතන්නේ. එහෙම හිතලා කටයුතු කරන්න කියලයි මම අපේ සහෝදර කලාකරුවන්ගෙනුත් ඉල්ලන්නේ.

🔴 එතකොට ඔබේ සංගීත කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් මේ අවස්ථාවට මුහුණ දෙන්නේ කොහොමද?
අපි සංගීත කණ්ඩායම පටන් අරගෙන දැන් අවුරුදු තුනක් වෙනවා. කණ්ඩායම පටන් ගනිද්දිම මම හැමෝටම එක දෙයක් කිව්වා. අපි මේක දෙවැනි වෘත්තිය විදියට තියාගමු කියන එක තමයි මම කිව්වේ. මොකද ඉස්සරහට සංගීතය අංක එකට තියාගෙන ගමනක් යන්න බැහැ කියන එක මට තේරිලා තිබුණා. ඒ හින්දා අපේ කණ්ඩායමේ බොහෝ දෙනෙක් වෙනත් රැකියාවක නිරත වෙන ගමන් තමයි සංගීතය එක්ක සම්බන්ධ වුණේ. ඒ තීරණය කොච්චර හොඳද කියලා අද හැමෝටම දැනිලා තියෙනවා. අපේ සාමාජිකයෝ කතා කරලා මට ඒ ගැන මතක් කරන අවස්ථාත් තියෙනවා.

🔴 මේ වගේ වටපිටාවක ඒ තීරණය සාර්ථක එකක් වෙන්න පුළුවන්. ඒත් රට සාමාන්‍ය අතට හැරිලා සංගීත කණ්ඩායම කාර්යබහුල වුණු කාලෙකට ඒ තීරණය ගැලපේවිද?
අපි ඒ වගේ කාලවලත් වැඩ කළානේ. ප්‍රසංගයක් ලැබුණාම කණ්ඩායමේ හැමෝගෙන්ම අහලා තමයි මම ඒක බාර ගන්නේ. කාට හරි රැකියාවේ ප්‍රශ්නයක් නිසා ඒ දවසට එන්න බැරි නම් මම ප්‍රසංග බාර ගන්නේ නැහැ. එවැනි හේතු හින්දා ප්‍රසංග රාශියක් අපි ප්‍රතිකේෂේප කරලා තියෙනවා. කණ්ඩායම ආරම්භයේදී ගත්ත තීරණය හින්දා මම ඒකට වගකියන්න ඕනෑ.

🔴 අවසන් වශයෙන් නොයෙල් රාජ්ගෙන් අලුත් සිංදුවක් අහන්න ලැබෙන්නේ කවදාද කියලා ඇහුවොත්, ඒකට ඉඟියක්වත් දෙන්න බැරිද?
මම කොහොමත් එක දිගට අලුත් සින්දු එළියට දාන කෙනෙක් නෙවෙයි. එක සිංදුවක් කරලා අවුරුදු එකහමාරකට දෙකකට පස්සේ තමයි මම වෙනත් සිංදුවක් කරන්නේ. ඒක මගේ ක්‍රමය. ඉදිරියටත් ඒක වෙනස් කරන්න ඕනෑ කියලා මම හිතන්නේ නැහැ. ඒ වගේම දැන් මගේම කියලා නිර්මාණ කෙරුවා ඇති කියලත් මට හිතිලා තියෙනවා. ඒ හින්දා ඉදිරියේදී බොහෝ විට සංගීත කණ්ඩායමේ නිර්මාණයක් තමයි එළිදක්වන්න හිතා ගෙන ඉන්නේ. ඒත් ඒකත් කවදා වේවිද කියලා කියන්න බැහැ.
– චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ඇමැතිගෙන් පොලිස්පතිට දැඩි නියෝගයක්!

Next Post

පාඩුයි කියන ලිට්‍රෝ ගෑස් ප්‍රචාරණයට ‌විතරක් කෝටි 50ක් වෙන්කරලා!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්-නිනෝ තත්ත්වය...

Read more
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.