• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලොකු වැඩ කරලා පොඩි දේවල් කරන එක මදිකමක් – හැබැයි ඒක වැරැදියි! මගේ ජීවිතයම හීනයක්…. හැබැයි ඇහැරෙනකල්ම හීන පස්සේ දුවනවා…! Sri Lanka Latest News

October 19, 2025
in Heart
Reading Time: 2 mins read
A A
ලොකු වැඩ කරලා පොඩි දේවල් කරන එක මදිකමක් – හැබැයි ඒක වැරැදියි! මගේ ජීවිතයම හීනයක්…. හැබැයි ඇහැරෙනකල්ම හීන පස්සේ දුවනවා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිංහල සිනමාවේ වයසට නොයන කඩවසම් තරුව චන්න පෙරේරා කිව්වොත් මම නිවැරදියි. මේ දිනවල dream of arts campus ආරම්භ කරමින් නව පරම්පරාවට කලාවේ සිහිනයට පාර පෙන්නන්න සූදානම් වෙනවා කියලා දැනගන්න ලැබුණා. මේ පිළිබඳවත් විමසමින් කලා කටයුතු ගැනත් දැනගන්න හාට් අපි චන්න පෙරේරාව සම්බන්ධ කරගත්තා.

මේ දිනවල ඔබේ වැඩ කටයුතු කොහොමද?
මේ දිනවල මගේ කාලයෙන් වැඩිපුරම වැය කරන්නේ dream of arts campus එක වෙනුවෙන්. ලංකාවේ රංගන ක්ෂේත්‍රයේ තිබෙන අඩුවක් තමයි රංගනය හැදෑරීමට පැහැදිලි තැනක් නොමැතිකම. රංගනය පිළිබඳ වැඩමුළු, පාඨමාලා හැම තැනම තියෙනවා. නමුත් dream of arts කියන්නේ රංගනය පිළිබඳ විශාල අත්දැකීම් ඇති ඒ විෂය පිළිබඳ දන්න කණ්ඩායමක් එකට එකතු වෙලා රංගනය ගැන උගන්වන්න ආරම්භ කරපු campus එකක්.
මීට අමතරව කලා කටයුතු කරගෙන යනවා. ළඟදීම මගේ ෆිල්ම් එකක් release වෙනවා ලාල් වීරසිංහ අධ්‍යක්ෂණය කළ, මම රඟපෑමෙන් සම්බන්ධ වුණු ‘රැයක් හෝ පැයක්’. ඒ වගේම මම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට දෙකක් තිරගත වෙන්න තියෙනවා. මේ කටයුතු තමයි මේ දිනවල විශේෂයෙන්ම වෙන්නේ.
වර්තමාන රංගන ක්ෂේත්‍රයට පැමිණෙන රංගන ශිල්පීන්ගේ රංගනය පිළිබඳ හැදෑරීම ප්‍රමාණවත් මදි කියලා ඔබ හිතනවද?
ඔව් අනිවාර්යයෙන්ම. අපේ ගොඩක් අය ඕපපාතිකව තමයි මේ ක්ෂේත්‍රයට එන්නේ. ගොඩක් අය පාරෙදි දැකලා directors සමග කතාකරලා රංගනයට පිවිසෙනවා. එහෙම නැත්නම් අවුරුදු කුමාරි තරගයෙන් තේරිලා, සින්දු කියන රියැලිටි වැඩසටහන්වලින් තේරිලා එනවා. මේ අය වෙනත් මාර්ග ඔස්සේ යන්න ගිහින් අහම්බෙන් මේ ක්ෂේත්‍රයට රඟපාන්න එනවා. ඒගොල්ලොන්ගේ ආත්මයේ ශරීරයේ තියෙන්නේ වෙනම විෂයක්. ඒත් එක්ක ඒගොල්ලන්ට මේ ගැන හැදෑරීමක් කරන්න අවශ්‍යතාවක් නෑ. සමාජ මාධ්‍ය හරහා රඟපාන්න පුළුවන් වුණත් බැරි වුණත් ඔවුන්ට ජනප්‍රියත්වයක් ලැබෙනවා. ඒ ජනප්‍රියත්වයෙන් සමහරු අතරමං වෙනවා. අන්න ඒ හේතුව නිසා රංගනය විෂයක් ලෙස හැදෑරිය යුතුයි කියලා ඔවුන්ට හිතෙන්නෙ නෑ. මොකද ඔවුන්ට අවශ්‍ය අවස්ථාව සහ ජනප්‍රියත්වය දෙකම ලැබිල ඉවරයි. නමුත් ඒ අතර දක්ෂ හොඳට රඟපාන්න පුළුවන් නළු නිළියො ඉන්නවා. ඒ වුණත් රංගන ක්ෂේත්‍රයේ පැවැත්මට මුල් තියෙන පරම්පරාවක් එපැයි. මම මේ ක්ෂේත්‍රයට සෑහෙන නළු නිළියෝ පිරිසක් බිහිකරලා තියෙනවා. මාත් එක්ක මගේ නිර්මාණවලින් ‘අ’යන්න ‘ආ’යන්න කියමින් පොඩි තැනින් පටන් අරගෙන හොඳ තැන්වල ඉන්න කාර්මික ශිල්පීන්, සහාය අධ්‍යක්ෂවරු පවා ඉන්නවා. මට අවශ්‍ය එවැනි ශක්තිමත් අලුත් පරම්පරාවක් බිහි කරන්න. රංගන ක්ෂේත්‍රයේ පවතින මේ හිඩැස පුරවන්න තමයි dream of arts පවා ආරම්භ කරලා තියෙන්නේ. එයත් හොඳ අඩිතාලමක් වේවි නවක රංගන ශිල්පීන්ට රංගනය ප්‍රායෝගිකව හදාරන්න.
ඔබගේ අලුත් සිනමා නිර්මාණ මොනවාද?
ඔක්තෝබර් 30 තිරගත වෙනවා ලාල් වීරසිංහ අධ්‍යක්ෂණය කළ, මම රඟපෑමෙන් සම්බන්ධ වුණු ‘රැයක් හෝ පැයක්’ චිත්‍රපටය. මෙය ඉන්දියානු ආරට දමිළ භාෂාවෙන් කරපු චිත්‍රපටයක්. මේ වෙනකොට සිංහල භාෂාවෙන් හඬකැවීම් කටයුතු වෙනවා. මෙම චිත්‍රපටයේ දෙමළ කොපියත් ඉක්මනින්ම තිරගත වෙයි. ඒ වගේම මගේ චිත්‍රපට දෙකක් තිරගත වෙන්න තියෙනවා. ‘සිහින අනන්තය’ සහ ‘එකයි දෙකයි තුනයි’ කියන ළමා චිත්‍රපටය. විශේෂයෙන්ම ‘සිහින අනන්තය’ චිත්‍රපටය තව මාසය කීපයකින් තිරගත කරන්නත් පුළුවන් වේවි.
ආදරය තේමාවට අමතරව එකවරම ළමයින් වෙනුවෙන් ළමා චිත්‍රපටයක් කරන්න පෙලඹුණේ ඇයි?
මං 2000 වසරේ ‘පුංචි වීරයෝ’ ළමා ටෙලිනාට්‍යය හරහා තමයි මුලින්ම අධ්‍යක්ෂණයට සම්බන්ධ වෙන්නේ. මෙම ටෙලිනාට්‍ය අතිශයින්ම ජනප්‍රිය වුණා. ඒක මාලා දෙකක් හැටියට වසර දෙකක් රූපවාහිනියේ විකාශය වුණා. තාමත් යූටියුබ් එක ඔස්සේ බලන්න පුළුවන්. මං කොහොමත් හිතපු දෙයක් තමයි නිර්මාණකරණයට පිවිසීමේදී ළමා නිර්මාණයකින් තමයි ආරම්භ කරන්නේ කියලා. ළමා චිත්‍රපටයක් කරන්න ලොකුම හේතුව තමයි මගේ අතින් නිර්මාණය වුණු ‘ටිකිරි හපන්නු’ වගේ ගොඩක් ටෙලිනාට්‍ය ළමා ටෙලිනාට්‍ය වීම සහ මගේ චිත්‍රපටවලත් ළමා චරිත ගොඩක් තිබීම.
කාලයක් ටෙලි තිරයේ සිහින කුමාරයා වුණු චන්න පෙරේරා වර්තමානයේ ටෙලි තිරයේ දකින්න නැති හේතුව කුමක්ද?
මම සෑහෙන කාලයක් ටෙලි නාට්‍යවලට යොමු වුණා. විශේෂයෙන් රංගනයට අමතරව ටෙලිනාට්‍ය දහයක් දොළහක් අධ්‍යක්ෂණයත් කළා. ඒ අතරේ තමයි ‘අන්ජලිකා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට අවස්ථාව ලැබුණේ. ‘අංජලිකා’ චිත්‍රපටයත් සමග මම සිනමාවට ඇලුම් කරන්න පටන්ගත්තා. ඒක හේතුවක් වුණා නළුවෙක් ලෙස මම ටෙලි නාට්‍යවලින් ඈත් වෙන්න. සිනමාවට ආවට පස්සේ විශාල දෙයක් කරල චූටි දෙයක් කරන්න බෑ වගේ මානසිකත්වයක් ඇති වෙනවා. ඒක වැරැදියි තමයි. එහෙම හිතන්න නරකයි මොකද ටෙලිනාට්‍ය හරහා උසස් ගණයේ නිර්මාණ බිහිවෙනවා.
වර්තමානයේ නිර්මාණය වන සහ විකාශය වන ටෙලිනාට්‍ය ගැන ඔබේ අදහස කුමක්ද?
වර්තමාන ටෙලිනාට්‍ය ගත්තාම නව තේමාවන් යටතේ හොඳ අලුත් නිර්මාණ බිහිවෙනවා. අවංකවම කීවොත් ඒ කාලේ ගොඩාක් ටෙලිනාට්‍ය පවුලේ සියලු දෙනාට එකට එකතුවෙලා බලන්න පුළුවන් නිර්මාණ. ඒකෙන් මම අදහස් කරන්නේ නෑ, අපි සංස්කෘතිය කරපින්නාගෙන යායුතුයි කියලා. නමුත් එදා ටෙලිනාට්‍ය අපේ සංස්කෘතියට අපේකමට හරිම සමීපයි. ටෙලි නාට්‍ය නිර්මාණාත්මක විය යුතුයි. නමුත් කලාකරුවෙක් වුණා කියලා අපේ සංස්කෘතිය, අවුරුදු ගානක් තිස්සේ හැදුණු වැඩුණු පරිසරය, අපේ විදිය, අපේ වටිනාකම්, අපේ සම්බන්ධතා, අපේකම අපිට අමතක කරන්න බෑ.
මම කියන්නේ මේ දේවලුත් කල්පනා කරමින් අපි නිර්මාණ කළ යුතුයි. මේ මං හිතන විදිහ ඒක එකිනෙකාට සාපේක්ෂයි. මං හැම වෙලාවෙම හිතන්නේ සමාජයට සුබ පණිවුඩයක් දෙන්න පුළුවන් නිර්මාණයක් කරන්න. මම සම්බන්ධ වුණු, රඟපාපු වගේම අධ්‍යක්ෂණය කරපු නිර්මාණවලදී වුණත් මම අසුබවාදී පණිවුඩ සමාජයට දීලා නෑ. වත්මන් ටෙලිනාට්‍යවලට මගේ විරුද්ධත්වයක් නෑ. නිර්මාණශීලී වගේම සුබ පණිවුඩයක් දෙන්න පුළුවන් ටෙලිනාට්‍ය වෙනවා නම් වඩාත් හොඳයි.
වර්තමාන සිනමා ශාලා ප්‍රේක්ෂකයන්ගෙන් පිරෙන බවක් පේනවා. වත්මන් සිනමාවේ නැග්ම ගැන ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් ලෙස ඔබේ අදහස කුමක්ද?
ඉතාමත් හොඳයි. මම කලිනුත් කිව්වා වගේ අලුත් විදියට හිතන නිර්මාණාත්මක අධ්‍යක්ෂවරු රැසක් වර්තමාන සිනමාවට පිවිසිලා ඉන්නවා. ඔවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට පසුබිමකුත් නිර්මාණය වෙලා තියෙනවා. මේ නව ප්‍රවණතාවන්ට අනුගත වෙන, වගේම සිනමාවේ ඉදිරි ගමනට හොඳ සිනමාකරුවන් අපිට අවශ්‍යයි. බය නැතුව කියන්න පුළුවන් සිනමාව ඉදිරියට ගෙනයන්න පුළුවන් පරම්පරාවක් දැන් ඇවිත් ඉන්නෙ කියලා.
වර්තමානයේ ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමට පාත්‍ර වන සිනමා නිර්මාණ බිහිවෙමින් පවතිනවා මෙවැනි පසුබිමක වර්තමාන සිනමාවේ ප්‍රගමනයට රජයේ දායකත්වය කෙබඳුද?
දැන් රාජ්‍ය අංශයෙන් කළ යුතු දේවල් පෞද්ගලික අංශයේ අතට අරන් තියෙන්නේ. සිනමාවේ මෙතරම් කාලයක් අපි නිර්මාණ කළේ අපේ උත්සාහයෙන්, අපේ කැපවීමෙන්. අඩු වැඩි වශයෙන් ඇතැම් අවස්ථාවල පත්වූ රජයන් සිනමාවට යමක් කළා. නෑ කියන්නේ නෑ. ඒත් කිසිදු රජයකින් අපිට කතාකරන්න තරම් සිනමාවට උදව් කරල නෑ. අපේ කැපවීමෙන් අපිම ගොඩනගපු කර්මාන්තයක් මේක. කර්මාන්තයක් විදියටවත් මේක තවම පිළිඅරගෙන නෑ නේ. එහෙම තත්ත්වයකනේ නිර්මාණකරුවන් නිර්මාණ කරන්නේ. වර්තමාන සිනමාවේ ජාත්‍යන්තර තලයේ නිර්මාණ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වන නිර්මාණ දකින්න පුළුවන්. මේ තත්ත්වයන් වර්ධනය කරලා සිනමාව ඉදිරියට ගන්න රජයකින් කිසිම උදව්වක් නෑ. මේවා ගැන කතාකරන එකේ තේරුමක් නෑ. ඒත් රාජ්‍ය අංශය දැන් වත් මේවාට මැදිහත් විය යුතුයි.
කලාකරුවෙක් විදිය මේ තරමේ සාර්ථකත්වයක් දියුණුවක් ලබාගැනීමේ රහස මොකක්ද?
කලාවට, සිනමාවට, මම කරන දෙයට තිබෙන ආදරය මගේ සාර්ථකත්වයට හේතුව. මේ ක්ෂේත්‍රයට මම පුදුම තරම් ආදරෙයි සහ අවංකයි. මට මේක මගේ ජීවිතේ. මම මොකක් කළත් මගේ හදවතේ මේ තියෙන්නේ කලාව. ඇත්තටම කිව්වොත් මම කරන හැම නිර්මාණයකටම අතිශයම අවංකයි. මගේ නිර්මාණයකට කොතරම් මහන්සි වෙනවද කියලා, මාත් සමග වැඩ කරපු ඔක්කොම වගේ අය දන්නවා. නිර්මාණයක් කරන්න ගියාම සමහරු ඉතාම කෙටි කාලයකින් නිර්මාණය කරනවා. මට නිර්මාණයක් කරන්න වසරක්වත් යනවා. ඒ වෙනුවෙන් කැපවෙලා, කාලය අරන් ඒ වැඩේ මගේ ජීවිතේ කරගෙන තමයි මම අවසන් කරන්නේ ඒක තමයි මගේ සාර්ථකත්වයේ වගේම දියුණුවේ රහස.
ඔබ වර්තමානයේ ආධ්‍යාත්මයට බර දිවියක් ගතකරනවා. ඉතින් ඉදිරි බලාපොරොත්තු මොන වගේද?
මට මගේ ජීවිතය adventure එකක්. මම දන්නවා මේ ගෙවෙන ජීවිතය හීනයක්. ස්වභාවධර්මයෙන් අපිට ලැබුණු දේවල් තියෙනවා. අපේ ආත්මේ ඉල්ලන දේවල් තියෙනවා. ඉතින් මගේ ආත්මය ස්වභාවයෙන් මට දීලා තියෙන්නේ කලාකරුවෙක් වෙන්න කියන දේ. ඉතින් මම මේ හීනය හොඳට ගෙවනවා. ඇහැරෙනකම් මම හීන පස්සේ යනවා. මගේ ජීවිතේත් ත්‍රාසජනක චාරිකාවක් වගේ. ඉතිං ඒකත් එක්ක එක එක කාලෙට එක එක දේවල් හිතෙනවා. මම දැන් කැමැත්තෙන් ඉන්නවා dream of arts කැම්පස් එකෙන් ළමයින්ට දෙයක් කරන්න. ඒ වගේම clothing brand එකක් පටන් ගන්න ආසාවක් තිබුණා. මං ළඟදිම මගේ නම වන දීපනාත් චන්න පෙරේරා කියන නමේ ‘දීපේ-DEEPE’ කියන කොටස සන්නාම නාමය ලෙස යොදාගෙ clothing brand එකක් පටන් ගන්නවා. ඉතින් මගේ ජීවිතේ හීන සහ ඉදිරි බලාපොරොත්තු තමයි මේවා.

රසාංජලී වාසල

SendShareShare
Previous Post

රනිල් පොරොන්දු වුණු දේපොළ බද්ද දාන්න කිව්වාම අනුරට තදවෙයි! IMF එකත් එක්ක පළමුවරට අනුර වාදකරයි! ආදායම වැඩිකරගන්න විදිහ පෙන්වද්දී IMF එකත් හොල්මන් වෙයි! ලංකාවට කවුරුත් නොදන්න ලොකු වාසියකුත් වෙන්නයි යන්නේ! රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

Next Post

මත්ද්‍රව්‍ය පුරවාගෙන යාත්‍රා කළ සබ්මැරීනයකට ප්‍රහාරයක්! 4 දෙනක් මරුට! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කර ගෙන තිබේ.Sri Lanka Latest News ඒ අනුව ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් විසින් මෙම...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.